Malaysia Flight MH370 Missing-Web sites Gossips

sherlock

Well-known member
  • Jun 11, 2008
    17,619
    939
    113
    221/B Baker Street London
    යානය ඉන්දීය සාගරයට කඩා වැටිලා'

    අවසාන යාවත්කාලීන කිරීම : 2014 මාර්තු 24 සඳුදා - 18:26 GMT


    අවසන් නිගමනය නිවේදනය කළ මැලේසියානු අගමැති නජීබ් රසාක්
    අතුරුදහන් වූ ගුවන් යානය ඉන්දීය සාගරයට කඩා වැටී ඇති බවත් මගීන් සියළු දෙනා මරණයට පත් වන්නට ඇති බවත් මැලේසියානු අගමැතිවරයා නිවේදනය කළේය.

    චන්ද්‍රිකා තොරතුරු පිළිබඳව සිදු කරන ලද අලුත්ම විශ්ලේෂණ වලින් මෙම අවසන් නිගමනයට පැමිණි බවයි මැලේසියානු අගමැති නජීබ් රසාක් කියා සිටියේ.



    යානයේ සිටි මගීන් ගේ සහ සේවක පිරිසේ ඥාතීන්ට මේ බව දැනුම් දී ඇති බවද අගමැතිවරයා ප්‍රකාශ කළේය.

    සේවක පිරිසට අමතරව මගීන් 227 ක් යානයේ ගමන් කරමින් සිටි අතර ඉන් වැඩි පිරිස චීන ජාතිකයන්.

    මැලේසියානු ගුවන් සේවයට අයත් MH 370 යානය මාර්තු අට වැනිදා අතුරුදහන් වූයේ ක්වාලාලාම්පුර් සිට බීජිං නුවර බලා යාමට ගුවන් ගත වී පයකට පමණ පසුවයි.


    bbc
     

    sherlock

    Well-known member
  • Jun 11, 2008
    17,619
    939
    113
    221/B Baker Street London
    ගුවන් යානය කඩා වැටුන බවට තහවුරුයි. සියලු මගීන් මියගොසින් !
    Published on Tuesday, 25 March 2014 08:48
    Malaysia 410px 14 03 25පසුගිය අට වැනිදා මැලයාසියාවේ ක්වාලාලාම්පූර් නුවර සිට චීනයේ බීජිං නුවර දක්වා පියාසර කොට අතුරුදන් වූ MH370 ගුවන් යානය දකුණුදිග ඉන්දියන් සාගරයේ කඩාවැටී ඇතිබවත්, මගීන් සියළු දෙනා මරණයට පත් වන්නට ඇති බවත් මේවනවිට තහුරු වී ඇතැයි මලයාසියානු අග්‍රාමාත්‍යය නජිබ් රසාක් මාධ්‍යය අමතා ඊයේ නිවේදනය කළේය.

    චන්ද්‍රිකා තොරතුරු පිළිබඳව සිදු කරන ලද අලුත්ම විශ්ලේෂණ වලින් මෙම අවසන් නිගමනයට පැමිණි බවයි මැලේසියානු අගමැති නජීබ් රසාක් කියා සිටියේ.

    ඒ අනුව ගුවන් යානයේ අතුරුදන් වීම සම්බන්ධව කිසිදු අභිරහසක් තවදුරටත් ඉතුරුව නැති බවත් බ්‍රිතාන්‍යය චන්ද්‍රිකා සමාගම් විසින් ලබාගත් චන්ද්‍රිකා දත්ත පරික්ෂා කිරීමෙන් පසුව ඒ බව තහවුරු වූ බවද අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

    මෙම අවසන් නිගමනයට පැමිණීම සිදුකොට ඇත්තේ Inmarsat සහ බ්‍රිතාන්‍යය ගුවන් අනතුරු පරීක්ෂණ අංශය විසින් ලබාදුන් දත්ත ඔස්සේය. නමුත් එම දත්ත මගින් අවසන් නිගමනයට පැමිණි අයුරු තවමත් මාධ්‍යයට හෙළිකොට නොමැත.

    යානයේ සිටි මගීන් ගේ සහ සේවක පිරිසේ ඥාතීන්ට මේ බව දැනුම් දී ඇති බවද අගමැතිවරයා ප්‍රකාශ කළේය.

    මැලේසියානු ගුවන් සේවය විසින් යවනු ලැබූ පණිවුඩය

    "deeply regrets that we have to assume beyond any reasonable doubt that MH370 has been lost and that none of those onboard survived."

    මලයාසියානු අග්‍රාමාත්‍යවරයා මාධ්‍යය හමුවේ සිදුකල ප්‍රකාශය

    '' අද සැන්දෑවේ මට AAIB නියෝජිතයන් විසින් මාව දැනුවත් කළා. ඔවුන් මට කිව්වා Inmarsat නම් ආයතනය විසින් ලබාගත් දත්ත වලට අනුව අතුරුදන් වූ යානය දකුණුදිග ඉන්දීය සාගරයේ අනතුරට ලක්ව ඇති බවට සොයාගෙන ඇති බව. මේ ආකාරයේ දත්ත ඔවුන් මෙයට පෙර මෙවැනි පරීක්ෂණයක් සඳහා යොදාගෙන නැහැ.

    ගුවන් යානය ගමන් කල මග ඔස්සේ පරික්ෂා කිරීමෙන් මේ බව සොයාගැනීමට ඔවුන් සමත් වී තිබෙනවා. ඔවුන් විසින් තහුවුරු කරන ලද දකුණු දිග ඉන්දීය සාගරය ඉතා ඈත පිහිටා තිබෙන්නක්. ලඟා වීමට අපහසු තැනක්. ඒ නිසා මට බොහොම කනගාටුවෙන් උනත් කියන්න වෙනවා MH370 ගුවන් යානයේ ගමන් කෙලවර වී ඇත්තේ දකුණු ඉන්දීය සාගරයෙන් බව. වැඩි දුර විස්තර අප හෙට දිනයේදී මාධ්‍යය සාකච්චාවක් මගින් හෙළිකරන්න සූදානම්..''

    මැලේසියානු ගුවන් සේවයට අයත් MH 370 යානය මාර්තු අට වැනිදා අතුරුදහන් වූයේ ක්වාලාලාම්පුර් සිට බීජිං නුවර බලා යාමට ගුවන් ගත වී පැයකට පමණ පසුවයි.

    සේවක පිරිසට අමතරව මගීන් 227 ක් යානයේ ගමන් කරමින් සිටි අතර ඉන් වැඩි පිරිස චීන ජාතිකයන්ය.


    sl mirror
     

    sherlock

    Well-known member
  • Jun 11, 2008
    17,619
    939
    113
    221/B Baker Street London
    චන්ද්‍රසිරි බණ්ඩාරගේ අනාවැකිය පුස්සක් වෙයි
    Published on Tuesday, 25 March 2014 09:54
    ChandrasiriB 410px 14 03 18ඊයේ (25) දිනය වනතෙක්ම අභිරහසක්ව පැවති මැලේසියානු ගුවන් සේවයේ MH307 ගුවන් යානය සම්බන්ධයෙන් බොහෝ අනාවැකි පළවූ අතර ඒ අතර ජෝතිෂ්‍යය අනාවැකිද බහුල විය.

    නැතිවූ ගුවන් යානය සම්බන්ධයෙන් යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් ඔස්සේ හෝඩුවා ලබාදීම විදෙස් රටවලින් ආරම්භ වූ අතර එවන් අනාවැකි වලට ලැබුණු ප්‍රචාරයන් හේතුවෙන් ලංකාවේ ජෝතිෂ්‍යවේදීන් ද අතුරුදන්වූ ගුවන් යානය පිළිබඳව අනාවැකි පළකරන්නට විය.

    පසුගියදා රූපවාහිනී මාධ්‍යයක පෙනී සිටි ලංකාවේ රූපවාහිනී ජෝතීර්වේදියෙකු වන අධ්‍යාත්මවේදී චන්ද්‍රසිරි බණ්ඩාර මහතා නැතිවූ ගුවන් යානය පිළිබඳව පැවසුවේ මෙවන් අනාවැකියකි.

    '' මම නම් දකින්නේ මේක සිද්ධවෙන්නේ සෙනසුරු වායු රාශියක්වූ තුලාවේ මේ ගමන් කරන කාලෙදී අවසාන අංශකයට එනවා. ඒ කියන්නෙ අංශක 29 ට එනවා. මේ වායු රාශියක්වූ තුලාව තුළ ගමන් කරන වකවානුවෙදි මේක පැහැදිලිවම ගුවන් අනතුරක් නෙවී. මේක පැහැදිලිවම ප‍්‍රධාන නියමුවෙකුගේ පූර්ණ සහය ඇතිව ඉතාම සූක්ෂ්මව සිදු කළ පැහැරගැනීමක්.

    මේ ගුවන් පැහැරගැනීමත් ඔබට නිවැරදිව එළිදරව් කරගන්නට අඩුම තරමින් දින 14 කට එහා කාලයක් ගතවෙනවයි කියල වගකීමෙන් යුතුව මට කියන්න පුළුවන්.''

    කෙසේ නමුත් මේවනවිට අතුරුදන්වූ ගුවන් යානයේ ඉරණම පිලිබඳ හෙළිවී ඇත. එය පැහැරගැනීමක් නොව ගුවන් යානා අනතුරක් බවට ඊයේ දිනයේ මැලේසියාවේ අගමැතිවරයා විසින් මාධ්‍යය අමතා ප්‍රකාශ කළේය


    Sl mirror
     

    sherlock

    Well-known member
  • Jun 11, 2008
    17,619
    939
    113
    221/B Baker Street London
    අතුරුදන් වූ යානයේ ගමන ඉන්දීය සාගරයෙන් අවසන් කරයි..

    ලොවක් එකතුවී සෙවූ මැලේසියානු ගුවන්යානයේ සෙවීම් කටයුතු දැන් අවසන් වී තිබෙනවා. ඒ එය ඉන්දියන් සාගර පතුලේ තිබෙන බවට එරට අග‍්‍රාමාත්‍යවරයා නිවේදනය කිරීමත් සමගයි. ඒත් සමගම මෙතෙක් කල් ගුවන් යානය සම්භන්ධයෙන් පැතිරගිය විවිධ කටකතා හා මිත්‍යා මතද මෙතකින් කෙළවර වෙනවා.

    මගීන් 239 දෙනෙකු රැගත් මලයාසියානු ගුවන් සේවයට අයත් MH 370 යානය අතුරුදහන් වූයේ පසුගිය 8 වනදාය. එය දැන් ඉන්දියන් සාගරයේ දකුණුදිග ප‍්‍රදේශයේ තිබෙන බවට නවතම චන්ද්‍රිකා ඡායාරූප විශ්ලේෂ ණය කිරීමෙන් තහවුරු වූ බව මලයාසියානු අග‍්‍රාමාත්‍යවරයා සදහන් කරනවා. මේ අතර මලයාසියානු ගුවන් සමාගම ද යානයේ ගමන් ගත් මගීන්ගේ ඥාතීන් වෙත කෙටි පණිවුඩයක් නිකුත් කර තිබුණා.

    එහි දැක්වුණේ ගුවන් යානය අතුරුදන් වී ඇති බවත්, ඒ අනුව කිසිවෙකුත් ජීවිත බේරාගෙන නොමැති බව එම පණිවුඩයෙන් දන්වා තිබුණා. පසුගිය 8 වැනිදා මැලේසියාවේ ක්වාලාලාම්පූර් නුවරින් ගුවන්ගත වුණු මෙම යානයේ ගමනාන්තය වී තිබුණේ චීනයේ බීජිං නුවරයි.

    යානය ගුවන් ගත කර පැය කිහිපයකට පසු පාලක මැදිරිය සමග පැවැති සබඳතා ඇණ හිටුණා. ඉන් අනතුරුව යානය සොයා පරීක්ෂණ ආරම්භ කළ අතර ඒ සඳහා රටවල් 25ක සහාය ලබා ගැනීමට ද මලයාසියානු
    බලධාරීන් පියවර ගත්තා. වියට්නාමයට ඉහළින් දකුණු චීන මුහුදේ දී යානය රේඩාර් පද්ධතියෙන් ගිලිහුණු අතර පසුව එය යළි ක්වාලාලාම්පූර් නුවර දෙසට හරහා ඇති බවට එහි අවසන් වරට සටහන් වී තිබුණා.

    මැලේසියානු ගුවන් යානය අතුරුදන් වීම බොහෝ දෙනාට ආදායම් මාර්ගයක්ද ඇති කරනු ලැබූවා. එයින් වැඩිමනක් පිරිස වූයේ ඇතැම් ජ්‍යොතිෂ්‍යවේදීන්ය. විවිධ අය විවිධ දේ මේ පිළිබදව ප‍්‍රකාශ කලා. ජ්‍යොතිෂ්‍යවේදියෙකු වන චන්ද්‍රසිරි බණ්ඩාර ප‍්‍රකාශ කලේ මෙය පැහැරගැනීමක් බවත් එය දින 14 ක් ඇතුලත අනාවරණය වන බවත්ය.

    "මම නම් දකින්නේ මේක සිද්ධවෙන්නේ සෙනසුරු වායු රාශියක්වූ තුලාවේ මේ ගමන් කරන කාලෙදී අවසාන අංශකයට එනවා. ඒ කියන්නෙ අංශක 29 ට එනවා. මේ වායු රාශියක්වූ තුලාව තුළ ගමන් කරන වකවානුවෙදි මේක පැහැදිලිවම ගුවන් අනතුරක් නෙවී.

    මේක පැහැදිලිවම ප‍්‍රධාන නියමුවෙකුගේ පූර්ණ සහය ඇතිව ඉතාම සූක්ෂ්මව සිදු කළ පැහැරගැනීමක්. මේ ගුවන් පැහැරගැනීමත් ඔබට නිවැරදිව එළිදරව් කරගන්නට අඩුම තරමින් දින 14 කට එහා කාලයක් ගතවෙනවයි කියල වගකීමෙන් යුතුව මට කියන්න පුළුවන්."

    පසුගිය 8 වැනිදා මැලේසියාවේ ක්වාලාලාම්පූර් නුවරින් ගුවන්ගත වුණු මෙම යානයේ ගමනාන්තය වී තිබුණේ චීනයේ බීජිං නුවරයි. යානය ගුවන් ගත කර පැය කිහිපයකට පසු පාලක මැදිරිය සමග පැවැති සබඳතා ඇණ හිටුණා. ඉන් අනතුරුව යානය සොයා පරීක්ෂණ ආරම්භ කළ අතර ඒ සඳහා රටවල් 25ක සහාය ලබා ගැනීමට ද මලයාසියානු බලධාරීන් පියවර ගත්තා.

    වියට්නාමයට ඉහළින් දකුණු චීන මුහුදේ දී යානය රේඩාර් පද්ධතියෙන් ගිලිහුණු අතර පසුව එය යළි ක්වාලාලාම්පූර් නුවර දෙසට හරහා ඇති බවට එහි අවසන් වරට සටහන් වී තිබුණා. ඒ අනුවයි යානය සෙවීමේ කටයුතු ඉන්දීය සාගරයේ දකුණු ප‍්‍රදේශය දක්වා පුළුල් කෙරුණේ.

    මේ අනුව යානයේ සුන්බුන් බවට සැක කෙරෙන කොටස් කිහිපයක් ද චන්ද්‍රිකා ඡායාරූප මගින් ඉන්දීය සාගරයේ දකුණු ප‍්‍රදේශයේ තිබී නිරීක්ෂණය කෙරුණා. එම කරුණු පදනම් කරගෙනයි මලයාසියානු අග‍්‍රාමාත්‍යවරයා අතුරුදන් වූ යානය පිළිබදව සිය නිළ ප‍්‍රකාශය නිකුත් කරනු ලැබුවේ.


    hot & fast news
     

    sherlock

    Well-known member
  • Jun 11, 2008
    17,619
    939
    113
    221/B Baker Street London
    අතුරුදන් MH 370 ගුවන් යානයේ මගීන්ගේ ඥාතීහු වීදි බසිති
    Published on Tuesday, 25 March 2014 19:07
    Mh 370 410-x 25-03-14අතුරුදහන් වූ ගුවන් යානයට සිදු වූ දේ පැහැදිලි කරන මෙන් මැලේසියානු රජයට බල කරමින් බීජිං නුවර මැලේසියානු තානාපති කාර්යාලය ඉදිරිපිට රැස් වී සිටින පිරිස් පොලිසිය හා ගැටුම් ඇති කර ගනිති.

    MH 370 යානයේ සිටි මගීන්ගේ ඥාතීන් මැලේසියානු තානාපති කාර්යාලයේ ආරක්ෂක දොරටු බිඳ ගෙන ගොඩනැගිල්ල තුළට පිවිසීමට උත්සාහ කර තිබේ.

    දෙසිය තිස් නව දෙනෙකු සමඟ අතුරුදහන් වූ ගුවන් යානයේ සිටි මගීන්ගෙන් එකසිය පනස් තුන් දෙනෙකුම චීන ජාතිකයන්ය.

    ඔස්ට්‍රේලියාවට බටහිර මුහුදේදී MH370 යානයේ ගමන නැවතී ඇති බව නවතම චන්ද්‍රිකා දත්තවලින් තහවුරු වන බව මැලේසියානු අගමැති නජීබ් රසාක් ඊයේ (24දා) පවසා සිටීමත් සමග යානයේ ගමන්ගත් මගීන්ගේ ඥාතීහු බලවත් සංවේගයටත්, කෝපයටත් පත්ව ඇති බව වාර්තා වෙයි.

    චීනය චන්ද්‍රිකා දත්ත ඉල්ලයි :

    මේ අතර, මැලේසියාව අදාළ තොරතුර තහවුරු කිරීම සඳහා යොදාගත් චන්ද්‍රිකා දත්ත චීනය විසින් ඉල්ලා සිටී.

    බ්‍රිතාන්‍යයේ පෞද්ගලික චන්ද්‍රිකා සමාගමක් වූ ඉන්මාසැට් විසින් මෙම දත්ත ලබාදී ඇති අතර, ඔවුන් රේඩාර් සංඥා මෙන්ම ගණිතමය මොඩලයක්ද යානයේ අවසන් ගමන දකුණු ඉන්දීය සාගරයෙන් නිමවී ඇති බව තහවුරු කිරීමට යොදාගෙන තිබුණි. එහිදී, අදාල දත්ත තේරුම් ගැනීම සඳහා 19 වැනි සියවසේදී භාවිත වූ ‘ඩොප්ලර් ආවරණය’ (Doppler effect) නමැති ක්‍රමවේදය ඔවුන් යොදාගෙන තිබූ බව කියැවෙයි.

    යානය සාගරයට කඩා වැටී ඇතැයි යන ප්‍රකාශය අගමැතිවරයා විසින් සිදුකිරීමට පෙර මැලේසියානු ගුවන් සේවය SMS පණිවුඩයක් මගින් යානයේ ගමන්ගත් මගීන්ගේ ඥාතීන්ට කියා සිටියේ යානයේ සියලු දෙනා නැතිවූ බව හා ජීවිතය රැකගත්තෙකු සිටිය නොහැකි බවය.

    සෝදිසි මෙහෙයුම් අද නැහැ

    කෙසේ වෙතත්, දකුණුදිග ඉන්දීය මුහුදු කලාපයේ පවතින අයහපත් කාලගුණය නිසා අද දිනයේ MH370 යානයේ සියලු සෝදිසි මෙහෙයුම් තාවකාලිකව නවතා දමා ඇති බව බලධාරීහු පවසති.

    සැඩ සුළං සහ වර්ෂාව නිසා ගුවන් යානා පියාසර කරවීම අවදානම් විය හැකි බව ඔස්ට්‍රේලියානු නාවික ආරක්ෂණ අධිකාරිය පවසයි.

    එක් ගුවන් නියමුවෙකු කියා සිටියේ මෙය පිදුරු ගොඩේ ඉඳි කටුවක් සෙවීම වැනි දෙයක් වන අතර තවමත් පිදුරු ගොඩ ඇත්තේ කොහේදැයි නොදන්නා බවයි.

    කෙසේ වෙතත් යානය සොයා ගැඹුරු මුහුදේ නිරීක්ෂණයක් සිදුකිරීමට දැන්ම ඉක්මන් වැඩි බව ප්‍රංශ නිරීක්ෂකයන් උපුටා දක්වමින් ප්‍රංශ පුවත් සේවය සඳුදා දිනයේ පවසා සිටියේය.

    පුද්ගලයන් 239 දෙනෙකු රැගෙන ගුවන්ගතව පැයකින් පමණ පසු මාර්තු 8 වැනිදා අතුරුදන් වූ MH370 ට සිදුවූයේ කුමක්දැයි දැනගැනීමට පසුගිය සති කිහිපය පුරාවට ලොවම බලා සිටියේය.


    sl mirror
     

    sherlock

    Well-known member
  • Jun 11, 2008
    17,619
    939
    113
    221/B Baker Street London
    යානය සෙවීමට තවත් මෙහෙයුම්


    යානයේ සුන් බුන් සොයා ගෙන නොමැති හෙයින් මගීන් ජීවිතක්ෂයට පත්වූ බව පිළිගැනීම සමහර ඥාතීහු ප්‍රතික්ෂේප කරති
    අතුරුදහන් වූ මැලේසියානු ගුවන් යානය සෙවීමේ බදාදා මෙයුමට ගුවන් යාන 11 ක් යොදවා ඇති බව ඕස්ට්‍රේලියාවේ සාගර ආරක්ෂණ අධිකාරිය (AMSA) පවසයි.

    මගීන් 239 ක් රැගත් බෝයින් ගුවන් යානය ක්වාලාලම්පූර් සිට බෙයිජිං දක්වා පියාසර කරන අතරතුර අතුරුදහන් මාර්තු අට වෙනිදාය.


    මේ අතර තවමත් යානයේ සුන් බුන් සොයා ගෙන නොමැති හෙයින් මගීන් ජීවිතක්ෂයට පත්වූ බව පිළිගැනීම සමහර ඥාතීහු ප්‍රතික්ෂේප කරති.

    ඥාතීන් ගේ විරෝධය
    දකුණු ඉන්දීය සාගරයට ගුවන්යානය කඩා වැටී ඇති බවට චන්ද්‍රිකා දත්ත අනාවරණය කරන්නේ යැයි මලයාසියානු අග්‍රාමාත්‍ය නජිබ් රසාක් පැවසීමෙන් අනතුරුව කලබලකාරී වාතාවරණයක් මතුවිය.

    යානයේ අතුරුදහන්වීම පිලිබඳ සියලු විස්තර හෙළිදරව් කරන මෙන් බලකරමින් බෙයිජිං නුවර මලයාසියානු තානාපති කාර්යාලය අබියස චීන ජාතිකයන් ගණනාවක් අඟහරුවාදා උද්ඝෝෂණයක නිරතවුයේ ඉන් පසුවයි.

    අතුරුදහන්වූ ගුවන් යානයේ ගමන් කරමින් සිටියවුන් ගෙන් 153 දෙනෙක් චීන ජාතිකයන් බවයි පැවසෙන්නේ.

    සෝදිසි මෙහෙයුම් නිරිතදිගට
    මේ වන විට ඔස්ට්‍රලියාවේ සිඩ්නි නුවරට සැතපුම් 1500ක් පමණ නිරිතදිග දෙසින් පිහිටි සාගර කලාපයට අන්තර්ජාතික සෝදිසි මෙහෙයුම් යොමුකර තිබේ.

    මුහුදේ රළු ස්වභාවය සහ වර්ෂාව හේතුවෙන් යානය සෙවීමේ මෙහයුම් ඇත හැර දැමීමට සිදුවුවද තත්වය යහපත් වූ හෙයින් බදාදා උදේ ගුවන් නිරීක්ෂන මෙහෙයුම් ආරම්භ කළ බව ඔස්ට්‍රලියාවේ සාගර ආරක්ෂණ අධිකාරිය (Amsa) තම ෆේසේබුක් පිටුවක සඳහන් කර තිබේ.

    එම ෆේසේබුක් සටහනට අනුව ඔස්ට්‍රේලියාව,නවසීලන්තය,ඇමෙරිකා එක්සත් ජනපදය,චීනය, ජපානය සහ දකුණු කොරියාවට අයත් හමුදා ගුවන් යානා හයක් සහ සිවිල් ගුවන්යානා පහක් මෙහෙයුමට සහභාගී වීමට නියමිතය.

    සුන් බුන් දකින තුරු
    තම සහෝදරයා ජීවතුන් අතර සිටින බව විශ්වාස කරන චීන ජාතික ඩැනියල් ටාන් පවසන්නේ සුන්බුන් සොයා ගන්නා තුරු බලාපොරොත්තු අත් නොහරින බවයි.

    අතුරුදහන්වූ යානයේ යැයි හඳුනා නොගත් කැබලි දෙකක් දුටු බව පැවසෙන ප්‍රදේශය ඕස්ට්‍රේලියානු “HMSA Success” යුධ නැවේ නිරීක්ෂණයට භාජනය වන අතර චීන නැව් කිහිපයක් ද මේ ප්‍රදේශයට සේන්දු වීමට නියමිතව තිබේ.

    කෙසේවෙතත් ඉදිරි පැය 36දී මෙම කලාපයේ කාලගුණය අයපහත් අතට හැරීමට ඉඩ ඇති බවට කාලගුණ විශේෂඥයෝ අනතුරු ඇඟවීම් කර තිබේ.


    http://www.bbc.co.uk/sinhala/world/2014/03/140326_plane_crash.shtml
     

    sherlock

    Well-known member
  • Jun 11, 2008
    17,619
    939
    113
    221/B Baker Street London
    නැතිවූ යානයේ කෑලි 122ක්

    ඉන්දීය සාගරයේ දකුණු දිග ප‍්‍රදේශයේ තිබී එම්එච්370 යානයේ බව කියන සුන්බුන් කොටස් 122ක් සහිත චන්ද්‍රිකා ඡයාරූපයක් ලැබී ඇතැයි මැලේසියානු වැඩබලන ප්‍රවාහන අමාත්‍යවරයා සඳහන් කළේය.

    මෙහි ඇතැම් කොටස් මීටර 23ක් දක්වා දිගින් වූ බවත් තවදුරටත් ඔහු වැඩිදුරටත් පවසා සිටියි.

    ඉන්දීය සාගරයේ පර්ත් සිට කිලෝමීටර් 2557ක් බටහිර දෙසින් වර්ග කි.මී 400ක ප්‍රදේශයක විසිරී තිබී මෙම සුන්බුන් හමුවූ බව මැලේසියානු බලධාරීහු සඳහන් කරති.

    මාර්තු 23 දින ප‍්‍රංශ චන්ද්‍රිකාවක මෙය ඡයාරූපගතව තිබේ.

    සුන්බුන් සොයා මෙහෙයුම් ක‍්‍රියාත්මකයි.


    http://www.sinhala.srilankamirror.com/index.php/news/16934-122-new-objects-from-flight-mh370-spotted
     

    sherlock

    Well-known member
  • Jun 11, 2008
    17,619
    939
    113
    221/B Baker Street London
    අතුරුදන් යානයේ කලූ පෙට්ටිය නොලැබුණොත් ?

    ඉන්දියන් සාගරයට කඩා වැටුණු මැලේසියානු ගුවන්යානයේ කලූ පෙට්ටිය තවත් දින පහළොවක් ඇතුළත සොයා ගත නොහැකි වුවහොත් එහි ගබඩා වී ඇති දත්ත කිසිවක් ලබා ගත නොහැකි බව මැලේසියානු බළධාරීන් පවසයි.

    එසේ වුවහොත් යානයට සිදුවූයේ කුමක් ද යන්න පිළිබඳ ලොවටම අභිරහසක් වනු ඇති බව ඔවුන් ප‍්‍රකාශ කරයි.

    මෙම කලූ පෙට්ටියේ බැටරියේ ආයු කාලය දින තිහක් බව සඳහන්වේ. මේ හේතුවෙන් යානය සෙවීමේ කටයුතු තවත් පුලූල් කර ඇති අතර ඊට කාළගුණයෙන් දැඩි බලපෑම් එල්ල වෙමින් පවති.

    MH 370 යානය මුහුදට කඩා වැටුණු හැටි :

    මේ අතර, මැලේසියානු ගුවන් සේවයට අයත් MH 370 යානය සම්බන්ධයෙන් මලයාසියා සහ ඔස්ට්‍රේලියා බලධාරීන් ඊයේ ප්‍රවෘත්ති සාකච්ඡා දෙකක් කැඳවා තිබුණි.

    මැලේසියානු ගුවන් සමාගමේ සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරීවරයා මාධ්‍ය අමතමින් පැවසුවේ, යානයට සිදුවූයේ කුමක් ද? යන්න නිශ්චිතව අනාවරණය කර ගැනීමට පරීක්ෂණ සිදුවන බව ය.

    මේ වනවිට යානයේ සිටි පුද්ගලයින්ගේ පවුල්වල සාමාජිකයින් කෙරෙහි වැඩි අවධානයක් යොම කර ඇතැයි, ඔහු පැවසී ය.

    මේ අතර ඔස්ට්‍රේලියානු ආරක්ෂක අමාත්‍යවරයා කියා සිටියේ, යානයේ සුන්බුන් හඳුනා ගැනීම සඳහා ඉන්දීය සාගරයේ සිදු කෙරෙන පරීක්ෂණ යළි ඇරඹීම තව ත් පැය 24කින් වත් කළ නොහැකි තත්ත්වයක පවතින බව ය.

    බ්‍රිතාන්‍යය චන්ද්‍රිකා සමාගමක් වන ඉන්මාසැට් ආයතනයේ විද්‍යාඥයින් පසුගිය දින කිහිපයේ ලද දත්ත විශාල ප්‍රමාණයක් විශ්ලේෂණය කරමින් යානයට සිදු වූයේ කුමක්දැයි නිශ්චිතව හඳුනා ගැනීම සඳහා දැඩි උත්සාහයක නිරත විය.

    ලාභාපේක්ෂාවෙන් තොර සමාගමක් ලෙස මීට වසර 35 කට පමණ පෙර ආරම්භ වූ මෙම ආයතනය ආරම්භ කෙරුණේ නෞකාවලට සන්නිවේදන පහසුකම් සැපයීම සඳහා ය.

    එහි විද්‍යාඥයින් ලැබුණු දත්ත විශ්ලේෂණය කිරීමෙන් පසුව බෝයිං 777 යානය ඕස්ට්‍රේලියාවට නිරිත දෙසින් සැතපුම් 1500 ක් පමණ දුරකින් ඉන්දීය සාගරයේ ඇතැයි, නිගමනය කෙරිණ.

    ඔවුන් පැවසුවේ, දැඩි ශීත කාලගුණ තත්ත්වයක් ඇති මුහුදු ප්‍රදේශයක යානය ඇති බව ය.

    යානය අතුරුදන් වී දින කිහිපයකට පසු ව මැලේසියානු බලධාරීන් පැවසුවේ, එය අතුරුදන්වී පැය 4 කට පමණ පසු ව සංඥාවක් නිකුත්වී ඇති බව ය.

    එම සංඥාව මත පදනම්ව උතුරු හා දකුණු කොරිඩෝව නමින් ප්‍රදේශ දෙකක් නම් කර සෝදිසි එම ප්‍රදේශවලට සීමා කළේ ය.

    මෙසේ රැස් කළ තොරතුරු පුළුල් ලෙස විශ්ලේෂණය කිරීමෙන් පසු ව මලයාසියානු අග්‍රාමාත්‍යවරයා යානයට සිදු වූයේ කුමක්දැයි පෙර්ද්දා නිල වශයෙන් ප්‍රකාශයක් කළේ ය.

    භාවිත කළ ක්‍රමවේදය

    විදෙස් වාර්තා පැවසුවේ මෙම නිගමනයට එළැඹීම සඳහා භාවිත කළ ක්‍රමවේදය මීට පෙර ප්‍රයෝජනයට ගත් එකක් නොවන බව ය.

    ඒ අනුව ඩොප්ලර් සංසිද්ධිය යානයට කුමක් සිදුවීදැයි සොයා ගැනීම සඳහා භාවිත කර තිබේ.

    ගුවන් යානයක හෝ චන්ද්‍රිකාවක චලනය අනුව සම්ප්‍රේෂණ සංඛ්‍යාත වෙනස් වන අතර අතුරුදන් යානයට පෙර හා පසු ව පියාසර කළ යානාවල දත්ත ලබා ගනිමින් ‍ඒවා සැසදීමෙන් පසු ව අවසන් නිගමනයට එළැඹ තිබේ.

    නව නිගමනය මත පදනම්ව මේ වනවිට නිශ්චිත මුහුදු ප්‍රදේශයක වැඩිදුර සෝදිසි ක්‍රියාත්මක වේ.

    මේ අතර යානයේ ගමන් කළ පුද්ගලයින්ගේ ඥාතීන් තවමත් සිටින්නේ වික්ෂිප්තවය.

    නිශ්චිත සාධක ඉදිරිපත් කරන්නැයි, ඔවුහු බලධාරීන්ගෙන් ඉල්ලා සිටිති.


    http://www.sinhala.srilankamirror.com/index.php/news/16916-search-for-missing-plane-resumes
     

    sherlock

    Well-known member
  • Jun 11, 2008
    17,619
    939
    113
    221/B Baker Street London
    යානයට මොකද වුණේ? ජ්‍යෙෂ්ඨ ගුවන් නියමු උපදේශක කපිතාන් එල්මෝ ජයවර්ධන කියයි

    අතුරුදන්වූ මැලේසියානු ගුවන් යානය කිසිසේත්ම පැහැර ගැනීමකට ලක්‌වීමට (හයිජැක්‌ කිරීමකට) ඉඩක්‌ නැති බව ජ්‍යෙෂ්ඨ ගුවන් නියමුවකු වන කපිතාන් එල්මෝ ජයවර්ධන මහතා පවසයි.

    තම ජීවිතයෙන් සෑහෙන කාලයක්‌ ගුවන් යානා තුළත් ආකාසයේත් කාලය ගත කර ඇති මේ ජ්‍යෙෂ්ඨ ගුවන් නියමු කපිතාන්වරයා විශ්‍රාම යැමෙන් පසුව සිංගප්පූරු ආයතනයකට සම්බන් ධවී ගුවන් නියමුවන් පුහුණු කිරීමේ කාර්යභාරයක දැන් යෙදී සිටීති.

    මැලේසියානු ගුවන්යානය පිළිබඳ කපිතාන් ජයවර්ධන මෙසේ කියයි.

    "අපි දැනට දන්නේ මේ ගුවන් යානය අතුරුදන්වී ඇති බව පමණයි. වරින්වර නොයෙක්‌ අදහස්‌ විවිධ රටවල්වලින් පළවූවත් ඒ එකක්‌වත් ස්‌ථිර එකක්‌ නෙවි.

    "ගුවන් නියමුවකු මොන දේකට බිය නැතිවුණත් තමන් පදවන යානයේ "ගින්නක්‌ ඇති වූවොත්" යන්න ගැන නිතරම විමසිල්ලෙන් සිටින්නට ඕන. ඉලෙක්‌ටි්‍රක්‌ සර්කිට්‌වලින් මෙම ගිනි ඇති වෙන්න පුළුවන්."

    "මේ ගුවන් යානයත් රේඩාර් එකෙන් නොපෙනී ගියාට පසුව තවත් පැය 4 ක්‌ 5 ක්‌ ගමන් කළ බව කියනවා. එක්‌වරක්‌ යානය ආපසු හැරුණු
    බවත් කියනවා. නමුත් යානය රේඩාර් එකෙන් නොපෙණුනාට පස්‌සේ ගියේ කොහේටද කියන එක පැහැදිලි නැහැ."

    "ගුවන් යානයට නගින විට මගීන්ට නිතරම කියනවා තමන්ගේ ජංගම දුරකථන ක්‍රියාවිරහිත කර තබන්න කියලා. මේ යානයෙත් දෙසිය තිස්‌ ගණනක්‌ ගමන් කර තිබෙනවා. දැන් හැමෝම ළඟ ජංගම දුරකථන තිබෙන නිසා අපිට හිතන්න පුළුවන් මේ මගීන්ගෙන් අඩුම තරමේ දෙසීයක්‌ ළඟවත් ජංගම දුරකථන තිබුණා කියා.

    ඒවා ක්‍රියාවිරහිත කර තිබ්බත් ඕනෑ වෙලාවකට "ඕන්" කරගන්න පුළුවන්. මේ යානයට මගීන් දැනුවත්ව යම්කිසි ඇබැද්දියක්‌ සිදුවුණා නම් මේ මගීන් ඒ බව තමන්ගේ ජංගම දුරකථනවලින් ලෝකයේ සිටින තම නෑදැ හිතුමිතුරන්ට අනිවාර්යයෙන්ම දන්වනවා.

    නමුත් මෙහි මගීන් එවූ කිසිම එස්‌එම්එස්‌ පණිවිඩයක්‌ ලෝකයේ කාටවත්ම ලැබිලා නැහැ. ඒ බව ස්‌ථිර වශයෙන්ම අපිට හිතාගන්න පුළුවන්.

    "ඇමෙරිකාවේ සැප්තැම්බර් 11 වැනිදා ප්‍රහාරය (ඉංග්‍රීසියෙන් කියන්නේ නයින් ඉලෙවන්" කියලා) ඔබට මතක ඇති. එදින මම හොංකොං සිට සැන් ප්‍රැන්සිස්‌කෝ දක්‌වා ගුවන් යානයක්‌ පදවමින් එහි පයිලට්‌ ලෙස කටයුතු කරමින් සිටියා.

    ඇමෙරිකාවේ 9/11 ත්‍රස්‌ත ප්‍රහාරය සිදුවූ විගස ඇමෙරිකාවේ සියලුම ගුවන් තොටුපළවල් වසා දැම්මා. නමුත් මේ බව එදා මම දැනගන්නට ඉස්‌සෙල්ලා මගේ යානයේ සිටි මගීන් දැනගෙන සිටියා. ඒ ඔවුන්ට ලැබුණු "එස්‌එම්එස්‌" මගින්.

    "ගුවන් යානයේ ගින්නක්‌ සිදුවුණා නම් (ටොක්‌සික්‌ ටියුන්ස්‌) මගින් දුමක්‌ එනවා. එවිට යානයේ එන්ජින් එකක්‌ කැරකෙනවා. එහෙම වුණත් යානය ඉදිරියටම ඇදී ගිහින් කඩා වැටෙනවා.

    "ගුවන් යානයේ 'නහය' ඉස්‌සුණා නම් යානය ඔටෝ පයිලට්‌ ඉහළට යනවා. අඩි 35,000, අඩි 36,000 සිට අඩි 45,000 පමණ දක්‌වා යනවා. ඊට පසු ආපසු 'නහය' බිමට හැරී කෙළින්ම බිමට එනවා. මේ යානයේ එහෙම දෙයක්‌ද සිදුවී ඇති බව වාර්තා වන්නේ නැහැ.

    "අපි හිතමු අපි කොළඹ සිට ලන්ඩන් බලා යනවා කියලා. එහෙම යනවිට පයිලට්‌ හැමවිටම කල්පනා කරන්නේ හදිසියක්‌ වුණොත් මම මේ යානය කොයි ගුවන් තොටුපළටද පහත් කරන්නේ කියලා."

    නමුත් මේ කිසිම දෙයක්‌ මේ ගුවන් යානයෙන් අපිට දැන ගන්නට ලැබී නැති නිසා මේ ගුවන් යානය පිළිස්‌සී මහා සාගරයට කඩා වැටෙන්නට ඇතැයි කියා අපට සිතන්නට බොහෝ දුරට ඉඩ ඇතැයි කපිතාන් එල්මෝ ජයවර්ධන මහතා අවසන් වශයෙන් පැවැසීය.


    http://www.hotandfastnews.com/2014/03/blog-post_1302.html
     

    sherlock

    Well-known member
  • Jun 11, 2008
    17,619
    939
    113
    221/B Baker Street London
    MH370, අධ්‍යාත්මවේදීයෝ හා ටොම් පචයෝ - MH370, Predictions & Tom Pachaya


    මැලේසියාවේ සිරා කොලුවා MH 370 ගැන ලියාපු සවිස්තරාත්මක පෝස්ටුවකත්, තවත් පෝස්ටුවලත්, මාතලන් කිව්වේ, අහස් යන්තරේට බඩු බනිස් කියලාය. එහෙම කිව්වේ අඳුනෙන් බලාවත්, හඳහන් බලාවත් නොව, 9/11 කේස් එකේ, වෙච්ච සිඳුවීම හින්දාය. අද ඉස්මාර්ට් ෆෝන් එකක් නැති එකෙක් හොයා ගන්නට බැරිය. මේ ජැට් වල යන හැම එකාගේම අතේ, මේවා ඕන තරම් තියෙනවාය. ප්ලේන් එක හයිජැක් කරා නම්, ඒ බව සඳහන් ටෙක්ස්ට් මැසේජ්, එකක් හෝ අනිවාර්යයෙන් එනවාය.

    මාතලන් එදා කියු දේ අද සනාත වෙලා තියෙනවාය. එංගලන්තයේ ඉන්මාසැට් (Inmarsat) නම් ලාබ නොලබන ආයතනයක්, අවුරුදු 35 ක් පරණ මැතඩ් එකකින් දෙන කරුණු අනුව, මැලේසියාවේ අගමැති, බඩු බනිස් කියා මාද්දිය සාඛඡ්චාවේදි කියනවාය. දැන් හැම එකාම දුවන්නේ මේ ආයතනය ලබා දෙන ෆැක්ස්ට් මත්තේය. ඔවුන් කියන්නේ නිරවද්‍යතාවය ඕනෑනම් කිලෝ මීටර් 100-150 එහා මෙහා විය හැකිය කියලාය.

    සර්ච් ඔපරේසොන් එක කොරගන්න විදියක් නැත්තේ, ඒ හරියේ මූද, "රෆ් සී" මුහුදක් හෙවත්, අති හයානක මුහුදක් නිසාය. ඒ මදිවාට කාළගුණේ අවුල් නිසා, පැය 24 කට මෙහෙයුම් නවත්තලා දමලාත් තියෙනවාය. ඔපරේසොන් එකේ ඉන්න උන්, කාළගුණ වාර්ථා ලබා ගන්නේ, ලංකාවෙන් නොවන නිසා, ඒ උත්තමයන්ට දෙයියන්ගේ ආරක්ෂාව කෙසේ වෙතත්, තාක්ෂණයේ ආරක්ෂාව නම් නොවරදවාම ලැබෙනවාය. අපේ කාළගුණේ කියන ඒවා ඇහුවානම් ඉතින්, උන්නැහෙලාට නාථ දෙවියන්ගේම පිහිට ඇර වෙන පිහිටක් නම් නැතිවනවාමය.

    හරියටම උනේ මොකක්ද කියා ටක්කෙටම කියන්න නම්, කළු පෙට්ටිය ගොඩ ගන්නකම් ඉන්න වෙනවාය. දැන ගැනීමට තියෙන කාරනා අනුව නම්, ඒක හොයාගන්න එකත් ලේසී පාසූ වැඩක් වන්නේම නැතිය. කොහොම හරි දේශපාළණ කරුණු අමතක කරලා, මුළු ළෝකයම එකතුවී, මේ අභිරහස විසඳීමට එකතු වීම ගැන නම්, මට තිබෙන්නේ පුදුමාකාර සතුටක්ය. කොතරම් තාක්ෂණය දියුණු උනත්, අද වන තෙක් ගුවන් යානයට සිඳුවූයේ කුමක්දැයි කියන්නට කිසිවකු සමත් නැත.

    මුලින්ම ෆේක් පාස්පෝට් හදාගෙන, ගුවන් යානයට ගොඩ වූ ඉරානේ කොල්ලෝ දෙන්නෙක් ගැන සැක හිතුවේය. ඊළඟට බඩු බදාගෙන, කොක් පිට් එකේ ආතල් ගන්නා, කෝ පයිලට් ගැන සැක හිතුවේය. ඊට පස්සේ ෆ්ලයිට් සිමුයුලේටර් එකක් ගෙදර තියාගෙන උන්න පයිලට්වත් සැක කලේය. මේකේ ඇමරිකන් වී අයි පී පොරක් උන්න බවත්, චීනේ ත්‍රස්තවාදීන් ගැනත්, පසු කාලීනව ප්‍රහාරයක් සඳහා ප්ලේන් එක හයි ජැක් කළ බවත්, සමහර විට පයිලට් හෝ කෝ පයිලට්ගේ (කෝ පයිලට් කියලා තමයි යකෝ මාත් අහන්නේ.) සිය දිවි නසා ගැනීමක් බවත්, සමහර විට සයිබර් ප්‍රහාරයක් විය හැකි බවටත් කියා කරුණු රාසියක් කෙරේ ඒවියේසොන් විශේෂඥ්ඥයන්ගේ අවධානය කීප අතකටම යොමු උනේය.

    ඒවා එසේ වෙද්දි, අපේ ගොබ්බ ජඩ මාද්දිය වේදියෝ, විසේසඥ්ඥයෝ කෙසේ වෙතත්, සාස්තරකාරයෝයි, අධ්‍යාත්මවේදියෝයි, හඳහන්කාරයෝයි පස්සේ දුවන්න පටන් ගත්තේය. මේකෙන් කාගේත් අවධානය යොමු උනේ, කවදත් කට ඇරියොත් අමු කෙප්ප කෙලින, කෙප්පේ උනත් කළාතමකව ඇදලා අරින, අධ්‍යාත්මවේදියෙක් කියනා එකෙක්ගේ කතාවටය. ජඩ මාද්දිය වේදින්ටත් ලැජ්ජාව කියා දෙයක් තියෙනවා නම්, මේ වාගේ ටොම් පච දෙසා බාන කාළකන්නි පස්සේ යන්නේ නැතිය. මේ යකා කට ඇරියොත් කෙලින්නේ කෙප්පය.

    ඉරුදින පත්තරේට ලියන කාලේ, අලි පාටියේ උන්, ඊළඟ අළුත් අවුරුද්දේ එජාප ආන්ඩු පිහිටවනවා කිව්වේ, මූගේ කඹ ගිලලාය. ඒ මොකෝ, මේ යකා දෙන්නේ, දිරච්ච ලණු නෙමේය. නැව් බඳින කඹය. කොහොම හරි එජාප ආන්ඩු පිහිටවන්න හිටපු අජ්ජාත්මවේදියාව, හතර වෙනි තට්ටුවට වැඩැම්මුවේ, අරලියගහ මන්දිරේ ඉන්නා සක්කර දෙවියෝය. එදා පටන් මූ කියන්නේ, සක්කර දෙවියන්ට ගහන්න දෙවියෙක් නැතෝ කියලාය.

    ගිය සැරේ, T 20 කප් එක, අම්මට සිරි ලන්කාවේ තිබ්බ වෙලාවේ, මූ අඬ අඬා කීවේ, අපි කප් එක දිනනවාමයි කියලාය. ඒ නිසා බෝධී නාවන්න කිව්වේය. මූගේ කඹ කාපු සක්කර දෙවියාත් ඛෙත්තාරාමෙට වැඩියේ, මූ කිව්වා වගේ කප් එකත් අරගෙන ඩෙඟා නටන්නටය. අන්තීමෙදි උනේ, අනේ බුදු සෑර් කප් එක දිනන්න නම්, මැච් එක පැත්ත පලාතේ එන්න එපා කියා, පඩත්තල කොල්ලන්ගෙන් අහගන්නය. මූ දෙන කඹ කෑවාම රජා උනත් බලු වෙන්නේ එහෙමය.

    ඒ කියලා මුන්ට ගානක් නැතිය. ඊට පස්සේ ජනාධිපතිවරණයක් තියෙනවා කියා නා ගත්තෙය. උදේ ඉඳන් ටෙලිවිසොන් එක දිහා බලාගෙන ඉඳලා, තුලාවට හුලං වැදිලා, අංශක දෙකක්ද කොහෙද හැරිලා, ප්ලේන් එක හයිජැක් හෙවත් පැහරගත් බවත්, කිසිම අනතුරක් වෙලා නැති බවත් කිව්වේ, ඒ දවස්වල ඉන්ටර්නැෂනල් නිව්ස් වල ගියේ ඒ කතාව හින්දාය.


    මුන් කෙප්පෙ කෙලින්නේ, හඳහන් බලලාවත්, අංජනම් බලලාවත් නෙමේය. පත්තර ටෙලිවිසොන් බලලාය. තව මේ ජාතියේම ඉන්දියාවේ එකෙක්, ගෝලයෝ දෙන්නෙක් එක්ක ඇවිත් නාට්ටියක් කරලා කිව්වේ, පැසිපික් සාගරේට කඩාගෙන වැටුනයි කියලාය. හොඳට ඌගේ නාට්ටිය බලනා එකෙකුට පේන්නේ, මූ කියන්නේ ඔක්කෝම ඒ දවස්වල ටැලිවිසොන් එකේ ගිය එවා මිසක්කා, මක්කාවත් අළුත් එකක් නෙමේ කියලාය. මැලේසියාවේ එකෙකුත්, ටයි කෝට් දාගෙන, පොල් ගෙඩි දෙකක් කරකැව්වාට, කිව්වේ මොකක්ද කියලා නම් දන්නේ නැතිය. අද මුන් ඔක්කෝම ටොම් පචයෝ කියා, ඔප්පු වෙලා හමාරය.

    ඒත්...අපේ, නිකන් පී වගේ සාමී කෙනෙක් නම් කිව්වේ, බඩු තියෙන්නේ මූද පතුලේ කියාය. දැන් ඉතින් ඌ පොරක් වන්නටත් බැරි නැතිය. මේවා දකින් කොට මට දුක හිතෙන්නේ, අනේ මටත් නැෂනල් එකක් ඇඳගෙන, බඩු නැති උන ගමන්, බඩු බනිස් කිව්වා නම්, අරලිය ගහ මන්දිරය පැත්තේ රවුමක් ගහලා එන්න තිබුනා නේද යකෝ කියලාය.

    මොකෝ...., අපේ මහරජ තුමාත්, මූගේ ගුලි විතරක් නොව, ජොනීගේ පුතා දිනනවා කියා කෙප්ප කෙලිය එකාත්, රාජකීය දෛවග්නයාද මොකාද කොරගෙන, ගුලි පිට ගුලි වළඳනා නිසාය..

    ඒ වගත් මෙසේය......


    http://maathalan.blogspot.com/2014/...ampaign=Feed:+sbu/blogs+(Sinhala+Blog+Reader)
     

    sherlock

    Well-known member
  • Jun 11, 2008
    17,619
    939
    113
    221/B Baker Street London
    තවත් සුන් බුන් තොගයක් තායිලන්තය දකියි

    අවසාන යාවත්කාලීන කිරීම : 2014 මාර්තු 27 බ්‍රහස්පතින්දා - 08:47 GMT


    ගුවන් යානා ආපසු පර්ත් නුවර ගුවන් කඳවුරට කැඳවා
    අතුරුදහන් වූ යානය සොයා මෙහෙයුම් සිදු කෙරෙන ඉන්දීය සාගරයේ දකුණු ප්‍රදේශයේ පාවෙන කොටස් තුන් සියයක් පමණ තම චන්ද්‍රිකා වලට හසුවී ඇති බව තායිලන්ත අභ්‍යවකාශ ආයතනය පවසයි.

    එම කලාපය තුළම පාවෙන කොටස් 122 ක් ප්‍රංශ චන්ද්‍රිකා වලට දර්ශනය වීමෙන් දිනකට පසුවයි තායිලන්තය ඉහත කී කොටස් ඡායාරූප ගත කර ඇත්තේ.

    මේ අතරතුර අතුරුදහන් වූ ගුවන් යානය පිළිබඳව ඉන්දීය සාගරයේ කෙරෙන ජාත්‍යන්තර සෝදිසි මෙහෙයුම් අයහපත් කාලගුණය හරස් වීම නිසා අර්ධ වශයෙන් අත්හිටුවා තිබේ.

    මෙහෙයුම් කෙරෙන සාගර කලාපය තුළ පවතින සැඩ සුළං සහ වර්ෂාව නිසා කිසිවක් දර්ශනය කළ නොහැකි බවයි බලධාරියෙකු පවසා සිටියේ.


    සැඩ සුළං සහ වර්ෂාව නිසා කිසිවක් දර්ශනය කළ නොහැකි බව
    ගුවන් යානා ආපසු පර්ත් නුවර ගුවන් කඳවුරට කැඳවා ඇති නමුත් සෙවීමේ කටයුතු වල නිරතව සිටින නෞකා දිගටම මෙහෙයුම් කර ගෙන යාමට උත්සාහ කරන බවයි ඔස්ට්‍රේලියානු බලධාරීන් පවසන්නේ.

    ප්‍රංශ චන්ද්‍රිකා ඡායාරූප වලට හසු වූ සුන් බුන් තොගය පවතින ප්‍රදේශය කෙරෙහි ඔවුන්ගේ වැඩි අවධානය යොමු වී තිබේ.

    මේ අතරතුර අයහපත් කාලගුණය හරස් වීම නිසා අතුරුදහන් වූ ගුවන් යානය පිළිබඳව කෙරෙන සෝදිසි මෙහෙයුම් අත්හිටුවා තිබේ


    bbc
     

    sherlock

    Well-known member
  • Jun 11, 2008
    17,619
    939
    113
    221/B Baker Street London
    MH 370 සෝදිසි මෙහෙයුම් නව දිශාවකට

    අවසාන යාවත්කාලීන කිරීම : 2014 මාර්තු 28 සිකුරාදා - 10:10 GMT

    අතුරුදහන් වූ MH370 ගුවන් යානය පිලිබඳ සෝදිසි මෙහෙයුම ඉන්දීය සාගරයේ වෙනත් කලාපයකට යොමු කළ බව ඔස්ට්‍රේලියාව පවසයි.

    එවැනි පියවරක් ගනු ලැබ තිබෙන්නේ ගුවන් යානය කලින් නිගමනය කර තිබුණ ප්‍රමාණයට වඩා අධි වේගයකින් පියාසර කර ඇති බව අදාළ පරීක්ෂකයන් විසින් නිගමනය කරනු ලැබීමෙන් පසුව.


    ජාත්‍යන්තර
    එවැනි තත්වයක් යටතේ යානයේ ඉන්ධන අවසන් වන්නට ඇති බවයි, පරීක්ෂකයන්ගේ අදහස වන්නේ.

    ඔස්ට්‍රේලියානු සාගර ආරක්ෂක අධිකාරිය(AMSA) දැන් පවසන්නේ, කලින් සෝදිසි කළ සාගර කලාපයෙන් කිලෝ මීටර් 1,100 ක් නිරිත දිග දෙසට යොමු වෙන බවයි.

    මගීන් 239ක් රැගෙන මැලේසියාවේ ක්වාලාලම්පුර් සිට චීනයේ බේජිං අගනුවර කරා පියාසර කරමින් තිබියදී MH370 ගුවන් යානය අතුරුදහන් වුනේ මාර්තු 08 වැනිදා.


    සිකුරාදා උදෑසන වන තෙක් ඔස්ට්‍රේලියාවේ ‘පර්ත්’ නගරයෙන් කිලෝ මීටර 2500 ක් නිරිත දිග දෙසටයි යානය සෙවීමේ මෙහෙයුම යොමුව තිබුණේ.

    ඉන්ධන අවසන් වුණිද?
    අලුතින් ලද හෝඩුවාවන් අනුව අලුත් දිශාවකට යොමු වූ බවයි ඔස්ට්‍රේලියානු සාගර ආරක්ෂක අධිකාරියේ (AMSA) හදිසි ප්‍රතිචාර අංශයේ සාමාන්‍යාධිකාරී ජෝන් යන්ග් පවසන්නේ.

    ‘’රේඩාර් සබඳතා බිඳවැටීමට කලින් දකුණු චීන මුහුද සහ මලක්කා සමුද්‍ර සන්ධිය අතර රේඩාර් දත්ත දිගින් දිගටම විශ්ලේෂණය කිරීම’’ නිවේදනයට පාදක වූ බව ඔස්ට්‍රේලියානු සාගර ආරක්ෂණ අධිකාරිය පවසයි.

    ‘’කලින් නිගමනය කර තිබුණ වේගයට වඩා වැඩි වේගයකින් යානය පියාසර කල බවක් පෙනෙනවා. මේ නිසා ඉන්ධන දහනය වැඩි වීමෙන් යානය දකුණු ඉන්දීය සාගරයට ගමන් කළ හැකි දුර අඩු වීමේ ඉඩක් පවතිනවා’’ඔස්ට්‍රේලියානු සාගර ආරක්ෂණ අධිකාරියේ ජෝන් යන් පවසයි.

    හමුදා ගුවන් යානා නවයක් සිකුරාදා සෝදිසි කාර්යයන්හි නිරත වන අතර පණිවුඩ හුවමාරුව පිණිස සිවිල් ගුවන් යානයක සහය ලැබෙන බවත් ඔස්ට්‍රේලියානු සාගර ආරක්ෂණ අධිකාරියේ නිවේදනයෙහි දැක්වෙයි.


    bbc
     

    sherlock

    Well-known member
  • Jun 11, 2008
    17,619
    939
    113
    221/B Baker Street London
    MH-370 තිබෙන තැන ශ‍්‍රී ලාංකික විද්‍යාඥයෙකු හරියටම කියයි
    March 28, 2014 at 1:46 pm | lanka C news
    MH-370 තිබෙන තැන ශ‍්‍රී ලාංකික විද්‍යාඥයෙකු හරියටම කියයි
    පුද්ගලයන් 239 දෙනෙකු සමග මීට සති තුනකට පෙර අතුරුදන් වූ මැලේසියානු ගුවන් සේවයට අයත් MH370 යානය මුහුදු පතුලේ සැඟවී ඇති ස්ථානය ජාත්‍යන්තරයට සලකුණු කර පෙන්වීම ශ්‍රී ලාංකීය සාගර විද්‍යාඥයෙකු වන මහාචාර්ය චරිත පට්ටිආරච්චි මහතාසමත්ව සිටියි. මහාචාර්යවරයාගේ අදහසට අනුව යමින් ලෝකයේ රටවල් රැසක පිරිස් මේවනවිට යානය සෙවීමේ මෙහෙයුම් ක්‍රියාත්මක කරමින් සිටිති.

    බටහිර ඔස්ට්‍රේලියානු විශ්වවිද්‍යාලයේ සාගර විද්‍යාව පිළිබඳ මහාචාර්ය චරිත පට්ටිආරච්චි මහතා පෙන්වා දෙන්නේ යානය කිලෝ මීටර් 3.5ක් ගැඹුරු මුහුදු පතුලේ පවතින බවත්, යානය සොයාගැනීම වාසනාව මත සිදුවිය හැකි නිසා එය දින, සති, මාස හෝ අවුරුදුවලින් පවා සිදුවිය හැකි බවයි.

    කෙසේ වෙතත්, අතුරුදන් වී ඇති MH370 යානය සම්බන්ධයෙන් හා එය ගොඩගැනීමේ ක්‍රියාවලිය සම්බන්ධයෙන් යොමුකළ ප්‍රශ්නවලට මහාචාර්ය චරිත පට්ටිආරච්චි මහතා මෙසේ පිළිතුරු දෙන ලදී.

    ඔබ ලෝකයේම ප්‍රකට මහාචාර්යවරයෙක්. ඔබේ පසුබිම අප දැනගැනීමට කැමතියි.

    මා කොළඹ රාජකීය විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙක්. 1976 වසරේදී විද්‍යාලයේ ප්‍රධාන ශිෂ්‍ය නායකයා වී සිටියා. ඒ වගේම ශ්‍රී ලාංකීය පිහිනුම් ක්‍රීඩාවේ ශූරයෙක්. අද භෞතික සාගර විද්‍යාඥයෙක් ලෙස මාව හඳුන්වාදීමට කැමතියි.

    ඔබ විශ්වාස කරන ආකාරයට MH370 යානයට සිදුවී ඇත්තේ කුමක්ද?

    ගුවන් යානය තුළට ඔක්සිජන් ලැබීම අවහිර වීමේ දෝෂයක් සිදුව තිබෙනවා. මේ නිසා යානය තුළ සිටි සියල්ලන්ම සිහිසුන් වී තිබෙනවා.

    ඔබේ වෘත්තිය ජීවිතය තුළ මේ ආකාරයේ සිදුවීම් සම්බන්ධයෙන් ඔබට අත්දැකීම් තිබේද? (ගුවන් යානයක් සාගරයට කඩා වැටීම හෝ එවැනි සිදුවීමක්)

    ඔව්, බොහෝ අත්දැකීම් තිබෙනවා. අවසන් වරට මා සහාය ලබාදුන්නේ වෙරළට ගසාගෙන පැමිණි දරුණු ලෙස විනාශ වූ මනුෂ්‍යහිස් කබලක් සාගරයට වැටුණු තැන සොයා දීමටයි.

    MH370 යානය සාගරයට කඩා වැටුනේ නම් දැන් ඒ යානය ඇත්තේ කොහේද?

    මේ සමග දැක්වෙන සිතියමේ රතු තිතකින් පෙන්වන ස්ථානයෙහි සාගර පතුලේ යානය තිබිය යුතුයි.

    එය සොයාගැනීමට කොපමණ කාලයක්ගතවේවිද?

    එය තිරණය වන්නේ වාසනාව මතයි. නමුත්, ඒ සඳහා වසර කිහිපයක් වුවද ගතවීමට පුළුවන්.

    යානය සොයා ගැනීම සඳහා භාවිත කිරීමට හැකි තාක්ෂණය කුමක්ද? යානයට සිදුවූයේ කුමක්ද යන්න පැවසීමට කළු පෙට්ටිය සුවිශේෂී තොරතුරක් ලබාදේවිද?

    සාගරයේ ගිලුණු යානය ඇතැයි සැලකෙන කිලෝ මීටර් 3.5ක් පමණ ගැඹුරු මුහුදු පතුලේ නිවැරදි ඉසව්ව සොයා ගැනීමට ධ්වනි තරග ක්‍රමවේදයන් යොදා ගැනෙනවා. කළු පෙට්ටිය යනු අබිරහසක් පිළිබඳ තොරතුරු සපයන එක් කොටසක් විතරයි. නමුත්, එහි වටිනා දත්ත තිබීමට පුළුවන්.

    වර්තමානයේදී වැඩි දෙනෙකු විශ්වාස කරන්නේ ලෝකය අතිශය දියුණු යුගයක පවතින බවයි. නමුත්, සති තුනක කාලයක් ගතවීමට පැමිණියත් යානය ගැන නිවැරදි තොරතුරක් ලබාදීමට කිසිවෙකුට නොහැකි වුණා. මේ ගැන ඔබ හිතන්නේ කුමක්ද?

    එය සාමාන්‍යය දෙයක් – බොහෝ අවස්ථාවල බලධාරීන් ක්‍රියාකාරීමට පෙර ව්‍යසනයක් පැමිණිලා ඉවරයි. උදාහරණයක් ලෙස ඉන්දීය සාගරයේ සුනාමිය ගත්තොත්,එය පැමිණියේ සුනාමි අනතුරු ඇඟවීමේ පද්ධතිය ස්ථාපිත කිරීමට පෙරයි.

    සුනාමි අනතුරු ඇඟවීමේ පද්ධතියක් ස්ථාපිත කිරීමට පෙර සුනාමි කිහිපයක් පැමිණ තිබුණත්, එවැන්නක් පැමිණෙනු ඇතැයි කියා ඔවුන් සිතා සිටියේ නැහැ.

    මේ සිදුවීමෙන් පසුව ගුවන් යානයක ගමන්මග සලකුණු කරන ආකාරයේත්, දත්ත පටිගත කෙරෙන කරන ආකාරයේත් (කළු පෙට්ටියේ දත්ත පටිගත කිරීම ආදී) බොහෝ වෙනස්කම් සිදුවීමට ඉඩ තිබෙනවා.

    යානය සෙවීමේ මෙහෙයුම්වලට ඔබත් සම්බන්ධ වී සිටිනවාද?

    ඔස්ට්‍රේලියානු රජයේ කාර්යාංශයන් හරහා ඒ සම්බන්ධීකරණයන් සිදු වෙනවා.

    2004 වසරේ ශ්‍රී ලංකාවට බලපෑ සුනාමි තත්ත්වයේදී ඔබේ සහාය මෙරටට ලැබුණු බව පැවසුවා. ඒ ගැන වැඩිදුර තොරතුරු දැනගැනීමට කැමතියි.

    අවසන් වරට මා ශ්‍රී ලංකාවේ ජනමාධ්‍ය ඇමතුවේ 2004 වසරේ සුනාමිය අවස්ථාවේදීයි. මා ඔබට පැවසූ ආකාරයට ඒ අවස්ථාවේදී මාධ්‍යයෙන් මා බොහෝ වැඩකොටසක් ඉටු කළා.

    ඉන්දීය සාගරයේ සුනාමි ආරක්ෂණ පද්ධතිය පිහිටුවීමේ ශ්‍රී ලංකාව නියෝජනය කළ කණ්ඩායමේ කොටසක් බවට එවකට මා පත්වුණා.

    ඉන්දීය සාගරයේ විශාල භූකම්පනයක් ඇති වූ විට ඉන් ශ්‍රී ලංකාවට ඇතිවිය හැකි බලපෑම ගැන අසමින් ජනාධිපති කාර්යාලයෙන් මා වෙත ඇමතුමක් ලැබෙනවා.

    ඒ අනුව, ශ්‍රීලංකාව වෙනුවෙන් සුනාමි අනතුරු ඇඟවීම් සිදුකිරීම මා විසින් සිඳුකරනවා.

    - අද පුවත්පතිනි
     

    sherlock

    Well-known member
  • Jun 11, 2008
    17,619
    939
    113
    221/B Baker Street London
    MH370 මැලේසියානු ගුවන්යාන අබිරහස : යානයේ කළු පෙට්ටිය සොයන්න ඇමරිකාවෙන් විශේෂ උපකරණ යවයි

    පසුගිය 8 වැනිදා සිට අතුරුදන් වී ඇති මැලේසියානු ජෙට් ගුවන් යානයේ සුන්බුන්වල කැබලි 122ක් ඉන්දියානු සාගරයේ දකුණු කලාපයේ මුහුදේ පාවෙන බව අලූත් චන්ද්‍රිකා ඡායාරූපවලින් පෙනෙන බවත් ඒවා අතුරුදන් වූ ජෙට් යානයේ විය හැකි බවත් මැලේසියාවේ වැඩ බලන ගමනාගමන ඇමති මාර්තු 27 වැනිදා ප‍්‍රකාශ කළා.


    මේ ඡායාරූප නිසා සෙවුම් කලාපය වර්ග සැතැපුම් 155කට (වර්ග කිලෝ මීටර 400කට) අඩු කරනු ලැබුවා. දැන් ඒ කලාපය තුළ සෙවීම ආරම්භ කර තියෙනවා.

    පසුගිය දින කීපය තුළ සෙවීම් සිදු කළේ වර්ග සැතැපුම් 622,000ක පමණ ප‍්‍රදේශයකයි. 26 වැනිදා වන විට සෙවීම් සම්පූර්ණ කර තිබුණේ ඒ ප‍්‍රදේශයෙන් වර්ග සැතැපුම් 31,000ක ප‍්‍රමාණයක් පමණයි.


    චන්ද්‍රිකා මගින් තොරතුරු සෙවීමේ මැලේසියනු ආයතනය විසින් පසුගිය බදාදා නිකුත් කළ සිතියම. දක්වා ඇත්තේ එම්එච්370 යානයේ සුන්බුන් සැක කරන කොටස් චන්ද්‍රිකා ඡායාරූපවලට හසු වූ ප‍්‍රදේශයයි.

    මැලේසියාවේ ආරක්ෂක ඇමති හා වැඩබලන ප‍්‍රවාහන ඇමති හිෂමුදීන් හුසේන් ප‍්‍රංශයේ එයාබස් ආරක්ෂාව හා අවකාශ කටයුතු බාර ආයතනය මගින් චන්ද්‍රිකා මගින් හසු කර ගෙන ඇති ඡායාරූප හා ඒවා දැකගත හැකි වූ කලාපයේ සිතියම් පෙන්වමින් එතෙක් ලබා ඇති ප‍්‍රගතිය පුවත්පත් කලාවේදීන්ට හා යානයේ ගමන් ගත් මගීන්ගේ ඥාතීන්ට එතෙක් ලබා ඇති ප‍්‍රගතිය විස්තර කළා.

    මේ ආකාරයට ඔවුන්ට ලැබුණු හතර වැනි චන්ද්‍රිකා ඡායාරූප කට්ටලය මෙයයි. ඕස්ටේ‍්‍රලියාවේ පර්ත් නගරයේ සිට කිලෝමීටර් 2500ක් (සැතැපුම් 1550ක්) දුරින් පිහිටි මුහුදු ප‍්‍රදේශයක් තමයි ඡායාරූපවලින් දක්වුණේ. ඒ කැබලි මීටරයේ සිට මීටර 23ක් දක්වා දිගින් යුක්ත වූ බවයි, ඒවා නිරීක්ෂණය කළ විශේෂඥයන් සඳහන් කරන්නේ.

    තවමත් ඒ කැබලි සෙවුම් නැව්වලටවත් ගුවන්යානාවලටවත් හමුවෙලා නැහැ. ඒ නිසා ඒවා යානයේ ඒවාමදැයි තවමත් නිල වශයෙන් පිළි අරගෙන නැහැ.

    මාර්තු 8 වැනිදා මැලේසියානු ගුවන්සේවයේ එම්එච් 370 යානය ක්වාලා ලම්පූර්වලින් අහසට නැඟ චීනයේ බෙයිජිං බලා පියාසර කරමින් තිබියදී පැයකටත් අඩු කාලයකදී සිවිල් ගුවන් සේවා රේඩාර් තිරයෙන් මැකී ගියා. ඉන්පසු යානයේ ගමන් මග ගුවන්ගමන් පාලක මැදිරිවලට හසුකර ගත හැකි වූයේ නැහැ.

    අතුරුදන් වූ යානය පිළිබඳ පරීක්ෂණ පවත්වන පරීක්ෂකයන් විශ්වාස කරන්නේ එම යානයේ යමින් සිටි කිසිවකු විසින් එහි සන්නිවේදන පද්ධති සියල්ල අකි‍්‍රය කර දමන්නට ඇතැයි කියායි.


    බි‍්‍රතාන්‍ය චන්ද්‍රිකා ආයතනයක් මගින් යානය අවසන් වරට දුටු අවස්ථාවේ සිට එනම් මාර්තු 8 වැනි සිට මාර්තු 26 දා දක්වා යානය පියාසර කළේ යැයි අනුමාන කළ ප‍්‍රදේශය හා ඒ ආශි‍්‍රත සෙවීම් කි‍්‍රයාත්මක වූ ආකාරය ඉහතින් දැක්වෙනවා.


    ඉන්පසු යානයේ ගමන් මග ආරක්ෂක හා හමුදා රේඩාර්වලට හසු වී තියෙනවා. යානයේ ගමන්මග වෙනස් කොට බටහිර දෙසට හැරී යළිත් මැලේසියානු අර්ධද්වීපය හරහා යනු ඒවා හසුකර ගෙන ඇති අතර රේඩාර් තිරයේ දිස්වුණු ආකාරයට යානය පළපුරුදු ගුවන් නියමුවකු එය හසුරුවන බව නිරීක්ෂකයන්ට පෙනී ගොස් තිබෙනවා.

    මැලේසියානු ගුවන් හමුදාව නිරීක්ෂණය කරලා තියෙනවා එය වයඹ දිග වෙරළ ඔස්සේ ඉන්දියාව දෙසට පියාසර කරන බව.

    මැලේසියානු ආරක්ෂක නියෝජ්‍ය ඇමති අබ්දුල් රහීම් බක්රි එරට පාර්ලිමේන්තුවේ දී කියා තියෙනවා. නොහඳුනන ගුවන්යානයක් වුවත් ඊට එරෙහිව පියවරක් නොගත් බවත්, එයට ආපසු හරවා යන ලෙස නියෝග කළ බවත්. ගුවන් හමුදාව නියෝග කළ නිසා ඒ අනුව ආපසු යන්නට ඇතැයි විශ්වාස කළ බවත් ඔහු වැඩිදුරටත් කියා තිබෙනවා.


    2014 මාර්තු 26 වැනිදා පිළියෙල කළ සිතියමක්. අහසෙන් හා මුහුදෙන් සෙවුම් සිදුකළ ආකාරය පියවරෙන් පියවර මෙහි දැක්වෙනවා.

    ”අපේ රේඩාර් යානය නිරීක්ෂණය කළා. එය ආපසු හරවා යාමත්, සතුරු යානයක් නොවූ නිසාත් අපේ අය හිතල තියෙනවා, එය ගුවන්ගමන් පාලක මැදිරියේ උපදෙස් මත පියාසර කරන්නක්ය කියා.”

    මේ වන තෙක් සෙවුම් සඳහා ඕස්ටේ‍්‍රලියාවට, ඇමරිකාවට, නවසීලන්තයට, චීනයට, ජපානයට හා දකුණු කොරියාවට අයත් නෞකා 12ක් පමණ සහභාගි වෙනවා. 26 වැනිදා ඒ ප‍්‍රදේශයේ මුහුද අති ප‍්‍රචණ්ඩ ස්වරූපයක් ගත්තෙන් සෙවුම් අත්හිටුවන්නට ඔවුන්ට සිදුවුණා.

    මේ මුහුදු ප‍්‍රදේශය නාවිකයන් කවදත් හැඳින්වූයේ කිසිදාක හිතකර කාලගුණයක් නොදකින, උස් වූ ප‍්‍රචණ්ඩ රළ ගහන, නිතරම දරුණු කුණාටු හමන, කලාපයක් ලෙසයි.

    ”මෙහි යමක් තිබුණත් සොයා ගැනීම පහසුවන්නේ නැහැ. එක් අතකට කාලගුණයේ දරුණුකම වගේ ම මෙහි අවට මීදුමත් වැස්සත්, නිසා මුහුදේ ප‍්‍රචණ්ඩ ස්වභාවයට අමතරව පෙනීමත් ඉතාමත් අඳුරුයි” කියා ඕස්ටේ‍්‍රලියාවේ කාලගුණ විද්‍යා කාර්යාංශයේ නීල් බෙනට් පසනවා.

    මෙහි අලූත්ම තත්වය යටතේ මැලේසියානු අගමැති නජීබ් රසාක් මැලේසියානු එම්එච් 370 යානය ඉන්දියානු සාගරයට කඩා වැටෙන්නට ඇතැයි තමන් පිළිගන්නා බව ප‍්‍රකාශ කළා. ඔහු මෙසේ යානය අනතුරට ලක් වූ බව තහවුරු කළේ බි‍්‍රතාන්‍යයේ ඉන්මාසෙට් චන්ද්‍රිකා ආයතනය ලබා දුන් තොරතුරු අනුව යමින්.

    යානයේ සුන්බුන් සොයා ගත් පසුවයි, සිදු වූ දේ ගැන හරියටම නිගමනයකට එන්නට පුළුවන් වන්නේ. යානය හදිසියේ ම ගමන් මග වෙනස් කළේ ඇයි? මෙය සමහර විට ගුවන්යානා ඉතිහාසයේ ලොකුම අබිරහස වීමට ඉඩ තියෙනවා.

    යානයට සිදු වූ දේ ගැන කතා රැසක් තියෙනවා. කඩාකප්පල්කාරී වැඩක්ද? නියමුවකුගේ දිවි නසා ගැනීමක් ද? එසේත් නැත්නම් යාන්ති‍්‍රක දෝෂයක් ද? මේ සියල්ල සැක හැර දැන ගන්නට හැකි වන්නේ යානයේ කළු පෙට්ටිය සොයා ගත්තාට පසුවයි.

    කළු පෙට්ටියේ ඇති සංඥා නිකුත් කරන බැටරිය කි‍්‍රයා කරන්නේ අපේ‍්‍රල් 8 වැනි වන තෙක් පමණයි. ඊට පෙර එය වැටී ඇති තැනට එය සොයා ගැනීම සඳහා අවශ්‍ය විශේෂ උපකරණයය ගෙන යා යුතුයි. දැනට කියන විධියට ඇමරිකාවෙන් යන මෙම විශේෂ උපකරණය එහි ළඟා වීමට නියමිතව ඇත්තේ අපේ‍්‍රල් 5 වැනිදාටයි. කළු පෙට්ටිය වැටී ඇති තැන සොයා ගන්නට ඇත්තේ එතැන් සිට දින තුනක් විතරයි.

    ඒ අතර එහි නියමුවන් ගැනත් විවිධ කතා පළ වෙනවා. අද එහි සහය නියමුවා වූ ෆරික් හමීඞ්ගේ පියා වූ අබ්දුල් හමීඞ් ඔහුගේ පුතු හිතා මතා යානය අනතුරට ලක් කරන්නට ඇතැයි කරන චෝදනාවලට උත්තර දුන්නේ කෝපයෙන්. ”මගේ පුතා ඒ විධියෙ කෙනෙක් නෙමෙයි. මේ තරම් පිරිසක් මරා ගෙන මැරෙන්න තරම් නරක කෙනෙක් නෙමෙයි” ඔහු කියනවා.

    මේ අතර යානයේ ප‍්‍රධාන නියමු සහාරී අහමඞ් ෂාගේ සමීප හිතවතකු වූ නම හෙළි කිරීමට අකමැති වූ තවත් ගුවන් නියමුවෙකු කියා තිබෙනවා, ෂාගේ බිරිඳ ඔහුගෙන් වෙන් වීමට තීරණය කිරීම නිසා ඔහු දැඩි කනස්සලකින් පසු වූ බව. ඔහු එදා යානය මෙහෙයවන්නට සුදුසු මානසික තත්වයක නොසිටි බවයි ඔහු කියන්නේ.

    අනෙක් තැති ගන්වනසුලූ තොරතුර වන්නේ අවසානයට කතා කළ අවස්ථාවේ දී නියමුවා එම්එච් 370 යානය අඩි 43,000ත් 45,000ත් අතර උසකට නැංවීමයි.

    ගුවන්යානා කාර්මික විශේෂඥයන් කියන්නේ, ”යානය මේ තරම් උසකට නංවා මිනිත්තු 23ක් තිස්සේ ගමන් කර තියෙනවා, පහළ මට්ටමකට එන්නට පෙර. නියමු කුටියේ පීඩනය අඩු කළ විට ඔක්සිජන් සංචිතය මිනිත්තු 12කින් අවසන් වී මගීන් සියලූ දෙනාම සිහිමුර්ඡා වීමට ඉඩ තියෙනවා.” කියායි.

    මෙවන් උසක දී වාතය ඉතාමත් තුනී වන නිසා ඔක්සිජන් සපයනු නොලැබුවහොත් එහි දී නියමුවන් ඇතුළු යානයේ සියලූ දෙනාම තත්පර හෝ මිනිත්තු කීපයක් තුළ හයිපොක්සියාවට (hypoxia) හෙවත් ඔක්සිජන් ඌනතාවට ගොදුරු වීමට ඉඩ තියෙනවා. මේ තත්වය ඇති වන්නේ නියමුවකු අතින් කි‍්‍රයා කර නියමු කුටියේ පීඩනය අඩු කළහොත් විතරයි.

    ”සියලූ දෙනාම සිහිමුර්ඡා වූ තත්වයක් යටතේ ස්වයංකී‍්‍රය නියමු පද්ධතිය සකි‍්‍රය කර තිබුණොත් යානය යොමු කර තිබූ දිසාවට එක එල්ලේ ගමන් කොට ඉන්ධන අවසන් වූ පසු කඩා වැටීමට ඉඩ තියෙනවා.” සෙන්ට‍්‍රල් ක්වීන්ස්ලන්ඞ් විශ්ව විද්‍යාලයේ ගගන විද්‍යා අංශයේ ප‍්‍රධානී රොන් බිෂොප් මේ තත්වය විමසමින් කියා තිබෙනවා.

    මේ වන විට ඕස්ටේ‍්‍රලියාව, චීනය හා ප‍්‍රංශය යන රටවල් ද ඔවුන් ලබා ගත් චන්ද්‍රිකා ඡායාරූප මාධ්‍යයට නිකුත් කර තියෙනවා. ඒ හැම එකකින්ම පෙනෙන්නේ යානය ඒ ප‍්‍රදේශයට කඩා වැටී ඇති බවයි. ඒත් තවමත් ඒ ඡායාරූප වලින් දකින එක කැබැල්ලක්වත් හමුවී නැහැ.

    පසුගිය අඟහරුවාදා ඒ ස්ථානයට ගිය ඕස්ටේ‍්‍රලියානු නාවික හමුදාවට අයත් නැවක් එහි පැවති ප‍්‍රචණ්ඩ කුණාටු තත්වය නිසා ඉවතට ගසා ගෙන ගියා. ඒ අවස්ථාවේදී පැවති මුහුදු රළ අඩි 66ක් (මීටර 20ක්) පමණ ඉහළ නැඟි බවයි, එහි නැවියන් කියන්නේ. ඒ නැව යළිත් එහි සෙවුම් සඳහා ආවා. ඒ අතර චීන හිම කඩනනැවක් හා තවත් චීන නාවික හමුදා නැව් දෙකක් සෙවුම් සඳහා එක් වී තියෙනවා.

    ඒ නැව් සොයන්නේ ඔවුන්ගේ ගුවන් යානයකින් දුටු, ඒ යානයේ යැයි සැක කරන මීටර දෙකක් දිග කැබැල්ලක්.

    දැන් යානයේ කළු පෙට්ටිය සොයා ගැනීමට කඩිනමින් කි‍්‍රයා කරන්න සිදු වී තියෙනවා. මැලේසිියානු රජය වෙනුවෙන් මේ ප‍්‍රදේශයේ සෙවුම් මෙහෙයවන ඕස්ටේ‍්‍රලියානු නාවික ආරක්ෂක අධිකාරිය කීවා, කළු පෙට්ටිය සොයන්නට ඇමරිකාවෙන් විශේෂ උපකරණයක් ඔවුන් වෙත එවා ඇති බව. එය හැඳින්වෙන්නේ ‘යූ එස් ටෝඞ් පින්ජර් ලොකේටර්’ (U.S. Towed Pinger Locator) කියලයි. ඒ සමග ‘බ්ලූෆින් - 21’ (Bluefin-21) දියයට කිමිදී ස්වයංකී‍්‍රයව සෙවීම් කළ හැකි ඩ්‍රෝනයක් (drone) හෙවත් කුඩා රොබෝ යානයක් ද එවා තියෙනවා. එයට අඩි 22,000ක් ගැඹුරේ සෙවීම් කළ හැකියි.

    සංඥා ලොකේටරය මගින් ලබා ගන්නා සංඥා පරිගණකයකට ලබාගෙන විශ්ලේෂණය කරනවා. ඉක්පසු කළු පෙට්ටිය ඇති තැන සොයා ගත් පසු ඩ්‍රෝනර කුමුදුව එහි යවනවා.

    මේ උපකරණය දැනටමත් ඕස්ටේ‍්‍රලියානු නාවික හමුදාවට අයත් ‘ඕෂන් ෂීල්ඞ්’ නෞකාවට යා කර ඇති අතර එය කි‍්‍රයාත්මක දිනය තවමත් ඕස්ටේ‍්‍රලියානු නාවික ආරක්ෂක අධිකාරිය විසින් හෙළිදරවු කර නැහැ.

    ඔවුන් විසින් සොයා ගත යුතු ‘කළු පෙට්ටියෙහි’ ඇතුළත් වන්නේ නියමු කුටිය තුළ පටිගත කළ හඬ හා පියසැරි දත්ත වාර්තාව ආදියයි. පසුගිය අඟහරුවාදා මැලේසියාව කීවේ ‘යූ එස් ටෝඞ් පින්ජර් ලොකේටරය’ අපේ‍්‍රල් 5 වැනිදා තෙක් සෙවුම් කලාපයට ගෙන යා නොහැකි බවයි. ඒ අනුව කළු පෙට්ටියේ ඇති බැටරිය අකි‍්‍රය වී යන්නට පෙර එය සොයා ගැනීමට ඇත්තේ ඉතා සීමිත කාලයක් පමණයි.

    මේ වන විට යානයේ සුන්බුන් හමුවෙතැයි බලාපොරොත්තුවෙන් යානයේ ගිය මගීන්ගේ ඥාතීන් ඕස්ටේ‍්‍රලියාවේ පර්ත් නුවර බලා යාමට පටන් අරන්. ඕස්ටේ‍්‍රලියානු රජය ඔවුන්ට නිදහසේ රටට ඇතුළු වීමට අවසර දී තියෙනවා. ඔවුන්ගෙන් වීසා ගාස්තු අය නොකරන බවත් ප‍්‍රකාශ කර තියෙනවා. ඒ වගේම එරට ජනතාවත් එන ආගන්තුකයන් පිළිගෙන නවාතැන් දෙන්න කැමැත්ත පළ කර තියෙනවා.



    Read more: http://www.malkakulu.com/2014/03/mh370_29.html#ixzz2xK1vqUqv
     

    sherlock

    Well-known member
  • Jun 11, 2008
    17,619
    939
    113
    221/B Baker Street London
    MH 370 මැලේසියානු ගුවන් යානයේ අතුරුදහන් වීම සමාජ අර්බුදයක් ලෙස

    MH 370 නම් මැලේසියානු ගුවන් සේවයට අයත් ක්වාලාලම්පූර් සිට බීජිං බලා ගමන් ගනිමින් තිබූ ගුවන් යානය අතුරුදහන් වූයේ මාර්තු 8දා ය. සති දෙකකට වැඩි කාලයකට පසුව පවා මෙම සටහන තබන මොහොතේත් යානයට හා එහි ගමන් ගත් මගීන් හා කාර්ය මණ්ඩලයට අයත් 239 දෙනාට සිදු වූ දෙය අභිරහසකි.

    වින්දිතයන්ගේ හිමිකම් වෙනුවෙන් පෙනී සිටින ජනයා ඉල්ලා සිටින්නේ ගවන් යානයේ හා එහි ගමන් කළ මිනිසුන්ගේ ඉරණම පිළිබඳ සංයුක්ත සාක්කි ය. එහෙත්, මෙම මොහොත වන විටත්, එවැනි භෞතික සාක්කි කිසිවක් සොයා ගැනීමට හැකි වී නොමැත. සෙවීම සිදු වන්නේ චන්ද්‍රිකාවක් මගින් හඳුනා ගන්නා ලද සාධක මත පදනම්ව ය.

    සෙවීම සිදු වන මුහුදු කලාපය ඕස්ට්‍රේලියාව ආසන්නයේ දකුණුදිග ඉන්දියන් සාගරයේ ගැඹුරු හා පාළු සුවිසල් මුහුදු කලාපයක් වන අතර රළු කාලගුණය, අඩි 25,000ක් දක්වා .ගැඹුරු වූ මුහුදු පත්ලේ භූ විෂමතා හා ඉලක්ක ප්‍රදේශයේ සුවිසල්කම නිසා සාක්ෂි සපයා ගැනීම දුෂ්කර වී තිබේ. සාක්ෂි සොයා ගැනීමට අවුරුදු ගණනාවක් ගත වීමට ඉඩ ඇතැයි ද, ඇතැම් විට එය කළ නො හැකි දෙයක් වන්නට ද ඉඩ තිබෙන බව විශේෂයෝ පවසති. ගුවන් යානයේ කළු පෙට්ටියේ බැටරි තවමත් ක්‍රියාත්මකව තිබේ යයි සැලකෙන නිසා එයින් සංඥා ලබා ගැනීම සෙවුම් මෙහෙයුමේ ප්‍රධාන ඉලක්කයයි.

    අනෙක් පැත්තෙන්, කවුරු කුමක් කීවත්, සෙවීමේ මෙහෙයුම අඩාල වී තිබෙන්නේ ආර්ථික හේතු මත ය. විශේෂයෙන් ම මැලේසියාවේ පසුබැස්ම පසුපස තිබෙන්නේ ආර්ථික හේතු ය. මෙම ප්‍රශ්නය දෙස මෙසේ බලන්නට පුළුවන. ගුවන් යානයේ ගමන් කළ පිරිස 239කි. එය ලෝක ජනගහණයෙන් ඉතා සුළු ප්‍රතිශතයකි. එම පිරිස ජීවත් වන බවට තිබෙන සාක්ෂි අවම ය. මිය ගිය බවට සාක්ෂි නො තිබීම නිසා ම එම පිරිස ජීවත් වන්නේ යයි උපකල්පනය කරන්නට ද බැරි ය. එවැනි සංදර්භයක් තුළ පිදුරු ගොඩේ ඉදිකටුවක් සෙවීම වැනි වූ දැවැන්ත මෙහෙයුමකට ධනය, කාලය, ඉන්ධන ආදිය වැය කිරීම හා සෙවුම් මෙහෙයුම්කරුවන්ගේ ජීවිත අනතුරට ලක් කිරීම තේරුමක් ඇති කාර්යයක් නො වේ යයි තර්ක කරන්නට පුළුවන.

    රටවල් අතර සංචාරය කිරීම ඉතිහාසයක් පුරා ම අධික ලෙස අනතුරුදායක ක්‍රියාවකි. රටවල් අතර මුහුදු ගමන් නිසා ඉතිහාසයක් මුළුල්ලේ කෙතරම් නම් ජීවිත සංඛ්‍යාවක් නැති වන්නට ඇද්ද? ගුවන් යානා අනතුරු නිසා ද දහස් ගණනක් මිනිසුන් මිය ගොස් තිබේ.

    අපට සමීප නිදසුනක් ගතහොත්, කොටි සංවිධානය විසින් 1998 සැප්තැම්බර් මාසයේදී මිසයිල ප්‍රහාරයක් මගින් බිම දමන ලද ලයන් එයා මගී ගුවන් යානය පිළිබඳ මෙවැනි සෙවීමක් තිබුණේ නැත.වසර බොහෝ ගණනක් තිස්සේ අනුමානයක් ලෙස පමණක් තිබුණු ලයන් එයා ප්‍රහාරය මෑතදී යළි කරළියට ආවේ කොටි සැකකරුවකු විසින් ප්‍රහාරය පිළිබඳ හෙළිදරව් කරන ලද තොරතුරු සමගයි. ඉන් අනතුරුව මෙම ගුවන් යානය කඩා වැටී තිබුණු මුහුදු ප්‍රදේශය හඳුනාගෙන එම ගුවන් යානය ගොඩ ගැනීමට ද කටයුතු කරන ලදී. කොටි සටන්කරුවා විසින් දෙන ලද තොරතුරු යානය පිහිටි ස්ථානය සොයා ගැනීම පහසු කළේ ය. එසේ ම, එම ‍සොයා ගැනීම් කොටි සංවිධානයේ කෲරත්වය ප්‍රදර්ශනය කිරීමේ දේශපාලන ව්‍යාපෘතියක් වෙනුවෙන් ද උපයෝගී කර ගැනිණි. එම ගුවන් අනතුරෙන් විපතට පත් මගීන් 48දෙනාගෙන් බහුතරය දෙමළ ජාතිකයෝ ය. ඔවුන්ට අමතරව රුසියානුවන් සිව්දෙනෙකු ඇතුළු කාර්ය මණ්ඩලයක් ද මෙම අනතුරින් මිය ගිය හ.

    ක්වාලාලම්පූර් වෙතින් පිටත් වී මලක්කා සමුද්‍ර සන්ධියට ඉහළ අහසේ පියාසර කරමින් සිටියදී 1983දී අතුරුදහන් වූ උපාලි විජ‍ේවර්ධනගේ ලියර් ජෙට් යානය පිළිබඳ ද්‍රව්‍යමය සාක්ෂියක් තවමත් ලැබී නැත. එහි බවට සැක කළ රෝදය ද එම ගුවන් යානය නිපදවන ලද සමාගමේ සාදන ලද එකක් නො වන බව පසුව සොයා ගන්නා ලදී. උපාලි විජේවර්ධන ඇතුළු හත්දෙනෙකුට මරු කැඳවූ මෙම ගුවන් අනතුර සිදු වූ අවස්ථාවේ එය පිළිබඳ සොයන්නට ද ජාත්‍යන්තර මෙහෙයුමක් දියත් විය.

    මැලේසියානු ගුවන් යානය සෙවීමේ දැවැන්ත මෙහෙයුමක් දියත් වන්නේ ද, එම මෙහෙයුම දැවැන්ත ලෝක අවධානයකට ලක් වන්නේ ද කාරණා කීපයක් හේතු කරගෙන ය. ඒවා මෙසේ ය:

    මෙම ගුවන් යානය අතුරුදහන් වීම පැහැර ගැනීමක ප්‍රතිළුලයක විය හැකි බවට අනුමානයක් පළ වීම.
    එම පැහැර ගැනීමට ගුවන් නියමුවා‍ගේ සම්බන්ධයක් තිබේ ය යන අනුමානය.
    ප්‍රධාන ගුවන් නියමුවා වන සහාරි අහමඩ් ෂා හා උප නියමු ෆර්ක් අබ්දූල් හමීඩ් මැලේ මුස්ලිම් ජාතිකයන් වීම හා මුස්ලිම් ජනයා සැක කිරීමේ ලෝක ප්‍රවණතාව.
    ජනමාධ්‍ය විසින් ලොව පුරා ම ජනයා සිද්ධිය පිළිබඳ සංවේදී තත්වයට පත් කිරීම.

    ගුවන් යානය ගැන අභිරහස තවත් ගැඹුරු කරන විද්‍යාත්මක සාක්ෂි රැසක් චන්ද්‍රිකා දත්ත ඇසුරින් හමු විය. ඒ අතර වැදගත් ම කාරණා වූයේ මේවායි:

    ගුවන් යානය සමග සන්නිවේදනය ඇණ හිටීමෙන් පැය හතහමාරකට පසුවත් එය ගමන් කරමින් තිබීම.
    ගුවන් යානයේ ගමන් පථය වෙනස් කිරීම.
    ගුවන් යානය අඩි 45,000ක් ඉහළට එසවූ බවට හා එස උස් මට්ටමේ විනාඩි 23ක් පියාසර කළ බවට සාක්කි තිබීම. (එවන් මට්ටමකදී ඔක්සිජන් හිඟ වී මගීන් හා කාර්ය මණ්ඩලය මිය යන්නට ඉඩ ඇති බව විශේෂඥයෝ පවසති.)

    MH 370 ගුවන් යානයට සිදු වූ දෙය පිළිබඳව අනුමාන රැසක් තිබේ. ඒ අතර ඇති තර්කානුකූල අනුමාන මෙසේ ය:

    කිසියම් නො දන්නා හේතුවක් මත ගුවන් යානය නියමුවන්ගේ පාලනයෙන් ගිලිහී එහි ස්වයං ධාවන පද්ධතිය මගින් ධාවනය වීම. ඇතැම් විට කිසියම් අනතුරක් නිසා ගුවන් නියමුවන් ධාවන පථය වෙනස් කර හදිසි ගොඩබැස්මකට සූදානම් වූවා විය හැකි ය.
    ගුවන් නියමුවන් හෝ වෙනත් අය විසින් සිතාමතා ම යානය අනතුරට ලක් වන ක්‍ර‍ියාවක යෙදීම. මේ අතර පැහැර ගැනීම, මරාගෙන මැරීම, ත්‍රස්ත හෝ සයිබර් ප්‍රහාර ආදිය තිබෙන්නට පුළුවන.
    යාන්ත්‍රික දෝෂයක්.

    කවුරුත් බලාපොරොත්තු වන්නේ මේ අභිරහස විසඳා ගැනීමයි. ඇත්තම කියනවා නම් ලෝකයට මේ ජීවිත 239 මහා දෙයක් නො වේ. අභිරහස විසඳා ගැනීම ඔවුන්ට ඊට වඩා වැදගත් ය. මේ ලියන මොහොතේත් දිළිදුකම ආශ්‍රිත හේතු නිසා ඊට වඩා මිනිසුන් මිය යමින් සිටියදී ඒ ගැන අසංවේදී ලෝකයක ය.

    මෙම අභිරහස විසින් එක් පැත්තකින් මිනිසාගේ අයෝමය බලය අභියෝගයට ලක් කර තිබේ. ඔහුගේ නවීන විද්‍යාත්මක හාස්කම් පසෙක තිබියදී තවමත් සොබා දහම යනු ඔහුට කෙතරම් සුවිසල් අභියෝගයක් ද යන්න මෙමගින් පසක් කර දී තිබේ.

    අනෙක් පැත්තෙන් මිනිස් ස්වභාවය නම් අභිරහස සියලු අභිරහස් අභිභවන බවට ද මෙම සිද්ධිය සාක්කියකි. ගුවන් නියමුවන් සිතා මතා සන්නිවේදනය නවතා දැමුවා ද? සිතා මතා අධික උසකට යානය ඉහළ නැංවූවා ද? සිතා මතා ගමන් පථය වෙනස් කළා ද? සිය දිවි නසා ගන්නට උත්සාහ කළා ද? කඩාකප්පල් ක්‍රියාවක නියැලූණා ද? එහෙම කළා නම් එහෙම කළේ ඇයි?

    මෙම සිද්ධිය විසින් එක පැත්තකින් නවීන විද්‍යාවේ චන්ද්‍රිකා තාක්ෂණය වැනි අංශ වෙත ලෝක අවධානය යොමු කරද්දී තවත් පැත්තකින් ජ්‍යෝතිෂඥයන් වැනි විද්‍යාවේ අනෙක් පැත්ත නියෝජනය කරන බලවේග ද ක්‍රියාත්මක වනු දක්නට ලැබිණි. ලංකාවේ ද ඇතැම් පත්තරවල මෙම ජ්‍යෝතිර් විශ්ලේෂකයන්ගේ විග්‍රහ පළ වී තිබිණි.

    මේ අතර සමාජ ජාල වෙබ් අඩවිවල දක්නට ලැබුණු තවත් සුවිශේෂ දෙයක් වන්නේ අතුරුදහන් වූ ගුවන් යානය පිළිබඳ ව්‍යාජ තොරතුරු ය. ඒවායේ ප්‍රධාන අරමුණ වුණේ වානිජ හා වෙනත් ඉලක්ක වෙනුවෙන් තමන්ගේ වෙබ් අඩවිය වෙත පාඨකයන් ආකර්ශනය කර ගැනීමයි. කෙනෙකුගේ විපත තවත් අයට විවිධාකාරයෙන් අදාළ වන හැටි!

    (ජනරළ 2014 - 03 - 30)

    w3 lanka
     

    sherlock

    Well-known member
  • Jun 11, 2008
    17,619
    939
    113
    221/B Baker Street London
    MH370 යානයේ වියහැකි තවත් කැබලි


    යානය අතුරුදහන් වී මේ වන විට සති තුනක කාලයක් ගතවී ඇත
    නව සාගර කලාපයක සෝදිසි මෙහෙයුම් කරන චීන ගුවන් යානයක් විසින් අතුරුදහන් වූ මැලේසියානු ගුවන් යානයේ යැයි සැක කළ හැකි තවත් කැබැලි ගණනක් දැක තිබේ.

    සිකුරාදා ඕස්ට්‍රේලියානු නිලධාරීන් විසින් ගුවනේ සිට දුටු බව කියැවුණු ඉන්දීය සාගරයේ තිබුණු කැබලි සෙවීම සඳහා චීන නැව් දෙකක් පරීක්ෂණ මෙහෙයවමින් සිටිති.

    මේ ප්‍රදේශයේ සෝදිසි මෙහෙයුම් සිදු කරන ගුවන් යානා සංඛ්‍යාව අට දක්වා ඉහල නංවමින් තවත් මැලේසියානු ගුවන් යානා දෙකක් මේ නව මෙහෙයුමට එක්වී සිටියි.

    එසේවුවද සවස් භාගය වන විට වර්ෂාව හේතුවෙන් මෙහෙයුම් වලට බාධා ඇතිවීමට ඉඩ තිබෙන බවයි කාල ගුණ විද්‍යා නිලධාරීන් පවසන්නේ.

    මගීන් 239 ක් රැගත් MH370 යානය අතුරුදහන් වී මේ වන විට සති තුනක කාලයක් ගතවී ඇත.


    bbc
     

    sherlock

    Well-known member
  • Jun 11, 2008
    17,619
    939
    113
    221/B Baker Street London
    අතුරුදන්වූ MH370 මැලේසියානු ගුවන් යානයේ සුන් බුන් අද ගොඩබිමට.

    පුද්ගලයන් 239 දෙනෙකු සමග පසුගිය මාර්තු 8 වැනිදා ගුවනේදී අතුරුදන්වූ මැලේසියානු ගුවන් යානය මුහුදට කඩා වැටී ඇත්ද යන්න ඉදිරි පැය 48 තුළ නිශ්චිතවම තීරණය කිරීමට හැකිවනු ඇතැයි විදෙස් වාර්තා සඳහන් කළා.

    ඒ, නව නිරීක්ෂණ කලාපයෙන් ගුවන් යානයේ බවට සැක කෙරෙන සුන්බුන් අද ප‍්‍රථම වරට ගොඩබිමට රැුගෙන ඒමට සැළසුම් කිරීම හේතුවෙන්. නිරීක්ෂණ ගුවන් යානා මගින් ඉන්දීය සාගරයේ දකුණු දිග ප‍්‍රදේශයෙන් සුන්බුන් රැුසක් ඊයේ (28) නිරීක්ෂණය කර තිබෙනවා.

    ගුවන් යානයේ බවට සැක කරන සුන්බුන් සොයා චීන සහ
    ඕස්ටේ‍්‍රලියානු නෞකාද අද එම ප‍්‍රදේශයට ළඟාවීමට නියමිතයි. ඕස්ටේ‍්‍රලියාව, චීනය, ජපානය, නවසීලන්තය, දකුණු කොරියාව සහ ඇමරිකා එක්සත් ජනපදය යන රටවල නිරීක්ෂණ ගුවන් යානා 10 ක් ගුවන් නිරීක්ෂණ කටයුතුවලට එක්ව සිටිනවා.

    lankagossipgirl
     

    sherlock

    Well-known member
  • Jun 11, 2008
    17,619
    939
    113
    221/B Baker Street London
    MH370 මැලේසියානු යානය ඇමරිකාව පැහැරගෙන මුහුදේ ගිල්වා දමලා
    March 31, 2014 at 12:01 am | lanka C news
    MH370 මැලේසියානු යානය ඇමරිකාව පැහැරගෙන මුහුදේ ගිල්වා දමලා
    මැලේසියානු ගුවන් සේවයට අයත් MH370 ගුවන් යානය අතුරුදන් වීමේ සිදුවීම පසුපස ඇමරිකානු කුමන්ත‍්‍රණයක් ඇති බවට මතයක් පළවී ඇත.

    ඇෆ්ගනිස්ථානයෙන් ඇමරිකානු හමුදා ඉවත් වෙමින් සිටින අතර පෙබරවාරි මාසයේ දිනයකදී නියමු රහිත ඩ්‍රෝන යානා මෙහෙයුම් සහ පාලන මධ්‍යස්ථානයක් තලේබාන් සටන්කාමීන් විසින් අත්පත් කරගෙන ඇතැයි පැවසේ.

    ටොන් 20ක් බරැති එම මධ්‍යස්ථානයේ උපකරණ තොගය පෙට්ටි 6ක අසුරා ප‍්‍රවාහනය කරමින් සිටියදී ඇමරිකානු සීල් භටයින් දෙදෙනෙකු මරා දමමින් මෙලෙස අත්පත් කරගෙන ඇති අතර එය විකුණා දැමීමේ අරමුණින් රුසියාව සහ චීනය අමතා තිබේ.

    යුක්රේන අර්බුදය මැද සිටින රුසියාව එ් වෙත උනන්දුවක් නොදක්වා ඇති නමුත් ඇමරිකානු තාක්ෂණය අත්පත් කරගැනීමේ පිපාසයෙන් සිටින චීනය ඉහළ පෙළේ ආරක්ෂක විද්‍යාඥයින් 8 දෙනෙකු ඇෆ්ගනිස්ථානය වෙත යවා ඇතැයි පැවසේ.

    ඔවුන්ගේ මැදිහත්වීමෙන් එම භාණ්ඩ තොගය මැලේසියාව කරා රැගෙනැවිත් ඇති අතර මැලේසියාවේ සිට චීනයට යන සිවිල් ගුවන්යානයකින් එම භාණ්ඩ රැගෙන යාම ආරක්ෂිතම මාර්ගය ලෙස සලකා ඇත.

    කෙසේවෙතත් මේ වන විට ඊශ‍්‍රායල ඔත්තු සේවා සහයෝගයෙන් මෙහෙයුම් පද්ධතිය ඇති ස්ථානය සොයාගෙන ඇති ඇමරිකාව චීනය බලා යන MH370 යානයට ඇමරිකානු සහ ඊශ‍්‍රායල නිලධාරීන් 5ක කණ්ඩායමක් යොදවා තිබේ.

    මෙහෙයුම් සහ පාලන මධ්‍යස්ථානය චීනයට ලබාගත හැකිවූවා නම් ඇමරිකාව සතු ඩ්‍රෝන තාක්ෂණය සම්පූර්ණයෙන්ම පාහේ පලක් නොමැති වී යනු ඇත.

    යානය වියට්නාම් ගුවන් සීමාවට ඇතුළු වෙත්ම ඇමරිකානු නිලධාරියෙකු බෝයිං යානාවල ඇතුළු කර ඇති පද්ධතිය භාවිතයෙන් යානය දුරස්ථ පාලනයට ලක්කර ඇති අතර යානය බටහිරට ගමන් කර මාලදිවයිනට ගොඩබස්වා තිබේ.

    එහිදී ඉන්ධන ලබාගැනීමෙන් පසුව දියාගෝ ගාර්ෂියා දිවයිනට ගොස් භාණ්ඩ තොගය සහ යානයේ කළු පෙට්ටිය ඉවත් කරගැනීමෙන් පසුව යානය නැවත ගුවන්ගත කරවා ඉන්දියන් සාගරයේ ගිල්වා ඇතැයි මෙම මතයෙන් දක්වා තිබේ.
     

    sherlock

    Well-known member
  • Jun 11, 2008
    17,619
    939
    113
    221/B Baker Street London
    කඩාවැටුණු ගුවන් යානයත් සමග කතාබහට ලක්වුණ සිමියු‍ලේටරය කියන්නේ මොකක්ද?

    Written By Janith Dilshan on Sunday, March 30, 2014 | Sunday, March 30, 2014


    ලාංකික සමාජයේ එතරම් භාවිතා නොකරන ඉංග්‍රීසි වදනක් වූ ඉඪථභතචබධප යන්නට “මලලසේකර ශබ්ද කෝෂයේ ලබා දී ඇති සිංහල අර්ථය “අනුකාරකය” යන්නයි.

    මෙකී අනුකාරකය නොහොත් සිමියු‍ලේටරය පිළිබඳ ශ්‍රී ලංකාවේ පමණක් නොව මුළු ලෝකයේම අවධානය යොමුවීමට පසුගියදා මගීන් 239 දෙනකු සමග අතුරුදන් වූ මලයාසියානු ගුවන් යානය හේතු වූයේ, එම යානයේ නියමු අහමඩ් ෂා ගේ නිවසේ සවිකර තිබූ සිමියු‍ලේටරයක් නිසාය. අහමඩ් ෂා සතුව තිබූ එම සිමියු‍ලේටරයේ ශ්‍රී ලංකාව ඉන්දියාව ඇතුළු රටවල් ගණනක ඇති ගුවන් පථවල දත්ත තිබි සොයා ගැනීම නිසා එම සිමියු‍ලේටරය බොහෝ දෙනාගේ අවධානයට ලක්විය.
    වර්තමාන සිමියු‍ලේටරයක ගුවන් යානයක නියමු කුටිය තුළ ඇති වායුපීඩනය, උෂ්ණත්වය ආදී පරිසර තත්ත්වයන් පමණක් නොව පාලක පුවරු, මානක උපකරණ ආදී සියලුම දේ දක්නට ඇත. නියමු කුටියක සරල ආකෘතියක් බඳු සිමියු‍ලේටරය වර්තමානයේ ගුවන් නියමුවන් පුහුණු කිරීමට යොදා ගන්නා අත්‍යවශ්‍ය අංගයකි.
    ලොව පළමු ගුවන් යානය නිපදවා වසර කිහිපයක් තුළ පළමු සිමියු‍ලේටරයද නිපදවා ඇත. ඒ 1909 තරම් ඈත කාලයේදී ඉතා රළු උපකරණයක් වූ මෙම සිමියු‍ලේටරය ස්ථානගත කර තිබුණේ අඩක් කැපූ බැරලයක් තුළ වීම නිසා මෙම සිමියු‍ලේටරය ඕචපපඥත ඊපචඪදඥප යනුවෙන් හඳුන්වා ඇත. මෙම වර්ගයේ ලොව ඉතිරිව ඇති එකම සිමියු‍ලේටරය ප්‍රංශයේ ඒඪප ඕභඵ ආයතනය සතුව පවතී.
    1914-18 කාලයේ පැවැති පළමු වන ලෝක සංග්‍රාමය නිසා සිමියු‍ලේටර් නිපදවීම ඉහළ ගිය බව වාර්තා වේ. 1915 දී නිපදවූ භ ඬ ඊපචඪදඥප නම් සිමියු‍ලේටරය දියුණු චලන රටාවකින් සමන්විත වූ බැවින් එය ර්ධමඪදඨ ඛිධඬනජබ
    යනුවෙන්ද හඳුන්වා ඇත. 1917 භඵ අධඨඨතඥඵ පඪඥදබචබධප සිමියු‍ලේටරය නිපද වූ අතර එය මුල් යුගයේ දියුණුවේ අවස්ථාවක් වූවකි.
    1929 දී ඇමෙරිකානු ජාතික එඩ්වින් ලින්ක් නිපදවූ ඹ්ඪදඬ ඊපචඪදඥප නම් සිමියු‍ලේටරය අදටත් ඇතැම් රටවල භාවිතා වෙයි. පහසු හැරවීම සහ තටු දෙපසට ඇල කිරීමටද හැකියාව ඇති මෙම සිමියු‍ලේටරය එය නිපදවූ මුල් යුගයේ එතරම් අවධානය දිනා නොගත් එකකි. එහෙත් ඇමෙරිකානු යුද හමුදා ගුවන් ඒකකයේ නියමුවන් 12 දෙනකු එක සතියක් තුළ ගුවන් අනතුරුවලින් මියයෑම නිසා ඇමෙරිකානු යුද හමුදාව ඹ්ඪදඬ ඊපචඪදඥප සිමියු‍ලේටර් 6 ක් එකවර මිලදී ගෙන තිබේ.
    1939 - 1948 අතර පැවැති ලෝක යුද්ධයේදී සිමියු‍ලේටර් සඳහා ඉහළ ඉල්ලුමක් ඇතිවුණි. යානා සීමිත බැවින් පුහුණු කිරීම් සඳහා සිමියු‍ලේටර් වැඩිපුර යොදා ගෙන තිබේ. මිත්‍ර පාක්ෂික හමුදා සඳහා පමණක් ඹ්ඪදඬ ඊපචඪදඥප සිමියු‍ලේටර් දස දහසක් අලෙවි වූ බවත්, එමගින් නියමුවන් ලෙස ලක්ෂ 5ක් පුහුණු ලැබූ බවත් වාර්තා වෙයි.
    1948 වසරේදී බෝයිං යානා ඉලක්ක කර සිමියු‍ලේටර් නිපදවීම ආරම්භ කර තිබේ. බොයිං 377 යානා වෙනුවෙන් නිපදවූ ඛිභපබඪඵඵ වර්ගයේ සිමියු‍ලේටර් ඉතා ජනප්‍රිය විය. මේ වර්ගයේ
    පළමු සිමියු‍ලේටරය ඒව්ඒර් ගුවන් සේවය මිලදී ගත් අතර මගී ගුවන් සේවාවක් සිමියු‍ලේටරයක් මිලට ගත් පළමු අවස්ථාව එය බව පැවැසේ.
    1948 දී බෝයිං යානා සඳහා නිපදවූ මෙම සිමියු‍ලේටරය 1954 දී ශබ්දය, දෘශ්‍ය සීමා ඇතුළත් කර වැඩිදියුණු කරන ලද අතර පරිගණක ගත පාලන ක්‍රමද ඊට එක් කරන ලදී. මෙම නවීකරණය කරන ලද සිමියු‍ලේටරය වර්තමාන සිමියු‍ලේටර්හි මුල් අවස්ථාව ලෙස සලකනු ලබයි. 1977 පමණ වන විට පරිගණක මෘදුකාංග යොදා සිමියු‍ලේටර් නිෂ්පාදනය වඩාත් දියුණු කරනු ලැබිය. 1980 පමණ වන විට සිමියු‍ලේටරයක් පැදවීම ගුවන් යානයක් පැදවීමට බෙහෙවින් සමාන වන තැනට පත්විය.
    වර්තමානයේ සිමියු‍ලේටරය සතු පරිගණක පද්ධතියට විවිධ දත්ත ඇතුළත් කර එකී දත්තවලට අනුගත පරිදි පුහුණු විය හැකිය. අධික වැසි සහිත විට උඩු ගුවනින් ඇතිවන තත්ත්වයත්, රළු කඩතොළු සහිත ගුවන් යානයකට ගොඩබෑමේදී ඇතිවන තත්ත්වයත් නූතන සිමියු‍ලේටරයක් තුළ සිට ඔබට අත්විඳිය හැක. බොහෝ ගුවන් තොටු‍පොළවල් සිය ධාවන පථ ආශ්‍රිත තොරතුරු ජනගත කර ඇති අතර ඒවා එම සිමියු‍ලේටරයට යොදාගෙන එකී ධාවන පථවලට ගොඩ බැසීමේදී ඇතිවන තත්ත්වයන්ට මුහුණ දීමට ආධුනික නියමුවන්ට හැකියාව ලැබෙයි.
    වාණිජ නියමු බලපත්‍ර දරන සෑම නියමුවෙකුම වසරකට හෝ වසර කිහිපයකට වරක් සිමියු‍ලේටර් ආශ්‍රිත පුහුණුවට සහභාගි විය යුතුය. මෙමගින් තම ශාරීරික යෝග්‍යතාව මැන ගැනීමට මෙන්ම තම කාර්යක්ෂමතාව ගැන අවබෝධයක් ලබා ගැනීමටද ඔවුනට හැකි වෙයි. පෞද්ගලික නියමු බලපත්‍ර සහිත නියමුවන් පවා සිමියු‍ලේටර් ආශ්‍රිත පුහුණුව අනිවාර්යයෙන් ලබයි. උඩු ගුවනේ යානාවක් තනිව හසුරුවන්නට පෙර ගොඩබිම සිට ලබනා සිමියු‍ලේටර් පුහුණුව නිසා නියමු පුහුණුවේ අවදානම අවම වන බව පියාසර පුහුණුකරුවෝ පවසති. ලොව ජනප්‍රිය ඒඪප ඡභඵ, ඕධඪදඨ වැනි ගුවන් සමාගම්වල යානා වෙනුවෙන්ම නිපදවූ සිමියු‍ලේටර් මෙන්ම ‍පොදුවේ භාවිත කළ හැකි සිමියු‍ලේටර්ද වර්තමාන වෙළෙඳ‍පොළේ දැකගත හැක.
    ප්‍රහාරක යානා සඳහා සකස් කර තිබෙන සිමියු‍ලේටර් චලන හැකියාවෙන් වඩාත් ‍පොහොසත්ය. මුළුමනින්ම උඩු යටිකුරු වන ආකාරයේ චලනයක් සහ වඩාත් වේගවත් ක්‍රියාකාරීත්වයක් සතු මෙකී සිමියු‍ලේටර් ප්‍රහාරක නියමුවන් පුහුණු කිරීමේදී යොදා ගනී. ගුවන් නියමුවෙකු වීමට සිහින දකිනා බහුතරයක් සිය පළමු අත්දැකීම ලබනුයේ සිමියු‍ලේටරයක් තුළදීය. එබැවින් අධිතාක්ෂණික ගුවන් යානාවලට සමාන්තරව අධිතාක්ෂණයෙන් යුත් සිමියු‍ලේටර්ද අනාගතයේදී බිහිවනු ඇත.

    - See more at: lankagossipgirl.com