Malinda Pushpakumara ඊළග_මුරලි

ROCCO-X

Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK
    පළමුපෙල හොදම දග පන්දු යවන්නා ලෙස නම් දරා සිටින දග පන්දු යවන ක්‍රීඩක මලින්ද පුෂ්පකුමාරට තවමත් ජාතික කණ්ඩායමේ අවස්තාව නොලැබීම පිළිබද සමාජජාලා මාධ්‍යවල අතිශයෙන් කතා බහට ලක්ව තිබුනා.

    හලාවත මේරීයන්ස් කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කරන මලින්ද පුෂ්පකුමා‍ර මේ වන විට පළමු පෙළ තරඟ 99 කට ක්‍රීඩා කර දවාගෙන ඇති කඩුළු සංඛ්‍යාව 558 ක්. පළමු පෙළ කඩුළු 500ක් ඉක්මවූ පන්දු යවන්නන් අතලොස්ස අතරට එක් වූ මලින්ද තවමත් ජාතික කණ්ඩායමේ වරම් හිමිකරගෙන නැති වීම පුදුමයට කරුණක් බව සමාජජාලා වල අදහස් ලියවී තිබුනා.

    2016/17 වර්ෂයේදී හලාවත මේරියන්ස් කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කරමින් දවා ගැනීම් 77ක් සිදු කිරීමට මලින්දට හැකිව තිබෙන අතර මේ වසරේ දීත් සුපුරුදු ලෙසම පළමු පෙළ තරග වල වැඩිම කඩුළු ලාභියා වීමට ඔහුට හැකිව තිබේ. පළාත් ක්‍රිකට් තරඟාවලියේද වැඩිම කඩුලු ලාභියා වෙමින් මේ වසර තුළ ඔහු ක්‍රීඩා කළ පළමු පෙළ තරඟ 11ට කඩුලු 100ක් දවාලීමට ඔහු සමත්ව ඇත.

    කෙසේ නමුත් මාධ්‍යවේදියෙකු තෙරීම් කමිටු සභාපති සනත් ජයසූරීයගෙන් මාලින්ද පිළිබදව සමාජජාලා මාධ්‍යවල අදහස් දැක්වෙන බවත් ඔහුට ජාතික කණ්ඩා‍යමේ අවස්තාවක් ලබා නොදෙන්නෙ ඇයිදැයි ඇසු වීට එයට පිළිතුරු දෙමින් සනත් ජයසූරීය ප්‍රකාශ කලේ 'එම ක්‍රීඩකයාට අවස්තාවක් ලබා දීමට හැකි නොවීම පිළිබද තමන් දුක්වන බවත් ලගදීම අවස්තාවක් ලබා දීමට බලාපොරොත්තුවෙන් සිටින බවත්' ය.

    මලින්ද පිළිබද සමාජජාලා වල පලවූ අදහස් කිහිපයක් පහතින්



    19895019_323286351451098_659173368112057786_n.jpg


    19748550_321017981677935_1915416366010499627_n.jpg


    19748584_321632714949795_5483005219253704326_n.jpg


    19748536_322191068227293_5293601514154127711_n.jpg