ජය මංගල ගී තාලෙට පිඹ පිඹ බටදඬු නලා
ජයපැන් බොන සෙබර රැලක් විලසට හඬ තල තලා
රසකර මම පවසන්නෙමි මිණි කිංකිනි සොලවලා
අසනු මැනවි අසනු මැනවි අසනු මැනවි තුටු වෙලා
පරයන ඉඳුණිල් කැට දෙනෙතෙහි ඇති කැල්මට
වසඟ නොවන්නේ කවුරුද නෑනගෙ එක බැල්මට
මම කැමතියි නෑනට නෑනා කැමති නෑ මට
මම කැමතියි නෑනට නෑනා කැමති නෑ මට
මැල්ලුමකට වෙල් පලා නෙලන්න සිහිනිග සලා
යනවිට රණ මොණරිවගේ මගෙ හදවත කුල්මත් කලා
මම කැමතියි නෑනට නෑනා කැමති නෑ මට
මම කැමතියි නෑනට නෑනා කැමති නෑ මට
පොත් ටික තුරුලට අරන් මුව මද හසරැලි පෙරන්
පාසල් යන දෙවට දිගේ නෑනා මගෙ රත්තරන්
මම කැමතියි නෑනට නෑනා කැමති නෑ මට
මම කැමතියි නෑනට නෑනා කැමති නෑ මට
අඬසඳ වන් නළලතේ චන්දන තිලකය ඇතේ
රිකිපිල වැනි කෙස් කළඹට කිතුල රැහැන පැරදෙතේ
මම කැමතියි නෑනට නෑනා කැමති නෑ මට
මම කැමතියි නෑනට නෑනා කැමති නෑ මට
මුහුදෙහි රල පෙලගැසී ගමන සඳිසි යන ලැසී
ඇගෙයි මගෙයි ආදරයට ආසිරි මල් වැසි වසී
මම කැමතියි නෑනට නෑනා කැමති නෑ මට
මම කැමතියි නෑනට නෑනා කැමති නෑ මට
නැහැඹුල් හද කිතිකැවී නව රස දුන් සරසවී
මගෙ දුප්පත් පැලේ ඉන්න එනවද මදුමාදවී
මම කැමතියි නෑනට නෑනා කැමති නෑ මට
මම කැමතියි නෑනට නෑනා කැමති නෑ මට
ඔබෙන් ලැබෙන තොත්තුවේ රසයට හද පත්තු වේ
කිරියි පැණියි වගේ ඉන්න එනවද මගෙ වස්තුවේ
මම කැමතියි නෑනට නෑනා කැමති නෑ මට
මම කැමතියි නෑනට නෑනා කැමති නෑ මට
කරදර බාධක මැද්දේ දිවි ගඟ පහලට ඇද්දේ
ගල්පර දැක පෙරමුනේ මොන නදියද නැවතුනේ
මම කැමතියි නෑනට නෑනා කැමති නෑ මට
මම කැමතියි නෑනට නෑනා කැමති නෑ මට
හසරැලි නැත්තන් මුහුනේ සිතුවිලි ලස්සන නැහැනේ
වේදනාව නැති ලොවේ ජීවිත රසවත් නොවේ
මම කැමතියි නෑනට නෑනා කැමති නෑ මට
මම කැමතියි නෑනට නෑනා කැමති නෑ මට
ගන්නට ඔබ වාඩුවක් නැහැ මට ඉන් පාඩුවක්
හදමුද අපි කූඩුවක් වෙමුද පරවි ජෝඩුවක්
මම කැමතියි නෑනට නෑනා කැමති නෑ මට
මම කැමතියි නෑනට නෑනා කැමති නෑ මට