Man Mulaa Wee | මං මුලා වී...

Mindada hee sara..

Well-known member
  • Dec 1, 2009
    2,746
    538
    113
    මහරගම
    lyricsmanmulaawee.jpg


    මං මුලාවී පාර හොයාගෙන
    හසරක් අසමින් යන ගමනේ
    මං මුලාවූ සමනළියකගෙනි
    පාර අසා තිබුනේ...

    ඇයත් නොදන්නිය ඇය යන මානය
    උන්හිටි තැන් මතකයේ අඩමානය
    පාර කියන්නේ කෙලෙසද මා හට
    ඇයටද පාරක් ඇති නැති ගානය

    අප හමුවූයේ මන්දැයි නොදනිමි
    පාර ඇසූයේ ඇයිදැයි නොකියමි
    අපේ ගමන අද නවතනු හැකිනම්
    අප යන ගමනද අද මෙතැනින් නිමි

    හඩ : ගුණදාස කපුගේ
    පද: සුනිල් ආරියරත්න
    නද: ගුණදාස කපුගේ


    වෙලා තියෙන වෙලාවක ගිහින් බලන්න...

     
    • Like
    Reactions: agrmrs