Man shoots, kills singer Christina Grimmie

hemalsilva

Well-known member
  • Oct 16, 2006
    16,039
    2,687
    113
    Paraguay
    ඇමරිකානු ගායිකා ක්‍රිස්ටිනා ග්‍රිමී වෙඩිතබා මරා දමයි

    473655668-singer-christina-grimmie-performs-at-macys-gettyimages.jpg


    'ද වොයිස්' නමැති ඇමරිකානු රුපවාහිනී වැඩසටහනේදී තරඟ වැදුණු ගායිකා ක්‍රිස්ටිනා ග්‍රිමී සංදර්ශනයක් අවසානයේ ඕලන්දෝ හි දී වෙඩි පහරකට ලක්වූ අතර තුවාල ලැබූ ඇය රෝහල් ගත කිරීමෙන් පසු මිය ගිය බව ෆ්ලොරිඩා පොලීසිය පවසයි.

    ඇය රසිකයන්ගේ සමරු පොත් වල සටහන් තබමින් සිටිද්දී තුවක්කුකරුවකු විසින් ඇයට වෙඩි තබා ඇත.

    ග්‍රිමී ගේ සොහොයුරා විසින් තුවක්කුකරු මෙල්ලකරගත් නමුත් පසුව ඔහු වෙඩි තබාගෙන සියදිවි හානිකරගත් බවයි වාර්තා වන්නේ.

    වයස 22 ක් වන ක්‍රිස්ටිනා ප්‍රදේශයේ රෝහලක දී මිය ගියාය.

    වසර 2014 දී 'ද වොයිස්' වැඩසටහනේ හයවන වැඩසටහන් මාලාවේ තරඟ වට හයකින් තුන්වන වටය දක්වා අවසන් කිරීමට ක්‍රිස්ටිනා සමත්වූවාය.

    ක්‍රිස්ටිනා ග්රිමී නව යොවුන් තරුණියක් ලෙස 2011 දී 'ෆයින්ඩ් මී' ගීත ඇල්බමය ඔස්සේ ගීත ගායනයට පැමිණි අතර ඇගේ ගායනා යූ ටියුබ් සමාජ මාධ්‍ය ජාලයේ අතිශය ජනප්‍රිය වී තිබේ.

    488972400-singer-christina-grimmie-performs-onstage-at-gettyimages.jpg


    ඕලන්දෝ හි ප්ලාසා ලයිව් රඟහළේ දී සිකුරාදා රාත්‍රී 10.45 ට පමණ ඇය වෙඩි පහරට ලක් වූ අතර ප්‍රහාරකයාගේ නම ප්‍රකාශයට පත්වී නොතිබුණි.

    මේ අතර ඇගේ මරණය නිල වශයෙන් වාර්තා කර තිබූණේ ක්‍රිස්ටිනා ග්‍රිමී ගේ ප්‍රචාරක කළමනාකාරවරයා විසින්.

    ප්‍රහාරකයා අත ගිනි අවි දෙකක් තිබී ඇති අතර ග්රිමීගේ සොහොයුරා ක්ෂණිකව ඔහු මෙල්ල කර ගැනීමට සමත්වී ඇත. නමුත් පොරබැදීම මධ්‍යයේ ඔහු වෙඩි තබාගෙන සිය දිවි හානිකරගත් බවයි පොලීසියේ ප්‍රකාශක වන්දා මිග්ලියෝ පවසන්නේ.

    ග්රිමීගේ සොහොයුරාගේ වීර ක්‍රියාව නිසා සෙසු පිරිසගේ ජීවිත බේරුණු බවද පොලීසිය පැවසුවේය.

    BBC