බොහෝ දිස්ත්‍රික්කවල එජාප අපේක්ෂකයින් දිස්ත්‍රික්කයේ වැඩිම මනාප ප්‍රතිශතයද දිනා ගත්තේය. ඒ අතුරින් හම්බන්තොට රාජපක්ෂවරු ත්‍රිත්වයකට එදිරිව එජාපය මෙහෙයවූ සජිත් ප්‍රේමදාස මැතිතුමා පිට පිට සිව්වන වතාවටත් වාර්තාගත 89.69%ක මනාප ප්‍රතිශතයක් ලබා ගනිමින් දිවයිනේ වැඩිම මනාප ප්‍රතිශතලාභියා බවට පත්විය. කොළඹ දිසාවේ වැඩිම මනාප ප්‍රතිශතයට රනිල් වික්‍රමසිංහ මහතා උරුමකම් කියද්දී, ගාල්ලෙන් ගයන්ත කරුණාතිලක, මාතරින් බුද්ධික පතිරණ, කුරුණෑගලින් දයාසිරි ජයසේකර, පුත්තලමින් පාලිත රංගේ බණ්ඩාර, මාතලෙන් වසන්ත අළුවිහාරේ, රත්නපුරයෙන් තලතා අතුකෝරාළ, දිගාමඩුල්ලෙන් මොහොමඩ් හාරිස්, මඩකළපුවෙන් බෂීර් සේගු ඩාවුඩ් හා වන්නියෙන් නූර්ඩීන් මෂූර් යන මන්ත්‍රීවරුන් ස්වකේය දිස්ත්‍රික්කයන්හී වැඩිම මනාප ප්‍රතිශත ලාභියා බවට පත්ව ඇත.