Mara ට එරෙහිව ලංගමය නඩු මගට
පසුගිය ජනාධිපතිවරණයේ රැලි සඳහා මහින්ද රාජපක්ෂ මහතා විසින් ජනතාව ප්‍රවාහනය කිරීමට ලංකා ගමනාගමන මණ්ඩලයේ බස් රථ අයථා ලෙස යොදවාගෙන රුපියල් ලක්ෂ 1425ක ගාස්තු නොගෙවීම පිළිබඳව ලංගම සේවකයින්ගේ දැඩි විරෝධය එල්ල වී තිබේ. දැඩි ලෙස පාඩු ලබමින් තිබෙන ලංගමයේ සේවකයින්ගේ මාසික වැටුප නිසි පරිදි ගෙවීමට නොහැකිව තිබියදී මේසා විශාල මුදලක් අය කරගැනීමට ක්‍රියා කළ යුතු බව වර්තමාන ප්‍රවාහන ඇමතිවරයාට දැඩි බලපෑම් එල්ල වී ඇත.
වෘත්තීය සමිති සහ එම මණ්ඩලයේ ඉහළ කළමණාකාරීත්වයෙන් එල්ල වෙමින් තිබෙන බලපෑම හමුවේ ප්‍රවාහන අමාත්‍යවරයා ප්‍රකාශ කර ඇත්තේ එම මුදල් අය කර ගැනීම සඳහා හිටපු ජනාධිපතිවරයාට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගැනීම කෙරෙහි අවධානය යොමු කර ඇති බවය.
- LT