හැමෝටම සුබ දවසක් වේවා.ආපහු කාලෙකට පස්සෙ නං නෙමෙයි..මොකද මේ ළඟදීම තමා අපි කලින් ට්‍රිප් එකත් ගියේ..අපි ආපහු ට්‍රිප් එකක් ගියා..එකක් නෙමෙයි තුනක්..එකේ විස්තර තමා කියන්න යන්නේ..මගෙත් මේක කියවන උඹලගේත් ලේසියට මම මේක ලියන්නේ report 3ක් විදියට..නැත්තන් හෙන විකාරයක් වෙනවා.
මුලින්ම අපි ගියේ මරගල කන්ද නගින්න..මරගල තියෙන්නෙ මොනරාගල දිස්ත්‍රික්කයේ.මොනරාගල town එකට පේන කන්ද තමා මරගල කියන්නෙ.ඒක ඇත්තටම කඳු වැටියක්.මරගල එක කඳු මුදුනක් විතරයි..තව ඇත්ගල ,සීතා කන්ද වගේ කඳු මුදුන් ගොඩක් තියෙනව.මුහුදු මට්ටමේ ඉඳන් මීටර් 1100 ට වඩා උසයි උසම මුදුන.රජ කාලෙ ඕකේ ඉඳල තියෙනව සුගලා කියන රැජින.පස්සෙ ඉංග්‍රීසි ජාතිකයො ඔය කන්ද ගොඩක් සුද්ද කරලා තේ වවල..එකට හේතුව තමා ඕකේ තියෙන සිසිල් දේශගුණය..නුවර එලිය වගේ තමා..අපට නං එහෙම සෙට් උනේ නෑ.තමන්ට ඉන්න නියම බංගලා දෙක තුනකුත් හදල තියෙනව සුද්ද..අදටත් එකක් වෙන් කරගන්න පුළුවන් අපිට උනත් .G Lone කියල google එකේ හොයල ගන්න..අනික් එක තමා මුළු මොණරාගල ටව්න් එකටම වතුර දෙන්න මේකෙන්.
කන්ද ගැන කිව්වට කන්ද බලන්න ගිය උන් ගැන කිව්වේ නෑනේ..මේ ජුලි මාසේ කියන්න හැම අව්රුද්දේම අපි ට්‍රිප් යන්න පෙරුම් පුරාගෙන ඉන්න මාසේ කිව්වොත් හරි..මොකද අපේ ජිමා රට ඉඳන් එන්නේ කොහේ හරි යන්න බලාගෙන..එහෙ ඉඳන්ම මට call කරනවා අයියේ මේ සැරේ කොහෙද යන්නෙ කියල කතා කරල ඔක්කොම ready කරගෙනම තමා එන්නෙ.ඇත්තටම ඒ යාළුකම් මාර වටිනවා..එළකිරියෙන් සෙට් උන උන් තමා,ගොඩක් ස්තුතියි elakiri.com..
මේ සැරෙත් අපිට ගමනට මුලින් හිටපු උන් එකෙක් ආවේ නෑ.ඒ නිසා වාහන වල යන්න හිටපු උන් ගියේ බස් එකේ.වෙනද යන සෙට් එකට අමතරව තව අළුත් තරිඳු කෙනෙක් සෙට් උනා ඊට අමතරව අපේ ජිමාගේ මල්ලි ඒ කියන්නෙ ගජිත මල්ලිත් ආව ..welcome මචන්.ඉතින් අපි සුපුරුදු පරිදි රෑ 12ට සජ්ජ off වෙනකන් ඉඳල ගියා පිට කොටුවෙ බැස්ටියන් මාවත බස් නැවතුම් පොළට.මමයි සජ්ජයි යනකොට අපේ අනික් උන් ටික එතන..තවත් එකෙක් ඉන්නවා කකුල කඩාගෙන එන්න බෑ කියන්න..මොනවා කරන්නද තවත් එකෙක් අඩු උනා..ඒත් 7ක් ඉන්නවා..පාන්දර 1.30ට යන්න තියෙන මොණරාගල බස් එකේ නැගල ලොක්කෝ ටික වගේ වාඩි වෙලා ඉන්නකොට එකෙක් අහනවා සීට් බුක් කලාද කියල..මම ගිහින් අන්තිම සීට් 7 යන්තන් ගත්ත අපිට..
අපි බස් එකේ.
බස් එකේ නැගල නිදාගෙන යන්න කියල හිතාගෙන හිටියට මොන නින්දක්ද..සැහෙන්න සෙනග ඒ මදිවට සහරා ෆ්ලෑෂ් ..කොටුවෙන් පටන් අරන් තණමල්විල කිට්ටුවට යනකන්ම සහරා ෆ්ලෑෂ්..රත්නපුර කිට්ටුවදී තේ බොන්න නැවැත්තුව..
අපි.
ඊට පස්සෙ ටිකක් හයියෙන් ගියා..පල්ලෙබැද්ද කිට්ටුවදී වංගුවක් ගත්ත වීසි වෙලා යන්න පිටි පස්සෙ හිටපු උන්..තනමල්විලදී අපහු චුට්ටක් නැවැත්තුව..එතනින් එහාට අපිව සංගීතයෙන් පිනෙව්වේ oxygen ..තව ඉතින් වැල්ලවායට class යන චූටි චූටි කෙල්ලෝ ටිකක් ගියා ..බෑග් ඉල්ලන්නත් කලින් තියනව.
Oxygen වේදිකාවේ.
අපි මොනරාගලින් බහිනකොට උදේ 8 පහු වෙලා..එහෙන් අපිව ගන්න හිටපු අපේ දර්ශන මහතාට කතා කළා..අපිව ඇවිල්ල එක්කන් ගියා උන්ගේ ගෙදරට.එහෙදි තමා අපි උදේ තේ එක බිව්වෙ..උදේට කාලම යන්න කියපු නිසා උදේට කෑවා හොඳට.
අපි දර්ශන ලගේ ගෙදර.
තේ බොනවා
ඊට පස්සෙ අපිට මරගල යන්න බෝලෙරෝ එකක් ආව..ඔක්කොම ලෑස්ති කරල තිබුනේ අපේ දර්ශනයි චන්දිමයි තමා ඉතින්.
අපේ ගමන් සගයා
පිටත් වෙන්න ටිකකට කලින්
මොනරාගල town එකේ ටිකක් නැවැත්තුව දවල්ට කන්න පාන් ටිකක් ගන්න.එතැනදී යාළුවෙක් හම්බුනා
මේ තමා එයා.ටිකක් අපිත් එක්ක කතා කරල යන්න ගියා.
ඊට පස්සෙ අපි කෙලින්ම ආවේ ජී ලෝන් වතු යායට යන පාරට..මේ පාරේ යන්න පුළුවන් ටිකක් උස වාහනයක් විතරයි.හැබැයි ත්‍රීවීල් යනවා..ලොකු ගානක් නං ගන්නවා ඇති.තමන්ගේ වාහෙනක එනව නං ටිකක් කල්පනාවෙන් වරෙල්ල ,එක පැත්තකින් හෙන හෙලක්.දරුණු වංගු ටිකකුත් තියෙනව.
වාහනේ යන අපි
එක තැනකට ඇවිල්ල නැවතුනා..එතනින් තමා අපේ මග පෙන්වන්නා අපිත් එක්ක එකතු වෙන්නෙ..නම තමා කාලිදාස..රජ කාලෙ පොරක් තමා.
මේ ඉන්නෙ කාලිදාස
මෙතන තමා ඒ තැන..මෙතන නිකන් office එකක් වගේ..
මෙතනින් එහාට cab එකේ යන්න දෙන්න බෑ කිව්වම පොඩි පොඩි contacts මාර්ගයෙන් අපි පුළුවන් තරන් උඩහට ගියා.
අවසර එනකන් ඉන්න අපි.
ටික දුරක් ඇවිල්ල අපිව දාල cab එක ගියා ආපහු..එතන ඉඳන් අපි පයින්..එතනට එනකන් අපි ආව කිලෝමීටර් 8ක්.
මේ වගේ තමා පාර..
අපිව දාල යන වාහනේ..
අපි ගමන පටන් අරන්.
මුල් හරිය තියෙන්නෙ රබර් වතු මැද්දෙන්..පාරත් ලොකුයි වත්තේ ලොක්කගේ බංගලාවට යනකන්..
මේවයේ තමා වත්තේ කිරි කපන දෙමළ මිනිස්සු ඉන්නෙ.
මෙතැනදී අපිත් එක්ක ගමනට එකතු උනා තව එක්කෙනෙක්..ඒ තමා කුට්ටි..
මුල ඉඳන්ම කන්ද තමා දිගටම.සමහර තැන්වලදී මාර ලස්සනට ඈත පේනවා.
ලස්සන බලන අපේ එකෙක්.ඔය බල්ල තමා කුට්ටි කිව්වේ.
එළුවෝ.
කැලේට කිට්ටුයි.
ටික දුරක් අවම පාර පොඩි වෙලා අඩි පාරක් වෙනවා.
මේ වගේ.
closeup
මෙතනින් ලිස්සල ගියොත් අපහු මුල ඉඳන් පටන් ගන්න වෙනවා ගමන.
ලස්සන ගහක්.
භාවනායෝගීව ඉන්න CTB
හෙවනෙන් යන්න තියෙන එක නං ලොකු දෙයක්.
මෙතනින් යටට යනවා ලොකු වතුර පාරක්..මාර සද්දෙන් ඇහෙනව ,ඒත් එහා පැත්තෙන් නෑ..ගල් අස්සෙන් කොහාට යනවද දන්නේ නෑ.
ටික දුරක් ගියාම හම්බුනා සොහොනක්..
තව එකක් තිබුන ඒක ළඟ.
මේ ඒක.
මේ සොහොනේ ඇතුල.
පොඩි පොඩි short cut වලින් ගියා..
මරු place එකක් හම්බුනා..
මේ තියෙන්නෙ ඒක.
පත්තේ..
මේ අර ගලේම වෙන පැත්තක්..හොඳට බැලුවොත් පේනවා මොනවා හරි ලියල වගේ..නිධානයක් තියෙන තැනක්ලු..
නැවතත් ගමනේ
පොඩි දේවාලයක් වගේ තැනක් හම්බුනා
ටික වෙලාවකින් අපි ආවේ වතු අධිකාරී කෙනෙක්ගේ බංගලාව ලඟට
මෙතනින් තමා ඇතුල් වෙන්නෙ.
මේ තියෙන්නෙ
ලස්සන මලක්.
පහනක් පත්තු කරන තැනක්
pool එක
සෙට් වෙන තැන.
උඩින් බැලුවම මේ වගේ
ටිකක් වෙලා ඉඳල වතුර එහෙම පුරවාගෙන පිටත් උනා ඉතුරු ටිකට.
අතැරලා දාපු ගොඩනැගිලි
ඊට පස්සෙ ටිකක් දරුණු කන්දක් තිබුනේ නගින්න.දන් පාරක් නෑ වගේ.
ලොකු ගස්
මේ හරියේදී අපිට ලැබුණු අවවාදය තමා කාලිදාස යන පාරේ ඇරෙන්න වෙන කොහෙවත් යන්න එපා කියල.
බාධක මැඩගෙන ගමනේ.
සමහර තැන්වලදී පාරක් තිබුන ලාවට වගේ
පොඩි විවේකයක්..
මේ වෙනකොට අපිට පොඩ්ඩක් පාර අව්ල් වෙලා තිබුනේ.අපි නං ඇත්තටම පාර දැනන් හිටියෙම නෑ.කාලිදාස තමා එක්කන් ගියේ..මට තේරුණා විදියට මිනිහටත් පාර වැරදුනා..එහෙම නැත්තන් අපි කියපු දේවල් මිනිහට තේරුනේ නෑ.කොහොමහරි අපිට පාර වැරදුනා.ඒත් අපි ඉස්සරහටම ගියා.
ටිකක් තැනිතලාවක් හම්බුනා..
හරියටම කිව්වොත් කඳු මුදුනක්..ඒත් අපි ඉන්නෙ කොහෙද කියල කාටවත් අවබෝධයක් නෑ.ඔහේ යනවා දැන්..කාලිදාසටත් ටිකක් විතර අව්ල්..ඇවිදලා ඇවිදලා අපි නැවතුනා දවල්ට කන්න..අරන් ආපු පාන් ටිකයි අපේ චන්දිම මල්ලි හදන් ආපු ළූණු ටිකයි ඇරලා දැම්ම ..කුට්ටිටත් දුන්නා කෑම..පස්සෙ කාලිදාස කියනව මෙතන ඉඳන් අනික් මුදුන් වලට යන්න වෙලාව මදිලු,දැන් ආපහු යන්න ඕනලු..පොඩි එළිමහන් තැනකට ගිහින් පෙන්නුව අපිට අවට පේන හැටි..ටිකක් ඈතින් පේනවා පොඩි ගල් තලාවක්.මම කිව්වා හරි එහෙනං අපිව එතනට එක්කන් යන්න..ඊට පස්සෙ අපි එතන ඉඳන් ගෙදර යමු..දෙගොල්ලන්ගේම හිත සතුටුයිනේ.
කුට්ටි කෑම කනව.
යන මගදී.
එතන ඉඳන් ටිකක් අමාරු ගමනක් තිබුනේ..
අපි යන හැම තැනම මෙයත් ආව.
කොහොමහරි ටික වෙලාවකින් අපි ආව ලොකු ගලක් උඩට..එක අපි ඈතින් දැක්කට වඩා ලොකුයි..
සියඹලාණ්ඩුව පැත්තට තමා මේ පේන්නෙ.
මරගල කඳු වැටියේ එක end එකක් තමා මේ..
Zoomed
ගිමන් හරිනවා
මෙතනින් ගොඩක් ඈතට පේනවා..
drone එකත් යවල බැලුව..
අපි හිටපු තැන පේන හැටි.
එතනින් පහල
මේ බල්ලට පුදුම තරහක් තිබුනේ drone එකත් එක්ක.
අපි
අයියයි මල්ලියි.
ටික වෙලාවක් මෙතන ඉඳල අපි අපහු එන්න පිටත් උනා.එනකොට අපේ සෙට් එක බුලට් වගේ..ඇයි දන්නේ නෑ.හිතා ගන්න බැරි ඉක්මනට අපි අර බංගලාව ළඟ
එන ගමන්.
මේ මහා කැලේ ටික කාලෙකට කලින් පවුලක් පදිංචි වෙලා ඉඳල තියෙනව..ඒ අය හිටපු ගෙදර නටඹුන් තමා මේ.
අපහු බංගලාව ළඟ.
වාහනේට මගට එන්න කියල අපි ටිකක් දුර ඇවිදන් ගියා.
මේ ගමනට ආපු ඔක්කොම සෙට් එක..
හවස 7 පහු වෙනකොට අපි දර්ශන මහතාගේ ගෙදර..
ඉතින් ඔන්න ඔය විදියට තමා අපේ මරගල ගමන ඉවර උනේ..මරගල හරි peak එකට අපි ගියේ නැති උනාට කව්රුත්ම නොගියපු තැනකට අපි ගියා..එක ගැන සතුටුයි..ඉතින් මේ ගමනට ගොඩක් උදව් කළා අපේ දර්ශන සහෝදරයත් චන්දිම මල්ලිත්..ගොඩක් ස්තුතියි මචන්..ඒ වගේම අපිව වැරදි තැනකට හරි පරිස්සමට එක්කන් ගිය කාලිදාසටත් ගොඩක් ස්තුතියි..photo අඩු උනාට ගහපු ටික හරියට ඇති කියල හිතනවා.
තව දෙයක් කියන්න ඕන මේ ගමන යනවා නං කව්රුහරි හොඳ මග පෙන්වන්නෙක් අරන් යන්න..එහෙම නැත්තන් කකුල් නැතුව තමා වෙන්නෙ..මොකද මේ කන්දෙ ගොඩක් තැන්වල තුවක්කු බැඳලා තියෙනවලු සත්තු දඩයම් කරන්න..දන්නෙ නැති අය ගිහින් තුවාල වෙලා එනවලු ගොඩක්.මේකට නම හැදෙන්නත් එක හේතුවක් එක.මැරූ ගල කියන එකලු මරගල වෙලා තියෙන්නෙ.
මේ ගමනේ වීඩියෝ එකක් එනව මග..ඒක ආවම update කරන්නන්. ඊළඟ ගමනෙන් හම්බවෙනකන් හැමෝටම සුබ දවසක්..
බුදු සරණයි..!
නමෝ බුද්ධාය..!