Marketing basics - මෝඩ සිංහලුන්ට - වෙන මොනවද

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,737
    12,764
    113
    139438670_10223701005455854_855553753351526057_n.jpg

    පැණි බීමෙන් ජීවිතේට COVID හැදෙන්නේ නැති බව ධම්මික විසින් කීම ඔහු කරගත් ලොකු මෝඩ කමක් ලෙස එක වරම පෙනුණත් (දැන් අපේ ඇස් පනා පිට පෙනෙන ආකාරයෙන්ම එය ඉතා පහසුවෙන් disprove කළ හැකි දෙයක් නිසා), මට නම් සිතෙන්නේ ඔහුගේ marketing එකේ ලොකුම ජයග්‍රහණය එය බවයි.

    කාලි පැණිය COVID සෑදුණු අයට හොඳ වීමට ප්‍රතිකාරයක් පමණක් බව දෙවියන් විසින් ප්‍රත්‍යක්ෂවම කී බව ඔහු කීවා නම් එහි potential customer base එක බොහෝ දුරට COVID රෝගීන්ට පමණක් සීමා වේ. (ඔවුන්ට පැණි බෙදීමට රෝහල් වලට යාමටද ධම්මිකට නොහැකිය). නමුත් එය බීවාට පසු කිසිවෙකුට COVID සෑදෙන්නේ නැතැයි යැයි කීවොත් (රටේ 99.75%කටම තාම COVID සෑදී නැති බැවින්) මුළු රටම වාගේ එහි potential customer base එකට එක් වරටම අයත් වේ.

    කල් යන විට පැණි බීපු අයටත් COVID හැදෙනවා යැයි බොහෝ දුරට ධම්මික නොදැනගෙන සිටියා විය නොහැක. නමුත් නිරෝගී මිනිස්සු දස දහස් ගණනින් තමන්ගෙන් පැණිය මිලදී ගත් පසු (දැනට කාලේ බෝතලයක් විකිනෙන්නේ රු. 2500කටය) ඔවුන්ට ලෙඩේ හැදුනත් ආයිත් සල්ලි ඉල්ලන්නට එන්නේ නැති බව ඔහු හොඳාකාරවම දනී.
    දැන් මුළු රටටම කොරෝනා හැදුණත් ධම්මික ජයග්රාහයෙක් වී හමාරය. ඉදිරි පරම්පරා කීයකට මෙයින් මුදල් ඉපැයුවාද දන්නේ ඔහුම පමණි.


    FB
    https://www.facebook.com/sahan.i.guruge