marry karala thiya kellekwath na. bump
lejja nethuwa kiyana lassana bedapiya ikmanata

marry karala thiya kellekwath na. bump

This is true...you eventually feel like sleeping on the couch to get away from the kicking... but the women will no longer have a slim body like that on the picture..
![]()



හික්, උඹ හරියටම හොයා ගත්තා උත්තරේ!!
මම මේ ගැන තව ටිකක් කියන්නම් මෙතන කීප දෙනෙක් විවාහ ජීවිතය ගැන අහල තිබුන හින්ද. මේ ටික මම සීරියස්ලි කියන්නෙ. ඒ එක්කම මේවා මගේ පුද්ගලික අත්දැකීම්. එහෙම නැතුව ඉන්ටනෙට් එකෙන් අරගෙන දාපුවා නෙමෙයි.
අවුරුදු 25 කට පස්සෙ වුනත් අපි දෙන්නගේ ආදරය අපි යාලු වුන කාලේ වගේම තවමත් තියෙනවා. හැබයි ඒක දැනෙන විදිය වෙනස් වෙනවා. ජීවිතය හැමදාම එක විදියට යන්නෙ නෑ. කසාද ජීවිතයෙත් එක එක කාල පරිච්ඡේද තියෙනවා. ඒක තමයි යථාර්තය.
යාලු වෙලා ලව් කරන කාලෙ, ඒ වගේම බැඳලා ළමයි හම්බ වෙන කන් වැඩියෙන්ම තියෙන්නෙ ඉතින් ඔය උඹලා වගේ කොල්ලො කෙල්ලො දැන් කරන එක තමයි. තුරුල් කරගෙන ඉන්න එකයි, ඉඹින එකයි, අනින එකයි තමයි ඒ කාලෙ 80% ක්ම ජීවිතේ. ඒක මගේ අදහසෙ හැටියට තියෙන්නම ඕන දෙයක්. දෙන්නෙක්ගෙ ආදරය ඒවගේම බැඳීම වැඩිවෙන්න සෙක්ස් තියෙන්නම ඕන. එහෙම නැත්නම් ඒ බැඳිම තදට එන්නෙ නෑ. ඒ එක්කම මගේ අත්දැකීමෙන් මට කියන්න පුලුවන් දෙයක් තමයි සෙක්ස් එන්න ඕන ලව් එකත් එක්ක කියන එක. රාගය විතරක් තියාගෙන සෙක්ස් කරොත් ඒකෙන් පස්සට ලොකු හිත අමාරු වගේම පීඩනයක් එනවා. මේක මම තරුණ කාලෙ කරපු අමුම අමු ගොන් කමක්. ඒකෙ ප්‍රථිපල මම තාමත් විඳවනවා. මගේ ඔලුව රාගයෙන් අවුල් කරපු කෙල්ලො තුන් දෙනෙක් ඉන්නවා (ලංකාවෙ කෙල්ලො නෙමෙයි). මම උන් තුන් දෙනාට අදත් සාප කරනවා. ඒත් ඉතින් මගෙත් වැරැද්ද.
මම අර ඉස්සෙල්ලා කිව්වා වගේ යාලු වෙල ඉන්න කාලෙයි, බැඳපු මුල් කාලෙයි ප්‍රධාන කාරිය අරක තමයි. ඒ කාලෙ වැඩට යන ඉස්සෙල්ලෙ උදේටත් ඇනලයි යන්නෙ. පළවෙනි පැටියා හම්බ වෙන ඉන්න කොට ලොකු වෙලා තියෙන බඩ අත ගගා තමයි වැඩේ යන්නෙ. මෙන්න මේ ජීවිතය පැටියා ගැහුවට පස්සෙ වෙනස් වෙනව. ඒකෙන් කියන්නෙ නෑ මුකුත්ම නෑ කියන එක!! වැඩේ වෙනවා. ඒ ගැන බයක් වෙන්න දෙයක් නෑ! ඒත් කලින් වගේ නෙමෙයි. පැටියෙක් පවුලට ආවා කියන්නෙ කසාද ජීවිතයේ අලුත් පිටුවක් පෙරලන එක. දැන් කෙල්ල අම්මා කෙනෙක්. අම්මා කෙනෙක්ගෙ අවධානය පැටවුන්ට යන එක ස්වාභාවිකයි. අපි මෙතනදී ආත්මාර්ථකාමි වෙන්න හොඳ නෑ. පැටව් කියන්නෙ පවුලට වගේම රටට සම්පතක්.
මව් සෙනෙහස තරම් උතුම් සෙනෙහසක් මේ ලෝකෙ තවත් නෑ. තාත්තා කෙනෙකුත් ළමයින්ට ආදරේ තමයි. ඒත් මව් සෙනෙහස ඊට වඩා ගොඩාක් ගැඹුරුයි. ආධ්‍යාත්මිකයි. ඒක මොනම තත්වයක් ආවත් වෙනස් වෙන්නෙ නෑ. ඉතින් අම්මා කෙනෙක්ගෙ අවධානය ළමයිනට වැඩිපුර යන එක අපි තේරුම් ගන්න ඕන. කෙල්ලව තුරුලු කරලා බදාගෙන හොඳ සැපක් අරගෙන කෙල්ලගෙ බඩේ පැටියෙක් දාන එක අපිට පොඩි දෙයක් වෙන පුලුවන්. ඒත් නියම වැඩේ පටන් ගන්නෙ එතන ඉඳල තමයි. කෙල්ල මාස නමයක් පැටියා බඩේ තියාගෙන ඉන්න ඕන. මට තවම මතකයි පැටියා හම්බ වෙන නර්සින් හෝම් එකට ගිහින් මම labour room එකේ දොර ගාව ඉන්න කොට පැටියා මෙලොව එළිය දකින වෙලාවෙ කෙල්ල වේදනාවෙන් කෑ ගහපු විදිය. ඒ එක්කම පැටියාගෙ පළවෙනි අඬහැරය මට ඇහුන විදිය. මට මේක ජීවිතේ කවදාවත් අමතක වෙන්නෙ නෑ. පැටව් හම්බ වුන දවසෙ ඉඳල ඒ පැටව් හරි විදියට හදල වඩලා ලොකු මහත් කරන්න අම්මා කරපු කැප කිරීම, මහන්සිය, උනන්දුව මම හොඳට දැක්කා (විශේෂයෙන් පිටරටක හිටියත් සිංහල කම පුලුවන් තරම් පැටවුන්ට දෙන්න අම්මා ගත්ත මහන්සිය). මේව වල ප්‍රතිපල දැන් පේන්න තියෙනවා. මේ විදියට පවුලක් හදා ගන්න තාත්තා/ස්වාමියා හැටියට අපිත් පරිත්‍යාගයක් කරන්න ඕන. හැමදේම අපිට ඕන විදියට කරන්න බෑ.
මට මෙතන ඉන්න තරුණ කට්ටිය දෙන්න පුලුවන් උපදෙස තමයි නිසි කල වයස ආවම තමන්ට ගැලපෙන කෙල්ලෙක්ව මැරී කරන්න කියන එක. (හැබැයි මැරී කරන්නෙ අහවල් කාරිය කරන්න විතරක් නම්, ඔලුවෙ තියෙන්නෙ ඒක විතරක් නම් කසාද බඳිනෙ නැතුව කොහෙවත් ඉන්න අවශේෂ කෙල්ලො කාමර වලට ඇද ඇද ඉන්න එක තමයි කරන්න තියෙන්නෙ). තමන්ට ගැලපෙන, බැඳීමක් තියෙන කෙල්ලෙක් එක්ක ඉස්සෙල්ලා හොඳට ලව් කරන්න. එහෙම ලව් කරනගමන් අහවල් කාරිය කරන්න පුලුවන්. එතකොට ඒකෙන් ධනාත්මක බැඳීමක් ඇති වෙනවා. තමන් මැරී කරන කෙල්ල තමන්ට ලස්සන වෙන්න ඕන (අනුන්ගෙ අදහස් ඕන නෑ). මැරී කරන කෙල්ලගෙ තියෙන්න ඕන වැදගත්ම දේ තමයි සවිමත් පෞරුෂත්වය, ඒ වගේම තමුන්ගේ තරාතිරමට තියෙන ගැලපීම, අදහස් ගැලපීම. මේවා හරියට තිබුනෙ නැත්නම් කසාද ජීවිතේ ප්‍රශ්න ඇති වෙනවා. කසාද ජීවිතයක ප්‍රශ්න කොහොමත් ඇති වෙනවා. ඒත් දෙන්නගෙ ගැලපීමක් තියෙනව නම් ඒ ප්‍රශ්න විසඳ ගන්න එක පහසු වෙනවා.
කසාද ජීවිතයේ වැදගත්ම කාරිය අහවල් කාරිය නෙමෙයි. කසාද ජීවිතයක වැදගත්ම කාරිය වෙන්නෙ පවුල නියම විදියට ගොඩ නගන්නෙ කොහොමද කියන එක. අවැසි විදියට ධන සම්පත් රැස් කරන්නෙ කොහොමද, රැකියාව දියුණු කරන්න කොහොමද, ළමයින්ට උගන්නනනෙ කොහොමද, පවුලේ සමගිය එකමුතු කම තියා ගන්නෙ කොහොමද, පවුල නිරෝගීව තියා ගන්නෙ කොහොමද, එදිනෙදා කටයුතු හරි විදියට කරන්නෙ කොහොමද, මෙන්න මේවා නියම විදියට කරන එක තමයි පවුල් ජීවිතයක ලොකුම කාරිය.
මතක තියා ගන්න, සමාජයට බරක් නැති විදියට හොඳට හැදුන ළමයි ලෝකෙට සම්පතක් වෙනවා.

bump
bump
bumpyyyyyyyyyyyyy



Bump
bump
bump
BUMP
patta
පම්බ්
Ela!
You must spread some Reputation around before giving it to nikashala619 again.