Marry කලාට පස්සේ

Madz619

Member
Jan 17, 2010
1,503
118
0
right behind you
mekanam aththa

1.jpg

This is true...you eventually feel like sleeping on the couch to get away from the kicking :baffled:... but the women will no longer have a slim body like that on the picture..:no::no::no::no:
 

sahani_000

Well-known member
  • Nov 4, 2011
    2,659
    945
    113
    Australia
    අවුරුදු ගාණක් විවාහ ජීවිතයේ දුක සැප වගේම 'රසය'ත් විඳපු කෙනෙක් හැටියට මට මෙන්න මෙහෙම කියන්න පුලුවන්.

    මැරී කරන්න ඉස්සෙල්ලා දාල තිබුන පින්තූර ටික නම් හරියටම හරි. ඒ කාලෙ ඉතින් ලව් එක බේරෙනවා. පැණි කනවා ඇරෙන්න ඉතින් වෙන දෙයක් නෑ. මතක් වෙන කොටත් බන් ඇඟට සනීපයි. අපේ කාලෙ මචන් ඔය SMS, mobile phone තිබුනෙ නැහැ. ඉතින් සාමාන්‍ය කෝල් එකක් දීල මීට් වෙන්න ගියාම සමහර වෙලාවට පැය ගණන් රස්තියාදු වෙනවා. ඒකෙත් ඉතින් එක්තරා විදියක ආතල් එකක් තියෙනවා.

    මැරී කරාට පස්සෙ දාලා තිබුන පින්තූර නම් හැම එකම ඒ විදියට නෙමෙයි වෙන්නෙ!! අර නිදා ගන්න සීන් එක නම් ඔහොම වෙන්නෙ නෑ.අපි ඒ කාලෙ බඳින්න කලින් අනම් මනම් කරාට රෑට එකට නිදාගෙන නැහැ. ඉතින් මට කියන්න පුලුවන් අර before පින්තුරේ තියෙන විදිය තමයි මැරී කරලා මුල දවස්වල නිදා ගත්ත විදිය.!!! මුල දවස්වල නම් ඉතින් තුරුලු කර ගත්ත ගමන්මයි..අම්මේඒඒඒ... සොඳුරු අතීතය බන්.. after පින්තුරේ තමයි බන් දැන් තත්වය.. මට තියෙන්නෙ king size bed එකේ අඟල් දෙකේ තීරුවක් විතරයි.

    ඔන්න මම කියන්නම් මැරී කරල පැටව් එහෙම ගැහුවට පස්සෙ වෙන දේවල් ටිකක්.

    1. Office වෙලාවෙ කෝල් එකක් ආවොත් අහන්න වෙන්නෙ මෙන්න මෙවා.
    "මේ, අද එනකොට පොඩි ඒවුන්ට පිටි ගේන්න, ඊයෙ ගෙනාවෙත් නෑ. හැමදේම ඇඟිල්ලෙන් ඇනල කියන්න ඕන",
    "
    අද කොහොම හරි grocery ගේන්න. නැත්නම් dinner නෑ"
    ,
    "
    අද පරක්කු වෙන්නෙ නැතුව ගෙදර එන්න ඕන."


    2. ගෙදර කිරීමට 'අණ" ලැබෙන රාජකාරි
    - ළමයි ටියුෂන් එක්ක යාම, ඩාන්සින් එක්ක යාම, කොණ්ඩෙ කපන්න එක්ක යාම, දොස්තර ළඟට එක්ක යාම, ලොකු වුනාට පස්සෙ පාටි වලට එක්ක යාම, පාටියෙන් පස්සෙ ගෙදර එක්කන් එන්න පැය ගණන් රැග් කෑම
    -
    වත්තේ තණකොල කැපීම, වත්ත සුද්ද කිරීම, ගෙවල් සුද්ද කිරීම, කුණු පොඩ්ඩක් හෝ තිබුනොත් බැණුම් ඇසීම
    -
    කියන පරක්කුවෙන් ෂොපින් එක්ක යාමට සූදානම් වී සිටීම

    3. මහ පාරේ වෙන කෙල්ලෙක් හෝ ගෑණියෙක් දිහා බැලුවොත් ගෙදර යනතුරු බැණුම් ඇසීම

    4. සාදයක් හෝ වෙනයම් උත්සවයකට යාමට සැරසිමේදී හැඩ වැඩ වනතුරු පැය ගාණක් ඉවසිල්ලෙන් බලා ඉඳීම (ඉවසීමේ ගුණය මනා ලෙස වඩවා ගැනීමට පුලුවන් )

    5. හීනියට මෝල කරවූ වේලාවක pantry එකේදී පස්ස යන්තම් මිරිකුවොත් "මේමොන මගුල් විසයක් ගහලද, ළමයින්ටත් පේනවා" යනුවෙන් නොවරදවාම ගෙම්බර් එක ලැබීම


    6. නාන කාමරයේ සිට එළියට එනවිට දවටා ගෙන සිටින තුවාය කැඩීමට තැත් කිරීමේදී "වලත්ත කමේ සීමාවක් නැද්ද?" යනුවෙන් කතාවක් අනිවාර්යයෙන් අසන්නට ලැබීම

    7. නිදා ගන්නට ගිය විටදී නයිටිය උස්සන්න හැදූ විට "ස්ස්.. අද හොඳටම මහන්සි අනේ, ඔලුවත් රිදෙනවා, අද මමකොච්චර වැඩ කරාද, කොහෙද, ඔයා ඉතින් ගෙදර ආපු වෙලේ ඉඳන් ipad එක තියාගෙන elakiri එකෙයි gossiplanka එකෙයි ගිලිලා ඉන්න එකනෙ කරන්නෙ" යනුවෙන් රාත්‍රියේ සුපුරුදු ඇගේගීතය ගායනා කොට අනිත් පැත්තට හැරී නින්දට යාම. මට එකල මෙන් අතේ පිහිටවත් ලබා ගැනීමට හැකියාවක් නොමැති වීම.
    ඔන්න මචන් මගේ විවාහ ජීවිතයෙන් බිඳක්. උඹලට මට දෙන්න පුලුවන් උපදේශය තමයි


    "බඳින්න කලින් කරන්න පුලුවන් හැම මගුලම කරපන්" කියන එක තමයි.

    මම බැඳලා දැන් කොච්චර කල් වෙනවද? මෙන්න මේ සමීකරණය විසඳලා උත්තරේ හොයා ගනිල්ලා
    5_Page_1_zpsmynhsjia.jpg






    = [2(x^2)/2]
    =[25-0]
    = 25 :shocked:
    හික්, උඹ හරියටම හොයා ගත්තා උත්තරේ!!

    මම මේ ගැන තව ටිකක් කියන්නම් මෙතන කීප දෙනෙක් විවාහ ජීවිතය ගැන අහල තිබුන හින්ද. මේ ටික මම සීරියස්ලි කියන්නෙ. ඒ එක්කම මේවා මගේ පුද්ගලික අත්දැකීම්. එහෙම නැතුව ඉන්ටනෙට් එකෙන් අරගෙන දාපුවා නෙමෙයි.

    අවුරුදු 25 කට පස්සෙ වුනත් අපි දෙන්නගේ ආදරය අපි යාලු වුන කාලේ වගේම තවමත් තියෙනවා. හැබයි ඒක දැනෙන විදිය වෙනස් වෙනවා. ජීවිතය හැමදාම එක විදියට යන්නෙ නෑ. කසාද ජීවිතයෙත් එක එක කාල පරිච්ඡේද තියෙනවා. ඒක තමයි යථාර්තය.

    යාලු වෙලා ලව් කරන කාලෙ, ඒ වගේම බැඳලා ළමයි හම්බ වෙන කන් වැඩියෙන්ම තියෙන්නෙ ඉතින් ඔය උඹලා වගේ කොල්ලො කෙල්ලො දැන් කරන එක තමයි. තුරුල් කරගෙන ඉන්න එකයි, ඉඹින එකයි, අනින එකයි තමයි ඒ කාලෙ 80% ක්ම ජීවිතේ. ඒක මගේ අදහසෙ හැටියට තියෙන්නම ඕන දෙයක්. දෙන්නෙක්ගෙ ආදරය ඒවගේම බැඳීම වැඩිවෙන්න සෙක්ස් තියෙන්නම ඕන. එහෙම නැත්නම් ඒ බැඳිම තදට එන්නෙ නෑ. ඒ එක්කම මගේ අත්දැකීමෙන් මට කියන්න පුලුවන් දෙයක් තමයි සෙක්ස් එන්න ඕන ලව් එකත් එක්ක කියන එක. රාගය විතරක් තියාගෙන සෙක්ස් කරොත් ඒකෙන් පස්සට ලොකු හිත අමාරු වගේම පීඩනයක් එනවා. මේක මම තරුණ කාලෙ කරපු අමුම අමු ගොන් කමක්. ඒකෙ ප්‍රථිපල මම තාමත් විඳවනවා. මගේ ඔලුව රාගයෙන් අවුල් කරපු කෙල්ලො තුන් දෙනෙක් ඉන්නවා (ලංකාවෙ කෙල්ලො නෙමෙයි). මම උන් තුන් දෙනාට අදත් සාප කරනවා. ඒත් ඉතින් මගෙත් වැරැද්ද.

    මම අර ඉස්සෙල්ලා කිව්වා වගේ යාලු වෙල ඉන්න කාලෙයි, බැඳපු මුල් කාලෙයි ප්‍රධාන කාරිය අරක තමයි. ඒ කාලෙ වැඩට යන ඉස්සෙල්ලෙ උදේටත් ඇනලයි යන්නෙ. පළවෙනි පැටියා හම්බ වෙන ඉන්න කොට ලොකු වෙලා තියෙන බඩ අත ගගා තමයි වැඩේ යන්නෙ. මෙන්න මේ ජීවිතය පැටියා ගැහුවට පස්සෙ වෙනස් වෙනව. ඒකෙන් කියන්නෙ නෑ මුකුත්ම නෑ කියන එක!! වැඩේ වෙනවා. ඒ ගැන බයක් වෙන්න දෙයක් නෑ! ඒත් කලින් වගේ නෙමෙයි. පැටියෙක් පවුලට ආවා කියන්නෙ කසාද ජීවිතයේ අලුත් පිටුවක් පෙරලන එක. දැන් කෙල්ල අම්මා කෙනෙක්. අම්මා කෙනෙක්ගෙ අවධානය පැටවුන්ට යන එක ස්වාභාවිකයි. අපි මෙතනදී ආත්මාර්ථකාමි වෙන්න හොඳ නෑ. පැටව් කියන්නෙ පවුලට වගේම රටට සම්පතක්.

    මව් සෙනෙහස තරම් උතුම් සෙනෙහසක් මේ ලෝකෙ තවත් නෑ. තාත්තා කෙනෙකුත් ළමයින්ට ආදරේ තමයි. ඒත් මව් සෙනෙහස ඊට වඩා ගොඩාක් ගැඹුරුයි. ආධ්යාත්මිකයි. ඒක මොනම තත්වයක් ආවත් වෙනස් වෙන්නෙ නෑ. ඉතින් අම්මා කෙනෙක්ගෙ අවධානය ළමයිනට වැඩිපුර යන එක අපි තේරුම් ගන්න ඕන. කෙල්ලව තුරුලු කරලා බදාගෙන හොඳ සැපක් අරගෙන කෙල්ලගෙ බඩේ පැටියෙක් දාන එක අපිට පොඩි දෙයක් වෙන පුලුවන්. ඒත් නියම වැඩේ පටන් ගන්නෙ එතන ඉඳල තමයි. කෙල්ල මාස නමයක් පැටියා බඩේ තියාගෙන ඉන්න ඕන. මට තවම මතකයි පැටියා හම්බ වෙන නර්සින් හෝම් එකට ගිහින් මම labour room එකේ දොර ගාව ඉන්න කොට පැටියා මෙලොව එළිය දකින වෙලාවෙ කෙල්ල වේදනාවෙන් කෑ ගහපු විදිය. ඒ එක්කම පැටියාගෙ පළවෙනි අඬහැරය මට ඇහුන විදිය. මට මේක ජීවිතේ කවදාවත් අමතක වෙන්නෙ නෑ. පැටව් හම්බ වුන දවසෙ ඉඳල ඒ පැටව් හරි විදියට හදල වඩලා ලොකු මහත් කරන්න අම්මා කරපු කැප කිරීම, මහන්සිය, උනන්දුව මම හොඳට දැක්කා (විශේෂයෙන් පිටරටක හිටියත් සිංහල කම පුලුවන් තරම් පැටවුන්ට දෙන්න අම්මා ගත්ත මහන්සිය). මේව වල ප්‍රතිපල දැන් පේන්න තියෙනවා. මේ විදියට පවුලක් හදා ගන්න තාත්තා/ස්වාමියා හැටියට අපිත් පරිත්යාගයක් කරන්න ඕන. හැමදේම අපිට ඕන විදියට කරන්න බෑ.

    මට මෙතන ඉන්න තරුණ කට්ටිය දෙන්න පුලුවන් උපදෙස තමයි නිසි කල වයස ආවම තමන්ට ගැලපෙන කෙල්ලෙක්ව මැරී කරන්න කියන එක. (හැබැයි මැරී කරන්නෙ අහවල් කාරිය කරන්න විතරක් නම්, ඔලුවෙ තියෙන්නෙ ඒක විතරක් නම් කසාද බඳිනෙ නැතුව කොහෙවත් ඉන්න අවශේෂ කෙල්ලො කාමර වලට ඇද ඇද ඉන්න එක තමයි කරන්න තියෙන්නෙ). තමන්ට ගැලපෙන, බැඳීමක් තියෙන කෙල්ලෙක් එක්ක ඉස්සෙල්ලා හොඳට ලව් කරන්න. එහෙම ලව් කරනගමන් අහවල් කාරිය කරන්න පුලුවන්. එතකොට ඒකෙන් ධනාත්මක බැඳීමක් ඇති වෙනවා. තමන් මැරී කරන කෙල්ල තමන්ට ලස්සන වෙන්න ඕන (අනුන්ගෙ අදහස් ඕන නෑ). මැරී කරන කෙල්ලගෙ තියෙන්න ඕන වැදගත්ම දේ තමයි සවිමත් පෞරුෂත්වය, ඒ වගේම තමුන්ගේ තරාතිරමට තියෙන ගැලපීම, අදහස් ගැලපීම. මේවා හරියට තිබුනෙ නැත්නම් කසාද ජීවිතේ ප්‍රශ්න ඇති වෙනවා. කසාද ජීවිතයක ප්‍රශ්න කොහොමත් ඇති වෙනවා. ඒත් දෙන්නගෙ ගැලපීමක් තියෙනව නම් ඒ ප්‍රශ්න විසඳ ගන්න එක පහසු වෙනවා.

    කසාද ජීවිතයේ වැදගත්ම කාරිය අහවල් කාරිය නෙමෙයි. කසාද ජීවිතයක වැදගත්ම කාරිය වෙන්නෙ පවුල නියම විදියට ගොඩ නගන්නෙ කොහොමද කියන එක. අවැසි විදියට ධන සම්පත් රැස් කරන්නෙ කොහොමද, රැකියාව දියුණු කරන්න කොහොමද, ළමයින්ට උගන්නනනෙ කොහොමද, පවුලේ සමගිය එකමුතු කම තියා ගන්නෙ කොහොමද, පවුල නිරෝගීව තියා ගන්නෙ කොහොමද, එදිනෙදා කටයුතු හරි විදියට කරන්නෙ කොහොමද, මෙන්න මේවා නියම විදියට කරන එක තමයි පවුල් ජීවිතයක ලොකුම කාරිය.

    මතක තියා ගන්න, සමාජයට බරක් නැති විදියට හොඳට හැදුන ළමයි ලෝකෙට සම්පතක් වෙනවා.
     
    Last edited: