අයහපත් කාලගුණික තත්ත්වය මත සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වීමට නියමිත තිබූ තරඟ 5 කින් සමන්විත එක්දින ජාත්‍යන්තර කි‍්‍රකට් තරඟාවලිය ලබන ජනවාරි මාසය තෙක් කල් දැමූ බව ශ‍්‍රී ලංකා කි‍්‍රකට් ආයතනය (09) සවස නිල වශයෙන් නිවේදනය කර ඇත.
වර්ෂාව හේතුවෙන් අදාළ තරගාවලිය කල් දැමීමට දෙරටේ බලධාරීන් තීරණය කළ බව ශ්‍රි ලංකා ක්‍රිකට් ආයතනය (08) පස්වරුවේ නිවේදනය කර තිබූ අතර පසුව ඉහළින් ආ දේශපාලන බලපෑමක් මත එම තරගාවලිය නියමිත පරිදි අද දිනයේ පැවැත්වෙන බව නිවේදනය කරනු ලැබීය.
සූරියවැව ජාත්‍යන්තර කි‍්‍රකට් ක‍්‍රීඩාංගණයේදී අද පවත්වන්නට නියමිතව තිබූ මංගල ජාත්‍යන්තර කි‍්‍රකට් තරඟය නැරඹීම සඳහා පාර්ලිමේන්තු මන්ත‍්‍රී නාමල් රාජපක්‍ෂ මහතා සිය හිතුවතුන් වෙනුවෙන් ආරාධනා පත‍්‍ර 400 ක් වෙන්කර ගෙන තිබූ බවත් වාර්තා වේ.
බටහිර ඉන්දීය පිළ අද හෝ හෙට සිය රට බලා යෑමට නියමිතය.