මත් මල් සේනා...
කසුන් කල්හාර
මත් මල් සේනා පාවේ පාවේ දෑසේ දැවටේ මා
සිත්තම් වීලා මා නෙත් මානේ සෙනෙහේ සුවසේ මා
ලා ඉරේ රන් ගෑවිලා සදා ස්නේහයේ මල් වැහි වෑහුණා
පිපි හාදු සුළඟේ මුවගාව ගැවසේ
දෙතොලේ ලැඟුම් සොය සොයා
සඳ රේණු යායේ මෘදු සීත පිරුණේ
ළංවෙන්න මයි නෙත් පියා
උදාවේ මා සෙනෙහේ මුදා
නෙක ස්වර්ණ රැස් රඟනා වැහි තිරේ
ඔබ ගාව සීතේ හිත හීන නෙලුවේ
රෑ තුන් යමේ හිත් පුරා
නොදොඩා ම දෑසේ කවි ගීත මැවුණේ
දෙතොලේ සුසුම් උතුරලා
උදාවේ මා සැඳෑවේ මුදා
නෙක ස්වර්ණ රැස් රඟනා වැහි තිරේ
හඬ: කසුන් කල්හාර
පද: අචල සොලොමන්ස්
නද: කේෂාන් පෙරේරා
වෙලා තියෙන වෙලාවක ගිහින් බලන්න...