මත්තලට ගොඩ බාන්න ගිය 'ශ්‍රී ලන්කන් එයාර්' පරීකෂණ යානය අනූ නවයෙන් බේරේ--------
පියාසර කරමින් සිටි කුරුළු රංචුවක් ගුවන් යානයේ ඉදිරිපස ගැටී ඇති අතර, එහිදී සිදුවීමට ගිය අනතුර වලක්වාගැනීමට ගුවන් නියමු තේවින්ද යහම්පත් මහතාට බලවත් වෙහෙසක් දැරීමට සිදුව ඇත. කෙසේ වුවද සිදුවීමට ගිය අනතුර වලක්වා ගැනීමට ගුවන් නියමුවා සමත්ව ඇත. කුරුළු රංචුව යානයේ ටර්බයින් ඇතුලට වැදුනා නම් අනතුරක් සිදුවීම වළකා ලිය නොහැක.
නිරන්තරයෙන් සතුන් ගැවසෙන අභය භූමි ප්‍රදේශයක පිහිටි මත්තල ගුවන් තොටුපලට ගුවන් යානා බැස්සවීමේදී හා නැග්ගවීමේදී මෙවැනි අනතුරු වලට ඉලක්ක වීමේ අවධානමක් පවතින බව 'ශ්‍රී ලන්කන්' ගුවන් සමාගමේ ප්‍රධානියකු පැවසීය.
මෙසේ කුරුළු රංචු නිතර ගැවසෙන ගුවන් තොටුපොල වෙත ජාත්‍යන්තර ආරක්ෂන සහතිකයක් දෙන්නේ නැත. මත්තල ගුවන් තොටුපොලට එවැනි ජාත්‍යන්තර ආරක්ෂන සහතිකයක් මෙතෙක් ලබා දී නැත.
මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපොලක් ලෙස පිලිගත් බවට සහතිකයක් සිවිල් ගුවන් සේවා අධිකාරියේ සභාපති රොහාන් දළුවත්ත විසින් මත්තල ගුවන් තොටේ සභාපති ප්‍රසන්න වික්‍රමසූරියට බාර දෙන අවස්ථාවකට අද ආණ්ඩුව විසින් මහත් ප්‍රචාරයක් ලබා දී තිබේ. මෙම සහතිකය අවිනිශ්චිත සහතිකයකි. මන්ද යත් මෙය සහතික ලබා දිය යුතු 'ජාත්‍යන්තර ගුවන් ගමන් සංගමය' හෙවත් 'අයිඒටීඒ' විසින් ලබා දුන් එකක් නොවන නිසාය. අනෙක් අතට 18 දා විවෘත කෙරෙන ගුවන් තොටුපොලකට සහතික දෙන්නේ 15 වෙනිදා ද?
මත්තල ගුවන් තොටුපලට යන මාර්ගයේදී වල් අලියකු පහරදීමෙන් පෙරේදා (13) පුද්ගලයකු ජිවිතක්ෂයට පත්වූ අතර, ඊට පිළියමක් ලෙස ගුවන් තොටුපල වටා 'විදුලි වැටක්' ඉදි කිරීමට බලධාරීන් තීරණය කර ඇත. එහෙත් පියාඹන කුරුල්ලන්ගෙන් ගුවන් යානා වලට විය හැකි අනතුරු සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු තීරණයක් ගෙන නොමැත. ගුවන් තොටුපොලක් වටා විදුලි වැටක් ගැසීමද ජාත්‍යන්තර ආරක්ෂණ සහතිකයක් ලබා ගැනීමට බාධාවක් වනු ඇත. මන්ද යත් හදිසි තත්ත්වයකදී විදුලි වැටකින් අනතුරු දායක තත්ත්වය දෙගුණ තෙගුණ වන නිසාවෙනි.
කුරුල්ලෝ වැදුනට මුකුත් වෙන්නේ නෑ කියල කියන අය මේක පොඩ්ඩක් බලනවද? තව ඕනේ තරම් search කරලා බලන්න. මාරාන්තික අනතුරු සිය ගානක් වෙලා තියෙනවා කුරුල්ලෝ වැදීම නිසා.
http://www.youtube.com/watch?v=xIYWp6lWbfg



