මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපොළ වෙත දෛනිකව මෙතෙක් පැමිණි එකම ගුවන්යානය වන ෆ්ලයි ඩුබායි ගුවන්යානයද ඊයේ (08) සිට
මත්තල ගුවන්තොටුපොළ පොළ වෙත පැමිණීම නවතා තිබේ .
අදාළ ගුවන්සමාගමෙන් කරන ලද ඉල්ලීමකට අනුව මෙරට රජයෙන් ලබාදුන් අනුමැතිය යටතේ ෆ්ලයි ඩුබායි ගුවන්යානය මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපොළ
වෙත පැමිණීම නවාතා ඇතිබව ගුවන්තොටුපොළ ආරංචිමාර්ග පවසා සිටියි .
2013 වර්ෂයේ මත්තල ගුවන්තොටුපල ආරම්බයේ සිට ඇතිකරගත් ගිවිසුමකට අනුව මෙම ෆ්ලයි ඩුබායි ගුවන්යානය මෙතෙක් මත්තල ගුවන්තොටුපොළ වෙත පැමිණ තිබේ .
2015 වර්ෂයේ වර්තමාන රජය බලයට පත්වීමත් සමඟ මත්තලට ශ්‍රී ලංකන් ගුවන්යානා පැමිණීම නතර කල අතර සතියේ සැම දිනකම පැමිණි
ෆ්ලයි ඩුබායි ගුවන් යනය සතියකට ගමන් වාර හතරක් දක්වා සිමා කරන ලදී .
ඒ අනුව ආරම්බයේ සිට පසු ගිය 07 වනදා වනතෙක් මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපොළ වෙත පැමිණි ෆ්ලයි ඩුබායි ගුවන්යානය මත්තල ගුවන්තොටුපොළ වෙත
ගුවන් වාර 1150 කට අදික ප්‍රමානයක් පැමිණ ඇති අතර ඒ නිසා දෛනිකව එම ගුවන් යානයෙන් පමණක් මත්තල ගුවන්තොටුපොලවෙත රුපියල් ලක්ෂයක පමණ ආදායමක් ලැබී තිබේ .
මේ අතර මත්තල ගුවන්තොටුපොළට කිසිඳු ගුවන් යානයක් නොපැමිණෙන බව පවසමින් ශ්‍රී ලංකා ගුවන් සමාගමේ ප්‍රධායක විධායක නිලධාරී සුරේන් රත්වත්තේ මහතා
සිය ඉල්ලා අස්වීමේ ලිපිය ලබාදී තිබෙනවා.




