Max Payne

ssudaraka

Junior member
  • Feb 26, 2007
    564
    1
    18
    In your Heart!
    ඔන්න *මගෙන් කට්ටියට පොඩි ආර්ටිකල් එකක් ;)

    මැක්ස් පේන් චිත්*රපටිය නිකුත් වෙයි!

    බොහෝ පරිගණක පරිශීලකයන් අතර මීට කාලයකට ඉහතී ජනප්*රියතාවයට පත්වූ මැක්ස් පේන් (MAX PAYNE) නම් පරිගණක ක්*රීඩාව ඔබේ මතකයෙන් තවමත් ඈත්වී නොමැතිවාට සැකයක් නැහැ. එම පරිගණක ක්*රීඩාව පාදක කරගනිමින් නිර්මාණය වූ චිත්*රපටිය ඔක්තෝබර් මස 16 වෙනි දින ඕස්ට්*රේලියාවේදීද, 17වෙනි දින අමෙරිකා එක්සත් ජනපදයේදීද නිකුත් වූ අතර මේ මස (ඔක්තෝම්බර්) 25වෙනි දින ශ්*රී ලංකාවේදී ප්*රදර්ශනය ආරම්භ වීමට නියමිතයි. ෆැන්ටසිමය නිර්මාණයක් වන මෙම චිත්*රපටිය සඳහා තාක්ෂණය උපරීම වශයෙන් යොදාගෙන තිබීම විශේෂත්වයක්. එමෙන්ම මෙම වෙබ් අඩවියේ ප්*රචාරාත්මක කටයුතු සඳහා නිමවා ඇති http://www.maxpaynethemovie.com/US/index.html වෙබ් අඩවියේ ඇති අත්*යාකර්ෂණය නිසාවෙන්ම මෙම චිත්*රපටිය වෙත *බොහෝ දෙනෙකු**ගේ අවධානය යොමුවී ඇති බවට විශේෂයෙන් වාර්තා වෙනවා. අන් කිසිදු ආකාරයේ චිත්*රපටියක් සඳහා මෙවන් වෙබ් අඩවියක් නිර්මාණය වි නොමැති බව ඔබ එම වෙබ් අඩවියට පිවිසීමෙන් නිගමනයට එළඹෙන බවට නම් කිසිදු සැකයක් නැහැ.

    මේ, මැක්ස් පේන් චිත්*රපටයේ පූර්ව ප්*රචාරක දැන්විම් පටයයි. (වයස අවුරුදු 14ට වැඩි අයට පමණයි)



    මෙම චිත්*රපටියේ ඇති ආකර්ෂණය දෙගුණ තෙගුණ චිත්*රපටියේ යොදා ඇති අධි තාක්ෂණික උපක්*රම බව ඔබට අමුතුවෙන් කිවයුතු නැහැ. නමුත් මෙම චිත්*රපටියේ රංගන දායකත්වයත් උපරිම බව පැවසිය යුතුමයි. ඔබ මෙහි පරිගණක ක්*රීඩාව ක්*රීඩා කර ඇත්නම්, ඔබට අනිවාර්යයෙන්ම මෙහි චරිත මතක ඇති. මෙහි ප්*රධාන චරිතය වන මැක්ස් පේන්ගේ (Max Payne) චරිතයට පනපොවන්නේ ජනප්*රය නළුවකු වන මාර්ක් වෝල්බර්ග් (Mark Wahlberg) විසිනුයි. එමෙන්ම මෙහි එන කාන්තා ප්*රධාන චරිතය වන මෝනා සැක්ස්ගේ චරිතයට පන පොවන්නේ මිලා කූනිස් (Mila Kunis) විසිනුයි. ජෝන් මූර්ගේ අධ්*යක්ෂණයක් වන මේ චිත්*රපටිය සඳහා නිෂ්පාදනයෙන් දායකත්වය දක්වන්නේ මෙහි අධ්*යක්ෂකවරයා සමඟින්, ස්කූට් ෆායි සහ ජූලි යෝර්න් විසිනුයි.

    පළමු සතිය තුළදීම බොක්ස් ඔෆීස් වාර්තාවන් අතරට එකතු වූ මෙම චිත්*රපටියට අතිමහත් ප්*රේක්ෂක ප්*රතිචාරයක් ලැබුනත්, විචාරක ප්*රතිචාර වල යම් යම් නිශේධනාත්මක අදහස් මෙම චිත්*රපටයට එල්ලවී තිබීම සුවිශේෂී කරුණක්.
     

    Similar threads