Mayura interview With FOX26

Sadun Buwa

Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    මංකොල්ලකරුවන් පිරිසකට ඇමරිකාවේදී එලව එලවා පහරදුන් ශ්‍රී ලාංකික සටන් ශූරයා මයුර සාරංග දිසානායක කෙරෙහි මේ වනවිට මුළු ලෝකයේම අවධානය යොමුව තිබේ. ඇමරිකානු Fox26 රූපවාහිනිය විසින් ඔහු සමග විශේෂ සම්මුඛ සකච්ඡාවක් පැවැත්වූ අතර එහිදී නිවේදිකාව මයුරගෙන් විමසා සිටියේ ඔහුට අන්වර්ථ නාමයක් තිබෙනවාද කියායි.

    “මට ලංකාවේ කියන්නේ ටොප් ගන් කියලා“. සම්මුඛ සාකච්ඡාව මෙහෙයවූ නිවේදිකාවගේ හා නිවේදකයාගේ ඇස් උඩගිය අතර ඔවුන් උද්දාමයට පත්වනු දකින්නට ලැබුණි.

    සම්මුඛ සාකච්ඡාව නිවේදකයා විසින් ආරම්භ කරන්නේ මෙම හොරු දෙන්නා පැමිණියේ වැරදි ගෑස් පිරවුම් හලකට බව පවසමිනි.

    ජේත්තුවට හැඳ පැළඳ ගත් මයුරගෙන් නිවේදිකාව ප්‍රශ්න අසන්නට පටන් ගත්තේය. මොකද වුණේ ? ඒ මයුරට එල්ලවුණු මුල්ම ප්‍රශ්නයයි.

    “සාමාන්‍ය පරිදි මම සේවය කරමින් සිටියා. මා සමග වැඩකරන අනිත් කෙනා සල්ලි ගේන්න බැංකුවට ගියා. ඔහු සල්ලි අරගෙන එනකොට මංකොල්ල කරුවන් දෙදෙනා සල්ලි උදුර ගන්න හැදුවා. මම දැක්කා. මම එළියට ඇවිත් කළ යුතු දේ කළා.“ යනුවෙන් මයුර උත්තර දුන්නේය.

    ඔහු වැඩිදුරටත් පැවසුවේ මංකොල්ලකරුවන් දෙදෙනාම පොලීසියට අල්ලා දීමට තමාට අවශ්‍ය වුවත් එකෙකු පලාගිය බවයි.

    තමාට වෘත්තීය එම්.එම්.ඒ සටන් කරුවෙකු වීමට අවශ්‍ය වූ නිසා ඇමරිකාවට පැමිණි බවත් ගෑස් පිරවුම්හලේ වැඩකරන්නේ පුහුණුවීම් වලට යාමට පහසු නිසා බවත් මයුර මෙහිදී පැවසීය.

    සාමාන්‍යයෙන් පොලීසිය කියන්නේ පහර දෙන්න එපා, පොලීසියට දැනුම් දෙන්න කියල. ඇයි ගැහුවේ ? නිවේදිකාවගෙන් තවත් අමාරුවේ වැටෙන ප්‍රශ්නයකි.

    “ඔහු මාත් එක්ක වැඩකරන කෙනා. ඔහු කුඩා මිනිහෙක්. ඔහුට ගහල මුදල් අරගෙන ගියානම් ඒක ලොකු ප්‍රශ්නයක්.“ ඒ මයුරගේ උත්තරයයි.

    මයුර අවසාන වශයෙන් පැවසුවේ මෙට්‍රෝ ෆයිට් ක්ලබ් හි, දිගටම පුහුණුවීම් කටයුතු කිරීමත් වෘත්තීය සටන් කරුවෙකු වීමත් තමාගේ අනාගත බලාපොරොත්තුව බවයි.

    ඇමරිකානු Fox26 නාලිකාව මයුර සමග පැවැත්වූ එම සම්මුඛ සාකච්ඡාව මෙන්න.




     

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,140
    11,145
    113
    Forest
    He is great, what he did is great all that is great but in Sri Lanka ppl call others top gun? Well that's news to me :rofl:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    url