Mazda 323 එහෙමත් නැත්නම් Mazda Familia

Auto Man Transmission

Junior member
  • Jul 5, 2023
    55
    52
    18
    ඔන්න අදත් ගේනවා ලංකාවේ ජනප්රියම car එකක්. Mazda 323 එහෙමත් නැත්නම් Mazda Familia වල 9 වෙනි පරම්පරාවේ වාහනයයි අද කතා කරන්නේ. මෙය මුලින්ම ලෝකයට හදුන්වා දුන්නේ 1998 වර්ෂයේ සිටයි. 2001 සිට facelift car එකක් හදුන්වා දුන්නා. මෙය 4 door sedan එකක් හා FWD ලෙස ලංකාවේ දැක ගත හැකියි. Facelift අනුවාදනයට කලින් 1.8 L Engine එකක් තිබූ අතර එය 2 L ලෙස 2001 සිට වෙළදපොලට නිකුත් කෙරුණා. එමෙන්ම Protegé, EX, Touring, LX වැනි අනුවාදන කිහිපයකින්ම යුක්ත උනා.
    ඉඩකඩ ඉතාමත් හොද වාහනයක් ලෙස හා ඇතුලත සැප පහසු ලෙස Mazda 323 වාහනය නිපදවා ඇත. Speed 5කින් යුතු manual gear box එකකින් හෝ Speed 4 කින් යුතු F-4EAT/ 4F27E Auto gear box එකකින් මෙය සමන්විත වෙනවා.
    සාමාන්යයෙන් ඔයා මාසෙකට කාර් ඒකේ යන දුර 1500-2000km අතර නම් Oil change එක අපි recommend කරන්නේ 25,000-30,000 වගේම 2000-3000km අතර නම් Oil change එක අපි recommend කරන්නේ 20,000-25,000 ඇතුලත කරගන්න කියන ඒකයි. Oil Filter cleanup එකත් 100 000km වන විට කර ගන්නවා නම් ඉතා හොදයි.
    එහි වෙළදපොලට නිකුත් කල එන්ජින් වර්ග පහත පරිදි වේ.
    1.5 L ZL-VE S-VT I4
    1.6 L ZM-DE DOHC I4
    1.8 L FP-DE DOHC I4
    2.0 L FS-DE DOHC I4
    2.0 L FS-DET turbo DOHC I4
    මෙම එන්ජිම විසින් 6000 rpm වලදී 96 kw ලබා ගත හැකි වේ. මෙහි acceleration එක 100 km /h ගැනීමට 11.5 sec වැනි අහයක් ගනී. මෙහි drag coefficient අගය Cd=0.32 බව සදහන් වෙනවා. එනම් මෙය ඉතා හොදින් වාත ප්රතිරෝධය වලක්වා ගන්න බව කිව නොහැකියි. ලංකාවේදී ඉන්ධන කාර්යක්ෂමතාවය 10 - 15 km/L වැනි අගයක් ගනී. ඉන්ධන ටැංකියේ ධාරිතාවය 55 L හා පිටුපස Booty space capacity එක 356 L වේ. මෙය 15” හෝ 16" rim සහිතව වෙළදපොලට ඉදිරිපත් කෙරුණා. Ground clearance (140 mm) අඩු නිසා රළු පාරවල් වල යාමේදී ප්රවේසම් වියයුතුයි.
    ආරක්ෂාව අතින් බලන විට මෙහි front twin Air bags හා side Air bags ඇත. ඉදිරිපස හා පසුපස රෝද වල Disk Breaking System ඇති අතර එය ABS Breaking වේ. එමෙන්ම පහත සියලු safety systems වලින් සමන්විත වී තිබෙනවා.
    Electronic Brake force Distribution (EBD),
    Traction Control System (TCS)
    Dynamic Stability Control (DSC)
    ඔයාලට Mazda 323 කාර් එකක් තියෙනවනම් gearbox සම්බන්ධව ප්රශ්නයක් ආවොත් 0770 520 525 / 0710 369 369 ඔස්සේ අපිට කතා කරන්න නැතිනම් පහතින් comment එකක් දමන්න අපි ඔයාලට උදව් කරන්නම්. එහෙනම් ඊලග කාර් එකෙන් හම්බෙනකම් ජය ශ්රී.
    අපිව අමතන්න
    ☎️
    077 052 0525
    🚀
    www.automantransmission.com
    🚀

    📧
    අපගේ email ලිපිනය - [email protected]
    📧

    #Automan #AutoGearboxSriLanka #AutoGear #VehicalGearbox #AutoGearboxRepair #AutoGearboxTips #CarTips #autocare #automobile #Mazda #axela