MCC ගිවිසුම වාසියි

macfa

Well-known member
  • Sep 26, 2016
    1,265
    73
    48
    MCC ගිවිසුම වාසියි

    MCC ගිවිසුම වාසියි -'සුද්ද සිංහලෙන් පැහැදිලි නොකිරීම ආණ්ඩුවේ වරදක්' - ආර්ථික විද්‍යාඥයෝ කියති

    මිලේනියම් චැලෙන්ජ් ගිවිසුම MCC අනුමැතිය ලබාදීම හරහා ශ්‍රී ලංකාවට ලැබීමට නියමිත ඩොලර් මිලියන 480 ක මුදල මෙරටට අවාසිදායක යැයි පවසන්නේ ජනාධිපතිවරණයක් පවතින අවස්ථාවක තම පිලට දේශපාලන වාසි ලබාගැනීමට බවත්, මෙය ලංකාවට එම ප්‍රදානය ලැබීමට යන ප්‍රථම වතාව නොවන බවත් චන්ද්‍රිකා බණ්ඩාරනායක ආණ්ඩුව සමයේදීද කෘෂි වෙළෙඳපොළ තරඟකාරීත්වය වැඩි කිරීම සඳහා (ආර්ථික මධ්‍යස්ථාන පිහිටුවීමට) මෙය ඉවහල් වූ බවත් හිටපු මහබැංකු නියෝජ්‍ය අධිපති ආචාර්ය ඩබ්.ඒ.විජේවර්ධන පැවසීය.

    කෙසේ වෙතත් මේ පිළිබඳ ජනතාවට වැටහෙන සිංහලෙන් කරුණු දැක්වීමට වත්මන් ආණ්ඩුවේ දේශපාලඥයින් අපොහොසත්වීම නිසා මෙම ප්‍රදානය සම්බන්ධව දුර්මත ඇති වී ඇති බව ඔහු වැඩිදුරටත් පැවසීය.

    තමා මෙම ගිවිසුමට ප්‍රවාහන අංශයේ ව්‍යාපෘති සැකසීම හරහා සම්බන්ධ වූ බවත් මේ හරහා කළ යුත්තේ කුමක්ද? කා සඳහාද? ආදී ලෙස කිසිදු කොන්දේසියකට තමන් හට මුහුණ පෑමට සිදු නොවූ බවත් 'සහසර' නම් ව්‍යාපෘතිය හරහා මෙමගින් ශ්‍රී ලංකාවේ ප්‍රවාහන සංවර්ධන ව්‍යාපෘතියක් දියත් කිරීමට ඇ.ඩො. 330 ක පමණ මුදලක් ලැබී ඇති බවත් මොරටුව විශ්වවිද්‍යාලයේ ප්‍රවාහන හා ක්‍රම සම්පාදන අංශ ප්‍රධානී මහාචාර්ය අමල් කුමාරගේ කියා සිටියේය.

    MCC ප්‍රදානය දුප්පත්කම තුරන් කිරීම පිළිබඳ ඇමරිකාව පිහිටවූ ආයතනයක් හරහා ලැබෙන අතර එය ශ්‍රී ලංකාව විසින් අයදුම්කර ඉන් තේරී පත්වීම නිසා ලැබුණු ප්‍රදානයක් වන අතර ඒ හරහා අප ක්‍රියාත්මක කළ යුතු ව්‍යාපෘති පවා අපේ රටේ විශේෂඥයින් විසින් සකස්කළ ඒවා නිසා එමගින් රටේ ස්වෛරීභාවයට හානියක් සිදුනොවන බව මහාචාර්ය සිරිමල් අබේවර්ධන පැවසීය.

    MCC ගිවිසුමට සම්බන්ධ ලිපි ලේඛන තමා ඉතා ගැඹුරින් හැදෑරූ බවත් ශ්‍රී ලංකාවේ ස්වෛරීත්වයට එයින් කිසිදු හානියක් නොවන බවට තමාට සහතික විය හැකි බවත් රට ආර්ථික අර්බුදයක පවතින මෙවන් අවස්ථාවක එවැනි ප්‍රදානයක් ඉවත නොදමා එය රටේ මිනිසුන්ගේ දියුණුව වෙනුවෙන් යොදාගත යුතු බව ශ්‍රී ලංකාවේ ආයෝජන මණ්ඩලයේ හිටපු සභාපති චන්ද්‍රා ජයරත්න ප්‍රකාශ කළේය.

    (රාවය-වින්ද්‍යා ගමගේ)


    mcc.jpg


    Finance Ministry releases draft MCC agreement to the public

    http://www.colombopage.com/archive_19B/Nov01_1572620585CH.php

    http://www.colombopage.com/CGImgs_reps/MCC.pdf

    https://www.mcc.gov/where-we-work/country/sri-lanka
    https://www.facebook.com/MillenniumChallengeCorporationSriLanka/

    Please Note that this agreement attached herewith is a draft document and not binding on the parties and subject to change until signed.

    https://drive.google.com/file/d/1rjDpt0Unp8nmamf-lSzHY1JIiwYX6uT-/view

    MCC agreement to be presented in P’ment


    Friday, 1 November 2019 00:10

    • Finance Ministry says process done with AG oversight
    • Projects identified by local officials and line ministries
    • MCC projects to be gazetted and enacted by P’ment

    The Finance Ministry yesterday said the Millennium Challenge Corporation (MCC) agreement would be presented in Parliament after it was signed and once the entire process had been conducted with the oversight of the Attorney General’s Department.

    In a statement, the Finance Ministry said: “The Compact Agreement and the Program Implementation Agreement will be submitted to and enacted by the Parliament of Sri Lanka once it is signed and before its entry into force and will be published in the Government Gazette before being submitted to Parliament.”

    The Millennium Challenge Corporation (MCC) is a bilateral United States Foreign Aid Agency established by the United States Congress in 2004, applying a new philosophy towards foreign aid.

    It provides time-limited grants and assistance to developing countries that meet rigorous standards of good governance such as effectively fighting corruption and respecting democratic rights, it added.

    On the Government’s request, the MCC undertook a ‘Constraints to Economic Growth Analysis’ in 2016. The MCC and the Government subsequently decided to focus on the land and transport sectors, which were identified as binding constraints to growth.

    The constraints analysis concluded that traffic congestion in the Colombo Metropolitan Region, poor transport connectivity between provinces and weaknesses in land administration constrain economic growth. Accordingly, the MCC agreed to grant $ 480 million to finance the above projects.

    Final negotiations on the compact were conducted in October 2018 between the MCC and a Cabinet-approved Government delegation, which consisted of officials from the relevant ministries and Government agencies responsible for implementing the selected projects, including a representative from the Attorney General’s Department.

    “The whole process and the final agreements were done under the guidance of the Attorney General and well within the legal framework. The Attorney General is of the opinion that the agreements are in order and there exists no legal impediment to execute same,” the statement said.

    A Cabinet Memorandum, along with the final drafts of the agreements, was submitted on 31 May 2019 to the Cabinet. The Cabinet appointed a committee for further detailed discussions on the matter. Subsequently, the Ministry of Finance submitted the Cabinet Memorandum dated 5 July 2019 seeking Cabinet approval to sign the Compact Agreement and the Program Implementation Agreement. The Cabinet granted approval for the signing of the agreements on 29 October 2019.

    http://www.ft.lk/front-page/MCC-agreement-to-be-presented-in-P-ment/44-688807
     

    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    වාසි හින්දනෙ පොන්නයෝ උන් ඕකට කැමති. මෙහෙ පොන්නයො ටිකත් දිව දික් කරගෙන ඉන්නෙ උන්ටත් වාසි නිසානෙ. මරි මෝඩ මකබාස් පිම්පියො තොපිනම්...........................
     

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015

    මේ හොරිකඩ බල්ල කිව්ව නම් ඇත්තම වෙන්න අැති.:rofl:

    Americawata thiyens waasi tikath ohomama poddak wisthara karanna bro...

    :rofl:විසික් කරන කෑමක්වත් දුප්පත් රටකට දෙන්නෙ නැති අැමරිකාව ලංකාවට ඩොලර් මිලියන ගණන් පොම්ප කරන්නේ අපිට අාදරේට කියල මුං හිතන් ඉන්නෙ..:rofl:
     
    Last edited:
    • Like
    Reactions: Miami-Vice

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    උබ වගේ බත් කන පොන්නයෙක්ට ඉතාම ඉක්මනින් "සුද්දා" "සිංහලෙන්ම" පැහැදිලි කරලා දෙයි....
    අපේ සල්ලි ගත්ත නම් *ක දීපන් කියලා....එතකන් ඉදපන්.....
     

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    BTW 50kg උඹ ඔරිජනල්‍ ඵකෙන් මේව දාන්නෙ නැති ඵක හොඳා..ඔරිජිනල් ඵකේ රෙප් කැපෙන්නේ නෑනේ..:lol:
     

    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,919
    3,281
    113
    Malabe
    මේ හොරිකඩ බල්ල කිව්ව නම් ඇත්තම වෙන්න අැති.:rofl:



    :rofl:විසික් කරන කෑමක්වත් දුප්පත් රටකට දෙන්නෙ නැති අැමරිකාව ලංකාවට ඩොලර් මිලියන ගණන් පොම්ප කරන්නේ අපිට අාදරේට කියල මුං හිතන් ඉන්නෙ..:rofl:
    Renna venna Janaadhipathith American neda?
     

    macfa

    Well-known member
  • Sep 26, 2016
    1,265
    73
    48
    පොහොට්ටුවේ MCC විරෝධයත් අතේ පත්තු වෙයි. චම්පිකගෙන් අභියෝගයක් !

    මිලේනියම් චැලේන්ජ් කෝපරේශන් ගිවිසුම මඟින් ශ්‍රී ලංකාවේ ඉඩම් පර්චසය රුපියල් 180 බැගින් ඇමරිකාවට විකිණීමට ආණ්ඩුව උත්සාහ කරන්නේයැයි චෝදනා කරන අයට හැකිනම් එවන් එක් වගන්තියක් හෝ එම ගිවිසුමේ ඇතැයි ඔප්පු කර පෙන්වන ලෙස අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා අභියෝග කරයි.

    අමාත්‍යවරයා මේ අභියෝගය ඉදිරිපත් කළේ ඊයේ (04) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

    "සහශ්‍ර අභියෝගතා ගිවිසුම වෙබ් අඩවියේ තියෙනවා. මම බොහොම පැහැදිලිව මේ අවස්ථාවේ කියනවා, පර්චස් එක රුපියල් 180 ගාණෙ විකුණනවාය, ඒ සඳහා මේ ගිවිසුම ආණ්ඩුව ගහලාය කියන අයට ඒ ගිවිසුමේ එවැනි එක වගන්තියක් හෝ ඊළඟ පැය 24 ඇතුළත පෙන්වන්න. එවැනි වගන්තියක් පෙන්නුවෙ නැත්නම් අපට සිද්ධ වෙනවා ඒ ඇත්තො පූජ්‍ය පක්ෂයේ වුණත් ගිහි පක්ෂයේ වුණත් සම්පප්‍රලාප ලොඩන පිරිසක් හැටියට හඳුනාගන්න. මොකද සම්පප්‍රලාප කියන්නෙ දස අකුසල්වලින් එකක්.

    මේ MCC ව්‍යාපෘති රටවල් ගණනාවක කෙරෙනවා. විවිධ ආණ්ඩු මේකට උත්සාහ කළා. මහින්ද රාජපක්ෂ මහත්තයත් උත්සාහ කළා මේක ගන්න." යනුවෙනුයි අමාත්‍යවරයා පැවසුවේ.



    මේ අතර කොළඹ - ත්‍රිකුණාමල ආර්ථික කොරිඩෝව යනු ඇමරිකාව විසින් සැලසුම් කළ එකක් නොව ශ්‍රී ලංකාවේ විශේෂඥයින් විසින් සකස් කළ ජාතික භෞතික සැලැස්මේ කොටසක් බවත් අමාත්‍යවරයා එහිදී සඳහන් කළේය.

    තම ප්‍රචාරණ ව්‍යාපෘතිය දෙවන වරටත් අසාර්ථක කරගෙන සිටින ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පසුගිය දින කිහිපය පුරාම උත්සාහ කළේ මෙම MCC ගිවිසුම හරහා එක්සත් ජාතික පක්ෂය ඇමරිකාවට රට විකුණන බවට භීතිකාවක් නිර්මාණය කිරීමටය. ඒ සඳහා ඔවුන් මෙම ගිවිසුමෙන් පසු අනුරාධපුරයට යාමට නම් ඇමරිකාවෙන් වීසා ගැනීමට සිදුවන්නේය යනුවෙන් පවා ප්‍රචාරණය කරන ලදී. එහෙත් ආණ්ඩුව විසින් ගිවිසුම ප්‍රසිද්ධියට පත් කිරීමත් මංගල සමරවීර සහ චම්පික රණවක යන අමාත්‍යවරුන් පොහොට්ටුවේ චෝදනාවලට ඉතාම සාර්ථක ලෙස පිළිතුරු ලබාදීමත් නිසා අවසානයේ පොහොට්ටුවේ ඇමරිකානු බිල්ලන් පෙන්වීමේ ව්‍යාපෘතිය ද කඩා වැටිණි. එය කඩාවැටුණේ පොහොට්ටුවම විහිළුවක් කරමිනි.

    ඊට අමතරව එයින් සිදුවූයේ ටික දිනක් තිස්සේ යටගොස් තිබුණු ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ඇමරිකානු පුරවැසිභාවය පිළිබඳ කතාව පොහොට්ටුවට ඉතාම අවාසි සහගත ලෙස යළි කරළියට පැමිණිමය.


    lnw
     

    macfa

    Well-known member
  • Sep 26, 2016
    1,265
    73
    48
    ඇමරිකාව ගැන ප්‍රසිද්ධ විරෝධතා එපා : ගෝඨාගෙන් අලුත් නියෝගයක් !

    ආණ්ඩුවට එරෙහි උද්ඝෝෂණවලදී ඇමරිකාව ඊට ඈඳා නොගන්නා ලෙස පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ විසින් දන්වා ඇති බව වාර්තා වෙයි.

    ඇමරිකානු විරෝධයක් දැක්වීම ජනාධිපති මැතිවරණය සඳහා වාසියක් බව සිතනවා නම් එය පොකට් මීටිං සඳහා යොදාගත යුතු බවත් ඒ හැර ඇමරිකානු විරෝධීබවක් ප්‍රසිද්ධ වේදිකාවේ හෝ වීදි උද්ඝෝෂණ සඳහා යොදා ගැනීම තමන්ටත් හානි ගෙන දෙන්නක් බවත් එහිදී ඔහු දන්වා ඇතැයි ද වාර්තා වෙයි.

    ගෝඨාභය රාජපක්ෂ මේ දැනුම්දීම සිදුකර ඇත්තේ ඇමෙරිකාව හා අත්සන් කිරීමට යෝජිත මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ගිවිසුම අත්සන් කිරීමේ වළකින ලෙස රජයට බල කිීරීමේ විරෝධතාව සම්බන්ධව අදහස් දක්වමින්ය.

    කොළඹ කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට පැවැති එම උද්ඝෝෂණය මව්බිමේ සුරක්ෂිතතාව උදෙසා සංවිධානය නමින් දියත් කර තිබූ අතර එම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ ඇතුළු කිහිපදෙනකු පැමිණ ඇත.



    https://newstube.lk/news/8811-2019-11-05-03-49-28
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    "රාවය"
    දීකිරට බළල්ලුත් සාක්ෂියි, කිව්වලු නැද්ද තාත්තේ...!!


    1798619263last.jpg
     
    Last edited:

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    ඇමරිකාව චීනාට ණය වෙවී අපිට මෙම කරන්නේ කොයිතරම් ආදරෙන්ද නේද? ඇමරිකන් කාරයා උගේ නිෂ්පාදනවල ස්ථාවර මිල තියාගන්න අතිරික්ත නිෂ්පාදන මුහුදට දාල විනාශ කරන අසික්කිතම ජාතියක්.... වෙන කිසිම රටක් නැගිටිනවට අකමැතියි... ඒම උන් මේම කරන්නේ අත ලෙවකන්න කියල හිතනවනම් සිංහලයා අන්තිම මෝඩයි....
     

    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    පලමුව කියන්න කැමති මම මේ ගිවිසුම හරියට කියවලා ඉවර නැහැ, නමුත් ඔය චම්පික පෙන්නන සිතියම නම් අපි කලින් 00 වෙදිකාවල දැක නැහැ.

    අනෙක ගිවිසුම මෙතරම් කඩි මුඩියේ චන්දයක් අත ලග තිබියෙදි අත්සන් කරගන්න හදන්නේ ඇයි? එ වගෙම ඔය ගිවිසුම කලින් දැම්මා නම් ඔය කියන විදිහේ විරුද්ධ පක්ශයට චන්දය තකා බිතිකාවකට කරුණක් ඉතිරි වෙන්නේ නැහැ නොවැ.

    මැතිවරන කොමසාරිස්ට කියන්න වෙනවා මැතිවරණ ප්‍රකාශ කිරිමෙන් පසුව එය අවසන් වෙනතුරු රජයකට කිසිදු විදෙශ ගිනුම් සම්මත කිරිමේ තහනම් ගෙන ආ යුතුයි කියලා.

    දෙවනුව කියන්න කැමැති ගොථා අවත් ඔක කරන්න වෙන බව නමුත් රටට හනිය අවම වෙන විදිහට කොන්දෙසි විසදගන්න එක අපේ හැකියාවක් නායකයාගේ හැකියාව.
     

    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    ඇමරිකාව ගැන ප්‍රසිද්ධ විරෝධතා එපා : ගෝඨාගෙන් අලුත් නියෝගයක් !

    ආණ්ඩුවට එරෙහි උද්ඝෝෂණවලදී ඇමරිකාව ඊට ඈඳා නොගන්නා ලෙස පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ විසින් දන්වා ඇති බව වාර්තා වෙයි.

    ඇමරිකානු විරෝධයක් දැක්වීම ජනාධිපති මැතිවරණය සඳහා වාසියක් බව සිතනවා නම් එය පොකට් මීටිං සඳහා යොදාගත යුතු බවත් ඒ හැර ඇමරිකානු විරෝධීබවක් ප්‍රසිද්ධ වේදිකාවේ හෝ වීදි උද්ඝෝෂණ සඳහා යොදා ගැනීම තමන්ටත් හානි ගෙන දෙන්නක් බවත් එහිදී ඔහු දන්වා ඇතැයි ද වාර්තා වෙයි.

    ගෝඨාභය රාජපක්ෂ මේ දැනුම්දීම සිදුකර ඇත්තේ ඇමෙරිකාව හා අත්සන් කිරීමට යෝජිත මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ගිවිසුම අත්සන් කිරීමේ වළකින ලෙස රජයට බල කිීරීමේ විරෝධතාව සම්බන්ධව අදහස් දක්වමින්ය.

    කොළඹ කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට පැවැති එම උද්ඝෝෂණය මව්බිමේ සුරක්ෂිතතාව උදෙසා සංවිධානය නමින් දියත් කර තිබූ අතර එම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ ඇතුළු කිහිපදෙනකු පැමිණ ඇත.



    https://newstube.lk/news/8811-2019-11-05-03-49-28

    අනිවා එහෙම කරොත් ඇමරිකාව ගොඨාගේ ගමන වළක්වනු ඇත. ඉතින් ගිවිසුමේ වාසි අවාසි කතා කරනවා වෙනුවට ඇමරිකනු විරොදය ප්‍රකාශ කිරිමෙන් පලක් නැහැ
     

    macfa

    Well-known member
  • Sep 26, 2016
    1,265
    73
    48
    MCC, ආර්ථික කොරිඩෝ සහ තේ කෝප්පෙ කිඹුල්ලු -1

    බත්තරමුල්ලේ, සෙත්සිරිපායේ, පස්වැනි තට්ටුවේ තියෙනව "ජාතික භෞතික සැලසුම් දෙපාර්තමේන්තුව" (National Physical Planning Department) කියල එකක්. (මේක වර්තමානයේ අයත් වෙන්නේ මෙගාපොලිස් හා බස්නාහිර සංවර්ධන අමාත්‍යංශයට.) වර්ෂ 2000 අංක 49 දරන Town and Country Planning (Amendment) Act හෙවත් නගර හා ග්‍රාමනිර්මාණ (සංශෝධිත) පණත යටතේ, මෙන්න මේ NPP දෙපාර්තමේන්තුවෙන් වර්ෂ 2011-2030 දක්වා National Physical Plan හෙවත් ජාතික භෞතික සැලසුමක් හදනවා. ඒක ඇමරිකාවෙන් හදල දීපු එකක් නෙමෙයි, ඒක ලාංකීය උගතුන්, බුද්ධිමතුන්ගේ දායකත්වයෙන් හදපු සැලසුමක්. "ආර්ථික කොරිඩෝ" කියන සංකල්පය එන්නෙ අන්න ඒ සැලසුමෙන්. පිටු 104කින් යුක්ත ඒ සැලසුමෙන්, මූලික කරුණු 12ක් යටතේ ලංකාවේ භෞතික සංවර්ධනය කළ යුතු වඩාත් ම සුදුසු ක්‍රමවේදයන් සහ ඇක්ෂන් ප්ලෑන් කීපයක් යෝජනා කරනවා.

    ඊට පස්සේ, 2018දී මෙම සැලසුම යළි සලකා බැලීමකින් අනතුරුව, 2018 දී ඒකට අප්ඩේට් එකක් එනවා, 2050 දක්වා තිස් අවුරුදු සැලසුමක් විදියට. මේක ජනාධිපති විසින් සහතික කිරීම ප්‍රමාද වුණා, දින 52 කුමන්ත්‍රණය හේතුවෙන්. කුමන්ත්‍රණය පරාජය වීමෙන් පස්සේ, ජනාධිපති අනුමැතිය ලැබීමෙන් පසුව, මේ සැලසුම 2019 පෙබරවාරි මාසේ නාගරික සංවර්ධන අධිකාරියේ එවකට අධ්‍යක්ෂ ජෙනරල් ආචාර්ය ජගත් මුණසිංහ විසින් ප්‍රසිද්ධියේ මාධ්‍යයට එළිදක්වනවා. (මේ අලවල තියෙන්නෙ ඒ ෆොටෝ එක.) මෙන්න මේ සැලසුමේ තමයි "ආර්ථික කොරිඩෝ" කියන සංකල්පය එන්නෙ. මේකේ යෝජනා කරපු ආකාරයට, ආර්ථික කොරිඩෝ හතරක් යෝජනා කරලා තියෙනව. එනම්,

    1. කොළඹ-ත්‍රිකුණාමලය
    2. ගාල්ල-හික්කඩුව සිට තිස්සමහාරාම
    3. යාපනය-කිලිනොච්චි, සහ,
    4. වාලච්චේන-අම්පාර ලෙස.

    එතකොට, මේ ආර්ථික කොරිඩෝ යෝජනා කළේ සුද්දෝ නෙමෙයි, ලංකාවේ අපේ නගර සැලසුම්කරණය පිළිබඳ නිසි දැනුමක් ඇති අපේ මිනිස්සු ම ය කියන එක මොළයක් තියෙන ඕන කෙනෙකුට පැහැදිලි වෙන්න ඕන.

    දැන්, MCC ගැන.

    MCC එකෙන් ලැබෙන්නේ ණයක් නෙමෙයි ආධාරයක් බව මේ වෙද්දී හැමෝ ම දන්නවා. මේ දෙකේ වෙනස වෙන්නේ, ආධාර (ග්‍රාන්ට්ස්) අපි ආපහු ගෙවන්න අවශ්‍ය නෑ. සාමාන්‍යයෙන් ආධාර ලැබෙන්නෙ දුගී රටවලට. ලංකාව මේ වෙද්දී ඉහළ-මැදි ආදායම් රටක්. ඒ නිසා ලංකාවට මින් ඉදිරියට ආධාර ලැබෙන්නෙ නැති තරම්. කෙසේ වෙතත් මේ ආධාරය ලංකාවට ලැබෙන්නෙ, අපි මේකට උත්සාහ කළේ සෑහෙන කලක පටන් නිසා.

    ලංකාව මුලින් ම MCC ග්‍රාන්ට් එකට ඇප්ලයි කළේ 2002දී. ඊට පසුව ආණ්ඩු මාරුවෙන් පසුව, 2005දී මහින්ද රජය යටතේත් මේ ආධාරය ලබාගන්න ලංකාව උත්සාහ කළා. ඊට මූලිකත්වය ගත්තේ එවකට මහින්ද රජයේ විදේශ ඇමති වෙලා හිටපු (සර්ප්‍රායිස්!) මංගල සමරවීර. එතකොට, එදා මංගල මැදිහත්වෙලා මේක ගේන්න හැදුවම "හානේ හරි ශෝක්" කියල බාරගත්ත උදවිය ම, අද මංගල මේකට මැදිහත් වෙනකොට "හාපෝ මංගල" කියනව. (ඒකට කියන්නෙ දේශපාලන කුහකකම) ඊට පසුව 2011දී සහ 2017දීත් මේක ලබාගන්න උත්සාහ කෙරුණා. 2017 දී මේක සාර්ථක වුණා. 2017 ඇප්ලයි කළායින් පස්සේ සම්පූර්ණ ටයිම්ලයින් එක, MCC වෙබ්සයිට් එකේ ඇති. ලංකාව මෙලෙස MCC ආධාරය ලබන 37 වැනි රට.

    දෙවැනි කොටසින් කතාකරමු, MCC ගිවිසුම ගැන.

    image_d601dbac09.jpg

    පළමු පිංතුරේ තියෙන්නේ තිස් අවුරුදු සැලසුම එළිදක්වපු අවස්ථාව. දෙවැනි එකේ තියෙන්නේ විශේෂ අවශ්‍යතා සහිත පෙරපාසැල් ළමයෙක් අතින් ඇඳපු සිතියමක්.

    චමීර ජීවන්ත දෙද්දුවගේ


    https://www.lankanewsweb.net/sinhala/98-නෙළුම්-යාය/51089-MCC--ආර්ථික-කොරිඩෝ-සහ-තේ-කෝප්පෙ-කිඹුල්ලු--1