උඹට අවසාන වශයෙන් මං කියන්නෙ එකම දෙයයි. බුදුන් වහන්සේත් බුදු උනාට පස්සෙ ධර්මය දේශනා කරා. වැරදි මාර්ග වල ගියපු තමන්ගේ ගුරුවරුන් සොයාගෙන ඒ අයගේ ළඟටම ගියා.ධර්මය දේශනා කරලා හරි මගට ගන්න. හැබැයි බුදුන් වහන්සේ බුද්ධත්වය අවබෝධ කරගත්තට පස්සෙ කිව්වේ නැහැ. මමයි පොර අනිත් ඔක්කොම එවුන් අදහන්නෙ වැරදි දෙයක්. එහෙම වැරදි නෑ කියනවනම් වරෙල්ල මාත් එක්ක වාද කරන්න මම ඕන දේකට ready කහවනු 1000 ක් ඔට්ටුයි..මොකද කියන්නෙ? ඔහම කියල බුදුන් වහන්සෙ උන වහන්සේගේ පළමු ඇදුරන්ට අභියෝග කරේ නෑ නේද?
අනිත් එක බුදුවහන්සේ ධර්මය ප්‍රචාරය කරන්න මං දන්නා තරමින්නම් ආරාම තමන්ගේ නමින් තියන හිටියේ නෑ. හිටපු එකත් පිටිදුවේ සිරිධම්ම වගේ අය ඒ කාලෙ ඉල්ලුවානම් දීල උන් වහන්සේ යනවා.මොකෝ පාරමී පුරන කාලෙ ඇස් ඉස් මස් ලේ දරුවන් දන් දීපු කෙනෙක් ආරාමයක් බදාගෙන ඉඳීද?
ඔහොම ධර්මය ප්‍රචාරය කරානම් අද බුද්ධාගම කියල දෙයක් ලෝකේ ඉතුරු වෙන එකක් නෑ
තමන් දේශනා කරන දේ යොදාගෙන සල්ලි හම්බ කිරීම අනුමත කරන්න බෑ.
මිනිස්සු කැමැත්තෙන් දෙන දේවල් ප්‍රශ්නයක් නෑ. ඒත් විකුණන එක අනුමත කරන්න බෑ.
බුදු හාමුදුරුවො තමන්ට ධර්ම දේශනා කරන්න ආරාධනා කරපු හැම තැනටම ගියා.
පුද්ගලයා කවුද කියල බැලූවේ නෑ. ඒ ගියේ පාගමනින්.
මේ ගොල්ලො වගේ බණ කියන්න සල්ලි අය කලේ නෑ.
යන්න වාහන ඉල්ලූවේ නෑ වාහනවලට ගාස්තු ඉල්ලූවේ නෑ.
මම කියන්නෙ නෑ අද ඉන්න හාමුදුරුවරු පයින් බණට දානෙට වඩින්න ඕනෙ කියල අද ලෝකෙ දියුණු වෙලා.
නමුත් මිනිස්සුන්ගේ උස් පහත් කම් බලලා සල්ලි වලට බුදු දහම අලෙවි කරන එක වැරදියි.
ඇත්තටම මාර්ගඵල වලට ආපු හාමුදුරුවරු ඕන තරම් අදටත් ඉන්නව හැබැයි ඒ හාමුදුරුවරු ප්‍රසිද්ධියට කැමති නෑ. සියල්ල අත්හැරල නිවන අවබෝධ කර ගන්න මහන්සි වෙනව මිසක් මේ වගේ පුහු දේවල් කර කර දගලන්නේ නෑ. මොකද ඒ හාමුදුරුවරුන්ට අවබෝධයක් තියන නිසා මෙහෙම අවබෝධයක් නැති අය තමා බොරු මාධ්‍ය සංදර්ශන කරල ප්‍රසිද්ධ වෙන්න හදන්නෙ.


