me thread eka gana - පිටදූවේ සිරිධම්ම හිම

elakiri119

Member
Jan 20, 2010
1,034
124
0
me nirmala bududahama winasa wene oya wage eun nisa,, sowan wechcha hamuduruwo kenek kawda ban mama sowan wela kiyala kiyane, ethaninma uge sowan pale athurudahan wela athi.

ewagema onatharam sowan wecha hamuduruwo athi kela wal wala bawana nu yogiwa,e hamuduruwaru oka kiya kiya yane naa,

ethakota buduhamuduruwo budu wela budu una bawa kiuwe nadda??
ehema nokiya sitiyanum ada buddaagamakakuth neha..
 

ModelSriLanka

Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    උඹට අවසාන වශයෙන් මං කියන්නෙ එකම දෙයයි. බුදුන් වහන්සේත් බුදු උනාට පස්සෙ ධර්මය දේශනා කරා. වැරදි මාර්ග වල ගියපු තමන්ගේ ගුරුවරුන් සොයාගෙන ඒ අයගේ ළඟටම ගියා.ධර්මය දේශනා කරලා හරි මගට ගන්න. හැබැයි බුදුන් වහන්සේ බුද්ධත්වය අවබෝධ කරගත්තට පස්සෙ කිව්වේ නැහැ. මමයි පොර අනිත් ඔක්කොම එවුන් අදහන්නෙ වැරදි දෙයක්. එහෙම වැරදි නෑ කියනවනම් වරෙල්ල මාත් එක්ක වාද කරන්න මම ඕන දේකට ready කහවනු 1000 ක් ඔට්ටුයි..මොකද කියන්නෙ? ඔහම කියල බුදුන් වහන්සෙ උන වහන්සේගේ පළමු ඇදුරන්ට අභියෝග කරේ නෑ නේද?

    අනිත් එක බුදුවහන්සේ ධර්මය ප්‍රචාරය කරන්න මං දන්නා තරමින්නම් ආරාම තමන්ගේ නමින් තියන හිටියේ නෑ. හිටපු එකත් පිටිදුවේ සිරිධම්ම වගේ අය ඒ කාලෙ ඉල්ලුවානම් දීල උන් වහන්සේ යනවා.මොකෝ පාරමී පුරන කාලෙ ඇස් ඉස් මස් ලේ දරුවන් දන් දීපු කෙනෙක් ආරාමයක් බදාගෙන ඉඳීද?

    ඔහොම ධර්මය ප්‍රචාරය කරානම් අද බුද්ධාගම කියල දෙයක් ලෝකේ ඉතුරු වෙන එකක් නෑ :lol:
    තමන් දේශනා කරන දේ යොදාගෙන සල්ලි හම්බ කිරීම අනුමත කරන්න බෑ.
    මිනිස්සු කැමැත්තෙන් දෙන දේවල් ප‍්‍රශ්නයක් නෑ. ඒත් විකුණන එක අනුමත කරන්න බෑ.

    බුදු හාමුදුරුවො තමන්ට ධර්ම දේශනා කරන්න ආරාධනා කරපු හැම තැනටම ගියා.
    පුද්ගලයා කවුද කියල බැලූවේ නෑ. ඒ ගියේ පාගමනින්.

    මේ ගොල්ලො වගේ බණ කියන්න සල්ලි අය කලේ නෑ.

    යන්න වාහන ඉල්ලූවේ නෑ වාහනවලට ගාස්තු ඉල්ලූවේ නෑ.

    මම කියන්නෙ නෑ අද ඉන්න හාමුදුරුවරු පයින් බණට දානෙට වඩින්න ඕනෙ කියල අද ලෝකෙ දියුණු වෙලා.

    නමුත් මිනිස්සුන්ගේ උස් පහත් කම් බලලා සල්ලි වලට බුදු දහම අලෙවි කරන එක වැරදියි.

    ඇත්තටම මාර්ගඵල වලට ආපු හාමුදුරුවරු ඕන තරම් අදටත් ඉන්නව හැබැයි ඒ හාමුදුරුවරු ප‍්‍රසිද්ධියට කැමති නෑ. සියල්ල අත්හැරල නිවන අවබෝධ කර ගන්න මහන්සි වෙනව මිසක් මේ වගේ පුහු දේවල් කර කර දගලන්නේ නෑ. මොකද ඒ හාමුදුරුවරුන්ට අවබෝධයක් තියන නිසා මෙහෙම අවබෝධයක් නැති අය තමා බොරු මාධ්‍ය සංදර්ශන කරල ප‍්‍රසිද්ධ වෙන්න හදන්නෙ.

    :yes::yes::yes:
     

    j@naka_86

    Well-known member
  • Mar 17, 2010
    2,116
    267
    83
    මම නම් අහලා තියෙන්නේ "යම් කෙනෙක් සෝවාන් වෙලා හෝ යම් මාර්ග ඵලයක් ලැබූ කෙනක් හදුන ගන්න පුළුවන් තවත් ඒ වගේම සෝවාන් වෙලා හෝ යම් මාර්ග ඵලයක් ලැබූ කෙනෙකුට පමණයි" කියලා. අනික අපි කරුණු හරියට නොදැන යම් හාමුදුරු කෙනෙකුට බැන්නොත් ඒ හාමුදුරුවෝ යම් මාර්ග ඵලයක් ලැබූ කෙනක් නම් ඒ බනින කෙනාට විශාල පාපයක් වෙනවලු. :yes:
     

    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,910
    1,222
    113
    ඔය එදා සිද්දිය වෙලාවෙ පන්සලේදි උනා කියන ධර්ම සාකච්චාව අපිටත් අහන්න තිබුනානම් ඔය ගැටලු ඔක්කොටොම පිලිතුරු හොයාගන්න තිබුනා..!:confused:

    මොනවා උනත් පිටිදූවෙ හාමුදුරුවන්ගෙ ධර්ම දේශනානම් මැක්සා නේ.
     
    Last edited: