mega disaster in sri lanka

amasinz

Banned
Aug 15, 2018
70
4
0
Dn3oQTHXcAE3hkd.jpg
 

amasinz

Banned
Aug 15, 2018
70
4
0
අධික වැසි හේතුවෙන් වැලිපැන්න පිවිසුම වසා දමයි

(සිරංගිකා ‌ලොකුකරවිට)

දක්ෂිණ අධිවේගී මාර්ගයේ වැලිපැන්න පිවිසුම තාවවකාලිකව වසා දමා ඇතැයි මාර්ග සංවර්ධන අධිකාරිය පවසයි. අලුත්ගම මතුගම මාර්ගයේ වැලිපැන්න පිවිසුම අසළ ප්‍රදේශය ජලයෙන් යටවී තිබීම හේතුවෙන් මෙම තීරණය ගෙන ඇත. අද උදෑසන සිට අධික වර්ෂාවක් දකුණු හා නිරිතදිග ප්‍රදේශවල පවතින බැවින් දක්ෂිණ අධිවේගී මාර්ගයේ වාහන ධාවනයේ දී උපරිම වේග සීමාව පැයට කිලෝ මීටර 60ක් දක්වා සීමා කෙරුණු අතර එම සීමාව තවදුරටත් එසේම පවත්වාගෙන යන ලෙස ද මාර්ග සංවර්ධන අධිකාරිය සහ දක්ෂිණ අධිවේගී මාර්ග පොලිසිය දැනුම් දෙයි
 

amasinz

Banned
Aug 15, 2018
70
4
0
Edit Tags Tags
!!අල්ලගෙ බොරු කතා
අකුරණ අදත් ජලයෙන් යට වෙයි
(මොහොමඩ් ආසික්)
මහනුවර ප්‍රදේශයට අද (06)සවස් කාලයේ ඇද හැළුණ් ධාරාණිපාත වර්ෂාව හේතුවෙන් අකුරණ නගරය අද ජලයෙන් යට ව ඇති අතර මහනුවර යාපනය ඒ 09 මාර්ගයේ වාහන ගමනාගමනයද මේ වන විට ඇන හිට තිබේ.


මෙයට අමකරව දුනුවිල පාදර ජලයෙන් යටව ඇති අතර මේ වන විට එම ප්‍රදේශයේ අඩි පහක් පමණ ජලයෙන් යටව තිබේ
 

amasinz

Banned
Aug 15, 2018
70
4
0
ගංවතුරට හසුවී පුද්ගලයන් කිහිපදෙනකු අතුරුදන්
(ප්‍රේමතිලක පෙරමුණ)

වලල්ලාවිට ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයේ ලේදොල,ඔලගොඩ ප්‍රදේශයේ කාන්තාවන් තිදෙනෙකු හා අගලවත්ත රත්මලේ ප්‍රදේශයේ එක් පුද්ගලයෙකු ගංවතුරට හසුවී අතුරුදහන් වි ඇතැයි වලල්ලාවිට ප්‍රාදේශීය ලේකම් එම් රන්ජන් පී පෙරේරා මහතා පැවසීය


පහලහෙවෙස්ස ,කොස්කැටිය,මල්වච්චිගොඩ විශාල පිරිසක් ගංවතුරින් කොටුවී සිටින බවත්,ප්‍රාදේශීය ලේකම්වරයා පැවසීය .


මේ වනවිට වලල්ලාවිට කොට්ටාසයේ සියලුම ප්‍රධාන හා අතුරු මාර්ග බොහෝමයක් ජලයෙන් යටවී ගමනාගමනය සම්පූර්ණයෙන් අඩාලවී ඇතැයි ද ලේකම්වරයා පවසයි


මීගහතැන්න පොලිසිය පවසා සිටියේ ,අගලවත්ත මල්වච්චිගොඩ ප්‍රදේශයේ දි ජලයේ ගසාගෙන ගිය අයෙකු බේරාගෙන ඇති බවත්,අතුරුදහන් වූ අය සොයා ප්‍රදේශවාසීන් හා පොලිසිය සෝදිසි මෙහෙයුම් කරන බවත් ය.
 

visalbro

Well-known member
  • Jun 4, 2017
    15,974
    17,129
    113
    panadura
    අකුරණ අදත් ජලයෙන් යට වෙයි
    (මොහොමඩ් ආසික්)
    මහනුවර ප්‍රදේශයට අද (06)සවස් කාලයේ ඇද හැළුණ් ධාරාණිපාත වර්ෂාව හේතුවෙන් අකුරණ නගරය අද ජලයෙන් යට ව ඇති අතර මහනුවර යාපනය ඒ 09 මාර්ගයේ වාහන ගමනාගමනයද මේ වන විට ඇන හිට තිබේ.


    මෙයට අමකරව දුනුවිල පාදර ජලයෙන් යටව ඇති අතර මේ වන විට එම ප්‍රදේශයේ අඩි පහක් පමණ ජලයෙන් යටව තිබේ
    Ane bn okkotama issella ubalage maha ewunta kiyapan කැලෑ kapana eka nawaththanna kiyala.me rata winasa karala daanna epa.ubalath inna ona apith inna ona.meka eka eka bedagena maragena eka ekatayatikuttukam karanna one nane....uba muslimda?
     

    amasinz

    Banned
    Aug 15, 2018
    70
    4
    0
    වැස්සෙන් - සුළඟින් මහනුවර නිවාස 30 කට හානි
    (සටහන සහ ඡායාරූප - මහනුවර විශේෂ චමිල් රුපසිංහ)
    උඩුනුවර ප්‍රදේශයේ වර්ෂාව සමගින් හමා ගිය දැඩි සුළඟකින් ඊයේ (05) පස්වරුවේ නිවාස 30 කට පමණ හානි සිදුවි ඇති අතර පුද්ගලයන් 120 ක් පමණ අවතැන් වී සිටියි.


    මේ අතර නිවාස මතට විශාල ගස් පෙරලීම නිසා කුඩා දරුවෙකු ඇතුලු 3 දෙනෙකු රෝහල් ගත කර ඇති බව උඩුනුවර ප්‍රාදේශිය ලේඛම් නන්දන ගලබොඩ මහතා පවසයි.


    දැනට සතියක පටන් මධ්‍යම කඳුකරය දෙසට පවතින අධික වර්ෂාව සමග දැඩි සුලං තත්වයක්ද හටගෙන ඇති අතර ඊයේ පස්වරු 4.30 ත් 5.00 ත් අතර උඩුනුවර ප්‍රදේශයේ රංගම, ලගමුව, කිරිවවුල වැනි ප්‍රදේශයන් හරහා හමා ගිය දැඩි සුළඟ නිසා නිවාස 5කට පමණ සම්පූර්ණයෙන්ම අලාභහානි සිදුවී ඇති අතර අනික් නිවාස මතට විශාල ගස් කඩා වැටීම නිසා අර්ධ වශයෙන් හානි සිදුවි ඇති බව ප්‍රදේශිය ලේකම් පවසයි.


    ආපදාවන්වලට ලක්වු පිරිස් ඔවුන්ගේ ඥාති නිවෙස්වල තාවකාලිකව පදිංචි කර ඇති අතර ඔවුන් සදහා අවශ්‍ය පහසුකම් ලබා දිම සදහා කටයුතු යොදා ඇති බවත් නිවාස ප්‍රතිසංස්කරණය කර ගැනිම සදහා රජය මගින් ලබාදෙන ආධාර මුදල් දින 3ක් ඇතුලත තක්සේරු කර ලබාදීමට කටයුතු යොදා ඇති බවද නන්දන ගලබොඩ මහතා පවසයි.


    ආපදාවන්වලට ලක්වූවන් සදහා උඩුනුවර ප්‍රාදේශීය සභාව දවුලගල, වෙලම්බඩ, කඩුගන්නාව, ආරක්ෂක හමුදාව හා ප්‍රදේශවාසින් එකතුව සහන සැලසීමට කටයුතු කරමින් සිටින බවද නන්දන ගලබොඩ මහතා පවසයි.
     

    amasi

    Member
    Sep 3, 2018
    692
    19
    0
    නෑබඩ ගෙදරක සිරවී සිටි සිව් දෙනෙක් බේරා ගනිති
    නයනදුල සෙන්දනායක



    කළුතර නෑබඩ උඩෝවිට ප්‍රදේශයේ නිවාස තුනක් මතට පස් කන්දක් නාය යාමෙන් එක් නිවසක සිරවී සිටි එකම පවුලේ හතර දෙනෙකු ප්‍රදේශවාසීන් විසින් බේරාගෙන හොරණ මුලික රෝහලට ඇතුළත් කළ බව පොලිසිය පවසයි.

    සිද්ධියෙන් නිවාස දෙකකට බරපතල හානි සිදුවී ඇති අතර එක් නිවසකට සුළු වශයෙන් හානි සිදුවී ඇත.

    සිද්ධිය වන අවස්ථාවේ බරපතල හානි සිදුවු එක් නිවසක් තුළ එකම පවුලේ වයස අවුරුදු හයක දරුවකු ඇතුළු පස් දෙනෙකු රැදී සිට ඇති අතර ඉන් එක් අයකුට සිද්ධියෙන් කිසිදු හානියක් සිදුවී නොමැත.
     

    amasi

    Member
    Sep 3, 2018
    692
    19
    0
    පවතින වැස්ස සමඟ බෙන්තර හා ගිං ගඟ පිටාර ගැලීමෙන් පිටිගල නගරය හා ඒ ආශ්‍රිත ප්‍රදේශ ජලයෙන් යට වී ඇත.

    පිටිගල නගරයේ පිහිටි වෙළදසල් කිහිපයක් හා නගරයට ප්‍රවේශ වන මාර්ගද ජලයෙන් යටවි ති තිබේ. උතුරුපිටිගල, මැටිවල, ආදි ප්‍රදේශද ජලයෙන් යටවි තිබු අතර මෙම තත්වය නිසා ගමනා ගමන කටයුතු ද ඇනහිට ඇත.
     

    amasi

    Member
    Sep 3, 2018
    692
    19
    0
    වැස්සෙන් ගාල්ලේ 8469 ක් අවතැන්: ජල පහරට හසුවී අයෙක් මරුට
    (ඩී.ජි.සුගතපාල ,සුමතිපාල දීයගහගේ)

    ගාල්ල දිස්ත්‍රික්කයට ඇද හැලෙන ධාරාණිපාත වර්ෂාවෙන් එක් පුද්ගලයෙකු ජලයේ ගසාගෙන ගොස් මියගොස් ඇති අතර පවුල් 131ක සාමාජිකයින් 8469 ක් පිඩාවට පත්ව ඇතැයි ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලය පවසයි.


    මියගොස් ඇත්තේ වඳුරඹ ඌරල ප්‍රදේශයේ පදිංචිව සිටි හැට එක් හැවිරිදි සිවු දරු පියෙකි.


    ඔහු ඊයේ (06) සවස වෙළඳ සලකට ගොස් එමින් සිටියදි ජලයේ ගසාගෙන ගොස් අතුරුදහන්ව ඇති අතර මළ සිරුර අද දහවල් සොයා ගත් බව පොලීසය පවසයි.


    පිඩාවට පත්වු ජනතාවට පිසූ ආහාර සහ වියලි ආහාර ලබා දිමට ප්‍රාදේශිය ලේකම්වරුන් විසින් පියවර ගෙන ඇත.


    නිවාස 6 කට පූර්ණ හානි සිදුව ඇති අතර අර්ධ හානි සිදුව ඇති නිවාස සංඛ්‍යාව 244කි.ව්‍යාපාර ස්ථාන 52කටද හානි සිදුව ඇත අකුණු සැර වැදිමෙන් නිවාස 15කට හානි සිදුව තිබේ.


    ගාල්ල දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පැවසුවේ හදිසි ගංවතුර තත්වයක් ඇතිවිය හැකි ප්‍රදේශවල බෝට්ටු 21ක් සහ අඟුල් 9ක් ස්ථානගත කර තිබෙන බවය.