mega mega mega mega mega

gasgeymba

Active member
  • Sep 28, 2010
    170
    59
    28
    Canada -Toronto
    මගෙ නම රොෂාන් දවසක් මම ලංකාවට ඇවිල්ලා ගියා නුවර ඇවිදින්න. එහෙ ඉන්නවා අපේ මාම. ගොඩ දවසකින් යන නිසා මම තැගිබෝග එහෙම සේරම ඇරගෙන පාන්දරින්ම නුවර ගියා. මාමාගේ ගෙදර කව්රුත්ම නැහැ. නැන්දා එන්නේ ඉස්කෝලේ ඇරිලා හවස්වෙලා. මාමා ගිහිල්ලා කටු ගස්තොට ගිහිල්ලා එන්න.
    ගෙදර තියෙන්නේ වත්ත අයිනට වෙන්න ලොකු මිදුලේ කොනක. අබගහක් තියෙනවා මැද වටේට බංකු තියලා.
    මම බැග් සේරම තියෙලා බංකුව උඩින් වාඩි උනා. මාමා කීයට ආවත් නැද්දා 2.00 ට පාසැල ඇරී එන බව මම හොදය දන්නවා. ටික වෙලාවකින් නැන්දා ආවා ළමයට මහන්සී කියලා මට හොදට සැලකුවා.( කැමෙන් පමණයි)
    දන්මට ටිකක් නිදිමතයි වගේ. තිබුනේ ෆරයිඩ් රයිස් එකක් ගෙදර හදපු..... දැන් මම කාලා එළියට වෙලා ඉන්නවා.. පොඩි නිිදිමත ගතියක් සමග
     

    gasgeymba

    Active member
  • Sep 28, 2010
    170
    59
    28
    Canada -Toronto
    ටික වෙලාවකින් මට නිදිමත ගතියක් එක්ක පොඩි ජායාවක් දැක්කා.. ඒත් කවුද කියලා තේරුනේ නැහැ.. පොඩි කෙල්ලෙක් වගේ මට ලාවට මතකයි... කොළ පාට සායක් ඇදන් හිටියේ. රතුපාට ලොකු බොත්තම් තියෙන.. මගෙ මුනට එබිලා බලනවා මට ලාවට වගේ මතකයි.
    එතකොටම ඒ කෙල්ල මගෙ මල්ලිට එකක් හයියෙන් ගහලා දුවන්න ගත්තා. ඒක මට ගොඩක් රිදුනට නිදිමත ගතිය සහ මත්වීම නිසා මම ඇස් පියාගෙන හිටියේ....
    අවදිවෙන කොට හොදටම කරුවල වැටිලා.. මට ඒක තේරුනේ උදේ කියලා....
     

    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,302
    2,105
    113
    දන්නෙම නැතුව මට නින්ද ගියා. ඔන්න ටික වෙලාවකින් මට ඇහැ අරුනා වදුරෝන්ගේ සද්දයක් ඇහිලා. අඩේ මෙන්න අඹ ගහ උඩ වදුරු රංචුවක් ඇවිත් මම රට ඉදන් ගෙනාපු පාර්සල් සේරම එකින් එක අවුස්සනවා. මට තරු විසි උනා බන්. මම ගෙනාපු සේරම දේවල් උන් අවුස්සනවා. මුන් අවිස්සුවට මොකද කිසිම දෙයක් ගන්නේ නෑ. සේරම බිමට දානවා. කමක් නෑ උන්ගේ ආතල් එක කියලා මමත් ඉවසන් හිටිය. මෙන්න බොලේ එකපාරම එකෙක් මම මාමට දෙන්න ඩියුටි ෆ්‍රී එකෙන් ගත්ත බෝතලේ ඇදල ගත්ත කියපන් කෝ. මට එලොව පොල් පෙනුන බන්. මු බෝතලේ බිම දාවි කියල. ඔන්න අනිත් වදුරෝ ටිකත් එතනට සෙට් උනා. එකෙක් රැපින් එක ගලවල බෝතලේ ලේබලේ බලල මහා හයියෙන් කිව්වනේ බන් "නොදකින් විතරක් කැනඩාවේ ඉදන් ඇවිල්ලත් ගෙනල්ල තියෙන්නේ ගල් බෝතලයක් කියල". ශික් වස ලජ්ජාව බන්. මම අඩුම කුඩුම ටිකත් අඩුක්කරගෙන හිමිට මාරු වෙලා ආව. මහ කැ_ වදුරෝ නේද බන් ඉන්නේ ??? (සියලුම හිමිකම් ඇවුරිනි. කර්තෘ අනාතයි)
     
    Last edited:
    • Like
    Reactions: Jagoris