SLBlackKnight

Well-known member
  • Sep 17, 2010
    11,779
    13,797
    113
    Kottawa
    ඇමෙරිකානු රජ්‍ය සහ සිංදු ව්‍යාපාරික වෙබ් අඩවි සියල්ලටම දරුණු හැකින් ප්‍රහාරයක්!

    Anonymous-downs-American-government-and-music-industry-sites.jpg



    ඇමෙරිකානු බලධාරීන් විසින් Megaupload වෙබ් අඩවිය වසා දැමීමෙන් පසුව ඇමෙරිකානු රාජ්‍ය වෙබ් අඩවි සහ සිංදු ව්‍යාපාරික වෙබ් අඩවි සියල්ලටම පාහේ අති විශාල හැකින් ප්‍රහාරයක් නිර්නාමික ලෙස ලොව නන් දෙසින් එල්ල වෙමින් පවතින බව විදෙස් වාර්තාවල සඳහන් වේ.

    එම වාර්තාවන්ට අනුව නිර්ණාමික හැකින්වරුන් විසින් ඇමෙරිකානු FBI වෙබ් අඩවිය සාර්ථක ලෙස අඩපන කර ඇත.

    පසුව හැකින්වරුන් විසින් ඇමෙරිකානු ෆෙඩරල් අධිකරණ දෙපාර්තුමේන්තු වෙබ් අඩවිය, යුනිවසල් මියුසික් ගෘෆ් වෙබ් අඩවිය, ඇතුලු වෙබ් අඩවි විශාල ප්‍රමාණයකට එම වෙබ් අඩවි අඩපන වන ලෙස හැකින් ප්‍රහාරයක් එල්ල කර ඇත.

    පිළිවෙලින් Department of Justice, Universal Music Group, RIAA and Motion Picture Association of America යන වෙබ් අඩවි හැකින්වරුන් විසින් අඩපන කරන ලද වෙබ් අඩවි වී ඇත.

    ලොව විශාලතම ගොනු හුවමාරු කරන්නා වු වෙබ් අඩවිය වන Megaupload වෙබ් අඩවිය ඇමෙරිකානු FBI පොලිසිය විසින් වසා දැමීමෙන් අනතුරුව එයට එකට එක කිරීමක් ලෙස මෙම හැකින් ප්‍රහාරය එම Megaupload වෙබ් අඩවියේ පැවැත්ම අපේක්‍ෂා කරන්නා වූ අතිවිශාල පිරිසක් විසින් එල්ල කරන්නට ඇතැයි සැලකේ.

    මේවන විට ඉහත ඇමෙරිකානු රාජ්‍ය වෙබ් අඩවි ඇතුලු ඉහත සමාගම් වෙබ් අඩවි සියල්ලම පාහේ සම්පූර්ණයෙන්ම අඩපන වී ඇති බව වාර්තා වන අතර, එම වෙබ් අඩවි වලට නිර්නාමිකව ලෙව නන් දෙසින් නොනවතින හැකින් ප්‍රහාරයක් එල්ල වෙමින් පවතින බවද සඳහන් වේ.

    දිනපතා මිලියන 50 ක පමණ ග්‍රාහක පිරිසක් සතු Megaupload වෙබ් අඩවිය ඇ‍ෙමරිකානු බලධාරීන් විසින් වසා දැමීමෙන් අනතුරුව එම වෙබ් අඩවිය නිර්මාතෘ ඇතුළු එයට ඝෘජුව සම්බන්ධ 4 දෙනෙකු නවසීලන්තයේදී අත් අඩංගුවට ගනු ලැබූ අතර, තවත් 20 දෙනෙකු පමණ අත් අඩංගුවට ගැනීම සඳහා ලොක් මට්ටමින් වරෙන්තුද නිකුත් කරනු ලැබීය.

    ඇමෙරිකානු බලධාරීන් විසින් වසා දමනු ලැබූ Megaupload වෙබ් අඩවිය සතුව ලොව වටා පිහිටි ඇ.‍ ඩො. මිලියන 50 ක පමණ දේපලද ඇමෙරිකානු බලධාරීන් විසින් අවහිර කර ඇත.

    මූලාශ්‍ර RT