meh sarta salli koynda mechchara

hichchiputha

Well-known member
  • Jan 3, 2018
    39,863
    35,760
    113
    වොන්ඩර් ලැන්ඩ්
    විදේශ රැකියා අමාත්‍යාංශයේ හිටපු ලේකම්වරයකුගේ වැල්ලම්පිටිය, මීතොටමුල්ල ප්‍රදේශයේ පිහිටි නිවසට පැන රුපියල් කෝටි තුනකට ආසන්න මුදල් සහ රන් භාණ්ඩ සොරාගත් බව කියන එම ලේකම්වරයාගේ අසල්වැසි ඥාති සහෝදරයා ඇතුළු දෙදෙනකු ලබන 22 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රජින්ද්‍රා ජයසූරිය මහත්මිය ඊයේ (16) නියෝග කළාය.

    මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවේ වැල්ලම්පිටිය, මීතොටමුල්ල පදිංචි පැමිණිලිකාර ලේකම්වරයාගේ ඥාති සහෝදරයකු වන දිල්ෂාන් ප්‍රියන්ත කුමාර සහ මධූෂ මධුරංග නමැත්තන්ය.



    සිද්ධිය සම්බන්ධයෙන් වැල්ලම්පිටිය පොලීසියට පැමිණිල්ලක් ඉදිරිපත් කරනු ලැබ තිබුණේ පන්සල්හේන, මීතොටුමුල්ල, වැල්ලම්පිටිය පදිංචි සිංහලගේ අජිත් කුමාර සෙනෙවිරත්න මහතා විසින් ඉකුත් 07 වැනිදාය. තමන් නිවසේ නොමැති අවස්ථාවක ජනේලයකින් ඇතුළුවී ඇති සොරුන් අල්මාරි දෙකක තිබූ ජංගම දුරකතන කිහිපයක්, රුපියල් ලක්ෂ පහක පමණ මුදලක් සහ රත්‍රන් පවුම් 120ක් සොරාගෙන ගොස් ඇතැයි පැමිණිලිකරු සිය පැමිණිල්ලෙන් ඉදිරිපත් කළ බව වැල්ලම්පිටිය පොලිසිය අධිකරණයට කරුණු වාර්තා කර ඇත.

    සිද්ධිය සම්බන්ධයෙන් අසල නිවෙස්වල තිබූ සී සී ටී වී දර්ශන පරීක්ෂා කිරීමෙන් පසු සැකකරුවකු අත්අඩංගුවට ගත් අතර, තවත් සැකකරුවකු කිරිබත්ගොඩ පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීමෙන් පසු තමන්ට බාරදුන් බවටද වැල්ලම්පිටිය පොලිසිය අධිකරණයට කරුණු ඉදිරිපත්කර තිබිණී.

    සැකකරුවන් සොරාගත් රත්‍රන්වලින් පවුම් 30ක පමණ ප්‍රමාණයක් සොයාගත් බවත් එය නඩු භාණ්ඩ වශයෙන් සලකුණු කර අධිකරණයට ඉදිරිපත් කරනු ලබන බවත් පොලීසිය අධිකරණයට දැනුම් දුන්නේය. ඉදිරිපත් වූ කරුණු සැලකිල්ලට ගත් අධිකරණය සැකකරුවන් ලබන 22 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරමින් නඩුව එදින තෙක් කල් තැබීය.
    නිමන්ති රණසිංහ
     

    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,690
    15,034
    113
    Milagiriya
    බජට් එකෙන් වෙන් කරන සල්ලි වලින්ම කෝටියක් විතර ගහනවා ඔය ලේකම් ලා සුබසාධන අරමුදල් වලට දාලා :yes: