mehema kello apita set wenne nahane

Deleted

Well-known member
  • Aug 7, 2016
    8,942
    6,269
    113
    දුම්රියක් බෝම්බයක් කියා නැවතූ සිසුවියගේ නොදත් කතාව


    සොනාලි වයස අවුරුදු දහඅටක පාසල් ශිෂ්‍යාවකි. කිරිඳිවැල ප්‍රදේශයේ පදිංචි ඇය මෙවර උසස්‌ පෙළ විභාගයට මුහුණදීමට සූදානම් වී සිටියාය. ඇයගේ හොඳම මිතුරියන් වූයේ නටාෂා සහ මනිෂාය. එම යෙහෙළියන් දෙදෙනාටම පෙම්වතුන් සිටියේය.

    නටාෂා සහ මනිෂා නිතරම සොනාලිට පවසන්නේ “ඇයි බං උඹට තවම කොල්ලෙක්‌ හොයා ගන්න බැරිවුණාද? බලපන් කොල්ලෙක්‌ එක්‌ක සෙට්‌ වුණාම කොච්චර ආතල්ද කියලා. පාඩම් කර කර හිටියොත් උඹට කොල්ලෙක්‌ සෙට්‌ කරගන්න වෙන්නේ වයසට ගිහිල්ලා තමයි…” එක දිගටම යෙහෙළියන් කරන එම කතාව ඇයගේ සිතට තදින්ම කාවැදුණාය. දින ගණනක්‌ ඇය අධ්‍යාපන කටයුතු පසෙක දමා ඒ ගැන කල්පනා කළාය.

    තම හොඳම යෙහෙළියන් දෙදෙනා කියන කතාවේ සම්පූර්ණ සත්‍යතාවක්‌ ඇතැයි තාරුණ්‍යය කරා පියනඟමින් සිටින ඇයට සිතුණාය. ඒ අනුව සොනාලි තමා කැමැති ආකාරයේ තරුණයකු වෙත බහදීමට කැමැත්තෙන් සිටියාය. එලෙස කැමැත්තෙන් සිටි ඔහු ඇයගේ පසුපසින් ආදරය පතා තරුණයෝ කිහිප දෙනෙක්‌ම පැමිණියහ. එහෙත් ඇය ඉන් කිසිවකුටත් කැමැති නොවූයේ පුංචි හෝ අඩුපාඩුවක්‌ ඔවුන්ගෙන් දුටු නිසාය.

    කසුන් පැහැපත් රූපයකට හිමිකම් කියූ තරුණයෙකි. ගම්පහ ප්‍රදේශයේ පදිංචි ඔහු පාසල් අධ්‍යාපනය අවසන් කළේ දැනට වසර කිහිපයකට ඉහතදීය. මිතුරන් සමඟ විනෝදයෙන් කාලය ගතකළ ඔහු ජීවිතය ගැන සිතුවේ සැහැල්ලුවෙන්ය. ඉඳහිට මත්පැන් පානය කිරීමටද ඔහු පුරුදු වී සිටියේය.

    කසුන් පළමුව සොනාලිව දකින්නේ මංගල උත්සවයකදීය. එදින ඇය පාසල් ශිෂ්‍යාවක යෑයි කිව නොහැකි අයුරින් විසිතුරු ඇඳුම් පැළඳුම්වලින් සැරසී සිටියාය. එමනිසා එහි සිටි බොහෝ තරුණයන්ගේ බැල්ම ඇය වෙත හිමි වූවාය. කසුන්ද එවැන්නෙකි. ඔහු එම මංගල උත්සවයේ සිටි යහළුවකු මාර්ගයෙන් සොනාලි ගැන සියලු තොරතුරු දැන ගත්තේය.

    එදින කසුන්ට නිදි නොමැති රැයක්‌ විය. ඔහු සයනයේ එහෙ මෙහෙ පෙරළෙමින් සොනාලි ගැන දහසකුත් සිහින මැව්වේය. කෙසේ හෝ ඇය තමාගේ කරගන්නවා යෑයි ඔහු තරයේ අධිෂ්ඨාන කරගත්තේය. පසුදින සොනාලි දැක ගැනීමට ඇය අධ්‍යාපනය හදාරන පාසල ළඟට යන බව සිතමින් කසුන් අඩ නින්දකට වැටුණේය.

    පසුදින තමා ළඟ තියෙන ඉස්‌තරම්ම වර්ගයේ ඇඳුම ඇඳගත් කසුන්, මිතුරකු සමඟ සොනාලි අධ්‍යාපනය හදාරන පාසල අසලට පැමිණියේ දහසක්‌ බලාපොරොත්තු සිතේ පොදි බැඳගෙනය. පාසල අවසන් වී පැමිණෙන දහසක්‌ සිසු සිසුවියන් අතරින් සොනාලිව හඳුනා ගැනීමට කසුන්ට අපහසු වූයේ නැත. දින කිහිපයක්‌ කසුන් එලෙස සොනාලිව දැක ගැනීමට පාසල අසලට පැමිණියේය.

    දින කිහිපයක සිට තරුණයකු තමා ගැන විමසිලිමත් වන බව සොනාලිට තේරුණාය. ඇයගේ සිතේද ඔහු ගැන උනන්දුවක්‌ තිබුණාය. තම යෙහෙළියන් දෙදෙනාටද ඒ ගැන පැවසීමට ඇය අමතක නොකළාය. සති කිහිපයක්‌ එලෙස ගතවූවේය.

    කසුන්ට තම හොඳම මිතුරා පැවසුවේ “ඒකිත් උඹ දිහා බලනවා නම් කෙළින්ම ගිහින් යාළුවෙන්න අහපන්. එතකොට ලෙහෙසියෙන්ම වැඩේ ගොඩ දාගන්න පුළුවන්. ප්‍රමාද වුණොත් වෙන කාටහරි ඒකිට සෙට්‌ වෙයි. කරන දෙයක්‌ ඉක්‌මනට කරපන්” කියාය. කසුන්ද එම කතාව පිළිගත්තේය. පසුදිනම සොනාලිට තමාගේ ආදරය ප්‍රකාශ කිරීමට ඔහු තීරණය කළේය.

    පසුදින කසුන් පාසල අසලට පැමිණියේ තම සිතේ තියෙන පිවිතුරු ආදරය සොනාලිට ප්‍රකාශ කිරීම සඳහා ය. පාසල අවසන් වී ඇය එළියට පැමිණියාය. සති කිහිපයක සිට තමා එන තුරු මඟ බලා සිටින තරුණයා එදින එම අවස්‌ථාවේ පෙනෙන්නට සිටියේ නැත. ඇය ඒ ගැන කල්පනා කරමින් ඉදිරියටම ගමන් කළාය. එහෙත් එලෙස ඇයට යැමට හැකිවූයේ ටික දුරකි. පිටුපසින් පැමිණි කවුදොa තරුණයකු “නංගි” කියා ඇයට ආමන්ත්‍රණය කළේය.

    තමාට පිටුපසින් ඇහුණු එම නුපුරුදු කටහඬ දෙස ඇය එක්‌වරම හැරී බැලුවාය. පුදුමයකි. ඒ තමා දෙස සති කිහිපයක සිට විමසිල්ලෙන් බලා සිටි තරුණයා ය. ක්‍ෂණයකින් ඇයගේ දෑස්‌ ඔහුගේ දෑස්‌ වෙත යොමු වූවාය. විනාඩි කිහිපයක්‌ යන තුරු එම දෑස්‌ අහකට යොමු කිරීමට ඇයට නොහැකි වූවාය. කසුන්ද එක එල්ලයේ ඇයගේ දෑස්‌ දෙස බලමින් “නංගි මට ඔයාව විනාඩියකට හම්බවෙන්න ඕනෑ” යි පැවසුවේය. “ඇයි මොකටද මාව හම්බ වෙන්නේ” යෑයි පවසමින් ඇය ඉදිරියට ගමන් කළාය.

    “ප්ලීස්‌ නංගි මට එක විනාඩියක්‌ දෙන්න. ගොඩක්‌ දේවල් ඔයාට කියන්න තියෙනවා…” කසුන් යළි පවසුවේය.

    “විනාඩියකට කොහොමද ගොඩක්‌ දේවල් කියන්නේ… යන්න මට කරදර නොකර” යළි ඇය පැවසුවාය.

    “අනේ නංගි එහෙම කරන්න එපා. එක අවස්‌ථාවක්‌ දෙන්න මට. හිතේ තියෙන සේරම දේවල් මම ඔයාට කියන්නම් නංගි” බැගෑපත් ලෙස කසුන් පැවසුවේය.

    සොනාලි සොයනා පෙම්වතාගේ සියලු ගති ලක්‌ෂණ කසුන් කෙරෙන් දිස්‌වූවේය. එමනිසා ඇය කසුන්ට කැමැත්තක්‌ දැක්‌වූවාය. එහෙත් ඒ බව එක්‌වරම ඇය කසුන්ට පෙන්වූයේ නැත.

    “හම්බවෙලා මොනවා කතා කරන්නද? මම යනවා යන්න” කියා පවසමින් ඇය තම නිවස බලා යැමට පිටත් වූවාය.

    එලෙස දින කිහිපයක්‌ම කසුන් සොනාලි පසුපස පැමිණියේය. අවසානයේ නොදැනුවත්වම දෙන්නා පෙම්වතුන් බවට පත්වූවෝය. දැන් සොනාලිට කසුන්ගෙන් තොර ලොවක්‌ නොමැත. එම ආදර සම්බන්ධතාව නිසා සොනාලිගේ පාසල් වැඩ කටයුතු පවා අතපසු විය. නිවැසියන්ට හොර රහසේ සොනාලි එය ජයටම පවත්වාගෙන ගියාය.

    කලක්‌ ගතවෙද්දී සොනාලිට කසුන්ව නැතිවම බැරි වූවාය. අමතර පංති යැම පවා නවතා දමා ඇය කසුන් සමඟ කාලය ගත කළාය. එලෙසම ඇය කසුන් යන එන තැන් ගැනද සැලකිලිමත් වූවාය. කසුන් මත්පැන් පානය කරන බව ඇය සොයා ගත්තේ යහළුවකු මාර්ගයෙනි. එයින් සොනාලි දැඩි ලෙස කම්පාවට පත් වූවාය.

    කසුන් වැඩිපුර මත්පැන් පානය කරන්නේ යහළුවන් සමඟ එකතු වූ විට බව ඇය සොයා ගත්තාය. එම නිසා කසුන්ට යහළුවන් සමඟ වැඩිපුර එකතු වීමට ඇය ඉඩ නොදුන්නාය. කසුන්ද ඇයට තිබූ ආදරය නිසා සමහර යහළුවන්ව ආශ්‍රය කළේ සොනාලිට හොර රහසේය.

    දිනක්‌ කසුන් යහළුවන් පිරිසක්‌ සමඟ බදුලු යන බව සොනාලිට පැවසුවේය. ඒ සමඟම ඇය බදුලු යන යහළුවන්ගේ විස්‌තර ඇසුවාය. කසුන් එහි යන යහළුවන්ගේ සියලුම විස්‌තර සොනාලිට පැවසුවේය. කසුන් කියූ එම යහළුවන් ගැන ඇයට ලොකු පැහැදීමක්‌ තිබුණේ නැත. එම නිසා ඇය කසුන්ට තරයේ පැවසුවේ බදුලු නොයන ලෙසයි. එහෙත් කසුන් එය ප්‍රතික්‌ෂේප කළේය. ඔහුට වුවමනා වූයේ කෙසේ හෝ බදුලු යැමටයි.

    බදුලු සිද්ධියත් සමඟ දෙදෙනා අතර ගැටුම් ඇති වූහ. සොනාලි පැවසුවේ කිසිසේත් බදුලු යැමට ඉඩ නොදෙන බවයි. එහෙත් කසුන් කෙසේ හෝ බදුලු යන බව සොනාලිට පැවසුවේය. කසුන් ඇතුළු යහළුවන් බදුලු යැමට යොදාගෙන තිබුණේ පසුගිය මස විසිහය වැනිදා රාත්‍රී බදුල්ල බලායන තැපැල් දුම්රියෙනි.

    අදාළ දිනය උදාවිය. අවසන් වතාවටත් කසුන් සොනාලිගෙන් බදුලු යැමට අවසර ඉල්ලුවේය. එහෙත් ඇය තීරණය වෙනස්‌ නොකළාය. සොනාලි කිසිසේත් කැමැති කරවා ගැනීමට නොහැකි බව කසුන් තේරුම් ගත්තේය. එමනිසා ඇයගේ අකමැත්තෙන් කසුන් යහළුවන් සමඟ බදුලු යැමට සූදානම් වූවේය.

    පණ මෙන් ආදරය කරන පෙම්වතා තමාගේ වචනයට පිටුපා බදුලු යැම ඇයට දරා ගැනීමට නොහැකි වූවාය. තම හොඳම යහළුවන් වන මනිෂා සහ නටාෂාටද එම බදුලු සිද්ධිය පිළිබඳ පවසා එහි යැමෙන් කසුන්ව වළක්‌වා ගන්නේ කෙසේදැයි විමසුවාය. එහෙත් ඔවුන්ගෙන්ද සාර්ථක පිළිතුරක්‌ ඇයට ලැබුණේ නැත.

    යහළුවන් දෙදෙනාගෙන් සාර්ථක පිළිතුරක්‌ නොලැබීම නිසා ඇය තවත් අසරණ වූවාය. එය කීමට වෙන කිසිවෙකුත් සොනාලිට නොසිටියාය. අවසානයේ ඇය තනිවම කසුන්ගේ බදුලු ගමන වළක්‌වන්නේ කෙසේදැයි කල්පනා කළාය. නොයෙක්‌ අදහස්‌ සිතට ගලා ආවත් ඒවා එකක්‌වත් ප්‍රායෝගිකව කළ නොහැකි බව ඇයට අවබෝධ වූවාය.

    මොන දේ වුණත් කම් නැත. තම පෙම්වතාගේ බදුලු ගමන ඒකාන්තයෙන්ම නවත්වන බවට ඇය අධිෂ්ඨාන කර ගත්තාය. අවසානයේ ආලයෙන් මත්වී සිටි ඇයගේ ඔළුවට අපූරු අදහසක්‌ පහළ වූවාය. ඒ පොලිස්‌ හදිසි ඇමතුම් ඒකකයට (119) දුරකථන ඇමතුමක්‌ ලබාදී තම පෙම්වතා බදුලු බලා යන රාත්‍රී තැපැල් දුම්රියේ බෝම්බයක්‌ ඇතැයි පැවසීමයි. ඒ මොහොතේ එහි ඇති බරපතළකම ගැන නොතේරුණේ ඇය ආලයෙන් අන්ධ වී සිටි නිසාය.

    කසුන් යහළුවන් සමඟ සවස කොටුව දුම්රිය ස්‌ථානයට පැමිණ සොනාලිට දුරකථන ඇමතුමක්‌ ලබාදී පැවසුවේ තව පැයකින් පමණ රාත්‍රී තැපැල් දුම්රියේ බදුලු බලා යැමට පිටත් වන බවයි. ඒ මොහොතේ කිසිවක්‌ නොකියා ඇය ජංගම දුරකථනය විසන්ධි කළාය.

    “නියම වේලාව දැන් තමයි. ඔයා කොච්චර දැඟලුවත් මම ඔයාට බදුලු යන්න දෙන්නේ නැහැ. බලන්නකෝ වෙන දේ දැන්” ඇය තනිවම එලෙස සිතා ගත්තාය. ජංගම දුරකථනය අතට ගත් සොනාලි පොලිස්‌ හදිසි ඇමතුම් ඒකකයට (119) දුරකථන ඇමතුමක්‌ ලබා ගත්තාය.

    “හෙලෝ… මේ පොලිස්‌ හදිසි ඇමතුම් ඒකකයද?”

    “ඔව් කතා කරනවා… කියන්න මිස්‌ මොකක්‌ද අපෙන් වෙන්න ඕනා”

    “අනේ සර්… මම බදුලු රාත්‍රී තැපැල් දුම්රියේ ගමන් කරන තරුණියක්‌. මගේ අසල සිටි කෙනෙක්‌ ජංගම දුරකථනයෙන් තවත් කෙනෙකුට කතා කරලා කිව්වා දුම්රියේ බෝම්බයක්‌ සවි කරා කියලා. මොකක්‌ හරි ඉක්‌මනට කරන්න සර්. නැත්නම් ලොකු විනාශයක්‌ වෙන්නේ…”

    “බොහොම ස්‌තුතියි මිස්‌. අපිට තොරතුරු ලබා දුන්නාට. කිසි දේකට බය වෙන්න එපා. අපි පුළුවන් තරම් ඉක්‌මනට මේ ගැන සොයා බලනවා…”

    ඒ සමඟම දුරකථන සංවාදය අවසන් විය. ඇයට එම අනුවණ ක්‍රියාවේ බරපතළකම ගැන කිසිම දැනුමක්‌ තිබුණේ නැත. එහෙයින් ඇය ඉමහත් සතුටට පත්වූවාය.

    බදුලු දුම්රියේ බෝම්බයක්‌ තියෙනවා යෑයි තොරතුරු සැලවීමත් සමඟ පොලිසිය සහ විශේෂ කාර්ය බළකාය බදුල්ල බලා යැමට තිබූ රාත්‍රී දුම්රිය දැඩි පරීක්‍ෂාවකට ලක්‌ කළාය. එහෙත් සැක කටයුතු කිසිවක්‌ සොයා ගැනීමට ඔවුනට නොහැකි වූහ. මේ හේතුව නිසා එම දුම්රිය ධාවනය වීමට පැය දෙකක්‌ පමණ ප්‍රමාද විය.

    සැක කටයුතු කිසිවක්‌ සොයා ගැනීමට නොහැකිවූ නිසා පොලිසිය එම තොරතුරු ලබාදුන් ජංගම දුරකථන අංකය ඔස්‌සේ පරීක්‍ෂණ පැවැත්වූහ.

    එහිදී එම නිලධාරීන්ට දැන ගන්න ලැබුණේ තොරතුරු ලබාදුන් තරුණිය බොරුවක්‌ පැවසූ බවයි. ඉන්පසු පොලිස්‌ නිලධාරීහු අදාළ තරුණිය පොලිස්‌ අත්අඩංගුවට ගත්හ. එහිදී වැඩිදුරටත් අනාවරණය වූයේ පෙම්වතා බදුලු යන නිසා එය වැළැක්‌වීම සඳහා එලෙස අසත්‍ය තොරතුරුක්‌ පොලිසියට ලබාදුන් බවයි.

    පසුව පොලිසියට අසත්‍ය තොරතුරක්‌ ලබාදීමේ චෝදනාව මත එම පාසල් තරුණියව කොටුව අධිකරණයට ඉදිරිපත් කළේය. එහිදී මහෙස්‌ත්‍රාත්වරිය මෙම පාසල් ශිෂ්‍යාවට දැඩි ලෙස අවවාද කර ඇගේ දෙමාපියන්ටද තම දියණිය කෙරෙහි මීට වඩා අවධානයෙන් සිටින ලෙසට අවවාද කර තිබේ. කොටුව මහෙස්‌ත්‍රාත්වරිය වැඩිදුරටත් ප්‍රකාශ කළේ මෙම ශිෂ්‍යාව කර ඇති වරද ඉතාම බරපතළ එකක්‌ බවත් ඇය අධ්‍යාපන කටයුතුවල නිරත වී සිටින ළාබාල ශිෂ්‍යාවක්‌ නිසා අවවාද කර ඇප මත මුදාහරින බවත්ය.

    වර්තමානය වන විට බොහෝ දෙමාපියෝ කාර්ය බහුලත්වය හා වෙන හේතු නිසා දරුවන් කෙරෙහි දක්‌වන අවධානය අඩුකර තිබේ. එම තත්ත්වය උඩ දරුවෝ අසීමිත නිදහසක්‌ භුක්‌ති විඳිති. එය ඉතාමත් අභාග්‍ය සම්පන්න සිද්ධියකි. එමනිසා මොන ප්‍රශ්නය තිබුණත් දෙමාපියන් දරුවන් කෙරෙහි නිරතුරුවම අවධානයෙන් සිටිය යුතුය. එසේ නොවුණහොත් දරුවන් අතින් මෙවැනි සහ මීටත් වඩා බරපතළ ක්‍රියා සිදුවීමට ඉඩ තිබේ.

    (උපුටා ගැනීම දිවයින)








    අපිට හම්බුනොත් ඉතින් අපේ ජීවිතේ කාලකන්ණි කරන කෙල්ලෝ තමා..බලපන් මේකි කොයි තරම් ඌට ලව් ද කියලා..:(
     

    Mr.Feel

    Well-known member
  • Jan 29, 2009
    2,375
    344
    83
    Moda kellek ...moda wayasata karana moda deyak....ohoma karapu kello (waha beelath berunoth ) eka adare wen na.a...a waha beepu kella ma wena dawasaka wena ekek ekka yanna bari kamak na.........

    Gon ganiyek wa ona nam owage ekak set unoth hodai...LOL!

    anyway thats mine..nt sure abt othrz :D
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,763
    30,804
    113
    ලව් නෙමේබං මේකිට සයිකෝ...අත්දැකීමෙන් කියන්නෙ ඔහොම එවුන් තමා එෆෙයාර් එක නතර කරොත් ලියුමක් ලියල තියලා වහ බොන්නෙ ඔව් ඇත්ත ඕකි ඇත්තටම ආදරෙයි තමයි ඒත් ඒකත් හරියට අර වදුරගෙ අතට කඩුව දුන්නා වගේ තමා මැස්සෙක් වැහුවොත් මැස්සට කොටයි අන්තිමට මැරෙන්න වෙන්නෙ උබට...ඒ වගේ පිස්සු ආදරයක් කන්නද බං ඔය වගේ උන් අන්තෙටම ගියොත් මිනියක් උනත් මරන්න පුලුවන් ඔහොම කෙල්ලෙක් දාගත්තොත් උබට වෙන්නෙ හතරවටේටම නෝන්ඩි වෙලා චාටර් වෙලා ගූවෙන්න
     
    Last edited:

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,942
    6,269
    113
    Moda kellek ...moda wayasata karana moda deyak....ohoma karapu kello (waha beelath berunoth ) eka adare wen na.a...a waha beepu kella ma wena dawasaka wena ekek ekka yanna bari kamak na.........

    Gon ganiyek wa ona nam owage ekak set unoth hodai...LOL!

    anyway thats mine..nt sure abt othrz :D


    අනේ බන් මේ..ඒකි මෝඩයි තමා ඒ ආදරේට.උබට ඕන කට්ට වෙට්ට පිත්තල වෙච්ච බඩුවක්ද?:rofl:ඒ වගේ කෙල්ලෝ තමා ලංකාවේ 95%ක් ම ඉන්නේ ඉතින්.:rofl:
     

    ride_out

    Well-known member
  • Aug 18, 2015
    2,876
    1,577
    113
    ubata oya wage pissu mala honthuwak set nouna ekata sathutu weyan ban :P meki mona loveda ban. mala wikarayakda koheda:rofl:
     

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,942
    6,269
    113
    ubata oya wage pissu mala honthuwak set nouna ekata sathutu weyan ban :P meki mona loveda ban. mala wikarayakda koheda:rofl:

    උබට ආදරේ කියලා වෙන උන් එක්ක මල් කඩන එකියෙක් සෙට් උන දවසට තේරෙයි.:rofl:මම නම් කියන්නේ මේ වගේ කෙල්ලෙක් හම්බවෙන එකා මාරම ලකී.අරූ නම් මහ මෝඩයෙක්.ඌට යාළුවො එක්ක ආතල් ගන්න ඕනනම් මේකිගේ පස්සෙන් ආවේ මොකටද.:rofl:
     

    ride_out

    Well-known member
  • Aug 18, 2015
    2,876
    1,577
    113
    උබට ආදරේ කියලා වෙන උන් එක්ක මල් කඩන එකියෙක් සෙට් උන දවසට තේරෙයි.:rofl:මම නම් කියන්නේ මේ වගේ කෙල්ලෙක් හම්බවෙන එකා මාරම ලකී.අරූ නම් මහ මෝඩයෙක්.ඌට යාළුවො එක්ක ආතල් ගන්න ඕනනම් මේකිගේ පස්සෙන් ආවේ මොකටද.:rofl:

    mama marry karala inne ban. ubata nidahase gamanak yanda natthan ube jeewithe enjoy karanda natthan mona loveda ban. marry karama ekata trip yanawa. ethakan a kolla kohewath noya geta wela indada.

    ubata oka love neme ilau kiyala therenne ohoma maralayak kara gaha gena yaluwek hambenda yandawath nathuwa kiyawaddi thama :lol:
     

    ride_out

    Well-known member
  • Aug 18, 2015
    2,876
    1,577
    113
    කාටහරි කොන්ත්‍රාත් එකක් දීල අතක් පයක් උනත් කඩන්න බැරි නෑ ගෙදර තියාගන්න ඕනෙකමට.:eek:

    sira. mu kiyana hatiyata ekath love ekata :lol::rofl:
     

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,781
    9,477
    113
    අනේ බන් මේ..ඒකි මෝඩයි තමා ඒ ආදරේට.උබට ඕන කට්ට වෙට්ට පිත්තල වෙච්ච බඩුවක්ද?:rofl:ඒ වගේ කෙල්ලෝ තමා ලංකාවේ 95%ක් ම ඉන්නේ ඉතින්.:rofl:

    සිරා බන්.මාත් ඉස්කෝලේ යන කාලේ අවුරුදු 7ක් ලව් කරා කෙල්ලෙක්ට.ලස්සනයි හැබැයි පට්ටම වේසියෙක්.මම මාරම විදිහට හෝප්ස් තියාගෙන ලයිෆ් එක ප්ලෑන් කරා.ඒත් ඒ බැල්ලි මගේම යාලුවෙක් එක්ක යාලු වෙලා මම රට ගිය මාස දෙකට..අපි වගේ අවංක උන්ට සෙට් වෙන්නෙම පට්ටම වෙසියෝ.මම ඒ බැල්ලි හින්දා මම පට්ටම චා උනා.අපරාදේ මම නාස්ති කරපු කාලේ,බිව්ව් සල්ලි..දැන් ඒවා මතක් වෙනකොට පට්ටම දුකයි.:sorry:මේ වගේ කෙල්ලෙක් මටත් හිටියනම් මමත් අද මනුස්සයෙක්.ඒත් මම සතුටු වෙනවා මම ඒකි හින්දා මැරුණේ නැති එකට.ඒත් මම හිතන් හිටිය ලයිෆ් එක කරන්න හිතන් හිටිය දේවල් කරගන්න බැරි උන එක ගැන පට්ටම දුකයි.