Meizu ගැන_දැනගන්න

deanXX

Well-known member
  • Oct 15, 2013
    21,500
    16,257
    113
    ජංගම දුරකථන ලොවේ අලුත් පෙරළිකාරයා – Meizu


    GDTmG2D.jpg

    ආසියාතික වෙළඳපලේ අතිශය ජනප්‍රියත්වයක් Meizu වෙත හිමිව තිබුනත් තවමත් ලංකාවේ අපටනම් ඒ තරම් පුරුදු ජංගම දුරකතන මාදිලියක් නෙමෙයි Meizu කියන්නේ.

    ඇන්ඩ්‍රොයිඩ් දුරකතන සාමාන්‍යෙයන් ප්‍රසිද්ධ මිලෙන් අඩු වීමත්, බොහෝමයක් customization කිරීමට ඇති හැකියාව නිසයි. ඒ සමඟම iPhone ප්‍රසිද්ධ එහි ඇති උසස් නිමාවත් සරළ, භාවිතයට පහසු බවත් නිසායි. ඉතින් iPhone හා සමාන උසස් නිමාවකින් යුත්, භාවිතයට පහසු වගේම ඇන්ඩෝ‍රයිඩ් ජංගම දුරකතන මෙන් මිලෙන් අඩු ජංගම දුරකතනයක් ලෙස Meizu හඳුන්වන්නට පුළුවන්.

    චීන වෙළඳපළ ඉලක්ක කරගනිමින් තම ජංගම දුරකථන නිෂ්පාදන එළිදැක්වූ Meizu සමාගම අද වන විට ලොව පුරා අතිශය ජනප්‍රිය ජංගම දුරකථන මාදිලියක් බවට පත්ව හමාරයි. ඒ වගේම Meizu MX4, M2 Note යන මාදිලි බෙහෙවින් ජනප්‍රියත්වයට පත්වූ මාදිලි වනවා. ඒ වගේම අලුතින් වෙළඳපලට නිකුත් වූ Meizu MX 5, M3 Note, Pro 5 වගේ ජංගම දුරකථන දැනට වෙළඳපලේ ඇති හොඳම තත්වයේ දුරකථන හා තරඟ කරන්නට සමත් ජංගම දුරකථන හැටියට හඳුන්වන්නට පුළුවන්.


    5Bu5wjM.jpg

    Meizu Pro 5 vs iPhone 6S Plus


    එක් එක් ජංගම දුරකථන මාදිලිය පිළිබඳව වෙන වෙනම කතා නොකර Meizu ජංගම දුරකථන වලට පොදු දේවල් ගැන කතා කරනවා නම් බැටරි ආයුකාලය ගැන කතා නොකරම බැහැ. iPhone, Samsung වැනි මාදිලි වලට සාපේක්ෂව Meizu ජංගම දුරකතන වල බැටරි ආයු කාලය ඉහළයි. ඒ වගේම ජංගම දුරකථනයේ තිරය බොහෝම පැහැදිලි අතර දීප්තිමත්. ඇන්ඩ්‍රොයිඩ් යොදාගනිමින් Meizu සමාගම විසින්ම නිකුත් කරන ලද Android Flyme මෙහෙයුම් පද්ධතිය භාවිතය සාමාන්‍ය ඇන්ඩ්‍රොයිඩ් භාවිත කරන අයට තරමක් නුපුරුදු විය හැක. නමුත් ටික වේලාවක් භාවිත කරන විට Flyme භාවිතය වඩා පහසු බව ඔබට වැටහීයනු ඇත. සරළ, භාවිතයට පහසු UI නිසා ජංගම දුරකථනය තවත් වේගවත් වී ඇත. තවද iPhone මෙන් ප්‍රධාන බටනය මඟින් Finger Print unlock කිරීමට හැකි නිසා පහසුවෙන් වැඩි ආරක්ෂාවක් ලබාගත හැක. Power Save හරහා 10%ක ආරෝපනය කර ඇති බැටරිය පැය 10පමණ කාලයක් භාවිත කල හැකි අතර Super Charge හරහා 50%ක් දක්වා බැටරිය ආරෝපණයට ගතවන්නේ මිනිත්තු 30කටත් අඩු කාලයක්.

    iPhone මෙන් එක් ප්‍රධාන බටනයක් පමණක් සහිත නිසා Meizu ජංගම දුරකතන භාවිතය තවත් පහසු වී ඇත. ඒ වගේම පොදුවේ ගත්කළ Meizu ජංගම දුරකථන වල Memory Management හොඳ තත්වයක තිබෙනවා. ඒ නිසාවෙන් කල්ගත වුවත් මුල කාලයේ තිබූ වේගයෙන්ම ජංගම දුරකථනය භාවිත කරන්නට ඔබට හැකියාව ලැබෙනවා.

    ඒ අනුව ගත් කල අඩු මිලකට උසස් තත්වයේ භාවිතය පහසු ඇන්ඩ්‍රොයිඩ් දුරකතනයක් මිලදී ගැනීමට ඔබ සිතනවා නම් Meizu ජංගම දුරකථනය හොඳ තේරීමක්.



    source
    TechGuru-New-Logo-90.png
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,500
    16,257
    113