MEIZU Smartphones cellcity lanka වෙතින්

deanXX

Well-known member
  • Oct 15, 2013
    21,500
    16,257
    113
    සෙල්සිටි ලංකා පුද්ගලික සමාගම විසින් අතිනවීන MEIZU ස්මාර්ට් ජංගම දුරකථන ශ‍්‍රී ලාංකීකයන් වෙත හදුන්වා දෙයි



    meizu-m2-3.jpg


    ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම ජංගම දුරකථන සැපැයුම් කරුවෙකු වන සෙල්සිටි ලංකා පුද්ගලික සමාගම විසින් ලොව උසස්ම තාක්‍ෂණයෙන් හා තත්වයකින් යුතු MEIZU ස්මාර්ට් දුරකථන පසුගිය දා කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ්දී ශ‍්‍රී ලාංකීකයන් වෙත හදුන්වා දෙන ලදී.

    වර්තමානයේ ස්මාර්ට් ජංගම දුරකථන භාවිතය වේගයෙන් ප‍්‍රචලිත වෙමින් පවතින අතර සියළු දෙනා උත්සහ කරන්නේ තම ස්මාර්ට් ජංගම දුරකථනය මිල අධික ඉහල තත්ත්වයේ දුරකථන සන්නාමයකින් මිලදි ගැනිමයි. ශ‍්‍රී ලාංකිකයන්ද අධික මුදලක් වියදම් කර ස්මාර්ට් ජංගම දුරකථන මිලදි ගැනිම සිදු කරයි. MEIZU ස්මාර්ට් දුරකථනයේ විශේෂත්වය වනුයේ එය ලෝහ නිමාවකින් යුතු ලොව ප‍්‍රධාන ජංගම දුරකථනයකට අනුරූපීව නිෂ්පාදනය කර තිබීමයි.

    වසර 2003 දී තම නිෂ්පාදන වෙළඳ පොළට එලිදැක්විම ආරම්භ කල MEIZU Technology co. ආයතනය අද වන විට චිනයේ දෙවැනි විශාලතම ස්මාර්ට් ජංගම දුරකතන සන්නාමය ලෙස ප‍්‍රදර්ශනාගාර 2500 ක් හා 500,000 කට වැඩි අලෙවි කරුවන්ගේ ජාලයක් හරහා තම අද්විතිය නිෂ්පාදන ලොව පුරා බෙදාහරිනු ලබයි.

    ලොව උසස්ම තත්ත්වයේ ජංගම දුරකථන නිෂ්පාදන සමාගමක් වන MEIZU ස්මාර්ට් දුරකථනයේ ඇති සුවිශේෂි තත්ත්වයන් වන්නේ එහි ඇති ඇලෝයි ලෝහ නිමාව සහ ඔවුන්ගේ touch තාක්ෂණය මඟින් Fingerprint recognition දුරකථනය සඳහා ආරක්ෂාව සැලසිමයි.
    ඔවුන් සෑම විටම පවසන්නේ ඔවුන්ගේ දුරකථන වල නිමාව හා තත්ත්වය, බාහිර හා අභ්‍යන්තර යන දෙඅාකාරයෙන්ම ඉහල තත්ත්වයකට රැගෙන ගොස් ඇති බවයි, අභ්‍යන්තර වෙනස් තත්ත්වය ඉතා උසස් වී ඇත්තේ ඔවුන් සඳහාම පමණක් භාවිතා වන Flyme මෘදුකාංගයේ ඇති ස්ථාවර හා වේගවත් භාවය නිසාමය. Flyme මෘදුකාංගය Android මෙහෙයුම් පද්ධතියට අයත් එහෙත් එහි ඇති දුබලතා මඟහරවා ගැනිමෙන් නිපදවා ඇත.

    වෙළෙඳ පොලට නවතම හදුන්වා දීම් අතර කැපී පෙනෙන දුරකථනයක් වන MX5 ස්මාට් ජංගම දුරකථනයේ රැම් ධාරිතාව 3GB වන අතර, 16GB/32GB/64GB වන දත්ත ගබඩා ධාරිතාවන්ගෙන් ලබාගත හැක. 3150 mAh යුත් මෙහි බැටරිය එක් වරක් ආරෝපනය කල පසු දින 2 ක් භාවිතා කල හැක. මෙහි තව සුවිශේෂි ගුණාංගයක් වන්නේ පැයකටත් වඩා අඩු කාලයකදී බැටරිය ධාරිතාවය 50% වඩා වැඩි ප‍්‍රමාණයක් ආරෝපනය කරගත හැකි පජය්රටැ තාක්‍ෂණය මීට එක් කර තිබීමයි. අනෙකුත් ජංගම දුරකථනවල කැමරා හා සමාන කළ නොහැකි ලෙස මෙහි මෙගා පික්සෙල් 21 කින් යුතු ප‍්‍රබල පසුපස කැමරාවකින් යුක්ත වේ.

    MEIZU M3 Note ලොව අග‍්‍රගන්නයේ ප්‍රොසසරයක්වන Helio p10 ප්‍රොසෙසරයකින් සමන්විත වන අතර Android Flyme 5.1 මෙහෙයුම් පද්ධතිය ක‍්‍රියා කරන අඟල් 5.5 ක ලෝහ නිමාවකින් යුතු දුරකථනයකි . බැටරියේ ධාරිතාවය 4100mAh බැවින් එය ආරෝපනය කිරිමෙන් පසු දින 2 ක් වුවද භාවිතා කිරිමේ හැකියාව පවති. මෙහි තවත් සුවිශේෂි වු විශේෂංග වන්නේ ඊට 3D Press තාක්‍ෂණය එකතු කර තිබීම හා Fingerprint recognition තාක්‍ෂණය භාවිතා කිරීමේ හැකියාවයි.

    MEIZU M2 ස්මාර්ට් ජංගම දුරකථය mediatek Quad core A53 ප්‍රොසසරයක් හා 2GB RAM ධාරිතාවකින් යුතු 4G සිම්පත් ද්ව්ත්වයක් එකවර භාවිතාකර හැක ආකර්ෂණිය නිමාවකින් යුතු දුරකථනයකි. පසුපස කැමරාව 13MP හා ඉදිරිපස කැමරාව 5MP වන FotoNation 2.0 තාක්ෂණයෙන් යුතු බැවින් M2 දුරකථනයෙන් ලබා ගන්නා ඡායාරූප සුවිශේෂි තත්වයක පවති.
    සෙල්සිටි ලංකා පුද්ගලික සමාගමේ ව්‍යාපාර අධ්‍යක්‍ෂක කේෂාන් ප‍්‍රනාන්දු මහතා පවසන්නේ ඔවුන් සතුව ඇති වෙළඳ පොලේ අත්දැකිම් හා පළාත් සේවා මධ්‍යස්ථාන 17 මඟින් MEIZU පාරිභෝගිකයන්ට ඉතා උසස් අලෙවියෙන් පසු සේවාවක් ලබා දෙන බවයි. තවද මෙම MEIZU ජංගම දුරකතන සඳහා වසර 2 ක විශ්වාසනිය වගකීම් කාලයක් ලබා දෙන බැව පැවසීය.
     
    • Like
    Reactions: awjas2621

    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka
    සෙල්සිටි ලංකා පුද්ගලික සමාගම gena num ae tarum pehadimak nehe bun.

    මුන් කොටි 100ක ෆෝන් නිකන් දෙනවා කිවුවත් ගන්න එපා. ඊට වැඩ හොදයි අයිල කඩයකින් වෙන මගුලක් ගන්නවා.

    මුන් ඔය විකුනන්නේ Rate 03 එක (grade 03).
     

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    මුන් කොටි 100ක ෆෝන් නිකන් දෙනවා කිවුවත් ගන්න එපා. ඊට වැඩ හොදයි අයිල කඩයකින් වෙන මගුලක් ගන්නවා.

    මුන් ඔය විකුනන්නේ Rate 03 එක (grade 03).
    chinese phone (meizu) wala grade natho :lol:
     

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    ග්‍රේඩ් ගැන කියල දෙන්නෙත් නැතුව මාරුවෙලා:shocked: