Mewwata uththara dennakooooo???
නව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ මැතිවරණ ප‍්‍රකාශයේ සඳහන් වූ ආකාරයට පසුගිය රජය විසින් මාර්ග සෑදිමට සැබෑ වියදම මෙන් දහගුණයක් වියදම් කර ඇත්තේ නම් කලින් වියදම් වූ මුදලින් 10%ක මුදලකින් පාරක් කොන්ක‍්‍රීට් කර පෙන්වන ලෙස පිවිතුරු හෙළ උරුමය අභියෝග කරයි.
කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මෙසේද අදහස් පල කලේය.
පසුගිය දෙසැම්බර් 11 වෙනිදා මම ජාතික හෙළ උරුමයෙන් ඉවත් වෙලා පවත්වපු මාධ්‍ය හමුවේදී ප‍්‍රකාශ කළා මෛත‍්‍රිපාල සිරිසේන මැතිතුමාගේ ජයග‍්‍රහණය බෙදුම්වාදී බලවේගවල ජයග‍්‍රහණයක් බවට පත් වෙනවා මෛත‍්‍රිපාල සිරිසේන මැතිතුමා පරාජයට පත් වෙනවා නම් පක්ෂයේ සමගිය රැකගෙන නිහඩව ඉන්න තිබ්බා නමුත් මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා ජයග‍්‍රහණය කිරීමේ අවදානමක් තියෙන නිසා බෙදුම්වාදී බලවේග ශක්තිමත් නොවෙන්න නම් මම ජාතික හෙළ උරුමයෙන් ඉවත් වෙලා පක්ෂය වෙනුවට රට තෝරගෙන මහින්ද රාජපක්ෂ මැතිතුමාට සහය දක්වන්න තීරණය කළා කියලා.
ජාතියේ අවාසනාවට මා පල කළ අනාවැකිය සැබෑ වී ඇත. එදා අනාවැකිය පල කළ අයුරින්ම මෛත‍්‍රිපාල සිරිසේන මැතිතුමා ජයග‍්‍රහණය කළා. බොහෝ වෙලාවට බොහෝ දෙනෙක් පක්ෂය මාරු කරන්නේ තමන් ඉන්න පිල පරදියි කියන බයට. මම එදා ඔබතුමන්ලාට ප‍්‍රකාශ කළ පරිදිම මම පිල මාරු කළේ මම ඉන්න පිළ ජයග‍්‍රහණය කරයි, ජයග‍්‍රහණය කළොත් බෙදුම්වාදය ශක්තිමත් වෙනවා ඒ පාපකර්මයට දායක වෙන්න බැහැ කියන කාරණය නිසයි. අපි අනාවැකි පල කළ අයුරින්ම මෛත‍්‍රිපාල සිරිසේන මැතිතුමා ජයග‍්‍රහණය කළා. අපි අනාවැකි පල කළ අයුරින්ම බෙදුම්වාදීන් අද ශක්තිමත් වෙලා තියෙනවා. ඉන්දියාවේ තමිල්නාඩුවේ බෙදුම්වාදී නායක වයිකො තමන්ගේ ජීවිතයේ සතුටුම දවස විදිහට මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ පරාජය වුණු දවස නම් කරලා තියෙනවා. ඒ වගේම තමිල්නාඩුවේත් යුරෝපයේත් නැවතත් කොටි කොඩි ලෙල දෙන්න පටන් අරන් තියෙනවා. උතුරේ හමුදා කඳවුරුවලට ගැටුම් ඇතිවෙන බවට ආරංචි පැතිරුණා හමුදාවේ අය අපිට එහෙම පැවසුවත් හමුදා ප‍්‍රකාශක එහෙම නෙවෙයි කියනවා. කමක් නැහැ අපි ඒක එහෙමයි කියලා පිළිගන්නවා. කොහොම නමුත් මේ අර්බුදය අපි කළින් දැක්කා. අපි අනතුරු ඇගවූවා අවාසනාවට මේ රට ඒ අනතුරු ඇගවීම බරපතල විදිහට අරගත්ත නැති නිසා අද අපි ඒවායේ ආදීනව වලට මුහුණ දෙනවා.
මෙවර ජනාධිපතිවරණයේදී බහුතරයගේ බහුතරය ලබා නොගත් පළවෙනි ජනාධිපතිවරයා විදිහටයි මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා මේ රටේ නායකත්වයට පත් වෙන්නේ. අපිට මතකයි 1982 දී ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිතුමා ඒ වගේම 1994දී චන්ද්‍රිකා කුමාරණතුංග ජනාධිපතිතුමියත් බලයට පැමිණියේ බහුතරයේ බහුතරයත්, සුළුතරයේ බහුතරයත් දෙකම අරගෙන. ඒක තමයි රටට වෙන්න පුළුවන් හොඳම දේ. බහුතරයත් කැමතියි. බහුතරයේ බහුතරයත් කැමතියි. සුළුතරයේ බහුතරයත් කැමතියි. ඉන් පසු සුළුතරයේ බහුතරය ලබා ගත්ත අපේක්ෂකයින් ජනාධිපතිවරණය පරාජයට පත් වුණා. ඉතිහාසයේ ප‍්‍රථම වතාවට බහුතරයේ බහුතරයෙන් ප‍්‍රතික්ෂේප වුණු අපේක්ෂකයෙක් රටේ රාජ්‍ය නායකත්වයට පත් වෙලා තියෙනවා. ඒක එතුමාගේ ජනාධිපතිධූරයේ සුජාතභාවය ප‍්‍රශ්ණ කෙරෙන අවස්ථාවක් විදිහට අපි දකිනවා. ඒ නිසා මෙතුමාට මේ රටේ බහුතර ජනතාවගේ අභිලාශයන් පිළිබඳ, සංවේදනයන් පිළිබඳ සංවේදී වෙමින් කටයුතු කළ යුතුයි කියන කාරණය අපි එතුමාට සිහිපත් කරනවා. එතුමාගේ ජයග‍්‍රහණයට අපේ උණුසුම් සුබපැතුම් එක් කරන ගමන්.
ඒ වගේම අපි මේ මැතිවරණයේ දුටු දෙයක් තමයි මේ මැතිවරණය පාර්ලිමේන්තු මැතිවරණයක් බවට පත් වුණා නම් දෙමළ ජාතික සංධානයත්, මුස්ලිම් කොන්ග‍්‍රසයත් වෙනම තරඟකළා නම් නව ප‍්‍රජාතන්ත‍්‍රවාදී පෙරමුණ වෙනුවට මේ මැතිවරණය ජයග‍්‍රහණය කරන්නේ එක්සත් ජනතා නිදහස් සන්ධානය. ඒ නිසා මේ මැතිවරණයේදී අපි මහා දැවැන්ත පසුබැසීමක් විදිහට දකින්නේ නැහැ. අද ආණ්ඩුවට සමහර වෙලාවට පුංචි පාඩමක් කියලා දෙන්න ඕනෑ කියලා හිතලා හංසයාට කතිරය ගහපු අයත් අද හඩා වැටෙනවා. අපි දැක්කා තංගල්ලේ ජනාධිපතිතුමාගේ කාල්ටන් නිවස ඉදිරියේ මල ගේක සිරි අරගෙන තියෙන්නේ. එතන ඉඳන් ජනතාව දුක් වෙනවා මේ සිදුවෙච්ච සිදුවීම පිළිබඳ. ඒ නිසා අපි බලාපොරොත්තු වෙනවා අනිවාර්යයෙන්ම මේ ජනතාව තමන්ගේ අතින් වුණු වැරැුද්ද නිවැරදි කරගන්න නුදුරු අනාගතයේම කටයුතු කරයි කියලා.
මේ ජනතාව මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමාට ඡුන්දය දුන්නේ යහපාලනයක් පිළිබඳ මෛත‍්‍රී යුගයක් පිළිබඳ එතුමා දුන්නු ප‍්‍රතිඥාව විශ්වාස කරලා. හැබැයි අවාසනාවට අද යහපාලනයේ කතාව හා ක‍්‍රියාව අතර මහා භයානක වෙනසක් මතු වෙලා තියනෙවා. මේ වෙන විට පිවිතුරු හෙළ උරුමයේ දේශපාලන කටයුතු අතඇරලා සතියක් ඇතුළත රටෙන් පිට නොවුනොත් මගේ දරු දෙදෙනාත් මාවත් මරාදමන බවට මගේ බිරිඳට තර්ජනාත්මක දුරකතන ඇමතුමක් ලැබුණා. අපි මේ පිළිබඳව දැනටමත් පොලීසියට පැමිණිලි කරලා තියෙන්නේ. අපි විශ්වාස කරනවා මේ පිළිබඳ යහපාලනය පිළිබඳ කතා කළ නායකයින් කතා කරයි කියලා. මේ යහ පාලනයේ පාර්ශවකරුවන්ගෙන් යහපාලනයේ ධාර්මික පාර්ශවකරුවන්ගෙන් මේ තර්ජන එල්ල වෙන්නේ කියලා අපි විශ්වාස කරනවා.
මැතිවරණයට පෙර කටකතා පැතිරුවා මගේ පවුලේ අය දැනටමත් විදේශගතවෙලා ඉන්නේ. 8වෙනිදා රාත‍්‍රියේ මා ගුවන් යානා වෙන්කරගෙනයි තියෙන්නේ රටින් පනින්න කියලා. නමුත් අපි අටවෙනිදායින් පසු මේ රටේ ඉන්නවා විතරක් නෙවෙයි සක‍්‍රියව දේශපාලනයේ යෙදිලා ඉන්නවා. එය හරහා අපිව දේශපාලනික වශයෙන් නතර කරන්න බලාපොරොත්තුවුණු අයගේ සිහින බොඳවෙලා තිබෙනවා. ඒ නිසා ඒ අයගේ බොරුව එළිවීම නිසා අද ඒක බලහත්කාරයෙන් කර ගැනීමේ වෑයමක යෙදිලා ඉන්නවා. ඉතින් අපි මේ මෛත‍්‍රිපාල සිරිසේන ජනාධිපතිතුමාගෙන් අපි අහනවා මෛත‍්‍රිපාල සිරිසේන ජනාධිපතිතුමනි ඔබතුමා රටට ප‍්‍රතිඥා දුන් යහපාලනය මේක ද? මෛත‍්‍රිපාල සිරිසේන ජනාධිපතිතුමනි, ඔබතුමා ප‍්‍රතිඥා දුන්නු මෛත‍්‍රි යුගය මේක ද? ඒ නිසා තරාතිරම නොබලා මේ තර්ජනාත්මක දුරකතන පණිවිඩ දෙන අයත් ඔවුන් පිටිපස සිටින දේශපාලකයන්ටත් නීතිය ක‍්‍රියාත්මක කරලා යහපාලනය පිළිබඳ ඔබතුමා ලබා දීලා තිබෙන පොරොන්දුව ප‍්‍රායෝගිකව ඉටුකරන්න යැයි කියලා අපි ජනාධිපතිතුමාගෙන් ඉතාම ගෞරවයෙන් ඉල්ලා සිටිනවා.
ඒ වගේම තව විශේෂ කාරණයකට අවධානය යොමු කරන්න ඕනේ. මේ රටේ මේ ආණ්ඩුව පොරොන්දු වෙලා තියෙනවා දින සියයකින් අපේ‍්‍රල් 23 වෙනිදා වන විට පාර්ලිමේන්තුව විසුරුවා හැර මැතිවරණයට යන්න. අපි මේ දින සියයේ වැඩපිළිවෙල ක‍්‍රියාත්මක කරන්න සම්පූර්ණ සහය පල කරනවා. ඒ වගේම දින සියයෙන් පස්සේ පාර්ලිමේන්තු මැතිවරණය පවත්වන්නයි කියලත් අපි බල කරනවා. ඒ නිසා අපි මේ රටේ ජනතාවට පොරොන්දුවක් දෙනවා දින සියයකින් අපි නැවතත් මේ රටේ දේශපේ‍්‍රමී ආණ්ඩුවක් පිහිටුවනවායි කියලා. ඒ නිසා ඉවසන්න තියෙන්නේ තවත් දින 97යි. නැවතත් මේ රටේ ජනතාවගේ බලාපොරොත්තු ඉටු කරන බෙදුම්වාදී බලවේග දුර්වල කරන දේශපේ‍්‍රමී ආණ්ඩුවක් අපි තවත් දින 97කින් පස්සේ එළඹෙන පාර්ලිමේන්තු මැතිවරණයෙන් අනිවාර්යයෙන්ම ගෙන එන්න බලාපොරොත්තු වෙනවා.
1815න් පස්සේ හරියටම අවුරුදු 200කට පස්සේ නැවත වතාවක් මව්බිම පාවාදීලා තියෙනවායි කියලා කියද්දී මට සිහිපත් වුණේ එදා ඇහැලේපොල අදිකාරම්තුමා රට පාවා දුන්නේ රජකම බලාපොරොත්තුවෙන් ඒක එතුමාට නොලැබුනාට බලශක්ති ඇමතිධූරය බලාපොරොත්තුවුණු අයට බලශක්ති ඇමතිධූරය ලැබිලා තියෙනවා. ඒ වගේම කථානායක සිහිනය දකින අයට ඉදිරියේදී කථානායක ධූරයත් ලැබේවි. නමුත් මව්බිම අහිමි කර ගත්ත ජයග‍්‍රහණ නම් යළි කවදාවත් අපිට දිනාගන්න බැරි වේවි.
2015 ජනවාරි මාසයේ ඉතා සූක්ෂමව රනිල් වික‍්‍රමසිංහ මහත්තයා මග හැරිය මහින්ද රනිල් ද්වන්ධ සටන අපේ‍්‍රල් මාසයේ යළි එනවා. අපි මැතිවරණ ව්‍යාපාරයේදී ඕක හැදින්වූවේ නංගි පෙන්නලා අක්කා දෙන මැතිවරණයක් කියලා. මෛත‍්‍රී නංගිව පෙන්වලා රනිල් අක්කාටයි රට භාර දෙන්නේ කියලා. දැන් ඒක වෙලා තියෙනවා. අපේ‍්‍රල් මාසයේ පාර්ලිමේන්තුව විසුරුවා හැරීමෙන් පසුව ඇතිවෙන පාර්ලිමේන්තු මැතිවරණය ඍජුවම මහින්ද රාජපක්ෂ මැතිතුමා සහ රනිල් වික‍්‍රමසිංහ මැතිතුමා අතර පැවැත්වෙන තරගයක්. එන්න ඒ ද්වන්ධ සටනේදී ජයග‍්‍රහණය ලැබෙන්නේ කාටද කියන එක පිළිබඳව රනිල් වික‍්‍රමසිංහ මැතිතුමාටත් හොඳ අදහසක් තිබෙනවා.
පිවිතුරු හෙළ උරුමයේ අපි කාටවත් දූෂණ චෝදනා නැහැ. අපි කතාවෙන් ක‍්‍රියාවෙන් දෙකෙන්ම පිවිතුරුවයි කටයුතු කරලා තියෙන්නේ. පහුගිය ආණ්ඩුවේ වේවා, වර්තමාන ආණ්ඩුවේ වේවා දූෂණ වලට දඩුවම් කරන්න ඕනෑ. මේ අය ඉරක් ඇඳලා තියෙනවා 2005න් පස්සේ දූෂණ චෝදනා එවන්න කියලා. අපි කියන්නේ ලංකාවේ කුමන හෝ දේශපාලනඥයෙක්, කුමන පක්ෂයට අයිති වුණත්, කුමන කාලයක දූෂණයක් කළත් ඔහුට අනිවාර්යයෙන් දඩුවම් කළ යුතුයි. දූෂිතයන්ට විරුද්ධව කටයුතු කරන්න ආණ්ඩුව දායක වෙනවා නම් අපි ආණ්ඩුවට කියනවා කාල භේදයකින් තොරව පක්ෂ භේදයකින් තොරව දූෂණ චෝදනා විභාග කරන්න දඩුවම් දෙන්න. තරාතිරම නොබලා දිය හැකි ඉහළම දඩුවම දෙන්න. අපේ සම්පූර්ණ සහය ඒ ක‍්‍රියාවලියට ලබා දෙනවා හැබැයි බුදුරජානන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ තමන්ගෙන් ආදර්ශය ලබා දෙන්න කියලා. ඒ නිසා මේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ හිටපු ඇමතිවරුන් ගණනාවකට විපක්ෂයේ ඉන්නකොට එක්සත් ජාතික පක්ෂය දැවැන්ත දූෂණ චෝදනා එල්ල කළා. ඒ ඇමතිවරු අද වර්තමාන ආණ්ඩුවේ ඇමති ධූර ලබාගෙන තිබෙනවා. මේ වර්තමාන ආණ්ඩුවට සහය පල කරලා තිබෙනවා. ඉතින් තමන්ගේ සුජාතකභාවය පෙන්නන්න තමන් ලඟඉන්න, තමන්ම දූෂිතයි කියලා චෝදනා කරපු අයගෙන් මේ ක‍්‍රියාවලිය ආරම්භ කළොත් හුදෙක් දේශපාලන පළිගැනීමක් වෙනුවට සැබැවින්ම දූෂිතයින්ට දඩුවම් කිරීමේ පිවිතුරු අරමුණේ වර්තමාන ආණ්ඩුව ඉන්න බව ජාතිය ඉදිරියේ පෙන්නුම් කළ හැකියි.
අපි මැතිවරණයේදී බොහොම පැහැදිලිව පෙන්වුවා මේ දින සියයේ වැඩපිළිවෙලේ ඉදිරිපත් කරලා තිබෙන යෝජනා සියල්ල ක‍්‍රියාත්මක කිරීමට රුපියල් බිලියන 890ක් අවශ්‍ය බව. ඒ බිලියන 890 හොයා ගන්න නම් ආණ්ඩුවට තියෙන්නේ විකල්ප කිහිපයයි. පළමු විකල්පය තමයි වෙනත් බදු වැඩි කිරීම. දෙවෙනි විකල්පය තියෙන වියදම් කපා හැරීම. තුන්වන විකල්පය ණය ආධාර ලබා ගැනීම. මේ විකල්ප තුනෙන් මොකක්ද තෝරාගන්නේ. අපි දිගින් දිගටම කිව්වා මේ නිසා බිලියන 890ක් අරමුදල් සපයාගන්නා ඔබේ අයවැය ඉදිරිපත් කරන්න කියලා. ඒක ඉදිරිපත් කළේ නැහැ මැතිවරණ ව්‍යාපාරය තුළ. ඒකෙන්ම අපි පෙන්නුම් කළා මේක කිරීමට මේ අයගේ තියෙන නොහැකියාව පිලිබඳව.
හැබැයි ජනවාරි 29 වෙනිදා අතුරු අයවැයක් ඉදිරිපත් කරනවායි කියලා තිබෙනවා. එහෙම නම් අය වැය කොහොමද පියවන්නේ? සල්ලි අච්චු ගහලා හොයා ගන්නවා නම් ශ‍්‍රී ලංකා මහ බැංකුවෙන් ණය ලබා ගද්දී තමයි අලූත් මුදල් සංසරණයට එකතු වෙන්නේ. එහෙම වුණොත් අද තනි ඉලක්කමට පැමිණිලා තියෙන පොළී අනුපාතය, තනි ඉලක්කමට පැමිණිලා තියෙන උද්ධමන වේගය 20%ත් 30%ත් අතර ප‍්‍රමාණයකට තල්ලූ වීමේ අවදානමක් තිබෙනවා අපි කරපු ගණන් බැලීම අනුව. 29 වෙනිදා අපි බලා ගමු කොහොමද මේකට අරමුදල් හොයාගන්නේ කියලා මේ දීලා තියෙන පොරොන්දු ඔක්කොම ඉටු කරනවා නම් අනිවාර්යයෙන්ම බිලියන 890ක් ඕනේ. අපි ඒ අයවැය එනකන් බලාගෙන ඉන්නවා. රුපියල් 60ට පෙට‍්‍රල් ගහ ගන්න.
ඒ වගේම මට තියෙනවා අභියෝගයක් කරන්න. සිරිසේන ජනාධිපතිතුමාගේ මැතිවරණ ප‍්‍රකාශයේ සඳහන් වෙලා තියෙනවා සියළුම මාර්ගවලට සැබෑ වියදම වගේ දහගුණයක් වියදම් කරලා තියෙනවා කියලා. අධිවේගී මාර්ගවලට සැබෑ වියදම වගේ දහ ගුණයක් වියදම් කරලා තියෙනවා කියලා. අපි මේ ආණ්ඩුවට අභියෝගයක් කරනවා. ඔබ කියූ දේ ඉටුකර පෙන්වනන්ට අවස්ථාව මේකයි. වර්තමාන ආණ්ඩුව පාරක් කොන්ක‍්‍රීට් කරන්න වියදම් කළ මුදලින් 10%ක මුදලකින් පාරක් කොන්ක‍්‍රීට් කරලා පෙන්වන්න. කිව්වේ ඇත්ත නම් 90%ක්ම තිබ්බේ දූෂණය නම් දැන් 10%න් කරලා පෙන්වන්න පුළුවන්. ඊටත් වඩා අපේ අභියෝගයක් තිබෙනවා. මීට හරියටම මාසයකට කළින් තමයි උතුරු අධිවේගී මාර්ගයට මුල්ගල තැබුවේ. තවම ඒ මාර්ගයේ වැඩ කටයුතු ආරම්භ වෙලා නැහැ. දැන් දීලා තිබෙන කොන්ත‍්‍රාත්තුව අවලංගු කරන්න. ඒකට ගිය වියදම වන්දියක් විදහට ලබා දෙන්න. ඒත් ලාභයිනේ. අපි හිතමු 5%ක් ගියයි කියලා. 5%ක් ගිහිල්ලා ඒ වියදම වන්දියක් විදිහට ගෙව්වත් 10%න් කරලා පෙන්වුවොත් උපරිම වියදම ගිහිල්ලා තියෙන්නේ 15% යි. 85%ක්ම රටට ඉතිරි කරලා තිබෙනවා. උතුරු අධිවේගී මාර්ගය ඇස්තමේන්තු වියදමෙන් 10%කින් කරලා පෙන්නන්න කියලා මෛත‍්‍රී ප‍්‍රතිපත්ති ප‍්‍රකාශය හදපු අයට, දැන් ආණ්ඩුව කරන අයට අපි අභියෝග කරනවා. එහෙම නැත්නම් ඔබ ජාතිය රවටලා බොරු කියලා රටේ බලය ගත්තා වෙනවා. ඒ නිසා මේ අභියෝගයට යහපත් ප‍්‍රතිචාරයක් දක්වයි කියලා අපි බලාපොරොත්තු වෙනවා.
පිවිතුරු හෙළ උරුමයේ ප‍්‍රධාන ලේකම් උදය ගම්මන්පිල මැතිතුමා මෙම අදහස් පල කර සිටියේ බස්නාහිර පළාත් සංස්කෘතික නිකේතනයේදී පැවැති පිවිතුරු හෙළ උරුමයේ කුළුදුල් මාධ්‍ය හමුව අමතමිනි. මෙම අවස්ථාවට පිවිතුරු හෙළ උරුමය පක්ෂයේ ශාසනික ලේකම් පූජ්‍ය දුටුවැව ලංකානන්ද හිමි, මධ්‍යම කාරක සභික පූජ්‍ය මොලමුරේ නන්දාරාම හිමි සහ නියෝජ්‍ය සභාපති මහාචාර්ය විමලධර්ම අබේවික‍්‍රම මහතා ද සහභාගී විය

Last edited: