Menna e paara bangaliyoth lankawe unwa kidnap karanawa

ROCCO-X

Well-known member
  • May 12, 2017
    9,910
    3,462
    113
    Pls wear a MASK
    කටුගස්තොටදී කුඩා දරුවෙක් පැහැර ගැනීමට උත්සහ කළ බංග්ලාදේශ ජාතිකයින් 4ක් අත්අඩංගුවට

    මහනුවර කටුගස්තොට ප්‍රදේශයේදී අවුරුදු 10ක් වයසැති ළමයෙකු පැහැර ගෙන යාමට තැත් කළ විදේශීය ජාතිකයින් සිව්දෙනෙක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

    කටුගස්තොට, මැණික්කුඹුර ප්‍රදේශයේ පිහිටි සතිපොළක් ආසන්නයේදී මෙම සිදුවිම අද පස්වරුවේ සිදුව තිබෙනවා.

    මෙම කුඩා දරුවා ඔහුගේ බාප්පා සමග සතිපොලට පැමිණ තිබෙනවා. එහිදී එකවර පැමිණි වෑන් රථයක සිටි පිරිසක් මෙම දරුවා පැහැර ගැනීමට උත්සහ දරා ඇත.

    එම අවස්ථාවේදී දරුවාගේ බාප්පා එම පිරිස සමග පොර බැද ඔහු බේරා ගෙන ඇති අතර පසුව කටුගස්තොට පොලිසියට පැමිණ සිද්ධිය සම්බන්ධයෙන් පැමිණිලි කර තිබෙනවා.

    මෙම පැහැර ගැනීමට පැමිණි පිරිස රැගත් වෑන් රථයේ අංකය පොලිසියට ලැබීමෙන් පසු ඒ ඔස්සේ සිදුකළ විමර්ශනයකින් අදාල පිරිස අත්අඩංගුවට ගැනීමට හැකිව තිබෙනවා.

    මෙම වෑන් රථයේ සිට ඇත්තේ බංග්ලාදේශ ජාතිකයින් සිව්දෙනෙක් වන අතර ඔවුන් ගෙන් මේ වන විට පොලිසිය ප්‍රශ්න කරමින් සිටියි.

    :confused:

    https://www.citizen.lk/news/68878
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,675
    113
    mokak hari family case ekak wenna athi ban

    hitapan heta anidda wena kota details dena ganna puluwan
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,675
    113
    mokak hari family case ekak wenna athi ban

    hitapan heta anidda wena kota details dena ganna puluwan



    මහනුවර කටුගස්තොට ප‍්‍රදේශයේදී වයස අවුරුදු දහයක කුඩා දරුවකු පැහැරගෙන යෑමට උත්සාහ කළ විදේශිකයන් සිව්දෙනකු සහ මෙරට පුද්ගලයන් දෙදෙනකු කටුගස්තොට පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

    කටුගස්තොට මැණික්කුඹුර ප‍්‍රදේශයේ සති පොළක් අසලදී පෙරේදා (07 වැනිදා) පස්වරුවේ සැකකරුවන් මෙම දරුවා පැහැර ගැනීමට උත්සාහ දරා ඇතැයි පොලිසිය සඳහන් කරයි.

    දරුවා සිය බාප්පා සමග සති පොළට පැමිණ සිටියදී වෑන් රථයකින් පැමිණි මෙම පිරිස එක්වරම දරුවා පැහැරගෙන යෑමට උත්සාහ කර ඇති අතර ඒ අවස්ථාවේ දරුවාගේ බාප්පා ඔවුන් සමග පොරබදා දරුවා බේරාගෙන ඇත.

    එහිදී වෑන් රථයේ පැමිණි පුද්ගලයන් පලා ගොස් ඇති අතර දරුවාගේ බාප්පා මේ පිළිබඳව පොලිස් හදිසි ඇමතුම් ඒකකයට දැනුම් දීමෙන් පසු වෑන් රථයේ අංකය ඔස්සේ විමර්ශන කළ කටුගස්තොට පොලිසිය සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබේ.

    අත්අඩංගුවේ පසුවන විදේශිකයන් සිව් දෙනා බංගලිදේශ ජාතිකයන් පිරිසක් බවද පොලිසිය සඳහන් කරයි.

    මොවුන් දරුවා පැහැර ගැනීමට උත්සාහ කිරීමේ හේතුව මෙතෙක් අනාවරණය වී නැත. ඒ පිළිබඳ සැකකරුවන්ගෙන් සිදු කළ ප‍්‍රශ්න කිරීම්වලදී තමන් විහිළුවට එසේ් කළ බව සඳහන් කළැයි කටුගස්තොට පොලිසියේ නිලධාරියෙක් පැවසීය.

    දරුවා පැහැරගැනීමට උත්සාහ කළේ විහිළුවට යැයි පැවසීම පිළිගත නොහැකි කරුණක් බවද හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය.

    අත්අඩංගුවට ගත් සැකකරුවන් හය දෙනා කටුගස්තොට පොලිසිය මගින් ඊයේ (08 වැනිදා) අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.

    කටගස්තොට පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.