Menna meka kiyawala balannako!!!

razer knight

Member
Dec 22, 2009
1,202
28
0
*** UNDERWORLD ***
onna ithin hamogema kamaththa paridi thawa katawak!

මේ වැඩේ උනේ පොඩි කාලෙදිම බටහිර රටක පදිංචියට ගිහින්, අවුරුදු 20දි විතර ලංකාවට ආවෙ, පොඩි නිවාඩුවකට. ඉතිං මේ බොහොම සුන්දර කෙල්ලට හිතුනා කොලඹ පොඩි රවුමක් ගහන්ඩ. ගෙදර ඈයෝ කිව්වත් තනියම යන්ඩ එපා කියල, කෙල්ල ෆන් එකටත් එක්ක තනියම, බස් වල නැගල කොලඹ වටේ කරක් ගැහුවා.
දැන් ඉස්කෝල ඇරෙන වෙලාව. කෙල්ල බම්බලපිටිය හන්දියෙ මාකට් එක ඉස්සරහා හෝල්ට් එකට ආවෙ මැජස්ටික් සිටි එකේ එහෙම රවුමක් ගහල, දෙහිවල පැත්තට යන්ඩ බස් එකක් ගන්ඩ. එතනම පොඩි බක්කියක තියාගෙන පලතුරු විකුනන ආච්චි කෙනෙක් හිටියා. ආච්චි ගාව තියෙන රත්නමාලු (රත් කෙහෙල්) දැකලා අපේ කෙල්ලගෙ ඇස් උඩ ගියෙ, මෙයා කවදවත් ඒ වගේ කෙසෙල් දැකල නොතිබුන හන්දා.

ඉතිං මෙයා ආසාව හින්ද කෙසෙල් ගෙඩි දෙකක් අරං ඇඳන් හිටිය ඩෙනිම් කලිසමේ පිටි පස්සෙ සාක්කු දෙකේ දාගෙන ලංගම බසයකට ගොඩ උනා. කරුමෙ කියන්නේ, ඒ ඉස්කෝල ඇරෙන වෙලාව හින්දා, බස් එකේ වැඩි හරියක් හිටියේ ඇඩ්වාන්ස් ලෙවෙල් සයිස් තරුණ කොල්ලො. දන්නවනෙ ඔය වෙලාවට බස් වල තියෙන තදබදය. කොල්ලො ටික මේ සුන්දරීව ටිකක් බයිට් කරන්ඩත් එක්ක ආටිෆිෂල් තදබදයකුත් ඇති කරා.දැන් කෙල්ලට හෙල්ලෙන්ඩ විදිහක් නැහැ. ඉද්ද ගැහුව වගෙ එතනමයි.
ඔය අල්ල පනල්ලී කෙල්ලට තේරුණා කවුරු හරි නොසන්ඩාලයෙක් සාක්කුවෙ තිබ්බ කෙහෙල් ගෙඩියකට විද්දා කියලා. අනේ මේ බොහොම ආසාවෙන් ගත්ත කෙහෙල් ගෙඩිය නේද කියල, කෙල්ල හිතුවා, ආයෙ මේව කවද කන්ඩ ලැබෙයිද නොදන්න නිසා, ඉතුරු එකවත් පරිස්සම් කරගන්ඩ ඕන කියල ඒ කෙහෙල් ගෙඩියට අත ගහගෙනම ඉන්ඩ ඕන කියලා.

“කෙල්ල සාක්කුවට අත දාන කොට තේරුණා ඒ ටිකට කවුද අන්ඩීසන්ට් කොල්ලෙක් කෙසෙල් ගෙඩිය බාගෙට ඇදලා කියල. සුන්දරී කළේ, ඒක ආපහු ඇතුළට ඔබාගෙන, සාක්කුවට පිටතින් කෙහෙල් ගෙඩිය තද කරල අල්ල ගෙන ඉන්න එක. කවුරු හරි ගේම දෙන්ඩ සෙට් උනොත් කණ පුපුරන්ඩ දෙන ටෝන් එකක් තමා මූණෙ ඇඳිල තිබුනෙත්.
ඔය අල්ල පනල්ලේ, සුන්දරීට හරි පිටි පස්සෙන් හිට ගෙන හිටපු කොල්ලා ඔලිම්පික් ලෙවල් උත්සාහයක් ගන්නවා කෙල්ලගෙන් හිනාවකින් හරි සංග්‍රහයක් ගන්ඩ. මොන? කෙල්ල ඉන්නෙ හරියට ලෝඩ් බයිරන්ගෙ දුව වාගෙ. ඇත්තටම එයාට මළ පැනල ඉන්ඩ ඇත්තේ, මේ වාගෙ නැහැදිච්ච කොල්ලො සෙට් එකක් ඉන්න බස් එකකට නගින්ඩ වීම ගැන.
කොහොමින් කොහොම හරි අපේ කොල්ලා බහින හෝල්ට් එකත් පහුවෙලා, තව හෝල්ට් තුන හතරකුත් ගිහින්. වැඩේ සක්සස් නෑ කියල හිතලද කොහෙද, කොල්ලා අහපි, “නංගි, ඔයත් මං බහින තැනින්ම බහිනවද?” කියල.

අම්මට සිරි ගජ! කෙල්ලගෙ මූණ ආලවකගෙ නංගි වගෙ උණා. “මං මොකටද තමුසෙ බහින තැනින් බහින්නෙ?” කියල බස් එකටම ඇහෙන සයිස් උත්තරයක් දුන්නෙ නැතෑ.

බස් එකම අපේ බුවා පැත්තට ඇස් ටික කැරකෙව්වා. ළඟ හිටපු යාළුවටත් අප්සට්. ‘අයියෝ මූ ඇදගෙන නාගන්නවා. ආයෙ ඉස්කෝලෙ වසලත් හමාරයි’ යාළුවට එහෙම දුක් තෝට් එකකුත් හිතිලා.

“එහෙනම් තමුසෙ ඔය අල්ලගන ඉන්න එක අත අරිනවා මට බහින්ඩ” අපේ බුවත් සද්දෙට කියපි.

බුවා බස් එකෙන් බැහැල ගියෙ කොල්ලන්ගෙ ප්‍රීති ඝෝෂා මධ්‍යයේයි.
 

razer knight

Member
Dec 22, 2009
1,202
28
0
*** UNDERWORLD ***
මර්වින් සිල්වා ඇමතිතුමා දිනක් පාසලකට ගියේ උත්සවයක ආරාධිත අමුත්තා ලෙසටය...
උත්සවය අවසානයේ ඔහු පන්ති කමරයකටද ගොඩ වුනි.
පන්තියේ ළමයි අමතා ,
"මේ ළමයිට තියෙන ඕනෙම ප්‍රශ්නයක් මට කියන්න"
සරත් දඩස් ගාල නැගිට මෙසේ කීය,
"මට තියෙනවා ප්‍රශ්න දෙකක් අහන්න"
"ඔව් කියන්න බලන්න" ඇමතිතුමා කීය.
"එක , ඔබතුමා ජන්දය දින්නේ හොරෙන් කියන්නේ ඇත්තද.?
දෙක , ඇයි එහෙම පත් වුනානම් ඉල්ලා අස් නොවන්නේ?"
එසැනින් විවේක කාල සීනුව නාද වුන අතර ළමුන් එලියට ගොස් විවේකය අවසානයේ නැවත පන්තියට පැමිණියේය ...
"හොදයි බෙල් එක ගහපු නිසා මට උත්තර දෙන්න බැරි වුන.හරි දැන් අහන්න ඕනෙම ප්‍රශ්නයක්.." ඇමතිතුමා කීය.
එවර නැගිට්ටේ අනුරය .
"මට අහන්න තියෙනවා ප්‍රශ්න තුනක්..
"එක, ඔබතුමා ජන්දය දින්නේ හොරෙන් කියන්නේ ඇත්තද.?දෙක, ඇයි එහෙම පත් වුනානම් ඉල්ලා අස් නොවන්නේ?
තුන , ඉන්ටවල් එකට කලින් හිටපු සරත් කෝ "
 

razer knight

Member
Dec 22, 2009
1,202
28
0
*** UNDERWORLD ***
ඇම්ඩා පොඩි කාලෙ….මේ සිද්දිය උනේ බස් එකක…
දවසක් ඉස්කෝලෙ ඇරිලා බස් එකකට නැග්ගලු එතකොට වයස අවු 5 ක විතර ඇති…..

ඇම්ඩා බස් ඩ්‍රයිවර් ගාවට ඇවිල හිටගෙන යන්න පටන් ගත්තලු….,
ඊට පස්සෙ ඇම්ඩා මෙන්න මෙහෙම කියවන්න පටන් ගත්තලු…..

“ඩ්‍රයිවර් අංකල් දන්නවද..?”
“අපේ අම්ම කිකිලියක් උනා නම,තාත්තා කුකුලෙක් උනා නම් මම පොඩි කුකුල් පැටියෙක් වෙනවා…….”

මේක අහපු ඩ්‍රයිවර් “මම ඒක දන්නවා…මට කරදර නොකර ගිහින් වාඩිවෙන්න….”
ඇම්ඩ ඉතින් නාහෙට අහන්නෙ නැති එකානෙ….මූ ආයෙත් කියවන්න ගත්ත

“අපේ අම්ම ඇතින්නක් උනා නම්,තාත්තා ඇතෙක් උනා නම් මම පොඩි ඇත් පැටියෙක් වෙනවා……..”
දැන් ඩ්‍රයිවරයාට මල පැන්නා,,,මූ කියන දේ අහන්නෙම නැහැනේ……”මේ වදයක් වෙන්න එපා ලමයෝ….”

“අපේ අම්මා බැල්ලියක් වෙලා,තාත්ත බල්ලෙක් උනා නම් මම පුංචි බලු කුක්කෙක් වෙනවා……”
දැන් ඩ්‍රයිවරයට ඇති වෙලා මුගේ කතා අහලා….
ඩ්‍රවරයට පහල උනා අදහසක් …….

“හරි පුතා මම ඔයාගෙන් ප්‍රශ්නයක් අහනවා හරි උත්තරේ දුන්නොත් ඔයා මෙතන ඉන්න, හැබැයි වැරදුනොත් ඔයා බස් එකෙන් බහින්න ඕන…..”

ඇම්ඩ ඉතින් මේ challenge එක බාරගත්තලු එල කොල්ලෙක් වගේ….

“හරි පුතා කියන්න පුතාගෙ අම්ම ගණිකාවක් වෙලා…තාත්තා කුඩුකාරයෙක් උනානම් පුතා මොකෙක් වෙයිද…?”

ඇම්ඩ එසැනින් කිව්වලු…..”බස් ඩ්‍රයිවර් කෙනෙක්….”