Menna Wedak....!!!

cqruwan1200

Well-known member
  • Nov 20, 2008
    3,705
    44
    48
    රනිල් මුතුහෙට්ටිගම ‘හිල්ටන්’ ගෙන්වා
    රාජකීය ගුටි ප්‍රහාරයක් දෙයි



    නිශාන්ත මුතුහෙට්ටිගම දැන් ඉන්නේ තමා ළඟ බව විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පසුගිය සිකුරාදා අරලියගහ මන්දිරයේ කාර්යාල කාර්ය සේවක මහතකුට දුරකථනයෙන් පවසා තිබේ. විපක්ෂ නායකයා තමන්ට ඇමැතීම ගැන පුදුමයට පත් වූ කාර්යාල සේවකයා තමාට ඇමතුවේ රනිල් වික්‍රමසිංහ මහතා බව මුලදී විශ්වාස කෙළේ නැත.
    රනිල් මහත්තයාට එච්චර පිස්සු නැතැයි සේවකයා පෙරළා පිළිතුරු දී සිද්ධිය තම ප්‍රධානියාට රපෝර්තු කර තිබේ.
    කෙසේ හෝ මෙම සිද්ධිය සියැසින් දුටු විදුලිබල බලශක්ති ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ මහතා ‘දිනමිණ’ට ඒ ගැන මෙසේ විස්තර කළේ ය.
    ‘රාජකීය විදුහලේ වාර්ෂික රාත්‍රී භෝජන සංග්‍රහය (
    Annual Dinner Dance) පසුගිය සිකුරාදා කොළඹ හිල්ටන් හෝටලයේ දී පැවැත්විණි. එයට රාජකීය ආදි සිසුහු සිරිත් පරිදි කලිසම් කබා ආදියෙන් සැරසී පැමිණ නැටුම් ගැයුම් නරඹමින් සිටියහ.
    රාත්‍රී 9.30ට පමණ රවී කරුණානායක මහතා පළාත් සභා මන්ත්‍රී නිශාන්ත මුතුහෙට්ටිගම මහතා උත්සව ශාලාවට කැඳවා ගෙන ඇවිත් විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ මේසය අසල වාඩි කරවීය ඔහු පැමිණ සිටියේ සරමකින් සහ කමිසයකින් සැරසී ගෙනය. සුදු සෙරෙප්පු දෙකක් ද පැළඳ සිටියේ ය.
    ටික වේලාවකින් ඔහු වේදිකාවට නැග ගීතයක් ගයන්නට සූදානම් වෙද්දී එයට රාජකීය ආදි සිසුවෝ හරස් වූහ. යළිත් වික්‍රමසිංහ මහතා ළඟට ගිය මුතුහෙට්ටිගම යළි රත්විය.
    දෙවැනි වතාවටත් ඔහු ගායක සුසිල් සමඟ වේදිකාවට ගොඩ වී ගී ගයන්නට සූදානම් විය. පසුව ඔහුට පහර දී එළවා දමා තිබේ.
    නිශාන්ත මුතුහෙට්ටිගම නුසුදුසු තැනකට කැඳවා ගෙන ඇවිත් රාජකීය විදුහලත් දේශපාලනයත් පටලවා ගත් නිසා මුතුහෙට්ටිගමට මේ හෙයියම්මාරුව සිදුවූ බව මහින්දානන්ද අලුත්ගමගේ මහතා දිනමිණ ට කීය.

    දකුණු පළාත් සභා මැතිවරණ සමයේ ඉමහත් ආන්දෝලනාත්මක චරිතයක් වූ මුතුහෙට්ටිගම රක්ෂිත බන්ධනාගාරගතවද සිටියේ ය. ඔහු මැතිවරණයෙන් පසුත් කළ ප්‍රකාශ හා හැසිරුණු ආකාරය ගැන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විනය පරීක්ෂණයක් පැවැත්වීමට තීරණය කර ඇත.

    http://www.dinamina.lk/2009/10/19/_art.asp?fn=p0910191