MH17 යානයේ මගීන් බිලි දී ඇත්තේ $28000කට

Lewke

Member
Jun 4, 2014
5,523
581
0
In the darkness
MH17 යානයේ මගීන් බිලි දී ඇත්තේ $28000කට

MH17 ගුවන් යානයේ මගීන් 298 දෙනා බිලි දී ඇත්තේ ඩොලර් 28000ක් වෙනුවෙන්

MH17 ගුවන් යානයේ සිටි මගීන් 298 දෙනෙකු යුක්රේන කැරලිකරුවන් ප්‍රහාරයෙන් ජීවිතක්ෂයට පත් වූයේ, අමෙරිකානු ඩොලර් 28000ක් ඉතිරි කර ගැනීම සඳහා මැලේසියා ගුවන් සමාගම ගත් තීරණයක් හේතුවෙන් බව අනාවරණය වී තිබේ.


ඔස්ට්‍රේලියාවේ ප්‍රවාහන කම්කරු සංගමයේ ජාතික ලේකම් ටෝනි ෂෙල්ඩන් මේ බව හෙළි කර ඇතැයි News . com . au පුවත් වෙබ් අඩවිය පවසයි.


ඔහු පවසන ආකාරයට ආරක්ෂිත ගුවන් මාර්ගයක් තිබියදී MH17 ගුවන් යානය යුක්රේන ගුවන් සීමාව හරහා පියාසර කරවා ඇත්තේ, අමෙරිකානු ඩොලර් 28000ක් ඉතිරි කර ගැනීමේ අදූරදර්ශී අරමුණ ඇතිව ය.


‍ඒ අනුව, මැ‍ලේසියා ගුවන් සමාගම මගීන් 298 දෙනෙකුගේ ජීවිතවලට අමෙරිකානු ඩොලර් 28000ක ලන්සුවක් තැබූ බවට ටෝනි ෂෙල්ඩන් චෝදනා කරයි.


ඔහු අවධාරණය කළේ, ගුවන් සමාගම්වල වියදම් අඩු කර ගැනීම සඳහා මගීන්ගේ ජීවිත අනතුරේ නොහෙළිය යුතු බව ය.


newsfirst ‍වෙබ් අඩවිය
 

AnGeLHuNteR

Well-known member
  • Oct 31, 2013
    16,648
    2,431
    113
    මැලේසියාවේ එහෙම උනත් ලංකාවේ එහෙම නෑ
    කෝටි ගනන් වියදම් කරගෙන මහරජයි ගෝලයො රොත්තයි පටවගෙන යන ශ්‍රීලන්කන් එකට ඩොලර් 28000 මොකක්ද?:rofl::rofl: