MH17 යානයේ මගීන් බිලි දී ඇත්තේ $28000කට
MH17 ගුවන් යානයේ සිටි මගීන් 298 දෙනෙකු යුක්රේන කැරලිකරුවන් ප්‍රහාරයෙන් ජීවිතක්ෂයට පත් වූයේ, අමෙරිකානු ඩොලර් 28000ක් ඉතිරි කර ගැනීම සඳහා මැලේසියා ගුවන් සමාගම ගත් තීරණයක් හේතුවෙන් බව අනාවරණය වී තිබේ.
ඔස්ට්‍රේලියාවේ ප්‍රවාහන කම්කරු සංගමයේ ජාතික ලේකම් ටෝනි ෂෙල්ඩන් මේ බව හෙළි කර ඇතැයි News . com . au පුවත් වෙබ් අඩවිය පවසයි.
ඔහු පවසන ආකාරයට ආරක්ෂිත ගුවන් මාර්ගයක් තිබියදී MH17 ගුවන් යානය යුක්රේන ගුවන් සීමාව හරහා පියාසර කරවා ඇත්තේ, අමෙරිකානු ඩොලර් 28000ක් ඉතිරි කර ගැනීමේ අදූරදර්ශී අරමුණ ඇතිව ය.
ඒ අනුව, මැලේසියා ගුවන් සමාගම මගීන් 298 දෙනෙකුගේ ජීවිතවලට අමෙරිකානු ඩොලර් 28000ක ලන්සුවක් තැබූ බවට ටෝනි ෂෙල්ඩන් චෝදනා කරයි.
ඔහු අවධාරණය කළේ, ගුවන් සමාගම්වල වියදම් අඩු කර ගැනීම සඳහා මගීන්ගේ ජීවිත අනතුරේ නොහෙළිය යුතු බව ය.
MH17 ගුවන් යානයේ මගීන් 298 දෙනා බිලි දී ඇත්තේ ඩොලර් 28000ක් වෙනුවෙන්

newsfirst වෙබ් අඩවිය

kalakanni
මැලේසියාවටත් ආස්චරය උදා වෙලා වගේ...... 