MH370 මැලේසියානු යානය ඇමරිකාව පැහැරගෙන මුහුද&a

PirateZ

Member
Feb 3, 2009
527
117
0
MH370 මැලේසියානු යානය ඇමරිකාව පැහැරගෙන මුහුද&a

මැලේසියානු ගුවන් සේවයට අයත් MH370 ගුවන් යානය අතුරුදන් වීමේ සිදුවීම පසුපස ඇමරිකානු කුමන්ත‍්‍රණයක් ඇති බවට මතයක් පළවී ඇත.

ඇෆ්ගනිස්ථානයෙන් ඇමරිකානු හමුදා ඉවත් වෙමින් සිටින අතර පෙබරවාරි මාසයේ දිනයකදී නියමු රහිත ඩ්‍රෝන යානා මෙහෙයුම් සහ පාලන මධ්‍යස්ථානයක් තලේබාන් සටන්කාමීන් විසින් අත්පත් කරගෙන ඇතැයි පැවසේ.

ටොන් 20ක් බරැති එම මධ්‍යස්ථානයේ උපකරණ තොගය පෙට්ටි 6ක අසුරා ප‍්‍රවාහනය කරමින් සිටියදී ඇමරිකානු සීල් භටයින් දෙදෙනෙකු මරා දමමින් මෙලෙස අත්පත් කරගෙන ඇති අතර එය විකුණා දැමීමේ අරමුණින් රුසියාව සහ චීනය අමතා තිබේ.

යුක්රේන අර්බුදය මැද සිටින රුසියාව එ් වෙත උනන්දුවක් නොදක්වා ඇති නමුත් ඇමරිකානු තාක්ෂණය අත්පත් කරගැනීමේ පිපාසයෙන් සිටින චීනය ඉහළ පෙළේ ආරක්ෂක විද්‍යාඥයින් 8 දෙනෙකු ඇෆ්ගනිස්ථානය වෙත යවා ඇතැයි පැවසේ.

ඔවුන්ගේ මැදිහත්වීමෙන් එම භාණ්ඩ තොගය මැලේසියාව කරා රැගෙනැවිත් ඇති අතර මැලේසියාවේ සිට චීනයට යන සිවිල් ගුවන්යානයකින් එම භාණ්ඩ රැගෙන යාම ආරක්ෂිතම මාර්ගය ලෙස සලකා ඇත.

කෙසේවෙතත් මේ වන විට ඊශ‍්‍රායල ඔත්තු සේවා සහයෝගයෙන් මෙහෙයුම් පද්ධතිය ඇති ස්ථානය සොයාගෙන ඇති ඇමරිකාව චීනය බලා යන MH370 යානයට ඇමරිකානු සහ ඊශ‍්‍රායල නිලධාරීන් 5ක කණ්ඩායමක් යොදවා තිබේ.

මෙහෙයුම් සහ පාලන මධ්‍යස්ථානය චීනයට ලබාගත හැකිවූවා නම් ඇමරිකාව සතු ඩ්‍රෝන තාක්ෂණය සම්පූර්ණයෙන්ම පාහේ පලක් නොමැති වී යනු ඇත.

යානය වියට්නාම් ගුවන් සීමාවට ඇතුළු වෙත්ම ඇමරිකානු නිලධාරියෙකු බෝයිං යානාවල ඇතුළු කර ඇති පද්ධතිය භාවිතයෙන් යානය දුරස්ථ පාලනයට ලක්කර ඇති අතර යානය බටහිරට ගමන් කර මාලදිවයිනට ගොඩබස්වා තිබේ.

එහිදී ඉන්ධන ලබාගැනීමෙන් පසුව දියාගෝ ගාර්ෂියා දිවයිනට ගොස් භාණ්ඩ තොගය සහ යානයේ කළු පෙට්ටිය ඉවත් කරගැනීමෙන් පසුව යානය නැවත ගුවන්ගත කරවා ඉන්දියන් සාගරයේ ගිල්වා ඇතැයි මෙම මතයෙන් දක්වා තිබේ.


src - cnews
 

charith84

Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    :lol: මරු ස්ටොරිය ෆිල්ම් එකක් ගහන්න හොදයි
    සි නිවුස් පච හිල...
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,566
    16,399
    113
    :lol: මරු ස්ටොරිය ෆිල්ම් එකක් ගහන්න හොදයි
    සි නිවුස් පච හිල...

    :lol::lol::lol: cnews එකේ උන්ට ඉතින් පඩයක් ගියත් ඇමරිකාව.:rofl:
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,250
    113
    Gotland
    විමලෙ දකින සිහින

    පංච සිහින ලෝකේ කුමාරයා - විමලෙ
     

    Arkham Knight

    Member
    Mar 14, 2014
    1,627
    89
    0
    හ්ම්ම් හිතන්න දෙයක් තියෙනවා. මේක වෙන්නත් බැරි නෑ ඊශ්‍රාලය/ඇමරිකාව මේ වැඩේට හවුල් වෙලා තියෙන්නම ඕනේ කොහෙන් හරි නැත්නම් මෙච්චර Satellite ලෝකය වටේ තියාගෙන මේවට මේක අහුවෙච්ච නැති එක පුදුමයක්.
     

    PirateZ

    Member
    Feb 3, 2009
    527
    117
    0
    හ්ම්ම් හිතන්න දෙයක් තියෙනවා. මේක වෙන්නත් බැරි නෑ ඊශ්‍රාලය/ඇමරිකාව මේ වැඩේට හවුල් වෙලා තියෙන්නම ඕනේ කොහෙන් හරි නැත්නම් මෙච්චර Satellite ලෝකය වටේ තියාගෙන මේවට මේක අහුවෙච්ච නැති එක පුදුමයක්.

    :yes::yes::yes::yes:
     

    Bathiya_nilan

    Member
    Nov 4, 2008
    273
    21
    0
    machan dana vidiyatnam drone contol karanna arisona idala hoyala balanako habai mama ma kiyanna pramanayan loku wepons hai karapu drone gana
     

    PirateZ

    Member
    Feb 3, 2009
    527
    117
    0
    ඕස්ට්‍රේලියාව ආසන්න මුහුදු ප්‍රදේශයේ තිබී හමුවූ සුන්බුන් අතුරුදන් වූ යානයේ නොවන බව ඕස්ට්‍රේලියා බලධාරීන් පවසයි. චන්ද්‍රිකා ඡායාරූප අනුව ඕස්ට්‍රේලියා හා චින නෞකා යොදා සිදුකරන ලද සෝදිසියක දි සොයාගත් සුන්බුන් කොටස් ධීවරයන් විසින් මසුන් ඇල්ලීමට යොදාගත් උපකරණ බව ඔවුන් පවසා ඇත. ඕස්ට්‍රේලියාව විසින් චන්ද්‍රිකා ඡායාරූප පිළිබද අනාවරණය කිරීමෙන් පසු මැලේසියා බලධාරීන් කියා සිටියේ එම්.එච්.370 ගුවන් යානය ඉන්දියන් සාගරයට කඩා වැටී ඇති බවයි. එම කොටස් ගුවන් යානයේ ‍‍නොවන බව තහවරු වීමත් සමග යානයේ අතුරුදන්වීම තවදුරටත් අභිරහසකි

    src : lankadeepa