මම පෞද්ගලිකව බාවිතා කරලා නැති උනත් සමීපතම සගයෙක් ගාව තියෙනවා. මෙන්න මේවා තමා කියන්න තියෙන්නේ:
නොගන්න හේතු:
1. අමතර කොටස් හිගය. සාමාන්‍ය එදිනෙද බාවිතා වෙන ෆිල්ටර් වගේ නම් තියෙනවා. නමුත් පාට්ස් නැහැ.
2. ජපන් අමතර කොටස් ගැලපෙන්නේ නැහැ (e.g. ALTO can use some Japan parts)
3. ඔකේ පිටිපස්සේ දොර පොඩ්ඩක් හෙලවෙනවා කාලයක් යනකොට
4. මම අදුරන කෙනාගේ නම් 15,000 ස්පාර්ක් ප්ලුග් පිපිරුනා
5. Micro එකේ වැඩ නම් තරහ කරයෙකුටවත් recommend කරන්න බැහැ
6. ඉස්සරහ suspension එකේ පොඩි අවුලක් එනවා (full turn කරන්න බැහැ)
7. 2nd hand market අන්තිමයි
ගන්න හේතු:
1. වාහනේ ස්පීඩ් කලාමත් පට්ට කොන්ට්‍රෝල් (ALTO එකේ නම් හයියෙන් වංගු ගන්න අමාරුයි)
2. අඩු ගානට වහනයක් ගන්න ඕනේ
3. 4 දෙනෙකුට හොදට යන්නත් ඕනේ
4. Colombo වලින් පිට යන්නේ නැහැ
5. ඇල්ටෝ එක්ක බැලුවම සැප පහසුව හොදයි
6. Option ගොඩක් හොදයි
ඔන්න ඔය ටික තමා කියන්න තියෙන්න. පුළුවන් නම් ALTO 800 එකක් ගන්න, නැත්තම් පරණ ජපනෙක් ගන්න.