Micro Panda

Black Puma

Well-known member
  • Jun 24, 2014
    1,046
    256
    83
    Micro Panda ගේ එන එන්ජින් එක ජපන්ද?

    උබ විහිලු කරනවද බන් ? චීන්නු ජපනාට කියල එන්ජිම හදා ගෙන කවරේ විතරක් උන් හදල තුට්ටු දෙකට උබට ගෙනත් දේවිද බන් ?
     

    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    ගන්නනම් එපා දෙයියනේ
    මගෙ යාලුවෙක් ඕකක් අරන් කාපු කට්ට මම හොඳට දන්නව
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    ගන්නනම් එපා දෙයියනේ
    මගෙ යාලුවෙක් ඕකක් අරන් කාපු කට්ට මම හොඳට දන්නව

    රත්තරන් මාතියා ප්ලීස් :(
     

    sudu23

    Well-known member
  • May 6, 2015
    8,150
    1,289
    113
    ගඟ ළඟ
    උබේ පරම හතුරෙකුට ඇරෙන්න පන්දෝ අරන් දෙන්න එපා..එත් ගෙලි පැන්ඩා හොදලු...
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,769
    113
    සිංහලයේ
    uba gathane, review ekak dapan

    http://www.elakiri.com/forum/showthread.php?t=1706790

    රත්තරං;19163186 said:
    මේ මම මීට මාස කිහිපයකට පෙර එලකිරියේ දාපු පොටෝ ටිකක් උනත් දාපු තැන හොයාගන්න බැරි නිසා ඔන්න ආයේම කට්ටියගේ (විශේශෙන් ජේසන් බව්වගේ ) ඉල්ලීම පිට මෙන්න දානවා

    මහා චීන වාහන ප්‍රඥයන්ට අනුව ලිං ගෙබි ජපන් වාහන මානසිකත්වයෙන් ඉන්න එකෙක් වෙච්ච මට ප්‍රදේශයේ දානපතියකු ඒ මිලට ගත හැකි ජපන් වලට ගරහා, දුවන්න පුලුවන් ඇල්ටෝ /මරුටි හෙලා දැක මයික්‍රෝ පැන්ඩා බ්‍රෑන්ඩ් නිව් රාජයෙක් වඩම්මවූ නිසා අතගා බැලීමේ වාසනාව උදාවිය

    තොපි වැනි අනාත සිංහලුන්ටද බලා කියා ගැනීමට මෙසේ ඡායාරූප පෙල ඉදිරිපත් කරමි


    ශ්‍රී ලංකාව වැනි රටක නැගී එන තරුන පරපුරේ සිහින වාහනය වීමට පැන්ඩාට හැකිවීම අරුමයක් නොවේ

    පලමුව හෙල රජ දරුවන්ගේ ශෛලමය නිර්මාන වල වර්තමාන නියෝජනයක් සේ පෙනෙන/ දැනෙන අභිමානවත් 100% පැතලි නාසා ආයතනයෙන් වැඩි දියුනු කල පුකේ හැඩය ඔප්නන්වන ආසන

    1305209981-anuradhapura-Sri-Lanka-Asia-Anuradhapura.jpg


    90niur.jpg


    සීට් මසා ඇත්තේ පාපිසි සෑදීමට ගන්නා ආකාරයේම (රෙදි වර්ගයට කියන නම මතක නැත.. ඇදෙන සුලු රෙදි විශේශය ) ඉතා අගනා රෙදි වර්ගයකිනි

    How-to-make-Old-Shirt-Floor-Mat-step-by-step-DIY-tutorial-instructions-thumb-400x299.jpg


    ස්කූටරයකට නොදෙවෙනි ඉහල ගුනාත්මක බවින් යුතු මීටර පද්දතිය

    2u619c6.jpg


    කැබිනට්ටුවක් ආකාරයට පැත්තට ඇද විවරකල හැකි කැබිය.. කෑම පෙට්ටියක් අරිනවා වැනි ඉතා උද්යෝගකර හැකීමක් ඇතිකරවන ආකාරයෙන් නිපදවා ඇත

    2csc58o.jpg


    එදා රජ දවස කුඹුරු අස්වැද්දූ මී හරක් බැදි කනු සිහිකරවන මඩේ සිරවූ ඉන්න ලෙස හතර අතේ වැනෙන (අම්මපා බන් එහෙම වැනෙන්නේ කොහොමද?:baffled: ) ගියර් අන්ඩ

    2ykaulx.jpg


    කෝප්ප පිගන් සාදන චීන ප්ලාස්ටික් හා සම තත්වයෙන් යුතු ප්ලාස්ටික් ඩෝ පැනල්(නියපොත්තෙන් සීරිය හැක)

    n2lni1.jpg


    මැටි අච්චුවට ප්ලාස්ටික් උනු කර වක්කර පදමට ගින්නේ පිලිස්සූ ඉතිරිය පිහියෙන් කපා දැමූ අනර්ඝ ප්ලාස්ටික් මෝල්ඩින් කොටස්.. වාහනය සමග පිහියක් නොමිලේ.. පාකින් එකක නිකරුනේ කාලය ගතකරන අවස්තාවල ඔබටම මෙම කොටස් කපා වැලි කඩදාසියෙන් සුමට කර වින්දනයක් ලැබිය හැක

    25gcr2h.jpg


    හදිසි අවස්තාවක තේ පීරිසියක් දෙකට කපා මැදින් සවිකර අමතර කොටස් වියදම ඉතිරි කරගත හැකි සේ නිපදවා ඇති අලංකාර ඩෝ හැඩල්.. දෙවෙනි වර ඇරීමට අවශ්යනම් මයිත්‍රී භාවනාව සිදුකර සිත නිවා ගන්න.. සන්සුන් වන්න.. සෙමෙන් අරින්න

    2efj86c.jpg


    ආයිස් අම්මා ගුන්ඩූඌ කියවන පසුපස ආසනය... ඉදහත් පසු මහත් ආයාසයක් දරා එලියට පැමිනියෙමි

    2w65q21.jpg


    100%ක්ම වලන් සේදීමට ගන්නා ස්පොන්ජ් කපන ශීට් එකකින් නිපදවූ සුවපහසු ආසන.. ස්පෝන්ජ් එක පාපිසි සාදන ජාතියේ රෙද්දකින් මැසූ කොට්ට උරයකට බස්සා අලංකාරව නිමවා ඇත


    Scouring_pad_with_sponge_cleaning_sponge.jpg




    fd4mxi.jpg


    පසුපස ප්ලාස්ටික් ලෑල්ල උඩට සීනි කිලෝවකට වැඩි යමක් නොදමන්න වගබලා ගන්න


    242c213.jpg


    යටින් ලා කහ වර්නයෙන් පෙනෙනුයේ ගරාජයේ ටයිල් පොලවයි... වැඩි ආරක්ශාව තකා ඇන්ජිම ලනුවකින් හෝ ගැටගැසීම ඔබේ වගකීමයි.. කොටස් වල උසස් ප්‍රමිතිය ඡායාරූප වලින් මනාව පෙනේ යයි සිතමි

    1175kow.jpg


    25p1rug.jpg


    අල්ලාහ් දෙවියනි මේ හෙඩ් ලයිට් එකකි... පෝරනුවේ බහා මැටි අච්චුවට උනුකල ප්ලාස්ටික් වතුර බෝතල් දමා පදමට නිමකල හෙඩ් ලයිට්... ගෙවන මිලට වැඩිය වටින්නට වක්කරපු ප්ලාස්ටික් අමතරව ලබාදී ඇත

    1sb2tk.jpg



    කම්මලේ තලා, මිටියෙන් ගසා සෑදූ සැගවුනු තැන්වල යකඩ කොටස්

    2cx7h2.jpg



    ඇතුලට ස්භාවික වාතාශ්‍රය මනාව ලැබෙන පරිදි හිදැස් සහිතව 100ට 100ක් සවි නොවන පරිදි සකසා අලවා වටවා නිපැවූ අපූරු ඇතුලත නිමාව


    25svfif.jpg





    බුදු බන සිහිකරවන දින කිහිපයක් පැරනි ලෝහ කොටස්...

    2vwsf4n.jpg



    චීනයේ විරැකියාව දුරු කර ස්වයන් රැකියා වැඩි කර මහා පුන්‍ය කර්මයක ඔබත් දායකයකු වන්න.මහාර්භ වොල්වෝ තාක්ශනය සුකුමාල චීන ලමිස්සියකුගේ දෑතින් හුයෙන අවස්තාව

    9a5l5d.jpg


    බලහත් කාරයෙන් ටෙස්ට් ඩ්‍රයිව් එකකට ආරාදනා කලත් චිරාත් කාලයක් ආරක්ශා කල වෘශන කෝශ වල නාමයෙන් එය ප්‍රතික්ශේප කලෙමි....

    මේ ඡායාරූප කිහිපයක් පමනි.. නිශ්පාදන කොලිටිය පිලිබදව කියා නිමකල නොහැක... අව්රුදු දෙකක් හරියට පාවිච්චි කලානම් ඉතින්................. එක්කෝ ඒ බයිලා ඕනේ නැත:sorry:

    අනේ රෙප් ටිකනම් කපන්න එපා. අමාරුවෙන් එකතු කලේ:(


    PS-අමාරුවෙන් සල්ලි ටිකක් එකතුකරගන්න පොඩි මිනිහෙක් නැතිකරලා දාන්න හදාපු මරනයක්.. අඩුම තරමේ යම් පැවැත්මක් ඇති ඇල්ටෝ එකක් වත් ගන්න උත්සහ කරන්න (කියන බයිලය නොතේරෙන මී හරක් වෙනුවෙන් එඩිට් කරන කදී )
     
    Last edited:
    • Like
    Reactions: Dont Quit

    Dont Quit

    Member
    Jan 10, 2016
    430
    31
    0
    Review dala wadak na ban. Nikan banum ahanna one nane. Mama aran dan masa 4k wenawa. Mama nam godak sathutu wenawa machan mama gaththu decision eka gana. :)

    eka aulak naha ban,
    uba kamathinam metika kiyapan ko:

    yata vadinava da
    fuel vada karana pramane
    A/C thathve
    maruti eka vage kadu adidi, A/C off karana oneda
    5 k dala shape eke yana puluvanda

    service karana micro ekatama usan yana oneda

    p.s. masa 6 kata vithara friend kenek uk yanava, nikan hambena asayage dath ganinna one nahane, ekai ahuve visthara tikak
     

    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,302
    2,105
    113
    Micro Panda ගේ එන එන්ජින් එක ජපන්ද?

    නෑ බන් මම නම් හිතන්නේ ඔකේ තියෙන්නේ බෙන්ස් කම්පනියේ හදන එන්ජිමක්. දවසක් මම දැක්කා (නවත්වපු) BMW එකකුත් පාස් කරගෙන පැන්ඩා එකක් ගියා.
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    eka aulak naha ban,
    uba kamathinam metika kiyapan ko:

    yata vadinava da
    fuel vada karana pramane
    A/C thathve
    maruti eka vage kadu adidi, A/C off karana oneda
    5 k dala shape eke yana puluvanda

    service karana micro ekatama usan yana oneda

    p.s. masa 6 kata vithara friend kenek uk yanava, nikan hambena asayage dath ganinna one nahane, ekai ahuve visthara tikak

    01.) Panda Cross එකක් තියෙන්නේ. ඒකෙ ground clearance වැඩියි රෝද 15' නිසා. යට වදින අවුලක් නම් ඇත්තෙම නෑ.

    02.) දැනට නම් city 12-14 වගේ කරනවා. දුර ගමන් යද්දී නම් 14-16 වගේ කරනවා.

    03.) A/C නම් තියෙනවා මචන් හීතලේ ගැහි ගැහි යන්නම.

    04.) pulling power එක නම් මදි වගේ දැනෙනවා බන් ටිකක් අනිත් car එක්ක බලද්දී. ඒත් ලොකුවට දැනෙන අවුලක් නෑ

    05.) 5k දාල කිසිම අවුලක් නැතුව යන්න පුළුවන්. ගානක්වත් නෑ.

    06.) Service කරන්න Micro ඒකටම යන්න ඕනේ නෑ. Dealers ලගෙන් කර ගන්න පුළුවන්.
    (Micro එකේ customer service නම් අන්තිමයි මචන්. මම හිතන්නේ ලංකාවේ ජරාම customer service එක තියෙන්නේ ඕකුන්ගේ වෙන්න ඕනේ. ඒකත් අවුලක් තමයි. :yes: )


    (උඹට පුළුවන් කමක් තියෙනවා නම් ජපන් එකකට යන්න අනිවා පලයන්. මේකේ build quality එක ජපන් එකක් තරම් නම් හොඳ නෑ මචන්. අනිත් එක second hand market එකත් අඩුයි japan වාහනත් එක්ක බලද්දී. ඒ ඇරෙන්න වෙන කිසිම අවුලක් නම් නෑ. අපේ අයියා කෙනෙක් ගාව තියෙනවා 2012 ගත්තු panda එකක්. තාම කිසිම අවුලක් නෑ. ඒකයි මාත් බය නැතුව ගත්තේ)