Microsoft සම නිර්මාතෘ පෝල් ඇලන් මියයයි

WhyNot1

Well-known member
  • Nov 27, 2016
    5,459
    7,225
    113
    Microsoft සම නිර්මාතෘ පෝල් ඇලන් මියයයි

    ඔහු නොසිටියා නම් Personal computing කියල දෙයක් බිහි වෙන්නෙ නැහැ බිල් ගේට්ස් පැවසීය.
    bill-gates-paul-allen.jpg_667465578.jpg


    රුධිර පිළිකාවක් හේතුවෙන් Microsoft සමාගමේ සම නිර්මාතෘ පෝල් ඇලන් අභාවප්‍රාප්ත වී තිබේ. ඔහු මිය යන විට 65 වන වියේ පසු විය. 2009 වසරේදී ඔහු සිය රෝගී තත්ත්වයට ප්‍රතිකාර ගැනීමෙන් පසුව මීට දෙසතියකට පමණ පසු යළි රෝගී තත්ත්වය මතුව ආ බව ඔහු පවසා තිබිණි.

    පෝල් ඇලන් සමග මයික්‍රොසොෆ්ට් සමාගම ආරම්භ කළ සම නිර්මාතෘ බිල් ගේට්ස් පැවසුවේ, "මගේ පැරණි ම සහ හොඳ ම මිතුරෙක් අභාවයට පත්වීම ගැන මට ඉතාමත් කනගාටුයි. ඔහු නොසිටියා නම් Personal computing කියල දෙයක් බිහි වෙන්නෙ නැහැ"

    පෝල් ඇලන්ගේ අභාවය තහවුරු කරමින් ඔහුගේ සොහොයුරියන ජෝඩි නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ, "ඔහු සෑම ආකාරයකින් ම සුවිශේෂී පුද්ගලයෙකු" බවය.

    තම පාසල් මිතුරා වූ බිල් ගේට්ස් සමග එක්ව 1975 වසරේදී Microsoft සමාගම ආරම්භ කිරීමත් සමග පෝල් ඇලන් සාර්ථකත්වයට පත් විය. "ලේක්සයිඩ් පාසලේ ඉගෙන ගත් කාලයේ සිට මයික්‍රොසොෆ්ට් ආයතනය නිර්මාණ කළ පසු වසර ගණනක් එක්ව කළ ව්‍යාපෘතිවලදී පෝල් සත්‍යවාදී සහකරුවෙකු වගේ ම ආදරණීය මිත්‍රයෙක් වුණා," "ඔහු තාක්ෂණික ලෝකයට කළ දායකත්වය පරම්පරා ගණනාවක් පවතීවි. මට ඔහුගේ අභාවය විශාල පාඩුවක්." බිල් ගේට්ස් පැවසීය.

    paul-allen-bill-gates.jpg


    මයික්‍රොසොෆ්ට් හැර යාම
    පළමු වරට තමන් රුධිර පිළිකාවකින් පීඩා විඳින බව තහවුරු වීමෙන් පසුව 1983 වසරේදී පෝල් ඇලන් මයික්‍රොසොෆ්ට් සමාගමෙන් ඉවත් විය. එහෙත්, ප්‍රතිකාරවලින් සුවය ලැබූ ඔහු 1986 වසරේදී Vulcan නමින් මාධ්‍ය හා සන්නිවේදන ආයෝජන ආයතනයක් ආරම්භ කළේය.

    "ඔහුගේ ත්‍යාගශීලීත්වය මෙන් ම වඩා හොඳ ලෝකයක් බිහි කිරීමට ඔහු තමන්ට තිබූ කාලය සහ සම්පත් යොදාගෙන ඉටු කිරීමට ඔහු දැරූ ප්‍රයත්නය මිලියන ගණනක් ජනතාවට දැනිල තියෙනවා," Vulcan සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී බිල් හිල්ෆ් (Bill Hilf) නිකුත් කළ නිවේදනයක සඳහන් වේ.

    පෞද්ගලික තොරතුරු
    Associated Press වාර්තා කරන පරිදි විද්‍යාව, අධ්‍යාපනය සහ වනජීවී සංරක්ෂණය වැනි කටයුතු වෙනුවෙන් පෝල් ඇලන් අමෙරිකානු ඩොලර් බිලියන දෙකකට අධික මුදලක් පරිත්‍යාග වශයෙන් ලබා දී තිබේ. ඔහු දැඩි ලෙස ක්‍රීඩාවට ඇලුම් කළ අතර, Portland Trail Blazers පැසිපන්දු කණ්ඩායමේ සහ Seattle Seahawks නමැති පාපන්දු කණ්ඩායමේ හිමිකාරීත්වය දැරීය.

    තමාගේ මරණයෙන් පසු සිය වත්කමෙන් වැඩි කොටසක් පුණ්‍ය කටයුතු සඳහා පරිත්‍යාග කරන ලෙසට ඔහු 2010 වසරේදී ඉල්ලීමක් කර තිබේ.


    bbc sinhala
     
    Last edited:

    Bart_Allen

    Well-known member
  • Jan 23, 2018
    2,546
    3,897
    113
    Speed force
    කියලා තිබ්බ විඳිය ට වත්කම ඩොලර් බිලියන 20 ක් ලු. ඒකෙන් ඩොලර් බිලියන 2k පරිත්‍යාග කරලා තියෙනව ලු.
     

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,459
    7,225
    113
    කියලා තිබ්බ විඳිය ට වත්කම ඩොලර් බිලියන 20 ක් ලු. ඒකෙන් ඩොලර් බිලියන 2k පරිත්‍යාග කරලා තියෙනව ලු.

    ලොකු පිනක් ඉතිං ඒක.