Microsoft Planner වැඩසටහන Mobile Version එකක් ලෙස release වෙයි

Terra Nova

Well-known member
  • Jun 20, 2017
    329
    101
    83
    Microsoft Planner වැඩසටහන Mobile Version එකක් ලෙස release වෙයි

    microsoft-planner-00.jpg


    Microsoft සමාගම හඳුන්වා දුන් Office 365 Office application package එකට එකතු වූ Microsoft Planner Software එක මේ අවුරුද්දෙ මැයි මාසෙ මුලදි mobile version එකක් විදියට iPhone use කරන අය වෙනුවෙන් iTunes Store එකට නිකුත් වුණා. ඒ වගේම මැයි මාසෙ අග වෙද්දි Android smartphone use කරන අය වෙනුවෙනුත් Google Play Store එකට release වුණා.

    Microsoft Planner කියන්නේ Task Management Application එකක්. සරලවම කිව්වොත් අපේ වැඩ plan කරගන්න උදව් වෙන software එකක්. මේකෙ mobile application එක use කරන අයට ඇප් එක use කරලා අලුතින් tasks create කරන්න, assign කරන්න, files send කරන්න, chat කරන්න පුලුවන් පහසුකම් දීල තියෙනවා. අපිට ඕනෙ විදියට plans ටික web ඇප් එකෙන් හදාගෙන, ඒවට අදාල tasks manage කරගන්න තමයි මේ mobile version එක හඳුන්වා දීල තියෙන්නෙ. මේ ඇප් එකෙන් දැනට plans create කරන්න බෑ. ඒ පහසුකම ඉස්සරහට ලබා දෙන්න බලාපොරොත්තු වෙනව කියල news එකකුත් තියෙනව.

    කොහොමහරි මේ ඇප් එක සුදුසු වෙන්න නම් Office 365 work subscription එකක් හෝ school subscription එකක් අවශ්‍ය වෙනවා. කෙළින්ම කියන්නෙ එයාල personal mail accounts accept කරන්නෙ නෑ කියලා.

    තවදුරටත් කියනව නම් Microsoft Office 365 license එකක් මිලදී ගන්න පුලුවන්. ඒක packages විදියට එනව; Office 365 Business Premium package එක මාසිකව ඩොලර් 15කුත් Office 365 Business Essentials package එක මාසිකව ඩොලර් 6කුත් අය කරනවා. ඔයාලටත් ඒ වගෙ subscription එකක් තියෙනව නම් ඇප් එක download කරන් ඔයාලගෙ වැඩ හරියට manage කරගන්න අවස්ථාව තියෙනව දැන්.


    Source: https://www.neowin.net/news/microsoft-planner-app-for-office-365-users-now-available-for-android-too
     
    Last edited:
    • Like
    Reactions: lahirufx+