මට හැදෙන ඔලුව කැක්කුම මෙහෙම එකක් මචන් , හැබැයි එක ලග හැදෙන්න නෑ ගොඩ කාලෙකින් එක පාරක් වගේ හැදෙන්නේ
මුලින්ම ඇස් දෙකෙන් එක පැත්තකින් බොද වෙලා වගේ පේන්න ගන්නවා , සම්පුර්ණයෙන්ම බොදවෙලා යනවමත් නෙමෙයි , පෙනීම එක පැත්තක් අමුතු වෙලා වගේ යනවා , ඊට පස්සේ පැයකින් දෙකකින් වගේ ඒක හරියනවා , ඊට පස්සේ තමයි පට්ට ඔලුව කකුමක් එන්නේ ඉවසන් ඉන්න බැරි තරමට , කිසිම වැඩක් කරගන්න බෑ , අනිවාර්යෙන්ම ඒ එන ඔලුව කැක්කුම දවස් 2ක් තියනවා අනිවාර්යෙන් පෙනඩෝල් වලට අඩු වෙන්නෙත් නෑ , මම නම් ඒ ඔලුව කැක්කුම හැදුනම කාමරේ light එහෙම off කරන් ඉන්නේ , එළිය පෙද්දි අමාරුයි. මේ වගේ ඔලුව කැක්කුමක් හැදෙන උන් ඉන්නවද ?