Milton Ge ...

5tech

Well-known member
  • Dec 19, 2008
    16,753
    2,740
    113
    ඇයි එන්නද ? අනේ හු"
    මිල්ටන් මල්ලවාරච්චිගේ නොකියූ ආදර කතාව

    l04m.jpg




    සුවිසල් මැදුරේ විදුලි ආලෝකයෙන් පළාතම එළියවී ඇත .. කලකට ඉහත ඉතා දුගී ජිවිතයක් ගතකල මුදලාලි දැන් වියාපාරික ලොවේ දැවැන්තයෙක් වී හමාරය . එය ඔහුගේ කැපවීම සහ වාසනා ගුණයේ ප්‍රතිපලයකි . කොතරම් ඉහල තලයක සිටියත් නිතරම මොහු පැදුරු සජ්ජ කණ්ඩායම්. නිවසට ගෙන්වා සාජ්ජ පැවැත්වීම පුරුද්දක් කරගෙන සිටියේය. ඒ මොහු ඉතාම තදින් සංගීතයට ඇලුම් කල බැවිනි .. එබැවින් සතියකට සැරයක්වත්
    මෙම නිවසේ පැදුරු සජ්ජයක්‌ පැවැත්වීම අනිවාර්යයෙන් සිදුවිය...

    ඔහුගේ දුව අපි ඇය මධු යනුවෙන් හදුන්වමු.. මධු සංගීතයට අලුම්කලේ නැත . පියාගේ මේම ආසාව කමකට නැති පිස්සු වැඩක් ලෙස ඇය සිතුවය . තම පියා ඔහුගේ තත්වයට නොගැලපෙන දෙයකට ඇබ්බැහිවී ඇතැයි සිතූ ඇය නිතරම ඒ පිලිබදව ඇගේ අකමැත්ත ප්‍රකාශ කළේය.. ඒ මෙන්ම තම නිවසට පැමිණෙන පැදුරු සාජ්ජ කණ්ඩායම් ඇය නොරිස්සුවේය... අඩු තරමින් ඇය සාජ්ජ බැලීමටවත් ගියේ නැත

    පැදුරු සජ්ජයක්‌ පැවැත්වෙන දිනක ඇය .. උඩුමහලේ බැල්කනියට වී හුදකලාව සිටි අතර නිවස තුල සජ්ජයේ සාමාජිකයෙක් ව්සින් ගායනා කල මනරම් හින්දි ගීතයක් ඇයට යන්තමින් ඇසුනි.. ඇය එම ගීතයට ප්‍රිය කලාය.. එම ගීතයෙන් පසුව එම ගායනා කණ්ඩායමේ සමාජිකය තවත් මියුරු හින්දි ගීත කිහිපයක් ඒක දිගටම ගයනා කලේය .. ඔහුගේ මියුරු හඩ ඇගේ සිත් ගත් අතර ඇය එම හඩට ප්‍රිය කලාය..

    එදා සිට ඇය එම හඩ ඇසෙන දින වලට . සදලුතලයට ගොස් ඔහු ගයන ගීත රස විදීමට හුරුවී සිටියේය . එහෙත් තවම ඇය ඔහුගේ රුව දැක නැත.. දිනක් ඇයට මේම ලයාන්විත කටහඩක් හිමි පුද්ගලයා කව්දැයි බැලීමට ආශාවක් ඇතිවිය.. ඔහු ගීතයක් ගයන විට උඩු මහලේ සිට සාජ්ජය දෙස බැලුවේ ඔහු කව්දැයි දැක ගැනීමේ ආශාවෙනි...

    දෑස් පියාගෙන දැහැනට සමවැදුනු අයුරින් ගයනා කරන . කොණ්ඩය පොකුටු සුදු උස තරුණයෙක් ඇයට දැක ගැනීමට හැකි විය . ඔහුගේ රුවද ඇයගේ සිත් ගත්තේය .. එදා සිට ඇය එම හඩටද හඩ හිමි තරුණයාටද සිතින් පෙම් කිරීම්ට පෙලබුනි .. ඔහු ගී ගයන සැම දිනකම උඩු මහලේ සිට ඔහු දෙස බලාගෙන සිටීම ඇයගේ පුරුද්දක් වී තිබුණි .

    දිනක් ගයනා කරන විට අහම්බෙකින් ඔහුට ඇයව දැක ගැනීමට හැකිවිය . තමන් දෙස දැඩි උවමනාවෙන් බලා සිටින රුවැත්තිය දෙස ඔහුත් බැලුවේය . දෙදෙනාගේම සිව් නෙත් එකට යාවුනි . ඇය සිනාසුනි ඔහුත් පෙරලා ඇයට සිනාසුනි ඒ නෙත් වල සංසාරගත බැදීමක් ඔහු දකින්නට ඇත .. එත් ඈ කාගේ කව්දැයි ඔහු නොදනී...

    “ මේ වගේ දිනක් නෑ එන්නේ - ඈ කොහේ ලදක් දෝ නෑ දන්නේ...
    පෑ රිදී සිනා කැන් ඒ දෑසේ - මා සිතින් මැකිලා යා නොවේ ....”

    එදා සිට පැදුරු සාජ්ජ පැවැත්වෙන සැම දිනකම ඔවුන් දෙදෙනා නෙත් වලින් කථා කලෙය .සිතින් දෙදෙනාම දෙදෙනාට ආදරය කළේය . තවත් මෙය සිත තුල සිරකරගෙන සිටීමට අපොහොසත් වූ ඇය ලිපියකින් මෙය ඔහුට දැන්වූයේය.. එහෙත් තරුණයා එය පිළිගැනීමට බිය විය . එයට හේතුව මුදලාලිගේ සිතුම් පැතුම් ගැන ඔහු දැනසිටි නිසා විය යුතුය . තමා වැනි දුප්පත් තරුණයෙක්ට ඔහු තම දියණිය සරණපාවා දීමට කිසි දිනෙක කැමැති නොවන වග ඔහු දැන සිටියා විය හැක.

    එහෙත් අවසානයේ ඇය ජය ගත්තාය .. ඇයගේ බලවත් පෙරැත්තය මත ඇගේ ආදරය පිලි ගැනීමට ඔහුට සිදු විය . කිසි දිනෙක ඔහුව අතහැර නොයන බවට ඇය පොරොන්දු විය.. කෙදිනක හෝ ඇයව විවාහ කර ගන්නා බවට ඔහු පොරොන්දු විය..

    “දිනක රන්සළු පලදා සද නැගී හෝරාවෙන් ....
    පැමිණ ඔබ ගෙන යමි කුමරියේ පෙම් දෝලාවෙන් ......................”

    දෙදෙනාගේ ප්‍රේමය කාටත් රහසේ බොහෝ කාලයක් දළුලා වැඩුනි.. එහෙත් වැඩි කාලයක් ලොවට රහසේ මෙම පෙම් පලහිලව්ව පවත්වාගෙන යාමට දෙදෙනාට හැකියාවක් ලැබුනේ නැත.. ආදරයත් කැස්සත් වසන් කල නොහැකියි යන කියමන සනාථ කරමින් ඔවුන්ගේ රහස පියාට දැනගැනීමට ලැබුණි ..
    මෙය දැනගත් විට මුදලාලි යක්‍ෂාවේශ විය.. ඔහු දෙදෙනාටම නවත්වන ලෙස තදින් අවවාද කළේය.. මෙය නතර කිරීමට ඔහු නොගත් උත්සහයක් නැත.. ඔහු දියණියට නිවසින් එලියට යාම පවා තහනම් කළේය.. එහෙත් ඔවුන් දෙදෙනාගේ සිත් වල ඇති ප්‍රේමය තහනම් කිරීමට පියා අපොහොසත්ය..

    “මගේ පාලු ලෝකයේ තනිවූ මේම ... සක්විති රජුන් හමුවේ නැත හිසනම ..
    සිතුවිලි මගේ හසුරා ගතහැක නමා .. මට දුක හිතෙන්නේ ඔබ ගැන තමා ..”

    මේ සම්බන්දයෙන් මුදලාලි ගත් සියළු පියවර අසාර්ථක විය . තරුණයාට කොයි තරම් අවවාද කලත් තර්ජනය කලත් පලක් නොවුනි .. අවසානයේ දියණිය කාමරයේ සිරකළ අතර .. පැදුරු සාජ්ජ කණ්ඩායම සමග නිවසට එන මේම තරුණයාට නැවත නිවසට ඒම තහනම් විය.. එදා සිට ඔහුට සුවිසල් මැදුරේ දොර වැසුනි..

    “ මැදුරේ දොරගුළු ලු නියා ... අදුරේ මා තනිවූ නියා...
    මට සිහිවෙනවා .. මේ දැන් වාගේ නෑ මා හැඩුවේ එදා...
    රන්මසු නැහැ කියා මා දිලිදුයි කියා කිවා....මට තව මතකයි ඒවා ...”

    තමන්ගේ දුප්පත් කම නිසා මුදලාලි මෙම සම්බන්දයට කැමැති නොවන බව ඔහුට වැටහුනි.. එහෙත් කිසි දිනෙක ඇයව අමතක කිරීමේ හැකියාවක් ඔහුට නැත..

    මේ අතර පියා ඔහුට හැකි උපරිමයෙන් ක්‍රියා කලත් දෙදෙනාගේ සිත් වෙනස් කිරීමට ඔහුට නොහැකි වීය.. සියලු වෑයම් අසාර්ථකවී හෙම්බත්වී සිටි මොහුට .. අමුතුම උපායක් කල්පනාවිය. එතැන් පටන් ඔහු ක්‍රියා කලේ වෙනස් ආකාරයකටය . මෙතුවක් ක්‍රියා කල ආකාරය සහමුලින්ම කණපිට පෙරලුනා වැනිය.. නැවතත් සංගීත කණ්ඩායම සමග තරුණයාට නිවසට ඒමට අවසර ලැබුණි .. මෙතෙක් නිවාස අඩස්සියේ සිටි තරුණියට ද ක්‍රම ක්‍රමයෙන් තම සුපුරුදු නිදහස බුක්ති විදිමටද අවකාශය ලැබුණි..

    මෙයින් උපරිම ප්‍රයෝජන ගත් පෙම්වතුන් නැවතත් ප්‍රේමයෙන් වෙලුනි මෙතෙක් ඔවුන්ට තිබු එකම බාදකයත් තුරන්වී ඇති බැවින් දැන් ඔවුන්ට බිය වීමට කිසිම හේතුවක් නැත .. මේ අතර පියා මොවුන් දෙපලට ගේ එක්වීමට තමන්ගේ අකමැත්තක් නැති බව ප්‍රකාශ කලේය ..

    එහෙත් තරුණයාට පියාගේ පොරොන්දුවකට යටත් වීමට සිදුවිය . තරුණයත් ඔවුන්ගේ මට්ටමට සමාන තරමක පොහොසතෙකු වීය යුතු බවත් පැවසූ පියා එතෙර රටක රැකියාවක් ඔහුට සොයාදී එහි පිටත් කළේය .. නැවතත් වසර කිහිපයකින් සිය රටට පැමිණි පසු විවාහය සිදු කර දෙන බව පැවසුවේය .. දෙමාපිය අසිර්වාදය ඇතිව එක් වීමට ලැබීම බග්‍යක් ලෙස සිතු දෙදෙනා එයට කැමැති වීය .. නැවත සිය රටට පැමිණ ඇයගේ අත ගැනීමේ බලාපොරොත්තුව ඔහු වෙනත් රටකට යාමට ගුවන්තොටුපොළ බලා පිටත්විය ...

    “ඒදා රැ ගුවන්තොටු පොලේදි මා ...
    වෙන්වී ගියේ..... සිතකින් නොවේ ......’

    දුරු රටක තනිවී සිටියත් ඔහු එය සතුටින් විද ගත්තේ . සියලු දුක් දොම්නස් විදින්නේ ඇය නිසා බව සිතමිනි.. එම කාලයේ පණිවිඩ යැවීමේ ප්‍රධානම ක්‍රමය වුයේ ලිපි මාර්ගයෙනි ඔහු ඉඩ ලැබෙන සැම විටම ඇයට ලිපි ලීවේය .. ඇයගෙන් ලිපි එනතුරු මග බැලුවේය .. එහිදී ඔහුගේ එකම සතුට වුයේ ඇය සිහි කරමින් ලිපි ලිවීමයි..

    “ මධු මල ලෙස මුදු මගේ ප්‍රියදර මිහිරාවිය වෙතටයි ...
    ඔබ සිහි කර කර ..ඔබට ලියන ඒක මට ඇති ඒක සතුටයි ....


    එහෙත් වැඩි කාලයක් දෙදෙනාට ලිපි ගනුදෙනුව කිරීමට ඉඩ ලැබුනේ නැත . පියා ඒ වන විට ඔහුගේ සැලැස්ම ක්‍රියාවට නංවමින් සිටියේය .. ඔහු දියණියගේ නමට එන ලිපි ඇයට ලැබෙන ඒක වැළකුවේය.. එමෙන්ම ඇය විසින් තැපැල් කරන ලිපි ඔහුට නොයන ලෙස ඔහුගේ බලපුලුවන් කාරකම් ප්‍රයෝජනයට ගනිමින් වැළකුවේය..


    කිසිදු තොරතුරක් දැනගැනීමට නොහැකිව අසරණව සිටින දියණියගේ සිතට විසබීජ දැමීමට පියා පටන් ගත්තේ එතැන් සිටය.. ඔහු වෙනත් තරුණියක හා හාද බව පවසමින් දියණියගේ සිත වෙනස් කිරීමට උත්සහ කල පියා අවසානයේ ජය ගත්තේය .දියණියගේ සිත වෙනස්වූ විගස එයින් ප්‍රයෝජන ගන්න සිතු . පියා තම පවුලට ගැලපෙන තරුනයෙක්ව ඇයට යෝජනා කළේය .. දැඩි ලෙස කලකිරීමට පත්ව සිටින තරුණිය එම යෝජනාවට කැමැති වීය... බලන්න පිවිතුරු ආදරයක් දෙකඩ කරමින් මුලාව ජයගත් අපුරුව...


    මේ අතර කිසිදු තොරතුරක් දැනගැනීමට නොහැකිව සිටි තරුණයාට අවසානයේ දැනගැනීමට ලැබෙන්නේ ඔහු පනමෙන් ආදරය කල තරුණිය පොහොසත් තරුණයෙකු හා ලගදි විවාහවීමට යන බවයි .. මෙයින් දැඩි දුකට පත් තරුණයාට කල හැකි කිසි දෙයක් නැත .. ගිවිසුම් කාලය අවසාන වනතුරු නැවත සිය රට බල යාමටද ඔහුට හැකියාවක් නොමැත .. ඉතාමත් දුක්බිත වූ තරුණයාට කළහැකි එකමදේ සිතින් ඇයට සුභ පැතීම පමණි....

    “අද හෙට ඔබ මා අතහැර යනබව දැනගන්නට ලැබුනා - රහසින් මට ඇසුණා..
    ඔබ රවටා නැත .. ඔබ හඩවා නැත ...
    දැන දැන මා නම් වැරදිකරේ නැත ...
    ඔබ ගැන මට පුදුමයි .....
    වෙනසක තතු නොහැගෙයි....


    එයිට කාලයකට පසු ඔහු නැවත මව් රටට පැමිණියත් ඒ වනවිට ඔහුගේ පෙම්වතිය විවාහවී අවසානය... එහෙත් දිනක් දෙදෙනා අහම්බෙන් මුණ ගැසී කතා කරනවිට තමයි ඔවුන් දෙදෙනාටම වැටහෙන්නේ පියා තමන්ව මුලා කර ඔහුගේ අදහස ඉටු කරගත් වහ... එහෙත් දැන් ඔවුන්ට කල හැකි යමක් නැත දුක දරාගෙන වෙන්වීම හැරෙන්නට ඇය දැන් විවාහකය ..

    “අවසර නැත මට ඔබේ අත ගන්නට බැමි බැද ඇත ලොව සතර දෙසින් ...
    එනමුදු උපදින හැම බවයකදිම මම ඔබ හිමිකර ගනිමි ලදේ ...

    පසුව ඔහු ඉතාමත් ජනප්‍රිය ගායකයෙක් බවට පත් වෙනවා .. ඔහුගේ ලයාන්විත කට හඩට දහස් ගනන් ජනතාව ආදරය කරනවා .. එහෙත් ප්‍රථම ප්‍රේමයෙන් පරාජයවී ලැබූ අත්දැකීම මනසින් මැකීමට ඔහු අපොහොසත් එම නිසාමදෝ ඔහු මත්පැන් පානය කිරීමට පෙලබෙනවා... ඒ මෙන්ම ඔහු ගයනා කල ගීතවල ඔහු විදි විරහව කැටිවී තිබෙනවා හරිම අපුරුවට..

    අවසානයේ මේ අග්‍රගණයේ පුද්ගයා අසනීපවී මිය යනවා.. එයත් හරි අපුරු සිදුවීමක් විදියට මක්නිසාදයත් ඔහු මියයන්නේ ඔහු පනමෙන් ආදරය කර ඔහුට හිමිකර ගැනීමට නොහැකිවූ පෙම්වතියට අයිති නවලෝක රෝහලේ රෝහල් කාමරයක් තුල ඇයගේ ඇස් ඉදිරි පිටදීම වීමයි ..


    මරු කතරේ මිනිස්‌ පුරේ
    කොතැනක වේවා
    මෙතේ බුදුන් පාමුල ඔබ
    නෙළුමක්‌ වේවා.....



    Blog ekakin issuwe :P








     

    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,376
    113
    Westනාහිර
    කෙල්ලෙක් හින්දා බීලා මැරෙන්නේ මෝඩ කමට..අපරාදේ දැන් ඒ කෙල්ල සැපෙන් ඇති..
     

    AspenK

    Member
    Apr 28, 2013
    566
    130
    0
    ඇත්තටම දුක හිතෙන සිද්ධියක්...
    ඔහුගේ විරහ ගී වල පදනම තියෙන්නේ එතන...
    මේ සිද්දිය ඔහුගේ වාසනාවට උන වෙන්ඩත් පුළුවන්


    රේ +1
     

    sasirox

    Well-known member
  • Dec 29, 2008
    2,385
    213
    63
    මෙය කියවීමෙන් පසු යම් කෙනෙකුගෙ දෑසට කඳුලක් නොනැගුනේ නම් ඔහු හෝ ඇය, කිසි දිනෙක කිසිවෙකුට ආදර කර නැත...
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    හැම කාලෙම මගේ හිතේ ඉන්න හොදම ගායකයා ඔහුය.
    ඔහු ගැයූ ගීතවල තිබෙන ඒ හැගීම්බර බව වෙනත් ගායකයින්ගෙන් මට දැනෙන්නේ නැත.
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    කලින් කියවලා තියෙනවා මචං.. චමීගෙ බ්ලොග් එකෙන්ද ගත්තෙ..?
    පොර ඔය කතාව ලියලා තියෙන්නෙ වටින් පිටින් තොරතුරු හොයාගෙන..
    හැම සිද්ධියක්ම ඇත්තයි කියන්නත් අමාරුයි..
    නවලෝක මුදලාලිගෙ දුව දැන් ඇමෙරිකාවෙලු ඉන්නෙ..
     

    rrkolla

    Well-known member
  • Mar 24, 2012
    4,415
    204
    63
    owa blog nagganna daana ewa ban ..sudda budda karala gaththama ohoma deyak neme wela thiyenne wenamama deyak...