Mission Impossible – Ghost Protocol

coolkasun

Well-known member
  • Sep 1, 2008
    21,249
    2,446
    113
    37
    351478663byscope0929.jpg




    අධ්‍යක්ෂණය -බ්‍රෑඩ් බ්‍රිඩ්

    නිෂ්පාදනය -ටොම් කෲස්, ජේ. ජේ. ඒබ්‍රම්ස්, බ්‍රයන් බෲක්

    පිටපත -අන්ද්රේ නෙමෙක්, ජෝශ් ඇපල්බවුම්, ක්‍රිස්ටෝපර් මැක්කුවාරී සහ ජේ. ජේ. ඒබ්‍රම්ස්

    සංගීතය -මිචල් ගියාචිනෝ, ලලෝ ස්චිෆ්‍රින්

    සංස්කරණය -පෝල් හ්‍රිෂ්

    බෙදාහැරීම -පැරමවුන්ට් පික්චර්ස්

    ලොව පුරා ප්‍රේක්ෂක ජනතාව අතර මහත් ජනප්‍රියත්වයක් හිමිකරගත් Mission Impossible ක්‍රියාදාම චිත්‍රපට මාලාවේ සිව්වන මෙන්ම නවතම චිත්‍රපටය Mission Impossible – Ghost Protocol එළඹෙන දෙසැම්බර් මාසයේදී තිරගතවීම ආරම්භවීමට නියමිතය. සුපිරි හොලිවුඩ් නළු ටොම් කෲස් සමග වින්ග් රේමස්, ජෙරමි රෙනර්, ජෝශ් හොලොවේ, සීමන් පෙග්, ටොම් විල්කින්සන්, පෝලා පැටන් සහ බොලිවුඩ් නළු අනිල් කපූර් ඇතුළු නළු නිළියන් රාශියක් මෙම චිත්‍රපටය සඳහා රංගන දායකත්වය සපයයි. ඩුබායි, පැරගුවේ, මොස්කව්, මුම්බායි සහ වැන්කුවර් නගරවලදී තිරගත කරන ලද Mission Impossible – Ghost Protocol චිත්‍රපටය සඳහා දරා ඇති සමස්ත පිරිවැය අමෙරිකානු ඩොලර් මිලියන 160 කි. Mission Impossible චිත්‍රපට මාලාවේ ප්‍රධාන චරිතය වන Impossible Missions Force හි නියෝජිත ඊතන් හන්ට් වටා මෙම චිත්‍රපටයේ කතා පුවත ද ගෙතී ඇත. ‍


    AD