Mission Impossible 5

TKNanayakkara

Junior member
  • Feb 20, 2011
    203
    17
    18
    රූපවාහිනී සහ සිනමා ප්‍රේක්ෂකයන් අතර ජනප්‍රිය වූ 'මිෂන් ඉම්පොසිබල්’ චිත්‍රපට මාලාවේ පස්වැනි කොටස ළඟදීම රූපගතවීමට නියමිතයි. මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්නේ ක්‍රිස්ටෝපර් මැක්වොරි. ඔහු මීට කලින් අධ්‍යක්ෂණය කළිජැක් රීචර් චිත්‍රපටයට උණුසුම් ප්‍රේක්ෂක ප්‍රතිචාරයක් හිමි වුණා.

    ‘මිෂන් ඉම්පොසිබල්’ පස්වැනි කොටසෙහි ප්‍රධාන චරිතයකට ජනප්‍රිය නළු ටොම් කෲස්ට නැවතත් ඇරයුම් ලැබිලා.ඔහු මේ පිළිබඳව 'මිෂන් ඉම්පොසිබල් - 5’ චිත්‍රපටය නිෂ්පාදනය කරන පැරමවුන්ට් පික්චර්ස් සහ ස්කයිඩාන්ස් ප්‍රඩක්ෂන් සමාගම් සමඟ සාකච්ඡා කළා.

    ඉන් පසුව මේ චිත්‍රපටයේ නැවතත් රඟපෑමට ටොම් එකඟවූ බවයි ආරංචි. ඔහු මීට කලින් 'ජැක් රීචර්’ චිත්‍රපටයේ ද රඟපෑවා.

    ටොම් රඟපෑ මිෂන්'ඉම්පොසිබල් - 4’ හෙවත් 'ගෝස්ට් ප්‍රොටොකොල්’ චිත්‍රපටය 2011 දී තිරගත වුණා.චිත්‍රපටය ලද මුළු ආදායම ඇමෙරිකානු ඩොලර් මිලියන 700 ක්.


    Mission-Impossible-Ghost-Protocol-Banner-Poster.jpeg


    tom-cruise-confirmed-for-mission-impossible-5-1367958910-8836.jpg


    Tom-Cruise01_1.jpg




    http://screenrant.com/mission-impossible-5-sequel-viacom-kofi-158316/

    http://mirrorarts.lk/fashion-home/item/1454-cannes-festival-fashion