Mister Clean කතා වස්තුව!!!

Feb 3, 2014
860
125
0
Mister Clean කතා වස්තුව!!!
තමන්ට ජන වරමක් නොමැතිව පිනට අගමැතිකම් කරන හාදයා Mister Clean ය.

පිට රටින් හොරෙකු ආනයනය කර මහ බැංකුවේ රුපියල් බිලියන 04ක් හොරකම් කළ හාදයා Mister Clean ය. ඒ හොරා අධිකරණයට ඉදිරිපත් නො කරන හාදයා Mister Clean ය. එකී හොරා තමන්ගේ තවත් මිතුරන් තිදෙනෙකුගේ කමිටුවක් මාර්ගයෙන් නිදොස් කොට නිදහස් කරන හාදයා Mister Clean ය.
පොලිස්පතිට වග නොකියන ඍජුව තමන්ට වග කියන පොලිස් කොට්ඨාශයක් පිහිටුවා හිට්ලර්ට අදින්නා හාදයා Mister Clean ය. ජනපතිටත් නොදන්වා එය පිහිට වූ හාදයා හාදයා Mister Clean ය.
තමන්ට අවනත නොවන තම දේශපාලන ගමනට බාධාවන් වන සියලු දෙනා කුමන හෝ චෝදනාවක් එල්ල කර කුදලා ගෙන ඒමට එකී පොලීසියට අණ කරන හාදයා Mister Clean ය. තමන්ගේ බෙදුම්වාදී සිංහල විරෝධි දේශපාලන න්යාය පත්රයට එරෙහිව එදා මෙදා තුර මතු වූ සියලු බලවේග පසුපස සිටින්නාගේ ගෙදර උන්දෑගෙන් ද පළිගැනීම සඳහා හැඳුනුම්පතේ සිදුව ඇති වරදක් අල්ලා ගෙන හඹා යන හාදයා Mister Clean ය.

කෝප් වාර්තාවෙන් වැඩි ම චෝදනා එල්ල වූ හාදයාට මුදල් ඇමතිකම ලබා දෙන හාදයා Mister Clean ය. උදෑසන අධිකරයේ චූදිතයෙකු ලෙස සිට හවසට පාර්ලිමේන්තු පැමිණ අයවැය ඉදිරිපත් කරන මුදල් ඇමති පත් කළ හාදයා Mister Clean ය.
නෙළුම් කොළේ මත පේපර් ප්ලේට් එකක් තබා නෙළුම් කොළේ කිරිබත් කන හාදයා Mister Clean ය. සිංහල අලුත් අවුරුදු මේසයට ටයිකෝට් ඇඳ එන හාදයා Mister Clean ය. තොප්පිගල කැලයක් බව සොයා ගත් හාදයා Mister Clean ය. පස් දීම නිසා පස්දුන් රට යන නම සැදුනු බව සොයා ගත් හාදයා Mister Clean ය. වංචාව, දූෂණය, නාස්තිය සංඝ නායක ධුර බව සොයා ගෙන බුදු දහමට නින්දා කළ හාදයා Mister Clean ය.

නැඟෙනහිර ගොස් මහින්ද සිංහලයින්ගේ වීරයා බව පවසා ජාතිවාදය වපුරන හාදයා Mister Clean ය. 1505 පරංගි මේ රටට කඩා පැන කැලණි විහාර ඇතුළු වෙහෙර විහාර ගිනිබත් කොට, භික්ෂූන් ඇතුළු ලාංකිකයින් සමූල ඝාතනය කරමින් මහා සංහාරයක් කර වසර 500ක් පිරීම පෘතුගාල අගමැති මෙ රටට කැඳවා සැමරීමට සැලසුම් කළ හාදයා Mister Clean ය.
1815 සුද්දාට රට පාවා දීමට විශාලතම කාර්යභාරයක් කොට සුද්දාගෙන් මුදලි තනතුරු ඇතුළු නේක සම්පත් දිනා ගත් තම්බි මුදියන්සේගේ පරපුරට නෑකම් කියන හාදයා Mister Clean ය. 1978 මේ රට පාදඩ බටහිර ධනවාදයේ තිප්පොළක් කළ තම්බි මුදියන්සේගේ මී මුනුබුරෙකු වන ජේ.ආර්. උතුමාගේ බෑනා වන හාදයා Mister Clean ය. කොටි වෙනුවෙන් පෙනී සිටි ක්රි.ස්තියානි පල්ලියේ පූජක මාමාගේ බෑණා වන හාදයා Mister Clean ය.
කිසිදා ජනතා අකමැත්ත නිසා මැතිවරණයෙන් පරාජය නොවූ එහෙත් අනෙක් පක්ෂයේ කිසි යම් වරදක් නිසා ම මැතිවරණ 29ක් පරාජය වූ හාදයා Mister Clean ය. චන්ද්රිීකා දිනුවේ හොර ඡන්ද නිසා බවත් මහින්ද දිනුවේ කොටි නිසා බවත් කියන හාදයා Mister Clean ය. 30 වෙනි පරාජය වෙනුවෙන් සැදී පැහැදී සිටින හාදයා Mister Clean ය.
 

Dilwaale

Member
Dec 12, 2014
7,203
761
0
මේකේ ඉන්න සමලිංගික යන්ට නම් Mister Clean යනු නියම කොල්ලෙකි...:lol::lol::lol:
 

Dilwaale

Member
Dec 12, 2014
7,203
761
0
30 වෙනි පරාජය වෙනුවෙන් සැදී පැහැදී සිටින හාදයා Mister Clean ය