LSEG කියන්නේ MIT.MIT එකේ culture එක මම හිතන්නේ නෑ ලංකාවේ කිසිම IT company එකක තියෙනවා කියල.උඹ ඒක ගිහිල්ලම බලන්න ඕනේ.
LSEG එකේ ඉන්නේ ලංකාවේ හොඳම මීටර් ටිකක්.ඒ අය එක්ක වැඩ කරන එක ලේසි නෑ ඒ වගේම ඒ වගේ Genius මිනිස්සු එක්ක වැඩ කරන්න chance එකක් වෙන කොහෙදිවත් ආයේ එන්නේ නෑ.උදාහරණයක් විදිහට මොරටුවේ,පේරාදෙණියේ ,SLITT ,APITT batch top වෙච්ච කීප දෙනෙක්ම batch කිහිපයකින්ම එතැන වැඩ කරනවා.
කවුරුත් බනින්නේ නෑ.අඩුපාඩු කියන්නෙත් නෑ.තමන් වැඩකරගෙන යද්දී තමන්ගේ තත්වය තමන්ටම අවබෝධකරවන එක තමයි කරන්නේ.
ගෙදර ඉඳන් වැඩ කරන්න අවස්ථාව තියෙනවා නිවාඩු සීමාවක් නෑ.තමන්ට පැවරුණ වැඩේ ඉවරනම් ගෙදර ඉන්න පුළුවන් Team Lead ට කියල.
Bonus හැම අවුරුද්දෙම හම්බවෙනවා.
වෙන Software company වලට හිතන්නවත් බැරි facilities ඕකේ තාමත් තියෙනවා.මාලබේ campus /office එකට ගිහිල්ලම බලන්න ඒකෙ තියෙන ගතිය.කිහිපයක් විතරක් දාන්නම්

- creche/Daycare Center for married employees
- Daily office transport (Weekends + weekends)
- Canteen with Western and local buffets
- Indoor playground(Badminton, Table Tennis, Basketball etc)
- Outdoor playground(Cricket, Rugby etc)
- Swimming pool
- Birthday Vouchers
- The company initiated bank loans, housing loans
- Insurance cover for all employees + Immediate family
- Higher employer contribution for EPF/ETF (More than 12%)
ඕකේ තියෙන අවාසි හරිම අඩුයි.ඒ අවාසිත් හැම තැනම තියෙන ඒවම තමයි.
- වැඩ තියෙනවා ආයේ එපා වෙන්නම.තමන්ගේ වැඩ ඉක්මනට කරන්න කෙටි ක්‍රම තමන්ම හදාගත්තේ නැත්නම් නිදාගන්න වෙන්නෙත් ඕකෙම තමයි.
- සමහර unit වල කැපිලි කෙටිලි උපරිමයි.ඔතැන ඉන්නේ spirit හින්දා කැපිලි එන්නෙත් ආයේ හොයාගන්න බැරි විදිහට.කෙලින්ම මුණට කියල කපන්නේ නෑ එකෙක්වත් තමන් දැනගන්න ඕනේ ඉවෙන් වගේ කැපිල්ල එද්දී.