ජීප් එක අවුලක් නැහැ මචන්. ඕවා 1970-1980 කාලේ හදපුවා. අදටත් අවුලක් නැතුව වැඩ කරනවා. සමහරු ජීප් A/C කරලත් තියනවා. තියන ලොකුම අවුල තමයි බන් වාහන පරන නිසා ලීටරේට තෙල් කරන්නේ 5-10km වගේ. ගොඩක් ඒවගේ 7kmවගේ තමයි කරන්නෙ. උබ ජීප් එකක් ගන්න හිතේ තියාගෙන ඉන්නව නම් මම කියන්නේ ගන්න එපා කියලා.අනිත් දේ තමයි ඕවගේ පාර්ට්ස් හොයන්න ගියාම පණ යනවා. වාහනේ සුවපහසුයි, ඉඩ තියනවා, පදිද්දි හෙන ගැම්මක් එනවා. උබට හොද තත්වේ තියන එකක් ලKෂ 15කට විතර ගන්න පුළුවන්. ඒත් ඊට වඩා හොදයි බන් ෆිනැන්ස් දාලා ALto එකක් හරි, සල්ලි වැඩිපුර තියනව නම් wagon R එකක් ගන්න එක.
උබට වාහනේ ගන්න දොලදුකක් එහෙමතියනවානම් ගද්දිවාහනේ පොත හොදට චෙක් කරලා ගනින්. ඔය වාහන වලට තියෙන්නෙ පතරංග ජාතකේ වගේ තඩි පොතක්. සමහර පොත් කාවෝ කලා එහෙම තියෙන්න පුළුවන්. ඒ නිසා අයිතිකාරයට කියලා අලුත් පොතකට මාරුවෙලා වාහනේ ගන්නව නම් ගනින්.