Mitsubishi Lancer Box

Wele-Suda

Member
Sep 7, 2016
2,124
297
0
වැලිකඩ

2ngxxtu.jpg

166gqjb.jpg


ලාන්සර් බොක්ස් කියන්නේ 80 දශකයේ සිට ලංකාවෙ ගොඩක් ජනප්‍රිය මෝටර් රථයක්. 1979 සිට 1987 දක්වා නිෂ්පාදනය වුනු මේ රථය බොහොම සැපපහසු ආරක්ෂිත වාහනයක්. ලංකාවෙ මේක ජනප්‍රිය වුනේ මැණික් මුදලාලිලාගේ වාහනය විදියට. 10 ශ්‍රී අංක වල සිට 14 ශ්‍රී වනතුරු පමණයි මේවා බහුලව දකින්නට ලැබෙන්නේ. නමුත් 18- මෙන්ම 300- අංක දරන ලාන්සර් බොක්ස් රථ මම දැක ඇතිමි.

මගේ පියා සතුව ලාන්සර් බොක්ස් තුනක් තිබුනා. (SL 10 sri, EL 12 sri, EX 13 sri) EL එක විකිණුවේ 2012දී.

මිට්සුබිෂි ලාන්සර් පවුලේ දෙවන පරම්පරාව තමා මේ. චැසි කෝඩ් එක A172 වෙනවා. අපි කවුරුත් දන්න ලාන්සර් ෆ්ලැට් ලයිට් වල චැසි කෝඩ් එක A72. ලාන්සර් පවුලේ අන්තිම RWD (Rear Wheel Drive) වාහනයත් මේක.

IMG_0180_0GSW_12.jpg


මේ වාහනය variants කිහිපයකින්ම ආවා. SL, GL, EL, EX, XL, Super XL ආදී වශයෙන්. SL පහසුකම් අඩුම, මිල අඩුම variant එක. ලාන්සර් බොක්ස් SL රථ වල පිටුපස සස්පෙන්ෂන් පද්ධතියට දුණු පාවිච්චි කරල තියෙනවා. ගියර් බොක්ස් එක ගියර් 4යි. මගේ දැනුමට අනුව 1982න් පස්සෙ SL වාහන නිශ්පාදනය කරල නෑ. GL EL වලත් SL වලට වඩා වැඩි වෙනසක් නෑ ඇත්තටම. පිටිපස්සෙ සස්පෙන්ශන් වලට කොයිල් ස්ප්‍රිංස් පාවිච්චි කරල තියෙනවා, ගියර් පහේ මාදිලිය ආවා, ඔටෝමැටික් ගියර්බොක්ස් එක ආවා. මම දන්න තරමින් SL, GL, EL වාහන එකකවත් ඔරිජිනල් AC නැහැ. EX වල තියෙනවා. මගේ පියා සතුව තිබුනු EX රථයේ ඔරිජිනල් AC සහ ඔරිජිනල් power mirrors තිබුණා. center console box එකේ ඇති ස්විචයක් මගින් PMs පාලනය වුනේ :cool: XL සහ Super XL කියන්නේ පහසුකම් සහ සැපපහසුව වැඩිම එක. A/C, cassette radio වගේ ඔප්ශන්ස් ආවා, එන්ජින් එක 1600cc. පවර් ස්ටීරිං එනවා. ලංකාවෙ දකින්න නැති තරම්. මම දැකල තියෙන්නෙ නම් එකම එකයි. Super XL වල පවර් ෂටර්ස් පවර් මිරර්ස් එන මොඩ්ල් එකක් තියෙනවා. මම ලංකාවෙ දැකල නෑ එකක් වත්.

GSR මාදිලිය මේකෙ sports variant එකක්. එන්ජින් එකේ performance වැඩි කරන්න වැඩි නැඹුරුවක් දක්වලා තියෙනවා. twin carb මාදිලියක් වගේම ටර්බෝ ඉන්ටකූලර් මාදිලියකුත් ආවා. ටර්බෝ ඉන්ටකූලර් එකේ රෝද හතරටම ඩිස්ක් බ්‍රේක් තියෙනවා. 1600cc සහ 1800cc එන්ජින් තමයි එන්නේ. මේ GSR වාහන ලංකාවෙ කිහිපයක්ම තියෙනවා. GSR convert කරපුවත් කිහිපයක් තියෙනවා මම දන්න. GSR 1800 එකට ලස්සන බොඩිකිට් එකක් එනවා. ඔරිජිනල් ඇලොයිවීලුත් එනවා

IMG_0171_gDOe_12.jpg


ඩීසල් මාදිලියක් ආවෙම නැහැ

ලංකාවෙ අදටත් මේ වාහනේ ගොඩක් ජනප්‍රියයි. ලංකාවෙ මේකෙ මාකට් "රෙඩ් බීරිං ෆයිව් ෆෝවර්ඩ්" මොඩ්ල් එක. EX වාහන වල තමා රෙඩ් බීඩිං එක ආවේ. කාර් එක වටේට තිබෙන කළු බීඩිං එක මැදින් දිවෙන රතු පටියක් ඇති මෝටර් රථය තමයි රෙඩ් බිඩිං ලෙස හඳුන්වන්නෙ.

mitsubishi-lancer-box-red-31430024.jpg

mitsubishi-lancer-box-red-31430021.jpg


ලාන්සර් බොක්ස් වල orion එන්ජිම, සිංහලෙන් ඔරියන්ට් එන්ජිම ( :P ) එන මාදිලිය තමයි අපිට ලංකාවෙ බහුලව ගන්න තියෙන්නේ. 1200-1400 කැපෑසිටි දෙකෙන්ම ආවා. 1400 එක තමයි ඉතින් මාකට්. ටයිමින් බෙල්ට් එකක් එනවා, ඒ කියන්නෙ OHC එන්ජිමක්. සාමාන්‍යෙන් පෙට්‍රල් 13-16 අතර ප්‍රමාණයක් කරනවා.

ගන්නවානම් ගියර් 5 එකක්ම ගන්න ඕනේ. ගියර් 4 මදි. 50 පනිනකොටම තව ගියර් එකක් ඉල්ලනවා :D

සාමාන්‍ය මිළ පරාසය 2.50-6.50 අතර තමයි.. නමුත් ඔරිජිනල් කන්ඩිෂන් වාහනයක් ඊට වඩා ගනන්, තියෙන අය විකුනන්නෙත් නැහැ.

ස්පෙයාපාට්ස් ගැන කියනවනම්, මැකෑනිකල් පාට්ස් හොයාගන්න තියෙනවා. රීකන්ඩිශන්ඩ් ජපන් ඒව වගේම තායිවාන් ඒවත් තියෙනවා. ඕනම මැකෑනිකල් පට් එකක් හොයාගන්න පුළුවන්. ඇක්සල්, ඩිෆරන්සල් වගේ ඒවා නම් හොයන්න ලේසි නෑ. නැත්තෙමත් නැහැ. බොඩි පාට්ස් ගත්තොත් දොරවල් වීදුරු බොනට් වගේ කොටස් නම් ගොඩාක්ම අඩුයි. නමුත් හෙව්වොත් හොයාගන්න පුළුවන්. මාවනැල්ල, රත්නපුරය ආදී ප්‍රදේශ වල තියෙනවා. පිලිපීනෙ එහෙම කඩන වාහන වලිනුත් පාට්ස් එනවා මෙහෙට. හොයාගන්න බැරිම නෑ. ලයිට් නම් තියෙනවා, තායිවාන් ඒවා.

ඉන්දියානු මරුටි හෝ ඇල්ටෝ රතයකට වඩා සුවපහසුවක් ලාන්සර් බොක්ස් වාහනවල තියෙනවා. ඕනම තැනක කැත නැතුව නවත්තල බහැල යන්න පුලුවන් පෙනුමකුත් තියෙනවා. වැදගත්ම දේ තමා මේ වාහන වල සරල බව. හරියට වහනේ නඩත්තු කරනවනම් රිපෙයාර් එනවා බොහොම අඩුයි. මිළේ හැටියට හොඳ තේරීමක්. :)
 
Last edited:

tvw25

Active member
  • Dec 5, 2007
    498
    99
    43
    38
    Colombo
    ela ela machan.
    man lagath thiyenne Lancer Box ekak.
    13 sri 4 Fwd
    G12B engine ekak thiyenne.
    puluwan nam mata meke maintenance Manuel eka hoyala dipanko.
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ආයිත් අහලා රජ බඩුවක් තමයි.
    පාට්ස් ගැන උනත් බය වෙන්න දෙයක් නෑ. ඉන්දියන් ලඩි ගන්න වෙලාවේ මිනිස්සුන්ගේ මොලේ ලාන්සර් බොක්ක්ස් එකක් ගන්න පෑදුනා නම් කොච්චර දෙයක්ද.


    You must spread some Reputation around before giving it to Wele-Suda again.
     

    f 16

    Well-known member
  • Mar 20, 2010
    2,020
    82
    48
    Koggala Air base
    machan mama gavat tiyenne sl model ekak.. manul ekak tiyenam matat ona....
    original body kit ekak monavageda ??? lankave hadana aya innavada original vidihata....
    උබ ඕක highway වගේ යනවද ? බන් තෙල් ? repair එහෙම කොමද ??
     

    ride_out

    Well-known member
  • Aug 18, 2015
    2,876
    1,577
    113
    ආයිත් අහලා රජ බඩුවක් තමයි.
    පාට්ස් ගැන උනත් බය වෙන්න දෙයක් නෑ. ඉන්දියන් ලඩි ගන්න වෙලාවේ මිනිස්සුන්ගේ මොලේ ලාන්සර් බොක්ක්ස් එකක් ගන්න පෑදුනා නම් කොච්චර දෙයක්ද.


    You must spread some Reputation around before giving it to Wele-Suda again.

    mewage penuma aul ne ban ekane wade. thanakata gihin bahddi nikan note wenawane ban. oya wage 1kin hotel 1ta giyoth ganan gannewath na ban :(
     

    Wele-Suda

    Member
    Sep 7, 2016
    2,124
    297
    0
    වැලිකඩ
    සුදා ඔයා? :shocked:

    Rep 8+ :yes:

    :rolleyes:

    L, GL, EL, EX, XL, Super XL ද කියලා හොයාගන්නේ කෝමද මචං..
    බැජ් එක නොබලා...

    පිටින් හොයන්න පුළුවන් බැජ් එකෙන් තමා බන්. EX නම් රෙඩ් බීඩිං එනවා, අනික දැන් ගොඩක් ඒවා වෙනස් කරලනෙ තියෙන්නෙ. SL වලටත් රෙඩ් බීඩිං ගහලා :lol:. පස්ස දුණු නම් අනිවාර්යයෙන්ම SL එකක් තමයි. XL වල ඉන්ටීරියර් වල සුලු වෙනස්කම් තියෙනවා ex- steering wheel

    ela ela machan.
    man lagath thiyenne Lancer Box ekak.
    13 sri 4 Fwd
    G12B engine ekak thiyenne.
    puluwan nam mata meke maintenance Manuel eka hoyala dipanko.

    හොයල බලමු :yes::cool:



    ඔටෝ ඒවා තව සෑහෙන තිබුණා. නමුත් දැන් ගොඩක් ඒවා මැනුවල් කරල තියෙන්නේ. ගියර්බොක්ස් වල ප්‍රශ්න ආවාම එහෙම පාට්ස් නැති නිසා ගොඩක් අය මැනුවල් කලා. දැන් ඉතුරු වෙලා ඇත්තෙ දෙකක් වෙන්නැති :sorry:

    mageth ekak tiyanoo :D

    :D

    ආයිත් අහලා රජ බඩුවක් තමයි.
    පාට්ස් ගැන උනත් බය වෙන්න දෙයක් නෑ. ඉන්දියන් ලඩි ගන්න වෙලාවේ මිනිස්සුන්ගේ මොලේ ලාන්සර් බොක්ක්ස් එකක් ගන්න පෑදුනා නම් කොච්චර දෙයක්ද.


    You must spread some Reputation around before giving it to Wele-Suda again.

    :yes::yes:
    ඇල්ටෝ එකක් මරුටියක් ගන්නවට වඩා කොයි අතින් බැලුවත් වාසියි. සැප පහසුව ආරක්ෂාව
    ගොඩක් අය ඉන්දියන් වාහන ගන්න එකට අපේ වාහන විකුණන උනුත් වග කියන්න ඕනේ :angry:


    machan mama gavat tiyenne sl model ekak.. manul ekak tiyenam matat ona....
    original body kit ekak monavageda ??? lankave hadana aya innavada original vidihata....

    හොයල බලමු මචන් මැනුවල් එකක්. :)
    බොඩිකිට් හදන උන් හරියට කරන්නෙ නෑ මචන්. ඔරිජිනල් GSR බොඩිකිට් එක ABS ප්ලාස්ටික්. ෆයිබර් වලින් කවදාවත් ඒ finishing එක ගන්න බෑ. එහෙමනම් තහඩු වලින් හදවන්න ඕනේ. හොඳම වැඩේ තමා ඔරිජිනල් බොඩිකිට් එකක් හොයාගන්න එක


    mewage penuma aul ne ban ekane wade. thanakata gihin bahddi nikan note wenawane ban. oya wage 1kin hotel 1ta giyoth ganan gannewath na ban :(

    ඔය ඔක්කොම තමන්ගෙ හිතේ තියෙන්නේ. ඇල්ටෝ එකකින් මරුටියකින් ගියාට වඩා පිලිගැනීමක් තියෙනව මේකකින් ගියාම. හැබැයි වාහනේ හොඳ කන්ඩිශන් එකෙන් තියාගන්න ඕනේ

    2ngxxtu.jpg


    මේ වගේ තියෙනවානම් ඇල්ටෝ කැලේ ;)
     
    Last edited: