Mobile කොම්පැනි ගසා කෑම් .ගොඩක් අයට වැදගත් වෙයි.

prashan3000

Well-known member
  • Apr 10, 2011
    3,923
    1,004
    113
    Mobile කොම්පැනි ගසා කෑම් .ගොඩක් අයට වැදගත් වෙයි.


    ගොඩක් අයට වැදගත් වෙයි.
    මේක ලංකාවෙ ගොඩක් අයට තියන ප්‍රශ්නයක් 😃

    13466484_948671308574723_7422453392550126900_n.jpg


    ලංකාවෙ වැඩියෙන්ම පාවිච්චි වෙන networks දෙක වෙන්නෙ Dialog & Mobitel. ඒත් තමන්ගෙ පාරිභෝගිකයන්ව වැඩියෙන්ම ගසාකන්නෙත් companies දෙකම තමයි.
    ඔයාලා දන්නවා ඇතිනෙ games club, KITMANIA, games hub වගේ services ගැන. ඒවා හදලා තියෙන්නෙම අපේ සල්ලි ගසාකන්න තමයි.
    කවුරු නෑ කිව්වත් ඒක තමයි ඇත්ත.
    අපි සමහර website වලට ගියාම ඒවයි දාන ad උඩ වැරදිලා හරි click උනොත් ඕවා activate වෙනවා. ඊට පස්සෙ ඒවා deactivate කරගන්න උන්ගෙ customer care වලට කතාකරන්න ඕන.
    ඒත් ඕකුන් මලාට answer කරන්නෙත් නෑනෙ.
    කොහොම හරි පැය ගානක් ඉඳලා උන් answer කරත් service එක deactivate කරනවා මිසක් අපෙන් කපාගත්ත සල්ලි ආපහු දෙන්නෙ නෑනෙ
    සමහරු දන්නෙ නැති උනාට පාරිභෝගිකයො විදියට අපිට පාරිභෝගික අයිතීන් තියනවා. Company කාරයන්ට ඕන විදියට අපේ සල්ලි වංචා කරන්න බෑ. අපි ටිකක් උනන්දු වෙනවා නන් අපේ අර කපාගන්න සල්ලි ආපහු ගන්න පුළුවන්.
    මේක මගේ අත්දැකීමක් ⤵
    ගිය අප්‍රේල් මාසෙ දවසක මම සිංදුවක් download කරගන්න Google කරලා website එකකට ගියා.
    ඒකෙ තිබ්බ ad එකක් මට වැරදිලා touch උනා.
    මට ඇඟිල්ල උඩට ගන්නවත් හම්බුනේ නෑ ට්‍රීන් ගාලා msg එකක් ආවා මම KITMANIA කියලා රෙද්දකට subscribe කරලයි කියලා.
    මගේ සල්ලි රු. 78.56 ක් ඒකට කපාගෙන තිබ්බා.
    ඒ msg එකේම තිබ්බා unsubscribe link එකත්.
    මම ඒකට ගිහින් unsubscribe කරා.
    මගේ සල්ලි ආපහු refund කරගන්න ඕන නිසා මම ඊලඟ දවසෙ customer care එකට call කරා.
    විනාඩි 25 ක් ගිහින් තමයි උන් answer කරේ.
    මම සම්පූර්ණ සිද්ධියම උන්ට කිව්වත් මගේ සල්ලි ආපහු දෙන්න බෑම කිව්වා.
    ඉතින් මම data servers ගැන විනාඩි 15 ක lecture එකක් දීලා කොහොම හරි ඌව යටත් කරගත්තා 😉 දවස් දෙකකට පස්සෙ මගේ සල්ලි ආපහු refund කරා.
    ඒත් ඊට කලින් මම consumer authority එකට පැමිණිල්ලක් දැම්මා මුන් මෙහෙම මට cheat කරනවා කියලා.
    Consumer authority එකෙන් dialog එකට ඕක inform කරලා ඊයෙ මට dialog එකෙන් email එකක් ආවා මගේ phone number එක ඉල්ලලා. Number එක දුන්නම උන් call කරා.
    පස්සෙ මට වෙච්ච අපහසුතාවයට සමාව ඉල්ලලා මගේ සල්ලි ආයි refund කරන්නද කියලා ඇහුවා 😉 ඉතින් මම කිව්වා මම කලින් refund එක ගත්තා කියලා.
    බොරු කියන්න බෑනෙ
    මම refund එක ගත්තට ගොඩක් අයට refund හමිබවෙන්නෙ නෑ.
    Customer care වල ඉන්න නරි මොනා හරි බර වචන ටිකක් කියලා අපිව ගොනාට අන්දවලා අපේ සල්ලි ගසාකනවා. ඉතින් ඔයාලා කාට හරි මෙහෙම දෙයක් වෙලා උන් සල්ලි refund කරේ නැත්තන් සෙනිකව මේ link එකට ගිහින් පාරිභෝගික සේවා අධිකාරියට පැමිණිලි කරන්න. ටිකක් කල් යනවා තමයි.
    ඒත් පරක්කු වෙලා හරි සාදාරණය ඉෂ්ඨ වෙනවා 😃
    http://www.caa.gov.lk/web/index.php…
    Company කාරයන්ට ඔයාලගෙ සල්ලි ගසාකන්න ඉඩදෙන්න එපා ❎ තමන්ගෙ අයිතීන් ගැන දැනුවත් වෙලා ඒ අයිතීන් වෙනුවෙන් පෙනී සිටින්න




    ගත්තේ මෙතනින්
    https://www.facebook.com/lolsansthaawa/
     
    Last edited:

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,748
    1
    15,146
    113
    දවසට එක මනුස්සයෙකුගෙන් රුපියල ගානෙ ගසාකෑවත් කීයක්ද නේ බන් මුන්ට.. අපේ තාත්තගේ phone එකට airtel කාරයොා් ඉල්ලන්නේ වත් නැතිව ringin tones දානවා. ඔහොම හතර පාරක් active කරලා තිබුනා. තුන් පාරක් උන්ට කෝල් කරලා කරගත්තා අන්තිම පාර airtel store ගිහින් එකෙකුට බැනලා තමයි අයින් කරවගත්තේ ඒ මදිවට sms එනවනවා balance එක 0 වුනාම ringtones service එකට කපාගන්න සල්ලි නෑලු. reload කරන්නලු. එක එක 075x නම්බර් වලින් තත්පර 5ක් 6ක විතර missed කෝල් එනවා දවසකට දෙපාරක් වත් . අපේ තාත්ත මොබිටෙල් එකක් ගත්තා දැන්.
     

    prashan3000

    Well-known member
  • Apr 10, 2011
    3,923
    1,004
    113
    දවසට එක මනුස්සයෙකුගෙන් රුපියල ගානෙ ගසාකෑවත් කීයක්ද නේ බන් මුන්ට.. අපේ තාත්තගේ phone එකට airtel කාරයොා් ඉල්ලන්නේ වත් නැතිව ringin tones දානවා. ඔහොම හතර පාරක් active කරලා තිබුනා. තුන් පාරක් උන්ට කෝල් කරලා කරගත්තා අන්තිම පාර airtel store ගිහින් එකෙකුට බැනලා තමයි අයින් කරවගත්තේ ඒ මදිවට sms එනවනවා balance එක 0 වුනාම ringtones service එකට කපාගන්න සල්ලි නෑලු. reload කරන්නලු. එක එක 075x නම්බර් වලින් තත්පර 5ක් 6ක විතර missed කෝල් එනවා දවසකට දෙපාරක් වත් . අපේ තාත්ත මොබිටෙල් එකක් ගත්තා දැන්.

    :shocked::shocked::shocked::shocked::shocked: