moda bandulaya dena uththare balapallako. koheda yanne malle pol

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,675
    113
    මේ වන විට වෙළෙඳපොළේ කිලෝ ග්‍රෑම් 12.5 ගෑස් සිලින්ඩයක බර කිලෝ 9.5 ක් දක්වා අඩුකර මිල රු. 100 කින් පහළ දමා තිබෙන බවත් මෙසේ ගෑස් මිල තීරණය කෙරෙන සූත්‍රය කුමක්දැයි පැහැදිලි කරන ලෙසත් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා, වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාගෙන් අද (23) දින පාර්ලිමේන්තුවේ දී විමසා සිටියේය. කෙසේ වෙතත් මීට ප්‍රතිචාර දක්වමින් ‌වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා කියා සිටියේ ගෑස් මිල හෝ බර තීරණය කරන්නේ තමන් නොවන බවයි.

    පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා සහ වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා අතර ඇති වූ සංවාදය පහතින් දැක්වේ.

    පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා - ගෑස් ටැංකිය කිලෝ 12 1/2 ක් තිබිලා දැන් කිලෝ 9 1/2 ක් දක්වා කිලෝ 3 ක් අඩුවෙලා තිබෙනවා. රු. 100 ක් බොරුවට අඩු කරලා ඇත්ත මිල 250 කින් වැඩිවෙලා තිබෙනවා. මේ සූත්‍රය මට කියන්න. වෙනදා ගෑස් ටැංකි 4කින් කරන වැඩේ 5කින් කරන්න වෙලා තියෙනවා. ඒ් කියන්නේ මාස 2කට ගෑස් ටැංකි 4ක් ඔ්නේ නං, දැන් 5ක්. ඔබතුමා ගෑස් ඒකේ බර අඩු කරලා රු. 100 ක් අඩු කරපු සූත්‍රය කියලා දෙන්න.

    වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා - ගෑස්වල බර අඩුකරන්නේවත් මිල තීරණය කරන්නේවත් මම නෙමෙයි. ලංකාවේ ගෑස් නිෂ්පාදනය කරන සමාගම් දෙකක් තියෙනවා. රජයේ ගෑස් නිෂ්පාදකයා සහ පුද්ගලික අංශයේ. ගෑස්වල මිල පිළිබඳ අධිකාරිය දරන්නේ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය. පාරිභෝගික අධිකාරිය විෂය පිළිබඳ අමත්‍යවරයා ඒවැනි දෙයක් කරලා තියෙනවා නම් ඒ් පිළිබඳව උත්තර දෙයි. හොරෙන් කරලා තියෙන දෙයක් නෙමෙයි. ගෑස් මේ රටේ ජනතාවට තියෙන දෙයක්. ඒ්ක අදාළ සමාගම් විසින් පැහැදිලි කිරීමක් කරයි. මොනවා හරි හොරකමක් දූෂණයක් වංචාවක් තියෙනවා නම් මට කියන්න. මම ඒතකොට හොයන්නං
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,253
    113
    KY
    ඔය ගෙවල වල ඉන්න ගැනු අයට කුස්සිය අස් පස් කරන්න ගියාම ගෑස් සිලින්ඩරේ උස්ස ගන්න , වැඩට ගිය මිනිහා ආයේ හවස ගෙදර එනකන් බලන් ඉන්න වෙනවා. සතියකට සැරයක් වත් එකෙන් කුස්සිය පිරිසිදු කරගන්න බැරි වෙලා තියෙන්නේ. එක හින්දා ලැබුණ පැමිණිලි සලකා බලල තමා ගෑස් සිලින්ඩරේ කිලෝ ගාන අඩු කරලා ගෘහනියන්ට ගෑස් සිලින්ඩරේ බර අඩු කරලා, මිනිහා නැතිව උනත් උස්ස ගන්න පුළුවන් ගානට බර අඩු කරලා වෙළදපලට නිකුත් කරලා තියෙන්නේ.

    ඇත්ත තේරුම් ගනින්......බන්