namila007 said:
sure ekata oya clicks ubama click karapu ewwa wenna athi.un ewwa trace karanawa.ekama IP eken gihin aye adz obanna epa...........
mewa balapan ! magema lessons !!! yakooo mama ma oowa kara ganeeda ?
Lesson 1
ඇත්තටම ඇඩ්සෙන්ස් වලට
හොර කිරන්න පුලුවන්ද ? ඒ කියන්නෙ අපිට
හුඟක් සල්ලි හොයන්න හෙම ආසාවක් ආවොත් !
මෙන්න මගෙ
අවවාදය ,
ඒ ගන හිතන්න වත් එපා.ඔයා සල්ලි
වැඩියෙන් හොයන්න කියල ඔයාගෙම දැන්වීම් උඩ ක්ලික් කර ගත්තොත් හෙම සතියක් යන්න කලින් ඔයා බෑන් වෙයි.
බෑන් වෙනව කියන්නෙ ඔයව ඇඩ්සෙන්ස් වලින් අයන් කරලා දාන එක. ගූග්ල් ලගෙන්
බෑන් වෙනවා කියන්නෙ
එපාම කරපු වැඩක්. මොකද දන්නවද මම එහෙම කිව්වෙ ? ඒ
මම එක පාරක් ගූග්ල් වලින් බෑන් උන නිසා.
මගෙ විද්යුත් තැපැල් ලිපිනය , ගූග්ල් වෙබ් අඩවි , ගූග්ල් බ්ලොග් .. මේ හැම දෙයක් ම මට
නැති උනා.ඒ නිසා මට හැම දෙයක්ම
මුල ඉඳන් පටන් ගන්න සිද්ධ උනා.
ඇත්තටම ගූග්ල් ලා මේ තරම් දක්ශයිද ?
මොනවද මේ කතා ? ඒ ගොල්ලන්ට හොර කරන එක ඇමෙරිකාවෙ රහස් පොලිසියට හොර කරනවා වගෙ වඩක් !
ඇඩ්සෙන්ස් ල ඔයාගෙ නෙට්වර්ක් කාඩ් නොම්බරෙ ඉඳන් ඔයා යවන විද්යුත් තැපැල දක්වා සලකා බලනවා. බැරි වෙලාවට් ඔයා වඩියෙන් ඊමේල් යවන කෙනෙක් ඔයගෙ දැන්වීම් උඩ ක්ලික් කරනවා නම් ඔයාව සටහන් වෙනවා.
ඊට පස්සෙ අත්තටම ඔයා හොර කරා නම් ඉතින් ගෙදර තමා.
දැන් දැක්කනෙ වඩෙ බරපතල කම....
ඒ නිසා කිසිම විදිහකින් හොර වැඩක් කරන්න එපා.සාධාරනව සල්ලි හොයන්න. එක පාරට ගොඩක් සල්ලි හොයන්න අමාරුයි තමා.ඒ නිසා තමයි අපි ටිකෙන් ටික දියුනු වෙන්න ඕනි.
මෙන්න තියෙනවා ඔය ගොල්ලො කරන්න තියා හිතන්නවත් හොඳ නැති වැඩ ටිකක්
Lesson 2
1.ස්පෑම් කරන එක
ස්පෑම් කරනවා කියන්නෙ ඉවක් බවක් නැතුව හැම තැනම ඔයාගෙ වෙබ් අඩවියෙ ලිපිනය හැම තැනම පෝස්ට් කරන එක.ඔයා ස්පෑම් කරල ගූග්ල් ලට මාට්ටු උනොත් ඉතින් ගෙදර තමා.
2.දැන්වීම් උඩ ක්ලික් කරන්න කියල වෙබ් අඩවියෙ ලියන එක.
සමහරු කරන්නෙ තමන්ගෙ වෙබ් අඩවියෙ දැන්වීම් ලඟින් තම්නගෙ දැන්වීම් උඩ ක්ලික් කරන්න කියල ලියා ගන්නවා.මේ වගෙ මෝඩ වැඩ නම් බැරි වෙලා වත් කරන්න එපා.
3.ක්ලික් ක්ලබ්ස් වලට බැඳෙන එක
සමහර සමාජ තියෙනවා "ක්ලික් ක්ලබ්ස්" කියලා.ඒ වල වෙන්නෙ එක එක සාමාජිකයෝ අනිත් අයගෙ දැන්වීම් උඩ ක්ලික් කර ගන්න එක.ඔව දැන් කල් පැනපු වැඩ.ඕව දැන් ඉක්මනට මාට්ටු වෙනවා.
4.යාලුවන්ට ක්ලික් කරන්න කියල ඊමේල් යවන එක
කවදාවත් යාලුවන්ට තමන්ගෙ වෙබ් අඩ්වියෙ තියෙන දැන්වීම් ක්ලික් කරන්න කියල කියන්න එපා.ඔයාලව නිකන්ම බෑන් වෙයි.
5.ඉන්ටනෙට් කැෆෙ එකකට පැනල දැන්වීම් ක්ලික් කරන එක
ඉන්ටනෙට් කැෆෙ එකකට පැනල දැන්වීම් ක්ලික් කරත් එකයි ගෙදර ඉන්ඩන් ක්ලික් කලත් එකයි.එකම වෙනස තමා කැෆෙ එකෙදි නෙට් යන්න සල්ලි යන එක.ඔය වගෙ දෙකයි පනහෙ ට්‍රික්ස් දාල අඩ්සෙන්ස් ලව රවට්ටන්න ඔයාලට බෑ.
6.සින්ග්ලිශ් වලින් danweemak uda click karanna කියල ලියන එක
ඔන්න ඉතින් අපෙ අය කරන තවත් එක් ගොන් වැඩක්.ගූග්ල් ලට ඔයගොල්ලො හිතනවට වඩා මොලේ තියෙනවා.
7.දැන්වීමක් උඩ ක්ලික් කරන්න එපා කියල ලියන එක
අනෙ සමහරුන්ටත් එන අදහස්.ඕක කවුරු හරි අත්හදා බලන්න ඉන්නවා නම් මට කියන්න තියෙන්නෙ එක දෙයයි.ඕනි නැට්ටක් කර ගන්න.
අන්තිම අවවාදය , මොකුත් හොර වැඩ කරන්න එපා.